ඇත්තටම නාවික හමුදාවට වැරදුනා ද ?

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඇත්තටම නාවික හමුදාවට වැරදුනා ද ?

    69874994_2778099962203002_725285749976465408_n.jpg


    1968 වියට්නාම යුද්ධය ඉතා තීරණාත්මක මොහොතක ලුතිනන් විලියම් කැලී සහ ඔහුගේ භට පිරිස් විසින් වියට්නාමයේ දී " මයි ලායි" සමූහ ඝාතනය සිදුකළ අවස්ථාවේ මුළු ලොවම එයට එරෙහිව නැගී සිටි මොහොතක දී ත් ඇමරිකානු එක්සත් ජනපදය විසින් ඔවුන්ගේ හමුදාවන් ආරක්ෂා කළ අතර ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ ලුතිනන් කැලී අවුරුදු තුනහමාරක නිවාස අඩස්සියට පමණක් සීමා වීම අප කවුරුත් හොදින් දන්නා කරුනකි .
    1968 ට සාපේක්ෂව වර්තමාන ලෝකයේ පවතින සියළුම විෂයන් වල දිශානතීන් සම්පූර්ණවම වෙනස් වුනු පරිසරයක් තුල ජීවත් වන අප සන්නද්ධ පුද්ගලයන් ලෙස කිසිදු යුද අපරාධයක් අනුමත නොකරන අතරම 1815 ඉංග්‍රීසීන් විසින් ශ්‍රී ලංකාවේ සිදු කලේත් , 1994 රුවන්ඩාවේ ටුට්සි ගෝත්‍රයට එරෙහිව සිදු උන සංහාරයත්,1995 බොස්නියනු සන්හාරයත් , 1968 ඇමරිකන් හමුදාව වියට්නාමයේ සිදුකළේත් යුධ අපරාධයන් බවට ප්‍රකාශ කිරීමට කිසිවිටෙකත් පසුබට නොවෙමු.සන්නද්ධ සේවාවන්ට මුවාවී ලොව ඕනෑම තැනක අසරණ මනුෂ්‍ය වර්ගයාට එරෙහිව සිදු කරන ඕනෑම කටයුත්තක් යුද අපරාධයක් ලෙස හැඳින්වීමට අප කිසිවිටෙකත් මැලි නොවන බවද කිව යුතුම ය.
    නමුත් රටක ජීවත්වන පුරවැසියන් ලෙස අප සියලු දෙනාම මතක තබා ගත යුතු ප්‍රධාන කරුණක් ඇත එනම් ‘’ජාතික ආරක්ෂව’’ය. අන් කිසිදු සාධකයකට වඩා ජාතික ආරක්ෂාව යන්න ලොව ඕනෑම රටක ප්‍රධානම ගණයෙහි ලා සැලකෙන කරුණකි.
    As per Indian Prime Minister Narendra Singh Modi ‘’ our military forces are India’s Pride ,further sharpen coordination between the forces will be done swiftly and I want to announce major decisions in military strategies because we concern national security as our top priority ‘’.
    1999 කාගිල් යුද්ධයෙන් පසුව අද දක්වාම අවුරුදු 20 කලයක් පුරාවටම ඉන්දියාව full scall ගණයේ යුද්ධයක් සමග පැටලී නොමැති නමුත් කිසිදු අවස්ථාවක ජාතික ආරක්ෂාව දෙවනි කොට සලකා නොමැති අතර ලොව අනිකුත් රටවල් වල ද තත්වය මේ හා සමානය.
    2019 අගෝස්තු මස 29 වන දින කෝකිලායි මුහුදු තීරයේ නාවිකා සැතපුම් 3.5 ක් ඈතින් මුර සංචාරයේ යෙදුණු නාවික හමුදා P 439 ඩෝරා යාත්‍රාවට සැකකටයුතු යාත්‍රාවක් නිරීක්ෂණය වූයේ මේ අතර තුර දීය. සම්මත යුද නීතීන් භාවිතයට ගනිමින් එම යාත්‍රාව නැවැත්වීමට නාවික හමුදාවන් ගත් සියලු ව්‍යාර්ථ අසාර්ථක වූ අවස්ථාවේදී අවදානම් වෙඩි ප්‍රහාරයන් කිහිපයක් එල්ල කිරීම මගින් එම යාත්‍රාව නවත්වා ගැනීමට නාවික හමුදාවට අවස්ථාව ළැබුන අතර එම අවස්ථාවේදී අවාසනාවන්ත ලෙස එම සැක කටයුතු යාත්‍රාවේ සිටි පුද්ගලයෙක් තුවාල ලැබීය.
    අප ගොඩබිම් රාජකාරි සිදුකරන අවස්ථාවේ දී යොදා ගන්නා අවම බලය සහ එම බලය ක්‍රියාත්මක කරන ආකාරය ගොඩබිමට සාපේක්ෂව සාගරයේ දි වෙනස් වන බව ඕනෑම කෙනෙකුට පහසුවෙන් තේරුම් ගත හැකි කරුණකි. එළවා ගොස් අල්ලා ගැනීම, බැටන් පොලු පාවිච්චි කිරීම,කඳුළු ගෑස් භාවිතය කොටින්ම කියනවා නම් අල්ලන සෙල්ල්ම් හෝ හොරා පොලිස් යන මේ කිසිවක් මහ මුහුදේ දී ප්‍රායෝගිකව යොදාගත නොහැකි බව තම ජීවිතයේ එක් වරක් හෝ ජලාශ්‍රිත ක්‍රියාකාරකම් වල යෙදුණු පුද්ගලයකුට තේරුම් ගැනීම උගහට නොවනු ඇත.විශේෂයෙන්ම සාගරයේ දී ක්‍රියාත්මක වීම සඳහා ධීවර පනත මගින් ඒ සදහා අවැසි බල තල නාවික හමුදා වෙත පහත සඳහන් අයුරින් ලබා දී තිබේ .
    THE COMPENDIUM OF HIGH SEAS FISHING LEGISLATIONS IN SRILANKA
    Fisheries and Aquatic Resources act
    Section 61
    Provision 66
    10.22 of 2006
    14,35 of 2013

