ඇදලා ඉවතට විසි කිරීම(කේන්ද්‍ර අපසාරී)
කාලෙකින් නූලක් කොටන්න වේලාව ලැබුනා.
.
.
.
.
.
.
.
.
.
මේ කියන්න හදන්නෙ හැමෝගෙම වගේ ගෙදර පාවිච්චි කරන වතුර මෝටරය කියල හදුන්වන නමුත් ඇත්තටම හරි විදියටනම් වතුර පොම්පය ගැනයි.පම්ප් වර්ග දෙවිදියකට බෙදෙනවා centrifugal pumps එහෙමත් නැතිනම් rotor dynamic pumps කියන විදියට හා positive displacement pumps විදියට. ඉතින් අද මේ කියන්න යන පොම්පය අයත් වෙන්නෙ centrifugal pumps කාණ්ඩයට
මොකක්ද මේ centrifugal pump(කේන්ද්‍ර අපසාරී පොම්පය) එකකින් වෙන්නෙ?
centrifugal pump එකක් මගින් තරලයක තිබෙන hydrodynamic energy එක rotational kinetic energy (භ්‍රමණ චාලක ශක්තිය) බවට පරිවර්තනය කරලා ද්‍රවය ප්‍රවාහනය කරන තමයි මේකෙන් වෙන්නෙ .
තවත් විදියකින් කියනවානම් මෝටරයෙන් ලැබෙන යාන්ත්‍රික ශක්තිය pump එක ඇතුලේ තියෙන impeller එකෙන් liquid එකට චාලක ශක්තියක් ලබාදීලා pump casing එකෙ විශේෂිත වූ හැඩයෙන් එම චාලක ශක්තිය පීඩන ශක්තියක් බවට පත් කරලා ද්‍රවයප්‍රවාහනය කරනවා.
දැන් අපි බලමු මේ කේන්ද්‍ර අපසාරී පොම්පයක කොටස්
මේකට volute casing එක කියලත් කියනව
තව කොටස් තිබුණත් ප්‍රධාන වශයෙන් වැදගත්වෙන කොටස් තමයි මේ
Pump casing,mechanical seal,impeller කියන කොටස් ටික එක කොටසක් තුල තමයි තියෙන්නෙ.pump shaft එකෙන් මෝටරයට මේ කොටස් සම්බන්ධ වෙලා තියෙනවා
කොහොමද centrifugal pump එකක් වැඩ කරන්නෙ ?
මෝටරය මගින් impeller එක කරකවන විට suction eye කියල තියෙන තැන රික්තකයක් ඇතිවෙනවා..එමගින් ද්‍රවය එතනට උරාගැනීමක් වෙලා ඉම්පිලර් එක තුල ඇති වේන්ස් මගින් ඉවතට විසි කිරීමක් සිදු කරනවා.කේන්ද්‍ර අපසාරී කියන්නෙ මෙන්න මේ ඉවතට විසි කිරීම නිසාවෙන්.මෙම චාලක ශක්තියකින් විසිවෙන ද්‍රවය ගිහින් casing එකේ හිරවෙලා පීඩන ශක්තියක් බවට පත්වෙනවා.ඉහල ප්‍රවේගයෙන් පොම්පයෙන් පිටවෙන මෙම ද්‍රවය නිසා පොම්පය හිස්වන විට volume එකක් create වෙනවා මෙමගින් ඇතිවෙන රික්තකයෙන් suction eye වෙතට නොනැවතී ජලය එනවා.නැවත නැවත මෙම ක්‍රියාවලිය සිදු වීමෙන් ද්‍රව ප්‍රවාහනය සිදුවෙනවා
ඉහලින් තියෙන GIF මගින් මෙම ක්‍රියාවලිය තවත් පැහැදිලි වෙනවා.
ප්‍රධාන වශයෙන් මෙම centrifugal pumps භාවිත කරන්නෙ viscosity( ද්‍රවයක් ගලා යාමට ඇති බාධාව) අඩු ද්‍රව ප්‍රවාහනය කිරීම සදහායි.
මෙහි වාසි අවාසි දෙකම තියෙනවා
වාසි
නිතර මුහුණදෙන ප්‍රශ්ණ හා ඒවාට විසඳුම්
ද්‍රවයක් පිටතට නොපැමිණේනම්
පිටතට පැමිණෙන ද්‍රව ප්‍රමාණය අඩුනම්
අඩුපාඩු වැරදි තියේනම් සමාව භජනය කර සිටිනවා.කාටහරි ටිකක් හරි වැදගත් යමක් දැනගන්න ලැබුනනම් ඒක ගොඩක් වටිනවා.

- Motor
- Pump shaft
- Pump Casing
මේකට volute casing එක කියලත් කියනව
- Impeller
- Mechanical seal

- මෙහි ඝර්ෂණ හානිය ඉතා අවමයි.
- ශබ්ධයෙන් අඩුයි.
- අනෙකුත් පොම්ප හා සසදන විටකොටස් ගෙවී යාම ඉතා අවමයි.
- පොම්ප කොටස සහ මෝටරය අතර යම් ඉඩ ප්‍රමාණයක් ඇති බැවින් එම කොටස් දෙක අතර තාපය හුවමාරු වීමක් සිදු නොවීම.
