ඇත්තටම යහපාලනය කාලකන්නිද???????

Samsung1

Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    ඇත්තටම යහපාලනය කාලකන්නිද???????

    මේකේ තියනදේ හරිද වැරදිද කියන්න......


    යහපාලනයෙන් බලපොරොත්තු වුන දේවල් ඇත්තටම ලැබිලද ?අපේ පවුල් මචංලා දුවන්නේ තේ නිසා...ගන්න දෙයක් නැ ..factory වහලා.පෝර 3000යි.3000 ත් ගන්න පොර නැ..දළු මිල ලෝන්තෙටම බැහැල..කාලා අන්දලා ඉවරයි බන්..මුන්ට හෙනම ගහන්න ඕන...:frown::frown::frown::frown:

    තේ මිල කියන එක ලෝක වෙළඳපලේ මිල එක්ක උච්චවචය වෙන දෙයක්. මේ දවස් වල ලෝක වෙළඳපලේ බොර තෙල් බැරලයක මිල ගොඩක් පහල අගයක් තියෙන්නේ. එක එක හේතු නිසා commodities වල මිල ඉහල පහල යනවා.... පූර්ණ තරගකාරී වෙළඳපල කියල කියන්නේ මට මතක හැටියට.... කලකට ඉතා හොඳ මිලක් එනවා... කලකට පාඩු වෙනවා. එක එක ව්‍යාපාර වල ස්වභාවය එහෙම තමයි. ඉල්ලුම සැපයුම අනුව මිල වෙනස් වෙනවා.... තේ වලට හොඳ මිලක් ලැබෙන කාල තියනවා.... පහල යන කාල තියනවා... ලාභ ලැබෙන කාලේදී මුදල් අරපිරිමැස්මෙන් ඉතුරු කරන්න ඕන. අමාරු කාල වලදී ඒවා පාවිච්චි කරන්න ඕන.

    ලෝකේ හැම රටකටම මේ ආර්ථික විද්‍යා මුලධර්ම එකයි. යහපාලනයට කරන්න පුළුවන් මිනිසුන්ගේ එකතුවෙන බදු මුදල් වලින් මේ අයට සහන ලබාදෙන්න. නමුත් රටේ තියන ණය බර එක්ක බැලුවහම ඒක කරන එක අමාරු වැඩක්.... පහුගිය කාල වල වී ගොවිතැන වලට රජය අනිසි ලෙස මුදල් නාස්ති කරලා තියනවා. වී ගොවීන්ට 3000/= පෝර 300/= ට දෙනවා. 2700/=ක් දුප්පත් අයගේ බදු මුදලින්. ඊට පස්සේ වෙළඳපලේ 30/= වී කිලෝව 45/= ගන්නවා. ඒවා එකෝ නරක් වෙලා විසි කරනවා. එක්කෝ වෙන රටකට නිකන් දෙනවා. සල්ලි තියන රටක් මෙහෙම නාස්ති කලාට කමක් නෑ... රටවල් වලින් නයට අරන් මෙහෙම කරන එක නම් හරි අපරාදයක්....

    my3 රනිල් මහින්ද කාටවත් අමුතු magic බලයක් නැහැ. බාන්දාගාරේ සල්ලි නෑ. නයට අරන්... හින්ගාකාල... ගෑනු රටයවල යවල තමා රට දුවන්නේ.... අපි රටේ තත්ත්වේ තේරුම් ගන්න ඕන... කාටවත් බැන බැන ඉඳල වැඩක් නැහැ ඉතින් .... අපි දියුනු උනොත් රට දියුණු වෙයි..... :yes: ඔන්න ඕකයි ඇත්ත මම දන්නා ආර්ථික විද්‍යාවේ හැටියට නම්.....


    rep කපන්න දැන්! කපන්න ඇති ලබ්බක් නෑ මේ account එකේ!!! :growl::growl:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,585
    28,519
    113
    මහ බැංකු වාර්තාවට අනුව, ලකාවේ සමස්ත තේ අපනයනයෙන් සියයට 59ක්ම යැවෙන්නේ රුසියාවට සහ මැද පෙරදිග රටවලට ය. ඉන් හොඳ ආදායම් ලැබේ.

