ඇත්තට ම අප දියුණුදැයි කියන්න.

athumusic

Active member
  • Sep 19, 2017
    270
    194
    43
    අප දැන් ජීවත් වන්නේ විසිඑක්වැනි සියවසේය. එසේම අප උදන් අනන්නේ මේ වන විට මුළු ලෝකයම අතිමහත් දියුණුවක් ලබා ඇති බවයි. ඒ ගැන තර්කයක් නැත. මුළු ලෝකයේම මිනිස් වර්ගයා ගැන කතා කරන විට ‘දියුණුව’ යන වචනය ගැන කතා නොකර බැරි නිසාය.

    ‘දියුණුව’ යන වදන බොහෝ දිශාවන් සඳහා යොමුවී ඇත. වෛද්‍ය විද්‍යාව, පොදු ප්‍රවාහන සේවා, මාධ්‍ය හැසිරවීම, සන්නිවේදනය ආදී නොයෙක් ආකාර විවිධ තල වෙත මෙම දියුණුව පැතිරී ගොස් ඇති බව කිසිවකුටත් රහසක් නොවේ.

    එහෙත් ඒ සැබෑ තත්ත්වයම ද? “නව කොරෝනා වසංගතය හමුවේ මේ දියුණුයැයි කියා ගනු ලබන ලෝකයටම දණ නවන්නට සිදු වුයේ ඇයි? මේ රෝගී තත්ත්වය ‘නව‘ කොරෝනාව ලෙසින් නම් කරනු ලැබුවේ මෙම වෛරස් රෝගයට ලෝකයා කලින් මුහුණ නොපෑ අලුත්ම රෝගී තත්ත්වයක් නිසාය.

    එක පැත්තකින් එසේ අසන්නට ලැබෙන විට තවත් පැත්තකින් දැන ගන්නට ලැබෙන්නේ ‘කොරෝනාව’ අප දැන ගන්නටත් කලින් සිටම චීනයේ වූහාන් ප්‍රාන්තයේම තිබූ බවයි.

    චීනය යනු ලෝකයේ අහුමුලු ගැහුනු රටක් නොවේ. ලෝකයේ වැඩිම ජන ගහනය අදටත් සිටින්නේ චීනයේය. අපේ රටේ මුළු ජන ගහනයෙන් අඩක් පමණ වූහාන් ප්‍රාන්තයේ පමණක් ජීවත් වේ. ජන ගහනය අතින් පමණක් නොව ලෝකයේ අති ප්‍රබල ආර්ථිකයකට ද චීනය උරුමකම් කියයි.

    එහෙත් “නව කොරෝනාව” ඉදිරියේ චීනයේ සියලු කියුම් කෙරුම් දැඩි ලෙස කඩා වැටුනේය. ඔවුන් රටක් හැටියට තමන් පමණක් නොව ඔවුන් නිසා මුළු ලෝකයම අඩපණ වන තත්ත්වයට පත් විය.

    මේ තත්ත්වය කිසිසේත්ම සුළුකොට තැකිය නොහැක්කේ නිරෝගී මිනිසුන් ලක්ෂ ගණනින් මරා දැමීමටත් දස ලක්ෂ ගණනින් ආසාදිතයන් බවට පත් කිරීමටත් මේ කියැවෙන කොරතුරු අනුව චීනය මූලික වී ඇති නිසයි.

    මේ තත්ත්වය අදටත් නොවෙනස්ය. එහෙත් දියුණුයැයි කියා ගන්නා මිනිසා කොරෝනාවට එරෙහි වන්නට නොහැකිවී අසරණවී සිටියි. රෝගය පැතිරී ගෙන ආ මුල් අවධියේ ලෝකයේ බොහෝ දියුණු රටවල් ඒ සඳහා ප්‍රතිකාර සෙවීමට යුහුසුළු වූහ එහෙත් අදටත් එහි නිසි ප්‍රතිඵලයක් ලබා ඇතිදැයි සැක සහිතය.

