අතීතකාමය 1 : එයාර්ටෙල් (Airtel )වෙලඳ දැන්වීම

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,222
    113
    Gotham City
    අතීතකාමය 1 : එයාර්ටෙල් (Airtel )වෙලඳ දැන්වීම

    මේ 2008 වසරෙ එක්තා දිනයකි (දවස හරියටම මතක නැත )
    මා පාසලෙ 11 ශ්‍රෙණියෙ සිසුවෙකි .
    දික් කලිසමෙ වරම ලබා වසරක් ගෙවු පසු කාලයෙය.
    පාසල් ගියෙ පාසල් බස් රථයෙ නොහොත් ඉස්කූල් බස් එකේය .
    දික්කලිසම් උෂ්ණය නිසා අයියලා වීම නිසාත් සීට් එකෙ ඉඳගන්නවා වෙනුවට පාපුවරුවෙ නොහොත් ෆුට් බෝඩ් එකෙ යාම ප්‍රිය කරපු අයෙක් ලෙස පාපුවරුවෙ ගමන් ගත් බොහො අයියලා සමඟ මා අල්ලාප සල්ලාපයෙ යෙදීම පුරුද්දක් විය .
    කෙල්ලන් ගැන ගැන ,නවීන ජංගම දුරකථන ගැන වාහන ගැන සිට ,ටී වී එකෙ බලපු නාට්ටි ,චිත්‍රපට ගැන වීඩියො ගේම් ගැන අදී නොයෙකුත් මාතෘකා ඒ අතර විය .
    ඒ අතරින් මා මෙ කියන දිනයෙ එක් මාතෘකාවක් වූයෙ අල්ලපු රට වූ ඉන්දියාවෙ සිට අලුතෙන් ජංගම දුරකථන ජාලයක් අපෙ සිරිලක ආක්‍රමණය කරන්නට යනවා යන පුවතය .
    ඒ නිසා එවකට දිපු දැවැන්ත දුරකථන ජාල සමාගම් ද තම ව්‍යාපාරික මෙහෙයුම් රට තුල ක්‍රියාත්මක කිරීමේ ගැටළුවක්ද පැන නැගී ඇති බවත් කට කතාවන් විය.
    එම ජංගම දුරකථන ජාලය ඉන්දියානු දැවැන්ත ජංගම දුරකථන ජාලයක් වන එයාර්ටෙල් (Airtel) ජාලයයි .
    අපෙ සිසුන් ලෙස සාමාන්‍ය පෙල පන්තියෙදි ව්‍යාපාර හා ගිණුම්කරණය නැතහොත් කොමර්ස් (Commerce) විෂය හැදැරු නිසා එම විෂය වෙනුවෙන් මා සහභාගී වූ පෞද්ගලික උපකාරක පන්තියෙ එක්තරා පාඩමක විෂය කරුණකටද මෙම එයාර්ටෙල් (Airtel) හුටපටය ගැන කතාවිය.
    ඒ සමාගම් හා ව්‍යාපාර මට්ටමින් තිබු පාඩමකටය.
    පාසලෙදීද අප සමවයසෙ සිසුන් අතරද සමහරක් අවස්ථාවලදී කතා වූයෙ එකී ජංගම දුරකථන ජාලය සම්බන්ධව නොයෙකුත් පුවත් සහ කටකතාවන්ය.

    සීතල දෙසැම්බරය උදාවිය. සාමාන්‍ය පෙල සිසුන් ලෙස විභාගයට පෙනී සිටියෙමු .
    ගණිතය ප්‍රශ්න පත්ත්‍රය අසීරු යැයි ගැටළුවක් පැන නැඟින .
    එම ගණිතය ප්‍රශ්න පත්ත්‍රය නැවත සිසුන්ට පෙනී සිටීමට ලබාදෙන බව පුවතක්ද විය .
    ඒ පුවත හිතෙ දරන් එතෙක් වසර 11ක් ගෙවු පාසල් ජීවිතේ සාමාන්‍ය පෙල විභාගෙන අවසන් කිරින .
    ප්‍රතිඵල එනතුරු අපට නිවාඩුවක් ලැබෙ.
    දෙසැම්බර් නත්තල අවසන් වී ජනෙරුව සමඟින් 2009 උදාවිය.
    අද මෙන් නොව එකල දෙසැම්බරය සීතලය.
    එකි සීතල ජනවාරියද වෙලාගෙන තිබිණ.