    ‘’Authority ‘’means the national Aquaculture Development Authority of srilanka established by the national aquaculture development authority of srilanka Act No 53 of 1998.
    ‘Authorized officer means any officer authorized by the director under section 46 (1) and includes any officer of the Army ,Air force or Police not below the rank of Sergent and any officer of the Navy not below in the rank of Petty officer ;
    එනම් ඉහත පනත අනුව යුද හමුදාව ,ගුවන් හමුදාව සහ පොලිසිය යන ආයතනවල සැරයන් නිලයට ඉහල ඕනැම පුද්ගලයකුට හෝ නාවික හමුදාවේ සුලු නිලධාරි තනතුරට ඉහල ඕනැම පුද්ගලයකුට එම පනතට අනුව ක්‍රියාත්මක වීම සඳහා නීත්‍යානුකූලව අවසර ලබා දී ඇත . නාවික හමුදාව ලෙස ගත්කල සාගරය හා සම්බන්ධ කටයුතු වලදී මීටත් එහා ගිය යුතුකමක් සහ වගකීමක් අප හට ඇති බව ද අපි තරයේ විශ්වාස කරන බව කියනු කැමැත්තෙමු.
    පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාර මාලාවක් සමඟම රටේ ජාතික ආරක්ෂාව අතිශය තීරණාත්මක ව තිබෙන මොහොතක අණ නොතකා පලා යන යාත්‍රාවක් අතහැර දැමීමට තරම් නාවික පුද්ගලයන් කිසිවිටෙක දීන වන්නේ නැත ඒ මන්දයත් මේ යාත්‍රාවේ අප රටට හෝ ශ්‍රී ලාංකිකයන්ට වින කළ හැකි ඕනෑම ද්‍රව්‍යයක් හෝ පුද්ගලයෙකු සිටිමේ ඉහල සම්භවිතාවයක් අති හෙයිනි ,එසේත් නොමැති නම් ඔවුනට පලායාමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව අපි තරයේ විශ්වාස කරමු. ශ්‍රී ලංකා මුදලින් රුපියල් පනස් දහසක් සමඟ ධීවර කටයුතු සඳහා මුහුදට යන කිසිදු ධීවරයෙකු පිළිබඳව මා නම් අසා නොමැති අතර ඔවුන් සතුව තිබූ ඒ මුදල් කුමන කරුණක් සඳහා ඔවුන් සතුව තිබුණේ ද යන්න ඉදිරියේදී හෙළි වනු ඇතැයි අපි දෑස් දල්වා බලා සිටින්නෙමු.
    දණ්ඩ නීති සංග්‍රහයට සහ නාවික හමුදා පනත යන නීති රාමූන් දෙකටම යටත්ව ජීවත්වන අප කිසි විටෙකත් රටේ උත්තරීතරම ආයතනයක් වන අධිකරණය මගින් ලබාදෙනු ලබන තීරණයන් අභියෝගයට ලක් නොකරන අතර ඒ සඳහා අපට කිසිදු හැකියාවක් ද නොමැති බවද මැනවින් වටහා ගෙන ඇත්තෙමු .
