ඇත් රජ

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    දමා විලංගු පයට සිරකර
    ගෙවාදිවියම පය ගසේ බැද
    නොලබා කම් සැප දිවියේ කිසිදින
    ඇත් රජු වඩිනව කරඩුව පිට ගෙන

    සාදු කාර මැද බුදු හිමි බැතියෙන්
    පයට පාවඩ හිසටද වියනින්
    වැඩියත් ඇත්රජ උජාරු ගමනින්
    කුමටද දිවියම සිර කර යදමින්

    ලැබුනත් රජ සැප ඉහටත් ඉහලින්
    වැන්දත් මිනිසුන් මහා මග සිබිමින්
    නොලබා කිසිදින පදවිය පිය
    සිහිනෙන්
    කුමටද රජ වී ලොවටද ඉහලින්

    සෑම කෙනෙකු හට ප්‍රේමය අවැසී
    බුදු හිමි එබව පෙන්නුවේ මෙලෙසී
    නික්මෙන්නට පෙර ගිහිගෙය කලකී
    පුත් රුවනක් හැදුවා ඔහු සුරැකී


    කැලේ සතා අල්ලාගෙන ඇවිදින්
    නැතිකර කිචි දස වද පමුනවමින්
    බැදාලා පා සත එක්‌ කර සැකවින්
    දෙන්නේද මේ දුක් බුදු හිමිගේ නාමෙන්

    සතෙකුට දුක දී දිවියක් පුරාම
    බුදුහිමි නාමය ගාවා කොනකට
    රහසින්වත් පව් නොකෙරුව ඒ හිමිසද
    නොදැනිම පවකට පැටළුවේ කිම ඔබ









    චා.වි