ඇන්ඩ්‍රොයිඩ් මත ක්‍රියාත්මක වන ජංගම දුරක

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඇන්ඩ්‍රොයිඩ් මත ක්‍රියාත්මක වන ජංගම දුරක

    ඇන්ඩ්‍රොයිඩ් මත ක්‍රියාත්මක වන ජංගම දුරකථන අත් ඔරලෝසුවක්


    Source:- Internet
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඇත්තෙන්ම දැන් කාලයේ බොහෝ දෙනෙක් අත් ඔරලෝසු භාවිත කිරීමෙන් තරමක් ඈත්ව සිටිනවා. ඒකට හේතුව ලෙස ජංගම දුරකථන භාවිතය සීඝ්‍ර ලෙස ප්‍රචලිත වීම දැක්විය හැකියි. වේලාව දිනය දැනගැනීමට අමතරව තවත් බොහෝ දේ දැනගැනීමට හැකි ජංගම දුරකථනයක් ඔබේ සාක්කුවේ ඇති විට අත් ඔරලෝසුවක් භාවිත කරන්නේ මොකටද කියලා හිතෙන්න පුළුවන්. ඒ කොහොම වුනත් සමහර වෙලාවට මැණික් කටුවේ තියෙන ඔරලෝසුව තරම් පහසුවක් ජංගම දුරකථනයකින් ලැබෙන්නේ නැහැ.




    ඒත් ජංගම දුරකථනයකින් කරන්න පුළුවන් බොහෝ වැඩ කරන්න පුළුවන් ඔරලෝසුවක් තියෙනම්.. ඒක ගොඩක් වටින උපකරණයක් වේවි. ජංගම දුරකථනයක් මෙන් භාවිත කළ හැකි අතේ බැඳිය හැකි ඔරලෝසු දැනට භාවිතයේ පැවතියත්, ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සහිත ස්මාර්ට් ෆෝන් එකක් වැනි ස්මාර්ට් ඔරලෝවක් නම් තාක්ෂණික ලෝකයට අලුත්ම දෙයක්. 2012 පාරිභෝගික ඉලෙක්ට්‍රොනික් ප්‍රදර්ශනයේදී එළිදැක්වුනු මෙම ඔරලෝසුව WiMM Lab සමාගම විසින් නිෂ්පාදනය කරන ලද්දක්.




    ඇන්ඩ්‍රොයිඩ් 2.1 මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වන මෙම ඔරලෝසුව 160*160 ප්‍රමාණයේ ස්පර්ශ සංවේදී තිරයකින් ද සමන්විත අතර ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් (Apps) කිහිපයක්ම නිසි පරිදි ක්‍රියාත්මක වෙයි.




    බ්ලූ ටූත් හෝ වයි ෆයි තාක්ෂණය හරහා ඔරලෝසුව හා සම්බන්ධ වී ඇමතුම් ලබාගැනීම වැනි සන්නිවේදන කාර්යයන් සිදුකල හැකි මෙම ඔරලෝසුව WiMM One ලෙස නම් කොට ඇත.

    WIMM-One_1.jpg