ඇත්තටම විනෝදෙට මිනිස්සුන්ට වෙඩි තියන්න සෆාරිය..

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    ඔයාල බලල තියනවද මේ ෆිල්ම් Hostel, The Hunt, Surviving the Game.
    මේ ෆිල්ම් වල කතාව තියෙන්නේ ලොකු සල්ලි කාරයෝ සෆාරි හෝ වෙනත් තැන්වලට ගිහින් මිනිස්සු මරන්නව විනෝදාංශයක් විදියට.
    මේවා මනස්ගාත කියල අපි හිතුවට ඇත්තටම ලෝකේ මේ දේවල් සිද්ද වෙලා තියනව.

    මෙන්න 90 ගණන් වල සිදු උන බොස්නියානු යුද්ධයේදී මිනිස්සු දඩයම් චාරිකාව ගැන ඉතාලියෙන් ආරම්භ පරීක්ෂණය..


    උපුටාගනිමකි - BBC

    බොස්නියාවේ මිනිස් සෆාරියක් - විනෝදෙට මිනිස්සුන්ට වෙඩි තියලා මරන්න සංචාරකයන්ගෙන් ඉහළ මිලක්​

    බොස්නියානු යුද්ධය පැවති 1990 ගණන්වල එරට සරයේවෝ වටලෑමේදී මිනිස් දඩයම් චාරිකා හෙවත් 'මිනිස් සෆාරි' සඳහා අහිංසක මිනිසුන්ට වෙඩි තැබීමට ඉතාලි සංචාරකයින් විශාල මුදලක් ගෙවූ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

    ඒ ඉතාලියේ මිලාන්හි අභිචෝදකයින් විසින්.

    මෙම ධනවත් විදේශීය තුවක්කුලෝලීන්ට චෝදනා එල්ල වී ඇත්තේ, බොස්නියානු-සර්බියානු හමුදා විසින් වසර හතරක් තිස්සේ නගරය වටලන අවස්ථාවේදී ස්නයිපර් සංචාරක ව්‍යාපාරයක් ක්‍රියාත්මක කළ බවටයි.

    සැකකරුවන් සිය සතුට සඳහා නගරයේ පදිංචිකරුවන් සමූලඝාතනය කිරීම සඳහා හිටපු බොස්නියානු සර්බ් නායක රදෝවන් කරඩිච්ගේ හමුදාවේ සාමාජිකයින්ට මුදල් ගෙවූ බවට චෝදනා එල්ල වනවා.

    කරඩිච් 2016 දී ජන සංහාරය සහ අනෙකුත් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් වසර 40 ක සිර දඬුවමක් නියම වූ නායකයෙක්.

    මොවුන් සති අන්ත ස්නයිපර්ලා ලෙස කටයුතු කිරීම සඳහා ට්‍රයිඒස්ට් සිට සර්බියානු ගුවන් සේවය වන ඇවියෝනෙක්ස් හරහා බෙල්ග්‍රේඩ් වෙත පියාසර කර තිබෙනවා.

    වාර්තා වන පරිදි පවුම් 70,000 ත් 88,000 ත් අතර මුදලක් ඊට ගෙවා තිබුණා.

    මෙහිදී ළමුන් ඝාතනය කිරීම සඳහා අමතර මුදලක් අය කර ඇති බව ද වාර්තා පෙන්වා දෙන්නේ.

    සරජේවෝ නගරයේ පදිංචිකරුවන් හට දිනපතාම වෙඩි තැබීම්වලින් අනතුරට ලක්වීමේ බියක් පැවතුණු බව සඳහන්.

    මුදල් ගෙවූ විදේශිකයන් සරයේවෝ වටා ඇති කඳුකරයට ප්‍රවාහනය කරනු ලැබුවේ නිරායුධ මගීන් ඉලක්ක කර ගැනීමටයි.

    නගරයේ ප්‍රධාන මාර්ග, වීදි, පදිංචිකරුවන්ට ඇති අතිශය අනතුර හේතුවෙන් ස්නයිපර් වීදිය ලෙස නම් කර තිබුණා.

    1992 සිට 1996 දක්වා පැවති සරයේවෝ වටලෑම, සමකාලීන යුද ඉතිහාසයේ අගනුවරක් වටලනු ලැබූ දීර්ඝතම කාලයයි.

    එහිදී 10,000 කට අධික පිරිසක් මියගියා.