- මෙම කොටස් දෙක වෙන වෙනම පැවතීම හේතුවෙන් ද්‍රවය මෝටරයට ඇතුල්වීමක් සිදු නොවීම.
අවාසි
- ද්‍රවය තුල සුලු වශයෙන් හෝ ඝණ ද්‍රව්‍ය අඩංගු වුනහොත් impeller එක ගෙවී යාමේ සම්භාවිතාවය වැඩියි.
- ද්‍රවයේ ගුණය අනුව ඇතුලත මලකෑමක් සිදුවිය හැකියි.
- ඇතුලත ද්‍රවය අවශ්‍ය ප්‍රමාණයට ඇතුල් නොවුනහොත් overheat (අධි උෂ්ණත්වයට) පත් විය හැකියි.
- mechanical seal එක හානි වීමේ සම්භාවිතාවය වැඩියි.එමගින් shaft එක හරහා ද්‍රවය ඉවතට ගලා ඒමක් සිදු විය හැකියි.
- මෙම පොම්ප ස්ව උත්සාහයෙන් ප්‍රයිම් වීමක් එනම් ඇතුලට හුලං ඇද ඇති විට පොම්පය පණ ගැන්වූවිට ද්‍රව ප්‍රවාහනයක් සිදුවන්නේ නැහැ.එවිට අපි line එක ප්‍රයිම් කිරීමක් අපි විසින් සිදු කල යුතුයි.
නිතර මුහුණදෙන ප්‍රශ්ණ හා ඒවාට විසඳුම්
ද්‍රවයක් පිටතට නොපැමිණේනම්
- හුලං අදිනවා කියල අපි කියන ක්‍රියාවලිය සිදු වුණහොත් හැමෝම දන්න විදියට අපි බාල්දි උස්සන් ගොහින් ලයින් එක පුරවන්න ඕනි.එහෙමත් නැතිනම් ලයින් එක පුරවන්න යම් ක්‍රමයක් හාවිත කල යුතුයි ඒත් පුරවලා ඉවරයක් නැතිනම් යම් තැනකින් අපි පුරවන වතුර ලීක් වෙනවා.ලයින් එකම ගලවලා ජොයින්ට්ස් චෙක් කරන්න ඕනි.
- suction lift එක ඉහලින් පිහිටලා තියෙනවානම් මේ pump වලට pump කිරීමේ අපහසුතාවක් ඇතිවෙනවා.pressure gauge එක බලලා pressure අඩුනම් එවැනි අවස්ථාවක් ඇති වුවහොත් අපි පම්ප් එක පහලින් සවි කිරීමට ක්‍රම්යක් සාදා ගත යුතුයි.
- pump speed එක අඩුවුණහොත් ද්‍රවය පිටතට ඒමක් සිදු නොවෙන්න පුළුවන්.එවිට මෝටරයේ වෝල්ටීයතාවය,සංඛ්යාතය වගේ දේවල් අඩුවෙන්න පුලුවන්.මේකටනම් විදුලි කාර්මික සහාය අවශ්‍ය වෙනවා
- පම්ප් එක කැරකෙන දිශාව ඉතා වැදගත්.වැරදි දිශාවට කැරකෙනවද කියලා අපිට බලාගන්න පුළුවන් පම්ප් casing එකේ සලකුණු කරලා තියෙන ඊතලයෙන්.එය වෙනස්නම් වහා නිවැරදි කල යුතුයි.වැරදි දිශාවට කැරකීමෙන් පම්පයට හානි සිදුවිය හැකියි.
- impeller එකේ solid දේවල් හිරවෙලා තියෙන්න පුළුවන්.එහෙම වුනොත් පම්ප් එක ගලවලා සුද්ද කරන්න ඕනි.
පිටතට පැමිණෙන ද්‍රව ප්‍රමාණය අඩුනම්
- suction line එකේ හරි foot valve එකෙන් හරි air leak තියෙන්න පුළුවනි.ලයින් එක ගලවලා ජොයින්ට්ස් චෙක් කල යුතුයි.
- impeller එකේ ප්‍රශ්ණ තිබිය හැකියි එහෙම වුනොත් impeller එක ගලවලා චෙක් කරල repair කල නොහැකිනම් අලුත් impeller එකක් නැවත සවි කල යුතුයි.
- foot valve එකේ යම් දේවල් හිරවෙලා තියෙන්න පුළුවනි.ඒක උඩට අරගෙන සුද්ධ කරලා නැවත සවි කල යුතුයි.ඒ වගේම foot valve එක අවශ්‍ය ප්‍රමාණයට වඩා කුඩානම් එවිටත් මෙම ප්‍රශ්ණය පැමිණිය හැකියි.
- වැදගත්ම කොටසක් වෙන mechanical seal එක Damage වෙලා තියෙන්න පුළුවන්.එවිට නැවත මෙම කොටස replace කල යුතුයි.
අඩුපාඩු වැරදි තියේනම් සමාව භජනය කර සිටිනවා.කාටහරි ටිකක් හරි වැදගත් යමක් දැනගන්න ලැබුනනම් ඒක ගොඩක් වටිනවා.
ජයවේවා....!!!
Last edited: