සෝම හමුදුරුවොත් පබ්ලිසිටි ක්‍රේසි කෙනෙක්. ධර්ම දැනුම අතින් ඉතාම සීමිත පරසයක කොටුවෙච්ච කෙනෙක්. උගත් කම අතින් ඕ ලෙවල් පාස්. ඔස්ට්‍රේලියාවේ ඉඳල ලංකාවට ආවේ ඇයි කියල සොයා බලන්න..සෝම හමුදුරුවන්ට හෘද රෝග තත්වයක් තිබ්බ කෙනෙක්. රුසියාවේ නොදන්න අප්‍රසිද්ද මගුලකින් පී එච් ඩී එකක් දෙන්න කතා කලාම ඔහුට අවශ්‍ය වුනේ මේක රහසක් වශයෙන් තියාගෙන ඒක අරං ඇවිත් ලංකාවේ මැජික් පෙන්වන්න. නමුත් රුසියාවේ දේශගුනය, ගමන් මහන්සිය යන කාරනා නිසා හෘදාබාදය උත්සන්න වෙලා අපවත් උනා. අපේ හොඳම JMO ලා නේ ඔටොප්සිය කලේ.
සෝම හාමුදුරුවන්ට ලංකාවට එන්න කාරණා කීපයක් හේතු වුනා. එයාව ස්පොන්සර් කරලා ඔස්ට්‍රේලියාවට ගෙන්නුවේ ඒ කාලේ (90 දශකයේ මුල) තිබුන Springvale (දැන් කීස්බරෝ වල තියන) පංසලේ දායක සභාවයි. මතක හැටියට ඒක Buddhist association of Victoria ලෙසයි හැඳින්වුණේ.
1991/92 විතර කාලේ පංසලේ ටෙලිපෝන් බිල සම්බන්ධයෙන් ඇතිවුන මතබේදයක් මත එයා දායක සභාව සමග ආරවුලක් ඇති කර ගත්තා. (මාස දෙකකට වරක් එන) ටෙලිපෝන් බිල ඩොලර් 800 ඉක්මවා යාම ගැන ප්‍රශ්න කලාම, එයාව පතාගෙන ආපු ගෑනු කෙනෙක් ලංකාවේ ඉන්නා බවත්, එයාට හැමදාම ටෙලිපෝන් කරන බවත් කියා තිබුනා. මේ නිසා එයාව පංසලෙන් ඉවත් කරන්න කටයුතු කරන විට එයා දායක සභාවට විරුද්ධව වාරණ නියෝගයක් ගත්තා.
ඒ උනාට ඒ නියෝගය හරි ගියේ නැහැ. එයාට පංසලෙන් ඉවත් වෙන්න සිදු වුනා. ඊට පසුව සිංගප්පූරු ජාතිකයෙකුගේත් උදව් ඇතුව නොබෙල් පාක් ප්‍රදේශයේ ( මතක හැටියට Rich street, Noble Park) ගෙයක් අරගෙන එහි පංසලක් පිහිටුවා ගත්තා.
මේ කාලයේදී එයා කලින් හිටපු (ස්ප්‍රින්වේල්) පංසලට නාඔටුන්නේ විජිත හාමුදුරුවෝ (සෝම හාමුදුරු ගියාම ආවේ කහටපිටියේ සුධම්ම් හාමුදුරුවෝ. ඊට පස්සේ විජිත හාමුදුරුවෝ) ඇවිත් පන්සල වැඩි දියුණු කරන්න, අලුතින් පන්සලක් හදන්න කීස්බරෝ වලින් ඉඩමක් එහෙම ගත්තාම, සෝම හාමුදුරුවන්ටත් ඒ වගේ දේවල් කරන්න උවමනා උනා. එයා කොහොමටත් කැපිලා පේන්න උත්සාහ කරන චරිතයක්. එයා කොහොම හරි කරලා PR අරගත්තාම ඒකටත් උත්සව පැවැත්තුවා.
ඒ විදියට එයා බෙරික් පැත්තෙන් ඉඩමක් අරගෙන පන්සලක් හදන්න ප්ලෑන් පවා අනුමත කරගත්තා උනත්, ඒ වෙනකොට එයා කව්ද කියන එක බොහෝ දෙනෙකු තේරුම් අරගෙන ඒ පන්සලට ආධාර කරන එක නැවතුනා. අන්තිමට පංසලේ Building permit එක පවා අහෝසි උනා. දාපු සෝබන වල හැටියට තව දුරටත් ඕස්ට්‍රේලියාවේ ඉන්න බැරි තත්ත්වයක් ඇති උනාම එයා ලංකාවට ආවා. ලංකාවේදී එයාව හඳුන්වා ගත්තේ ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝ නායක හැටියටයි. නමුත් මෙහේ අපි එයාව දන්නේ ස්ප්‍රින්වේල් පංසලෙන් එලවපු හාමුදුරවෝ හැටියටයි.
මිනිහාගේ මොන වැරදි තිබුනත්, මම එක දෙයකට ගරු කරනවා. ඒ තමයි බෞද්ධ දර්ශනයට කොහෙත්ම අදාළ නැති අදේවවාදය වෙනුවෙන් පෙනී හිටපු එක. එයාට ලංකාවේ ජනප්‍රිය වෙන්නත් ඔය අදේවවාදය මුලදී උපකාර උනා. පසුව ජාතිවාදයත් උපකාර කරගෙන ජනප්‍රියත්වයේ ඉහලටම ගියාම එයා කරපු කියපු දේවල් ලංකාවේ ඉන්න අය දන්නවා ඇති නේ.