    තේ කෝප්පයට කුණාටුව කඩා වැදීම

    එහෙත් 2014 වසරේ අගෝස්තුවේ සිට සියල්ල වෙනස් වන්නට පටන් ගත්තේ ය. තේ නිපැයුමේ මිල පල්ලම් බසින්නට වීම, ඊට හේතුව විය. ලෝක තේ ඉල්ලූම පහත වැටී, ලංකාවට අවාසිදායක තත්ත්වයක් ඇති විණි. 2014 ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තාව සඳහන් කරන ආකාරයට, මෙයට කරුණු දෙකක් බලපා තිබේ. ඉන් එකක් රුසියානු ආර්ථික අර්බුදයයයි. අනෙක, මැද පෙරදිග රටවල ආර්ථික අර්බුදයයි.


    2014 ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තාව සිය 115 වැනි පිටුවේ මෙසේ සඳහන් කරයි.


    ‘මේ අතර රුසියාව, ශ‍්‍රී ලංකා තේ සඳහා ප‍්‍රධානතම ගැණුම්කරු වන බැවින්, 2015 වසර තුළ දී රුසියානු රූබලය තවදුරටත් අඛණ්ඩව අවප‍්‍රමාණය වුවහොත් එය ශ‍්‍රී ලංකාවේ තේ අපනයන සඳහා අහිතකර ලෙස බලපානු ඇත. එසේම, ශ‍්‍රී ලංකා තේ සඳහා මැද පෙරදිග වෙළෙඳපොළෙන් ඇති ඉල්ලූම ද අඩු විය හැකි අතර, මෙම ආර්ථිකයන්හි ඉන්ධන ආදායම අඛණ්ඩව අඩු වීම මෙයට හේතු වේ.’


    මහ බැංකු වාර්තාවේ එන විග‍්‍රහය, වැවිලි කර්මාන්ත බලධාරීන් ද පිළිගනිති.

    ‘ලංකාවේ නිපදවන තේවලින් වැඩි කොටස මිල දී ගන්නේ රුසියාව සහ මැද පෙරදිග රටවලටයි. රුසියාවේ රූබලය පහත වැටිලා. මැද පෙරදිග තෙල් මිල බැහැලා. ඒ නිසා තේ ඉල්ලූම අඩු වෙලා. ආර්ථික සම්බාධක නිසා ඉරානයේ තේ ඉල්ලූමත් අඩු වෙලා. අර්බුදය මතු වන්නේ එතැනින්’ යයි කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති, දීප්ති අබේවික‍්‍රම මහතා ද මාධ්‍යයට පවසා තිබිණි.


    - http://walaspathi.blogspot.com/2015/10/blog-post_92.html

    AVERAGE PRICE FOR BULK TEA - Rupees (Weighted /Un-weighted)

    Year - 2014
    February Rs.492.83 / Rs.492.94

    Year - 2016
    February Rs.414.37 / Rs.414.42

    - http://www.pureceylontea.com/index.php/component/k2/item/95-average-price-for-bulk-tea

    Value of Russian Rubel:

    Jan 13 - 2014
    RUB/LKR 3.9096 (1 Russian Rubel = 3.9 Lanka Rupees)

    Jan 18 - 2016
    RUB/LKR 1.7047 (1 Russian Rubel = 1.7 Lanka Rupees)

    - http://finance.yahoo.com/echarts?s=RUBLKR=X&t=5d&l=on&z=m&q=l&c=#{%22range%22:%225y%22,%22allowChartStacking%22:true}

    Crude Oil Price :
    2014 February - 103.60 USD
    2016 February - 29.44 USD

    - http://www.macrotrends.net/1369/crude-oil-price-history-chart

    Earnings from tea exports in August 2015 declined by 33.9% to US$92 million due to the combined factors of lower export volumes and prices.

    Tea export earnings from CIS countries and the Middle East declined, year-on-year, by 38.6% and 38.3%, respectively, during the month owing to
    substantial decline in oil revenue of those countries. Russia and Turkey, Sri Lanka’s largest importers recorded an 18% and 22% decline in imports during
    the period January to September 2015 compared to 2014.

    - http://www.pureceylontea.com/index....nd/6-tea-market-update/111-third-quarter-2015