රටට කන්න දෙන්න මාස 6කට සහල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 10ක් ආනයනය කිරීමට සිදුවන ලකුණු මේ නෙත් නිවුස් වාර්තා කරපු දේ දැක්කම මට පුදුම කණගාටුයි.
මේ ඇත්ත සිද්ධියක්. ආණ්ඩුව කාබනික කතන්දරය දිග ඇරියම අපේ පැත්තේ , ඒක්තරා ව්‍යාපාරයක් ,කර කර හිටපු වැඩෙත් අත ඇරලා පෝර සීන් ඒකට බැස්සා. ඒ් කාලේ බැංකු වලින් යහමින් ණයත් දුන්නනේ..මෙයාලා කලේ . හිස් ඉඩම් කිපයක කාබනික් පෝර වගාවක් දැම්මා..දාලා අර බැංකුවටත් වැඩේ පෙන්නලා..ඒ්කට අවශ්‍යයි කියලා ලොකු ණයකුත් ගත්තා.අරන් හිමින් සැරේ අරන් ඒ්යාලගේ පුද්ගලික නිවාසයක වැඩකටයුතු සම්පුර්ණ කර ගත්තා. අක්ක පෙන්නලා නංගී සහේට ගත්තා වගේ වැඩක් උනේ.ගත්තු ණය හිමින් සැරේ වෙන වැඩකට යෙදව්වා....
ඉතින් පෝර වගාව දැම්මම, පලාතම ගඳ ගැස්සුවා...වටේ පිටේ ඉන්න ලමයින්ට නහයක් ඇරගෙනවත් ඉන්න බැහැ...නිල මැස්සෝ පිරිලා..හරිම අප්‍රසන්නයි.ඉතින් හැමෝම රණ්ඩු වෙලා..දිනුම ඒයාලට බාර දුන්නා...පෝර හැදුවා ...පෝර වික්කා...හැමදේම වුනා...
දැන් ආණ්ඩුව තීරණය වෙනස්කලා ...දැන් සේරම මස්තබාල්දුයි.වගේ ....ඒ්වා සේරම නැවතිලා
ඒ්ත් කවුරු පරාද වුනත් උන් දිනුම් .. අන්තිමේට පැරදුනේ ජනතාව
මට හිතුනේ ලංකාවේ මේ වගේ තව කීයක් මෙහෙම වෙලා ඇත්ද,කියලා ..ඉස්සරහට ඒන ආහාර හිඟයට මේවත් බලාපාලා තියනවා නේද?


