ඇත්ත නේද මේ කතාව

amilasadaruwan4455

Well-known member
  • Nov 3, 2016
    360
    351
    63
    තට්ටු ගානක ලොකු ගෙයක් දැක්කම අනේ මටත් ඒ වගේ ගෙයක් තිබුන නම් කියනවට වඩා අපෝ ඕව නඩත්තු කරන්න ගියාම පට්ට මහන්සියි, කොච්චර ලොකු වුනත් අපි පාවිච්චි කරන්නෙ බොහොම පොඩි කොටසයි. අවශ්‍යම පහසුකම් එක්ක පොඩි කාමර දෙකක ගෙයක් තිබුනම ඇති කියල හිතෙන්න උඹට ලොකු ගෙයක අත්දැකීම තිබිල තියෙන්නම ඕන.

    තඩි ජීප් එකක් පාරෙ යද්දි අනේ මටත් ඒකක් තිබුනනම් කියල කියනවට වැඩිය. ඕවගෙ තෙල් බොනවා, ටයර් පට්ට ගනන්, මේන්ටෙනන්ස් වලට වියදම් වැඩියි කියල කියන්න නම් උඹත් ලොකු වාහනයක අයිතිකාරයෙක් වෙලා තියෙන්නම ඕන.

    ලස්සන කෙල්ලෙක් දකිනකොට අනේ මටත් මේ වගේ කෙල්ලෙක් හිටිය නම් කියනවට වැඩියි කොච්චර ලස්සන වුනත් ඕව පට්ට වාත, නඩත්තුව අමාරුයි, සම්භන්ධතා ඇතුලෙ තියන කටුක බව අවබෝධ කරගන්න නම් උඹටත් ඒ වගේ ලස්සන කෙල්ලෙක් ඉඳල තියෙන්නම ඕන.

    පීස හට්, මැක්ඩොනල්ඩ්, KFC දකිද්දි මටත් මේවගෙන් කන්න තිබුන නම් කියල හිතනවට වඩා ඔය තැන් වල කරන්නෙ බොරු නමක් මාකට් කරල අපෙන් සල්ලි හූරං කන එක, ඔයිට වැඩිය රසට ඔයිට වැඩිය අඩුවට කන්න පුලුවන් තැන් ඕන තරම් තියනව කියල කියන්න නම් උඹත් ඒ තැන් වලින් කාල තියෙන්නම ඕන.

    තමුන්ගෙ තරමට ආදායමට නොගැලපෙන බොරු පොශ් සීන් වලට ගිහින් වෙන්නෙ නිකං අතේ තියන කීයට හරි කෙලව ගන්න එක සහ තමුන් කවද හරි ආර්ථික අර්බුදයකට වැටෙනව කියල අවබෝධ වෙන්න නම් උඹ ඒ පොශ් තැන් වලට ගිහින් ඔය කියන පොශ් ලයිෆ් එක ගතකරල තියෙන්නම ඕන. එතකොට තේරෙයි ඕව ඇතුලෙ අපි මොක මොකාගෙ හරි මාකටින් කැම්පේන් වල ඉත්තො වෙලා ඉඳල තියෙන්නෙ කියල.

    ඔය සමහරු කිසිම අවබෝධයක් නැතුව නැති කමට සියලු දේ අත්හරින්න කිව්වට හැමදේම කරල අවබෝධ කරගෙන අත්හැරීම තමයි හරිම අත්හැරීම. ඒ අත්හැරීම සදාකාලිකයි. ලයිෆ් එකේ ඇරියස් තියාගෙන අත්හැරීම පුරුදු කරන්න එන එවුන් තමයි පස්සෙ කාලෙක ආපහු ඕව කරන්න ගිහින් නෝන්ඩි වෙන්නෙ. 😂. ඒ හින්ද අවබෝධයෙන් අත්හරින්න. ❤️.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    මයින්ද මාතියට ආරක්ෂකයො 300ක්ද කොහේ ඉඳලත් උන්දට එච්චර ගොඩක් එපා උනේ නෑනේ. උබ දාලා තියෙන දේවල් මළ පෙරේතයොන්ට සහ මලපෙරේතයොන්ගෙ ගූ කන උන්ට අදාල නැති වෙන්න ඕන නේද.

    ලපයා උනත් හෙලිකොප්ටර් පාවිච්චි නොකර ඒවා එපා කියනවට වඩා, පාවිච්චි කරල කරලා කලකිරිලා එපා කියන එක තමයි සැබෑම එපා වීම තියෙන්නෙ.