ඇද_කඩං_වැටුනම

lankan_godaya

Active member
  • May 25, 2017
    880
    98
    43
    රාත්‍රියේදී අැඳ කඩන් වැටුනාට පසු දෙදෙනා අතර ඇති වූ විවාදය....🤣
    #අවවාදයි තනියම සිනාසී අවට සිටින්නන් පිස්සෙක් යැයි සිතීමට ඉඩ ඇත....

    Suveeliya Kithsuvee
    නුරා ගී පුර සඳ
    මුකුළු කරමින් බලයි දොරකඩ
    අනේ මගෙ හිමිසඳ
    අදත් ඇවිදින් කඩනවද ඇඳ..??

    Sameera Madusanka
    තුරුලට සළුපිලි එහෙ මෙහෙට ඇද
    නිදහස් කලා හැඟුමන් හැම රැහැන් බිඳ
    දෙවරක් ඉහල ගොස් සිපගත් විටදී බඳ
    මල හත්තිලව්වේ කැඩුනා දිරපු ඇඳ

    දිල්රූ ජයසේකර
    සිහියක් පතක් නෑ මදනය වගේ ඉඳ
    ඊයේ ඉඳන් ඇවිලෙන තුනටියත් බිඳ
    අල්ලල කස්තිරම් වෙස්තට්ටුවක් බැඳ
    ඇයි හත්තිලවුවේ කැඩුවේ දිරපු ඇඳ

    #Sameera_Madusanka
    කෙට්ටු වෙන්න බොනවයි කිව්වාට කැඳ
    තම්බ තම්බ කෑවෙම බිත්තරේ මද
    ඔය බර කොහොම උහුලන්නද දිරපු ඇඳ
    ඇඳට වඩා ඒකයි බන් පැදුර හොඳ

    #දිල්රූ_ජයසේකර
    මට්ටු කරන්නට වාහේ උඹව අද
    කොස්ස ගන්නෙ ආවාද මට කරල ඇද
    හෙට්ටු කරල අරගත්තේ මගේ ඇඳ
    මෙට්ටෙ වගේ කොහොමද බං පැදුර හොඳ

    #Sameera_Madusanka
    පොළවෙන් දැනෙන සිසිලස නිදහසේ විඳ
    ආදර හැඟුම් විඳ ගනිමින් බිඳින් බිඳ
    පර්වතයක් උනත් පැදුරක බදා හිඳ
    යහතින් නැගිටලා ආ හැකි නිසයි හොඳ

    #දිල්රූ_ජයසේකර
    දෙන්නම් කියා අලි කොටි කැන්දන් ආවේ
    කැඳවත් නැතුව ඇල්වතුරයි මං බීවේ
    ආවා දොඩවන්න පොළොවේ සුවතාවේ
    මිනිහෝ උඹයි මගෙ ජීවිතයම කෑවේ

    #Sameera_Madusanka
    තව මොකකටද දෙන්නගෙ මේ ගැන වාද
    ගෙයි ගිණි පිටට දීලා හරියන වාද
    මොක කැඩුනත් මැණිකෙ උඹ මගෙමයි නේද
    අළුත්ම ඇඳක පෙර ලෙස සැනසෙමු හාද

    #දිල්රූ_ජයසේකර
    ඔය බොරු චාටු දහ අවුරුද්දක් ඇහුවා
    එලියට ගිනි නොදී ඒ ගිනි යට ගැහුවා
    මේ පාරනම් මිනිහෝ කිවුවොත් කිවුවා
    ඇඳ හදනකල් හිටු එලියේ දොර වැහුවා

    #Sameera_Madusanka
    වහගෙන ඉඳින් මටනම් නෑ කිසි කාරී
    ඕනෑ නෑ තවත් මට මේ වධ භාරී
    නෙරියෙන් යටින් අඳිනා ලස්සන සාරී
    අල්ලපු ගෙදර සුමනත් හරි හැඩ කාරී

    #දිල්රූ_ජයසේකර
    උඹ වගෙ නරි හමෙක් නැතුවට බං මෙමට
    යතහැකි තව දීග හතකුත් යස රඟට
    එනකොට අරන් ආවේ නෑ මං මෙහෙට
    දරු හත් දෙනත් අරගෙන පලයං එහෙට

    #Sameera_Madusanka
    හිතන් ඉන්නෙ නම් ගන්නට දීග හතක්
    හෙන්ඩුව නැතිව වේවිද බන් මෙල්ල ඇතෙක්
    කට කයිවාරු ගැහුවට මේ වාහෙ කොතෙක්
    මේකට කර ගහන්නට නෑ වෙනත් එකෙක්

    #දිල්රූ_ජයසේකර
    මේ වගෙ අයද මා ගෙන යන්නට ආවේ
    පෙර කරුමයක් පලදීමකි සිදු වූවේ
    අම්මල ඒ දවස් වල ඔය ටික කීවේ
    ඒවා අහන්නැතුවයි මේ වහ කෑවේ

    #Sameera_Madusanka
    රනිලුයි මෛත්‍රී වාගේ නොවී අපී
    එක වහලයක් යට ඉමු තව මොටද කිපී
    එක එක කතා කිව්වට ඔය අවට හිපී
    මට උඹ තරම් මැණිකක් තව කොහෙද පපී

    #දිල්රූ_ජයසේකර
    කැඩෙනා තුරු බලාගෙන හිටියට දීගේ
    ඇස්වල කටු ඇනෙයි දැන් කාගෙත් කාගේ
    ඔබ මිස වෙන කවුද පණ රන්කඳ මාගේ
    ඇහුනද මෙයා අපි ඉමු රන් රස වාගේ

    සමීර මල්ලීටයි දිල්රූ නංගීටයි මාගේ විශේෂ ස්තූතිය...👍

    මේ සියල්ල අසා සිටි එහා ගෙදර "අමර"
    Amara Gamini Edirisinha
    උඹලගෙ වලිය තවනම් බෑ ඉවසන්න
    තනිකඩ මගේ සිතනම් බෑ වාවන්න
    දෙන්නද මගේ ඇද උඹලට නිදියන්න
    ඒ ලග බිමින් මට බැරි වෙද නිදියන්න


    ඉස්සුවේ බුකියෙනි