ඇණ ගෙන තිබෙන පුවත...

ElaMans

Member
May 10, 2014
1,268
434
0
ඇණ ගෙන තිබෙන පුවත...

චන්ද්‍රිකා හරි.! ජනාධිපති ලේකම් කාර්යාලය කියයි​

chandrika-silumina_300_199.jpg


විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන්න චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිව සිටියදී රනිල් වික්‍රමසිංහ ඊට කැමැති වුණෙ නැතැයි කියන කතන්දරයක් මෙවර සිළුමිණ පුවත්පතේ ප්‍රධාන පුවත ලෙස පොල් ගෙඩි අකුරෙන් සඳහන් කර තිබේ.

ඊට අනුව හැ‍ඟෙන්නේ චන්ද්‍රිකා ජනාධිපතිධුරය වෙනස් කිරීම සඳහා අවංක වුවමනාවකින් කටයුතු කළ බව රාජපක්ෂ පවුල් ආණ්ඩුවේ මතය බවය.

මෙවර රනිල් වෙනුවට, ජනාධිපතිවරයාගේම හැඳින්වීම අනුව 'චන්ද්‍රිකාගේ උපදෙස් අනුව වැඩකරන' මෛත්‍රීපාල සිරිසේන මහතා විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීම නිවැරදි මෙන්ම ටක්කෙටම හරියන දේශපාලන තීන්දුවක් බව රජපක්ෂවරුන්ගේ තීරණය වී තිබෙන බවට සැකයක් නැත. මන්ද සිළුමිණ ඒ ප්‍රධාන පුවත ලෙස ගන්නේ ඒ ජනාධිපති කාර්යාලයෙන්ම ලියා අනුමත කොට එවා එවන පුවතක් බැවිනි.

2000 අවුරුදේ ගත් මතය වෙනස් කරමින් එජාපයත් රනිල් වික්‍රමසිංහත් අද ඉන්නේ විධයක ජනාධිපතිධුරය අහෝසි කළ යුතු බවට වන ස්ථිර තීන්දුවකය. ඒ අනුව මෙවර මෛත්‍රීපාල සිරිසේන මහතාට එජාප සහය හිමිව තිබේ.2000 අවුරුදේ ගත් මතය වෙනස් කරමින් එජාපයත් රනිල් වික්‍රමසිංහත් අද ඉන්නේ විධයක ජනාධිපතිධුරය අහෝසි කළ යුතු බවට වන ස්ථිර තීන්දුවකය. ඒ අනුව මෙවර මෛත්‍රීපාල සිරිසේන මහතාට එජාප සහය හිමිව තිබේ.

කෙසේ නමුත් මේ දිනවල ජනාධිපතිවරයාද උදේ කියන එක හවසට වෙනස් කරයි හවස කියන එක රෑට වෙනස් කරයි.. පහුවෙන්දාට කියන්නේ තමන් එහෙම කිසිවක් නොකිව් බවය.. ඒ අර්ථයෙන් මේ රාජ්‍ය මාධ්‍යවල පලවන පුවත් ගැන පුදුම වියයුතුද නැත.(Source)




මේ ඉරිදාත් වෙනදා පරිදි සිළුමිණ ඇණ ගෙන තිබෙන පුවත

විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන්න මම රනිල්ට නොවැන්දා විතරයි ඒත් ඔහු කැමැති වුණේ නෑ
-චන්ද්‍රිකා කුමාරතුංග​

2000 වසරේදී තමන් ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන වගන්ති ඇතුළත් කර තිබූ නමුත් රනිල් වික්‍රමසිංහ මහතා එයට සහාය නොදැක්වීම නිසා එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ඒමට නොහැකි වූ බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කියා සිටී.

ඇය මේ ප්‍රකාශය කර ඇත්තේ ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

තමන් ඉදිරිපත් කළ ව්‍යවස්ථා කෙටුම්පතේ දෙවැනි කොටස සම්පූර්ණයෙන්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් වෙන් වූ බවත් මේ ව්‍යවස්ථාවට රනිල්ගේ ඡන්දය ලබාගැනීමට ඔහුට නොවැන්දා පමණක් යැයි ද හිටපු ජනාධිපතිනිය කීවාය.

රනිල් ඡන්දය ලබා නොදෙන අවස්ථාවේ තම පක්ෂයට තුනෙන් දෙකක ඡන්ද බලයක් අලුත් ව්‍යවස්ථා කෙටුම්පත සම්මත කරගැනීමට පාර්ලිමේන්තුවේ නොතිබුණ බවත් තුනෙන් දෙකේ ඡන්ද බලයට ඡන්ද හතක් අඩුවූ බවත් චන්ද්‍රිකා මහත්මිය පවසා ඇත.

එම 2000 ව්‍යවස්ථාවට ඔබේ ධූර කාලය ඉක්මවා යන වගන්ති ඇතුළත් කළේ දැයි අසන ලදුව එහිදී හිටපු ජනාධිපතිනිය පවසා ඇත්තේ එම කාලය අවුරුදු දෙකේ සිට වසර එක දක්වා අඩු කළ බවත් එම කාලය යෝජනා කළේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීම සඳහා කාලය ලබාගැනීමට බවත් එසේ නොකළේ නම් විශේෂයෙන් බලය බෙදාහැරීමේ වගන්ති ක්‍රියාත්මක කිරීමේ දී අන්තවාදීන් පාරට බැස ප්‍රශ්න ඇති කිරීමට ඉඩ තිබූ බව ද කීවාය.

එම කාලය අඩු කරන්නේ නම් ඡන්දය ලබාදෙන්නේදැයි රනිල්ගෙන් ඇසූ නමුත් ඔහු ඒ පිළිබඳව සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කළ බව ද චන්ද්‍රිකා මහත්මිය කියා සිටී.

රනිල් අලුත් ව්‍යවස්ථා කෙටුම්පතේ හැම වචනයක් ගැනම හැම පේළියක් ගැනම සාකච්ඡා කළ නමුත් ඔහු විධායක ජනාධිපති ධූරය ගැන සාකච්ඡා නොකළ බව ද ඇය කීවාය.

ඔවුන් අලුත් ව්‍යවස්ථාව ගෙන ඒමේ වැඩ පිළිවෙළ සම්පූර්ණයෙන්ම කඩාකප්පල් කර දැමූ බව කියන ඇය තමා ළඟ ඒ ටේප් පට හා සටහන් තිබෙන බවත් ඒවා මගේ මතක සටහන් ලිවීමේදී ඇතුළත් කරන බවත් ඇය සඳහන් කළාය.​
 

Similar threads