ඇත්ත විදෙස් කුමන්ත්‍රණය හෙළිවේ! Lanka Truth
පකිස්ථානයේ ‘ද නේෂන්’ පුවත්පත ජෙනරාල් සරත් ෆෝන්සේකා මහතා හමුදාපති ධූරයෙන් ඉවත් කිරීම පිළිබඳව විශේෂ හෙළිදරව්වක් කර ඇති බව වාර්තාවේ. එම පුවතට අනුව දශක ගණනාවක් පුරා පැවැති යුද්ධයේදී එල්.ටී.ටී.ඊ.ය පරාජය කර හමුදා සේනාංක ජයග්‍රහණය කරා මෙහෙය වූූ ජෙනරාල් සරත් ෆොන්සේකා ශ්‍රි ලංකා ආණ්ඩුව විසින් හමුදාපති ධූරයෙන් ඉවත් කර ඇත්තේ, ඉන්දියානු අගමැති ආචාර්ය මන්මෝහං සිංග්ගේ උපදෙස් අනුවය. ශ්‍රී ලංකා ආණ්ඩුවට එරෙහිව හමුදා කුමන්ත්‍රණයක් කිරීමේ ඉඩකඩ පිළිබඳව විශ්වසනීය බුද්ධි අංශ තොරතුරු තමන් වෙත ලැබී ඇතැයි ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා, ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙත දන්වා ඇතැයි එම පුවත අවධාරණය කරයි. එල්.ටී.ටී.ඊ.ය විනාශ කිරීමෙන් පසු 2009 මැයි 21-22 රාත්‍රියේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා දුරකථනයෙන් ඇමතූ මංමෝහන් සිංග් අග්‍රාමාත්‍යවරයා, ආණ්ඩුව හමුදාවේ තර්ජනයකට ලක්ව ඇති බවට ශ්‍රී ලංකාවට අනතුරු අගවා තිබේ. මෙම සංවාදයේදී ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට උපදෙස් දී ඇත්තේ, ආණ්ඩුව වහා ක්‍රියාත්මක වී සන්නද්ධ හමුදාවන්ගේ ජ්‍යෙෂ්ඨ නායකත්වය වෙනස් කිරීමට කටයුතු කළ යුතු බවයි. එම පුවත්පත වැඩිදුරටත් කියා සිටින්නේ, දිවයිනේ අභ්‍යන්තර ස්ථාවරත්වයට හා සාමයට තුඩු දුන්නාවූ ශ්‍රී ලංකාවේ අනපේක්ෂිත යුද ජයග්‍රහණය පිළිබඳව ඉන්දියාව නොසතුටින් සිටීම තේරුම්ගත හැකි කරුණුක් බවය. එමගින් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමේ හැකියාව අහිමි වනු ඇතැයිද ඉන්දියාවට අවශ්‍ය බලය බෙදීමක් කරා ආණ්ඩුව තල්ලූකරවා ගැනීමට නොහැකිවනු ඇතැයිද ඉන්දියාව බිය වන්නට ඇතැයි එම වාර්තාව පවසයි.