ඇන්ටිජන් නෙගටිව් වී පැය කීපයකින් OPD රෝගියා මියගිය පසු කොරෝනා තිබුණැයි දැනගනී
කරාපිටිය ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශයේ ඇන්ටිජන් (ප්‍රතිදේහජනක )පරීක්‍ෂණයේදී සෘණ අගය පෙන්වූ රෝගියෙක් පැය කිහිපයක් ඇතුළත COVID-19 හේතුවෙන් මියගොස් තිබේ.
45 හැවිරිදි ඔහු පැල්පොලහේනේ පදිංචි කරුවෙකු වන අතර ඔහු කොළඹ ඉදිකිරීම් ස්ථානයක පෙදරේරුවෙකු වන බවත් දින හතරකට පමණ පෙර ඔහු කැස්ස සහ උණ ගැන කියමින් බාහිර රෝගී අංශයට පැමිණ තිබේ. උණ සඳහා බාහිර රෝගී ප්‍රතිකාර ලබා දීමෙන් පසු රෝහලෙන් පිටව ගොස් ඇති අතර ඇන්ටිජන් පරීක්ෂාව සෘණාත්මකවීම නිසා කොරෝනා නැති බව දන්වා ඇත.
කෙසේ වෙතත්, ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඔහුට උපදෙස් දී ඇත්තේ වෙනම කාමරයක් භාවිතා කරන ලෙසත් සෙසු අය සමඟ සම්බන්ධ නොවන ලෙසත් ය. රාත්‍රියේදී ඔහුගේ තත්ත්වය නරක අතට හැරුණු අතර කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී ඔහු මියගොස් තිබේ
පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී කරන ලද පීසීආර් පරීක්‍ෂණයේදී ඔහු කොරොනා ආසාදිතයෙකු බව තහවුරු විය.
https://www.gossiplankanews.com/2021/08/covid19-opd.html
------------------
සවෙන්ද්‍රට ඇත්තටම මරන ගාන අඩු කරගන්න ඕන නම්, පණ තියන මිනිස්සුන්ට පිසිර් කරල මිනී වලට ඇන්ටිජන් ටෙස්ට් එක කරන්නෙ නැත්තෙ ඇයි?
Last edited:

