ඇඩිනෝ වෛරසයෙන් බෝ වන ඇස් රෝගය නැවතත් පැති&#351

Nov 2, 2011
990
76
0
ඇඩිනෝ වෛරසයෙන් බෝ වන ඇස් රෝගය නැවතත් පැති&#351


100x86-images-stories-newstext-General-Hospital-eye.jpg
(කොළඹ, ලංකාපුවත්) – ඇඩිනෝ වෛරසයෙන් බෝ වන ඇස් රෝගය නැවතත් සීග්‍රයෙන් පැතිර යාමේ අවදානමක් මතුව ඇතැයි ජාතික අක්‍ෂි රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා පවසයි.

මේ දිනවල ජාතික අක්‍ෂි රෝහලේ බාහිර රෝගී අංශයට දිනකට අක්‍ෂි ප්‍රතිකාර සඳහා රෝගීන් 50කට අධික පිරිසක් ප්‍රතිකාර සඳහා පැමිණෙයි.

එහෙත් ඉදිරි දිනවල දී මෙම පිරිස තවත් ඉහළ යා හැකි බව වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කළේය.


කොළඹ අවට ප්‍රදේශ ගණනාවක දැනට එම රෝගය පැතිර පවතින බැවින් ඉදිරියේ දී කොළඹින් පිට පළාත්වලට ද එම විෂ බීජය පැතිර යා හැකි බවට වෛද්‍යවරු අනතුරු ඇඟවීමක් ද සිදු කර ඇත.


රෝගය වැළඳුණු පුද්ගලයින්ගේ ඇසේ ඝ්‍රාවය තවත් පුද්ගලයෙකුගේ ඇසේ තැවරීමෙන්, රෝගියෙකු භාවිත කළ ලේන්සු - තුවා නිරෝගී පුද්ගලයෙකු භාවිතා කිරීමෙන්, පිහිනුම් තාටාකවල දිය නෑමෙන් ඇඩිනෝ වෛරසය ශරීර ගත විය හැකිය. මේ හේතුවෙන් වඩාත් ආරක්‍ෂාකාරී පියවර අනුගමනය කරනුනැයි ජාතික අක්‍ෂි රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා ජනතාවට දැනුම් දීමක් සිදු කරනු ලැ‍බේ.