    නමුත් වර්තමානයේ ක්‍රියාත්මක වන දේශපාලන සංස්කෘතිය සහ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන අංශයන් තුනෙහි ඇති ස්වාධීනත්වය පිළිබඳව පැහැදිලි ගැටළු ඇති අවස්ථාවකදී යම්කිසි දේශපාලනමය වාසියක් සඳහා මෙම සිද්ධිය උපයෝගි කරගන්නේ නම් එය ඉතා කනගාටුදායක බව කිව යුතුමය. ත්‍රිකුණාමලේ බන්ධනාගාරයේ රඳවා සිටි එම නිලධාරීන් දෙදෙනා අනෙකුත් නාවිකයන් සියලු දෙනා තමන්ගෙන් තම රටට සිදුවිය යුතු ජාතික මෙහෙවර දිවි දෙවැනි කොට ඉටු කිරීම හේතුවෙන් බන්ධනාගාරය තුළ කල්ගත කිරීම සන්නද්ධ හමුදා සාමාජිකයන් ලෙස අප සියලු දෙනාම මානසික වශයෙන් ඉතාමත්ම පහත් අඩියකට තල්ලු කර ඇති බව නොරහසකි.
    චන්ද්‍රයාන් අභ්‍යවකාශ යානව සද මත පා තැබීමට මොහොතකට පෙර මෙහෙයුම් අක්‍රීය වූ අවස්තාවේ ප්‍රධාන ඉන්ජිනේරු කේ සිවම් මහතා හැඩූ කදුලින් පසුවෙද්දී ඉන්දීය අගමැති ප්‍රමුඛ සමස්ත ඉන්දියාවම ඔවුන්ව සෙනෙහසින් වැළඳගන්නා අකරය දැක ඔබ සියලු දෙනා අමන්දානන්දයට පත් වූ බව නොරහසකි.
    ඔබ කවදා හෝ සන්නද්ධ හමුදා සමජිකයන් වන අප කෙරෙහි කෘතගුණ දැක්වීමට අපෙක්ශා කල අයෙකු නම් රටේ සාමාන්‍ය ජනතාව ලෙස ඔබ හට අප හට ප්‍රකාශ කිරීමට ඇත්තේ සිංහල දමිළ මුස්ලිම් ලෙස කිසිවිටෙකත් අප ජාතීන් වෙන් කර නොමැති බවත් ඔබ සියලු දෙනා හට ම අප එක හා සමානවම සළකන බවත්ය. අප රටට,ස්වාධිපත්‍යයට භෞමික අඛණ්ඩතාවයට එරෙහි වන ඕනෑම දෙයකට එරෙහි වීමට අප කිසිවිටෙකත් පසුබට නොවන බවද ප්‍රකාශ කළ යුතුය.
    අප කිසිවිටෙකත් සන්නද්ධ හමුදාවන් ලෙස ඔබගේ අනුකම්පාව හෝ කිසිදු වාණිජමය ප්‍රතිලාභයක් අපේක්ෂා නොකරන අතර සන්නද්ධ හමුදාවන් සහ ඔවුන්ගේ ක්‍රිය පිලිවෙත් පිලිබඳව යම් අවබෝධයක් ලබා ගැනීම සහ අන්‍යෝන්‍ය විශ්වාසය උපරිම ලෙස තබා ගැනීම ඔබ විසින් අප හට ලබා දිය හැකි උපරිම කෘතඥතාව බව මතක් කරනු කැමැත්තෙමි
    නාවික හමුදාවට වැරදුනා ද ? මහ සාගරයේ ගිලී මියැදෙන්නට ආසන්නව සිටි අලි පැටවා බේරා ගන්නට තම දිවි නොතකා මහ සයුරට බට නාවික හමුදාවක් කිසි විටෙකත් අසරන නිරායුද සිවිල් වැසියෙකුට එරෙහිව අවී අමෝරා නොගන්නා බව සක් සුදක් සේ පැහදිලිය ..... නාවික හමුදාවට වැරදුනේ නැත
    🙏🙏🙏🙏🙏🙏
    Yohan Senavirathne
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උඹ ඔහොම කිව්වට ටිල්විනුයි...ලපයයි කිව්වේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය පාවල දෙන්නේ නැහැ කියල ....

    එකියන්නේ බෝම්බ පිපිරවීම ඊබ්රහිම් නානගේ ප්‍රජතත්රවාදී අයිතියක් කියලනේ...ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතය වෙනුවෙන් ජෙප්පෝ පෙනී ඉන්නවලු...