    මිනිසා කියා සිටින්නේ වෛද්‍ය විද්‍යාව, ජාන විද්‍යාව ආදී බොහෝ විද්‍යාවන් අතින් තමන් ඉතා ඉහළ තැනක ඉන්නා බවය. එහෙත් ඇත්තටම එය එසේ ද?

    ඇමෙරිකා එක්සත් ජනපදයේ මේ මෑතකදී පුද්ගලයකුගේ මිය යාමක් සිදු විය. රටක මිනිසකු මිය යාම අරුමයක් නොවූව ද විලියම් ෆ්ලොයිඞ් ලැබුවේ තමන් ජීවිතයෙන් ලබන සාමාන්‍ය මරණයක් නොවීම මෙහිදී කැපී පෙනෙන තත්ත්වයක් විය.

    සුදු ජාතික පොලිස් නිලධරයකු කළු ජාතික ෆ්ලොයිඞ් හුස්ම සිර කොට මරා දැමීම මෙහි ඇති වූ බිහිසුණුම තත්ත්වයයි. ‘සුදු ජාතික’ සහ ‘කළු ජාතික’ යන කොටස් ඉවත් කළ විට ඉතිරි වන්නේ එකෙකු අනෙකා ගෙල සිර කොට මරා දැමීමයි.

    තමන්ට හුස්ම ගන්නට අසීරු බව ෆ්ලොයිඞ් කිහිප වතාවක්ම කියද්දී ඔහුගේ ගෙල සිය දණහිසෙන් සිර කොට ගෙන සිටි පොලිස් භටයාට ඒ ඉංගිරිසි තේරුනේ නැත්තේ ඇයිදැයි සිතෙන විට පැහැදිලි වන්නේ ඔහුගේ දරුණු බව විසින් ඔහුගේම සියලු ඉන්ද්‍රිය සිර කොට ගෙන සිටි බවකි. එසේ නම් එතැනදී සිදුවී ඇත්තේ සිතාමතාම කරනු ලැබූ මිනිස් ඝාතනයකි.

    සොර මුදල් නෝට්ටුවක් වෙළඳ සැලකට දුන් බවට සැක කළ ෆ්ලොයිඞ් එසේ සිතාමතාම කරන ලද බවට පිළිගත හැකි ඝාතනයකට ලක් කැරුනේ ඇමෙරිකා එක්සත් ජනපදය නම්වූ දියුණු බලවත් රාජ්‍යයේය.

    ඇත්තටම ඔවුන් දියුණු ද? කෝපයෙන් වියරු වැටුණු තනි පොලිස් නිලධාරියකුගෙන් මුළු රටක හැදියාව නිර්ණය කළ නොහැකි බව ඇත්තය. එහෙත් මේ සිදු වීමෙන් පැහැදිලි වන්නේ දියුණු මිනිසුන්ගේ නීතිය රකින දියුණු මිනිසුන්ගේ නොමිනිස්කමයි. එයින් ඒ සමාජයේ යම් පැති කඩක් හෝ නිරූපණය නොවන්නේයැයි කෙනෙකුට කිව හැකි ද?

    නේපාලය සලකනු ලබන්නේ ‘බුදුන් උපන් දේශය’ ලෙසිනි. බුදුන් වහන්සේ තරම් කුල වාදයට එරෙහිව ප්‍රායෝගිකව කටයුතු කළ වෙනත් ධර්ම ශාස්තෘවරයකු ගැන කොහෙන්වත් වාර්තා වන්නේ නැත.

    පසුගිය මාසයේදී තරුණයින් කිහිප දෙනෙකු ඝාතනයට ලක් වූයේ නේපාලයේදීය. ඊට හේතුවවී තිබුණේ පහත්යැයි සමාජ සම්මත තරුණයකු උසස්යැයි සම්මත කුලයක තරුණියක හා පෙම් සබඳතාවක් ඇති කර ගැනීමය.

    ඒ සබඳතාවේ අවසන් අමිහිරි ප්‍රතිඵලය වූයේ සබඳතාව ඇති කර ගත් තරුණයා හා ඔහුගේ මිතුරන් පිරිසක් තරුණියගේ පාර්ශවය අතින් කුරිරු මරණයකට පත් වීමයි.

