හැමෝටම සුභ දවසක් වගේම සුභ අලුත් අව්රුද්දක් වේවා! අද මේ ලිපියෙන් කියන්න යන්නේ video ලෝකෙට අලුතෙන්ම ආපු x265 video encoder එක ගැන. ඇත්තටම මමත් මේ ගැන දැනගත්තේ ඊයේ පෙරේදා. ඉතින් මට හිතුන ඔයාලටත් මේ ගැන කියන්න ඕනේ කියල. ඉස්සෙල්ලම බලමු මොකක්ද මේ encoder එකක් කියන්නේ කියල.
Video Encoding
Encoder එකක් කියන්නේ සරලව කිව්වොත් video convert කරන hardware හෝ software tool එකකට. video එකක්, නැත්තන් film එකක් original එන copy එක ධාරිතාවෙන් වැඩි high quality එකක් තියෙන file එකක්. මේකට කියන්නේ raw video input කියල. මේ files අපි සාමාන්‍යයෙන් භාවිතා කරන computer එක, tablet එක, smart phone එක වගේ උපකරණයක් හරහා play කරන්න අමාරුයි. එහෙම play කරන්න පුළුවන් වෙන්න අර raw video input එක convert කරන එකට තමයි video encoding එහෙමත් නැත්නම් video transcoding කියල කියන්නේ. මේ ගැන වැඩි විස්තර
Google හරහා හෝ මේ
link එක හරහා හෝ දැනගන්න පුළුවන්.
x265?
එතකොට මොකක්ද මේ x265 කියන්නේ? Internet එකෙන් films, TV series download කරන අය දැකල ඇති ඒ video files වල නම තියෙන විදිහ.
Top.Five.2014.720p.BluRay.x264.YIFY
ඔන්න ඔය වගේ. මේකේ තියෙන්නේ x264 කියල. ඒ කියන්නේ encode කරන්න භාවිතා කරපු technology එක. මිට කලින් x264 technology එක ගොඩක් ජනප්‍රිය වෙලා තිබුනා. සාමාන්‍ය film එකක් 720p quality එකට 700mb, 800mb වගේ size එකකට ගන්න පුළුවන් වෙලා තිබුනේ මේ x264 technology එකෙන් encode කරපු හින්දයි. ඒත් දැන් ඇවිල්ල තියෙන අලුත්ම technology එක තමයි x265 HEVC.
HEVC කියන එකේ තේරුම High Efficiency Video Encoding කියන එක. මේ අලුත්ම technology එකෙන් පුළුවන් වෙනවා කලින්ටත් වඩා size එක අඩු කරලා, ඒත් quality එක වැඩි කරලා video බලන්න. කලින් x264ත් එක්ක 700mbට තිබුන 720p film එකක් මේ අලුත් technology එකෙන් 300mbකට අඩු කරගන්න පුළුවන්. හිතා ගන්නත් බෑ නේද? ඒත් quality එක පොඩ්ඩක් වත් අඩු වෙන්නේ නෑ.!
මේ තියෙන්නේ x265 official web site එක –
x265
මේ ගැන වැඩි විස්තර
මෙතනින් බලන්න පුළුවන්.
කොහොමද මේ videos බලන්නේ?
තාක්ෂනය අලුත් වෙන්න අලුත් වෙන්න අපිත් ඒවට හැඩගැහෙන්න ඕනේ. මේ අලුත් x265 videos play කරන්න නං අවම වශයෙන් Intel dual core වත් processor එකක් ඕනේ වෙනවා. ඒ වගේම අපේ media player එකත් update කරගන්න වෙනවා. මම නං recommend කරන්නේ KMPlayer එක. පහළ තියෙනවා media player download කරන්න පුළුවන් links.
- KMPlayer
- Media Player Classic BE
- Media Player Classic
- VLC Media Player
- K-Lite codec pack version 10.1.0 or higher
ඕනෙම torrent site එකකට ගිහින් movie එකේ නම එක්ක x265 add කරලා search කරලා බලන්න. size එක අඩු හොඳ copies හොයාගන්න පුළුවන්. පහළ තියෙන sites වලිනුත් x265 encoded films ගන්න පුළුවන්.
https://everything1know.wordpress.com/2015/04/13/x265-hevc-video-encoder/ Blog එකෙන් උස්සන ලදී.