අද ප්‍රෙස් එකේදී,
1.ඉන්දියාවට හොඳටම perform කරපු දුනිත්ව බංකුවේ තියාගෙන පොල් ගෑවද ?
2.Champions trophy එකට සුදුසුකම් ලබන්න තව ලකුණු 30 ක් මදි කියලා දන්නවනම් ඒ ලකුණු 30 ටාගට් කරන්න ඕනේ කියලා දත්ත විශ්ලේෂණය කරගන්න බැරි ස්ටාෆ් එකක්ද ලක්ෂ ගණන් පඩි අරගෙන ඉන්නේ ?
3.මොඩර්න් ක්‍රිකට් ගැනම කතා කරනවනම් strike rate එක අඩු දිමුත්ව මැච් දෙකකදිම opening එවලා බලාපොරොත්තු වුනේ මොනාද ?
4.පාන්දර වෙනකල් ඉන්ස්ටා එකේ උඩට පල්ලෙහට යන ගමන්,ටිකට් දෙන්න හොටෙල් එකට එන්න කියපු ක්‍රීඩකයෝ ගැන දැනුවත්ද ?
5.තමන්ගේ ප්‍රතිවාදියෝ ගැන අධ්‍යනය නොකර,ඒ වෙලවෙත් පබ්ජි ගහලා දැන් මෙතන ඇවිත් අපිට වැරදුනා කිව්වම ඔක්කොම හරියනවද ?
6.1998 දී ටිම් එකට ඇවිත්,2006-07 වෙද්දි හිටපු මහේලයි,2000 දි ඇවිත් අවුරුදු 8 කට පස්සේ 2007-08 වෙද්දි හිටපු සංගයි එක්ක බලද්දි,2015 දි ටීම් එකට ඇවිත් අවුරුදු 08 ක් ගිහිල්ලත් තාම හැදුනේ නැති කුසල් ,ධනංජය එක්ක ඉස්සරහට ජිල් ගහන්නද බලාගෙන ඉන්නේ ?
7.ලෝකේ හැම රටක්ම ටාගට් කරන්නේ world cup එක.එහෙම කප් එකකට අලුත් ටීම් එකක් හදනවා කියලා ජේෂ්ඨයෝ ගෙදර යවලා,ගෙදර හිටපු මැතිව්ස්ව මැදදි ගෙන්නුවා කියන්නේම ,කිසිම ප්ලෑන් එකක් තිබිලා නෑ කියන එකනේ ද ?
කියලා අහන්න තරම් ,
කොන්දක් තියෙන එක මාධ්‍යවේදියෙක්වත් හිටියෙ නැති එක දුකයි..
ගොඩක්ම හිටියේ ශම්මිගෙන් පඩි අරගෙන බෝඩ් එකෙන් මාලු පාන් කන, බන්දුල සමන් වතුරේගමලා වගේ එහෙයියෝ ටිකක් විතරයි..