ඇදිරිනීතිය ලිහිල්වේ

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ඇදිරිනීතිය ලිහිල්වේ

    කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස පනවනු ලැබූ ඇඳිරි නීතිය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණ ඇතිව ලිහිල් කිරිමට රජය තීරණය කර ඇත.
    අප්‍රේල් 20, සඳුදා සිට ඒ ඒ දිස්ත්‍රික්කවල සහ දිස්ත්‍රික්ක ඇතුළත පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය පැනවීම සහ ඉවත් කිරීම සිදු වනුයේ මෙසේය.
    කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම,මහනුවර, කෑගල්ල සහ අම්පාර දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය අප්‍රේල් 20 සඳුදා උදේ 5.00ට ඉවත් කොට එදිනම රාත්‍රී 8.00 ට යළි පනවනු ලැබේ.
    ඉන්පසු නැවත දැනුම් දෙන තුරු මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය සෑම දිනකම ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට පසුදා අළුයම 5.00 දක්වා පමණි.
    මහනුවර, කෑගල්ල සහ අම්පාර දිස්ත්‍රික්කවල අලවතුගොඩ, අකුරණ, වරකාපොළ සහ අක්කරෙයිපත්තු පොලිස් බල ප්‍රදේශ තුළ ඇඳිරි නීතිය ඉවත් නොකොට දිගටම ක්‍රියාත්මක කෙරේ.
    මේ දිස්ත්‍රික්ක 03ට අයත් සෙසු පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය අප්‍රේල් 20 සඳුදා සිට සෑම දිනකම උදේ 5.00ට ඉවත් කොට රාත්‍රී 8.00 ට යළි පනවනු ලැබේ.
    කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල පහත සඳහන් පොලිස් බල ප්‍රදේශ හැර සෙසු පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය අප්‍රේල් 22, බදාදා සිට උදේ 5.00 ට ඉවත්කොට රාත්‍රී 8.00ට යළි ක්‍රියාත්මක කෙරේ.
    මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ඉවත් නොකොට දිගටම ක්‍රියාත්මක පොලිස් බල ප්‍රදේශ වනුයේ,
    කොළඹ දිස්ත්‍රික්කයට අයත් : කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, බම්බලපිටිය, කෙසෙල්වත්ත,මරදාන, ගොතටුව, මුල්ලේරියාව, වැල්ලම්පිටිය, ගල්කිස්ස, දෙහිවල සහ කොහුවල
    ගම්පහ දිස්ත්‍රික්කයට අයත්: ජාඇල, කොච්චිකඩේ සහ සීදුව,
    පුත්තලම දිස්ත්‍රික්කයට අයත්: පුත්තලම, මාරවිල සහ වෙන්නප්පුව
    කළුතර දිස්ත්‍රික්කයට අයත් :බණ්ඩාරගම, පයාගල, බේරුවල සහ අළුත්ගම,
    මේ අනුව කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, බම්බලපිටිය, කෙසෙල්වත්ත, මරදාන, ගොතටුව, මුල්ලේරියාව, වැල්ලම්පිටිය, ගල්කිස්ස, දෙහිවල, කොහුවල, ජාඇල, කොච්චිකඩේ, සීදුව, පුත්තලම, මාරවිල, වෙන්නප්පුව, බණ්ඩාරගම, පයාගල, බේරුවල, අළුත්ගම, වරකාපොළ, අකුරණ, අලවතුගොඩ සහ අක්කරෙයිපත්තු යන පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් තොරව දිගටම ක්‍රියාත්මකව පවතී.
    ඇඳිරි නීතිය ලිහිල් කර ඇති යම් ප්‍රදේශයක් හෝ ගම්මානයක් හෝ අවදානම් කලාපයක් ලෙස හඳුනා ගතහොත් එකී ප්‍රදේශවලට සීමාවන පරිදි ඇඳිරි නීතිය පැනවීමට ඉඩ ඇත.
    කිසියම් ප්‍රදේශයක් හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කර ඇත්නම් කවරකුට හෝ ඊට ඇතුළුවීම සහ ඉන් පිටවයාම සම්පූර්ණයෙන් තහනම් වේ.
    ඇඳිරි නීතිය දිගටම ක්‍රියාත්මක පොලිස් බල ප්‍රදේශවල අත්‍යාවශ්‍ය සේවා සඳහා ප්‍රධාන මාර්ග ඔස්සේ ගමනාගමනයට ඉඩ ලැබේ.
    ඇඳිරි නිතීය ඉවත් කළ ප්‍රදේශවල ද ප්‍රධාන මාර්ග භාවිත කළ යුත්තේ රැකියා සඳහා යාම් ඊම් ඇතුළු අත්‍යාවශ්‍ය කාර්යයන් උදෙසා පමණි.
    දිස්ත්‍රික්ක අතර ගමනාගමනය රැකියා අවශ්‍යතා ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් සීමා කර ඇත.

    වැදගත් තොරතුරු දැනගැනීමට එක්වන්න
    Join+
    Corona News Alert - තොරතුරු දැනගැනීමේ සංසදය
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,633
    3,506
    113
    දැන් මෙහෙම කරාම පැතිර යාමේ අවදානම අඩුයිද
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    රෑට වවුල්ලු කොරෝනා බෝ කරනව කියල ඇඳිරිනීතිය රාත්‍රීකාලයට ක්‍රියාත්මක වෙනව

    MkZ2h92.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    වල් වැදී තිබ්බ ඇඳිරි නීතීය නිසි මගට ගෙන දහවල් කාලයෙන් ඉවත්කොට රාත්‍රී කාලයට පමණක් සීමා කිරීමට දුන් නායකත්වය අගය කල යුත්තක්.