    අදාළ විමර්ශනය ආරම්භ වූයේ මිලාන්හි ලේඛකයෙකු සහ මාධ්‍යවේදියෙකු වන එසියෝ ගවාසෙනි විසින් ඉදිරිපත් කරන ලද පිටු 17 කින් යුත් නීතිමය පැමිණිල්ලකින්.

    මෙම චෝදනා මුලින්ම කරළියට පැමිණියේ ස්ලෝවේනියානු චිත්‍රපට නිෂ්පාදක මිරාන් සූපනික් විසින් 2022 දී නිර්මාණය කරන ලද ‘Sarajevo Safari’ වාර්තා චිත්‍රපටය හරහායි.

    සති අන්ත ක්‍රීඩාවක් ලෙස සිවිල් වැසියන්ට වෙඩි තැබීමට සංචාරකයින් 100 ක් පමණ සහභාගී වී ඇති බවට වාර්තාවල දැක්වෙනවා.

    සාක්ෂිකරුවන් අතර, ඉතාලි බුද්ධි අංශ සතුව 1993 දී මෙම චෝදනා පිළිබඳ තොරතුරු තිබූ බවත්, වර්ගීකරණය කළ ගොනු තවමත් පවතින බවත් කියා සිටි මුලකුරු E. S. සහිත බොස්නියානු බුද්ධි අංශ නියෝජිතයෙකු ද සිටිනවා.

    බොස්නියානු බුද්ධි අංශ 1993 දී අවම වශයෙන් ඉතාලි ජාතිකයින් පස් දෙනෙකු සිවිල් වැසියන්ට වෙඩි තැබීම සඳහා සරයේවෝ අවට කඳුකරයේ සිටි බවට අනතුරු ඇඟවූ බවට ද වාර්තා වනවා.

    මිලාන්හි බොස්නියානු කොන්සල්වරයා වන ඩැග් ඩුම්රුක්චිච් ප්‍රකාශ කළේ, "එවැනි කුරිරු කාරණාවක් පිළිබඳ සත්‍යය හෙළි කිරීමට සහ අතීතය සමඟ ගිණුම් පියවීමට බොස්නියානු රජයේ පූර්ණ සහයෝගය ඉතාලියට හිමි වන බව"යි.





     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,946
    11,379
    113
    Allahu akbar!
    මෙක මම කිව්වුවෙ
    1. අහින්සක මිනිසුන්ට වෙඩි තියපු එක ගැන ද නැත්නම්
    2. එ නරුමයින් නීතියෙ දෙවඟන ඉදිරියට එන එක ගැනද?
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ලන්කාවෙත් ඉන්නෙ තනි කපාට කජු පොන්නය කොල්ලො පන්දාහක් දූශනය කරල මරපු. මේකෙ වේසිගෙ හැත්තත් තාම ඌට පුක දෙනව
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,946
    11,379
    113
    ලන්කාවෙත් ඉන්නෙ තනි කපාට කජු පොන්නය කොල්ලො පන්දාහක් දූශනය කරල මරපු. මේකෙ වේසිගෙ හැත්තත් තාම ඌට පුක දෙනව
    උඹ එවා වෙනකොට උඹට තෙරෙන වයසෙද? නැත්නම් ඉපදිලා නැද්ද. යුනි කොල්ලො කෙල්ලො 5000ක් මැරුවෙ යු එන් පී ආන්ඩුවෙන්
     

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    ලන්කාවෙත් ඉන්නෙ තනි කපාට කජු පොන්නය කොල්ලො පන්දාහක් දූශනය කරල මරපු. මේකෙ වේසිගෙ හැත්තත් තාම ඌට පුක දෙනව
    ඌ මැරිල නැද්ද :confused:
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,858
    936
    113
    ලංකාවෙත් හිටියේ මේවගේ හමුදාවේ සයිකෝ ඩෑල් එකක්
    ගෝඨා සමාව දීලා මරණ දඬුවමින් බේරව්වේ
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    kari ballo neda ban
    සයිකෝ පකයල ටිකව හොයගෙන ප්‍රසිද්දියේ එල්ලා මරන්න තිබ්බා.
    මුන්ව අල්ලන එක ලේසි වෙන එකක් නම් නැහැ.
    සියගානක් සහබාගි වෙලා කියන්නේ ලොකු චෙන් එකක්.
    ගොඩක් රටවල සල්ලි කාරයෝ සහබාගි වෙලා කියල කියන්නේ.
     
    • Like
    Reactions: War Fighter

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඕක ලංකාවෙත් වෙලා තියෙනෙවා පැරණි පොත පතේ සදහන් විදියට.