    විසිඑක්වැනි සියවසේ අරුම දියුණුව ගැන ඇතැම් කොටස් උදම් අනද්දී දියුණුයැයි සම්මත සමාජයේ කුල වාදය තමත් රජ කරන බව පැහැදිලි කරගත හැකිය. එහෙත් ඒ නිසා සිදු වන ජීවිත විනාශ ගැන කිසිවකු හෝ උනන්දු වන බවක් නම් පැහැදිලි නැත.

    අනෙක් ඇතැම් රටවල එවැනි දේ සිදු වෙද්දී සිංහල සහ බෞද්ධ යන ලේබල දෙකෙන්ම හැඩවී සිටින අපේ ශ්‍රී ලංකාවේ ද කාගේත් දෑස හොඳින් පෙනෙන වේලේ පොලුවලින් ගසා කෙනෙකු ඝාතනය කළ බව මේ දිනවල අසන දකින පුවතකි.

    ෆ්ලොයිඞ්ගේ සහ සුනිල්ගේ මරණයේ වැඩි වෙනසක් නැත. දෙකම මිනීමැරුම්ය. මේ ඝාතන දෙකම සිදුවී ඇත්තේ රාත්‍රී කාලයේ නොවීම ද විශේෂයකි.

    'අපි අර පැත්තෙන් දියුණුයි’, ‘අපි මේ පැත්තෙන් දියුණුයි’ කියා කීවාට අප ඇත්තෙන්ම දියුණු කුමකින් ද?
    source : www.athuranmusic.blogspot.com
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    'අපි අර පැත්තෙන් දියුණුයි’, ‘අපි මේ පැත්තෙන් දියුණුයි’ කියා කීවාට අප ඇත්තෙන්ම දියුණු කුමකින් ද?
    කලින් හිටියට වඩා දියුණුයි නෙ ඒ ඇති. ඉස්සර කාලේ ඔහොම නෙවේ මිනිස්සු මැරුවේ පොලිසියක් නීතියක් මුකුත් නෑ කියන්න කෙනෙක් නෑ අපරදකාරයෝ මිනිස්සු කපල කොටලා දාල කොල්ලකාගෙන ගියා යුද්ද ආවම පැරදුන සයිඩ් එකේ උන් ගම පිටින් සමුලඝාතනේ කරා ලෙඩ ආවම ගම නගර පිටින් හෝදපාලු වෙලා ගියා. ඒවා එක්ක බලද්දී දැන් කොච්චර සැපද අපිට.
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    'අපි අර පැත්තෙන් දියුණුයි’, ‘අපි මේ පැත්තෙන් දියුණුයි’ කියා කීවාට අප ඇත්තෙන්ම දියුණු කුමකින් ද?
    දියුණු බවක් බොරුවට මවාපෑමේ හැකියාවෙන් අපි දියුණුවට පත්ව සිටින්නෙමු.
    දියුණු යැයි අපි අපටම කියාගනිමින් ස්වයං වින්දනයක් ලැබීමේ හැකියාවෙන් අපි දියුණු වී සිටින්නෙමු.

    ප.ලි.
    දියුණුව කියන්නේ නවීන විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුව කියලා හිතාගෙන අපි ඒ පාරේ යනකොට
    සැබෑ දියුණුව මොකක්ද කියලා තේරුම් ගන්න බැරිව යනවා...

    අනිත් එක "නවීන විද්‍යාව හා තාක්ෂණයත් කියන තරම් දියුණු ද?" කියලා ප්‍රශ්නයක් එන තැන් ඕනේ තරම් තියනවා...
    මේ ලිපියෙත් කියවෙන විදියට කොරෝනා වසංගතයේදී ලෝකය මුහුණ දුන්න ආකාරය ඊට හොඳම උදාහරණයක්...
     
    Last edited:

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    දියුණුව සාපේක්ෂයි.
    කෙනාගෙන් කෙනාට,කාලයෙන් කාලයට,තැනින් තැනට ඒක වෙනස් වෙනවා.
     
    • Like
    Reactions: hodakolla