    පාසල් නිවාඩුව සමඟින් ජනවාරියෙ එක්තරා දිනයක උදැසනම රූපවාහිනිය දැමු පසු එක් තර මියුරු සංගීත කණ්ඩයකින් පසුබිමෙ වාදනය වෙමින් වෙලඳ දැන්වීමක ප්‍රචාරක හඬ දසුන් පටයක් (වීඩියො ) ප්‍රචාරය විය.
    එම දැන් වීමෙ අවසන් තත්පර කීහිපයෙ බොලිවුඩ් සුපිරි නළු ශාරුක් ඛාන් ජංගම දුරකථනයක් තම කනෙහි තබා එක වරම
    " හලෝ ශ්‍රී ලංකා " (Hello Sri Lanka) යැයි කීවේය.
    ඉන්දියානු හින්දි චිත්‍රපට වලින් ලංකාව වෙලාගෙන සිටි කාලයක හින්දි චිත්‍රපට ප්‍රෙක්ෂකයන්ට මෙන්ම එසේ නොවන අයවළුන් බොහොමයකට එම ශාරුක් ගේ ප්නී සිටීම මහත් ආශ්වාදයක් වූ බව නොඅනුමානය.
    එම ප්‍රචාරක වෙලඳ දැන්වීම් හඬදසුන් පටයේ සංගීත කණ්ඩය නිර්මාණය කර ඇත්තෙ ඉන්දියානු සිනමාවෙ සංගීතයෙ දැවැන්තයකු වන ඒ ආර් රහ්මාන් (A.R Rahman) විසින් බව මා දැන ගත්තෙ ඉන් මාස කිහිපයකට පසුවය .

    එයාර්ටෙල් (Airtel) රට තුල මෙහෙයුම් කිරිමෙන් පසුව අප පෙර කතා වූ තරමෙ බලපෑමක් නම් කිසිත් නොවීය.
    මා කෙදිනකවත් එයාර්ටෙල් පාරිභොගිකයෙකු වී නැත.
    නමුත් එම ජනවාරි සීතල එයාර්ටෙල් මියුරු නාදය
    ශාරුක් කාන්ගෙ පුදුම දනවන පෙනීසිටීම සහ හලො ශ්‍රී ලංකා යනුවෙන් පැවසීම මාගෙ මතකයෙන් තවමත් ගිලිහි නැත.
    කිසි දා අමතක නොවනු ඇත.

    ( එම වෙලඳ දැන්වීමෙ හඳ දසුන් පටයෙ සබැඳිය පහතින් ඇත )
     

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,300
    1,337
    113
    1766600615920.png
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,100
    113
    34
    Kalutara
    ආපු කාලේ අපිට ඕන නම්බර් එක ඉල්ලලා ගතහැකි. ඒකට ෆෝම් එකක් තියෙඅන්ව. එකට නම්බර්ස් 5ක් දාන්න ඕන. පලවෙනි ඒක නැත්තන් දෙක දෙනවා නැත්තන් තුන ඒ වගේ පස් වෙනි ස්ථානේ වෙනකන් දෙනවා සිම් ඒක.

    Issara couple sim kiyala ekakuth thibba

    වට්සැප් තිබ්බ නැති කාලේ නේද. කෝල් ගන්න මල් කඩන්න ඒ සිම් ඕන. මම හිතන්නේ ඕක දුන්නේ ටීගෝ නැත්තන් එටිසලාට්.
    ------ Post added on Dec 25, 2025 at 12:22 AM
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,337
    8,331
    113
    Galaha
    එයාටෙල් ආපු එකෙන් තමයි මෙහෙ උන්ගෙ හූරාකෑම් ගොඩක් අඩු උනේ මම එයාටෙල් පාවිච්චි කරල නෑ වැඩිය. එකපාරක් කෑල්ලයි (දැන් වයිෆ්) මායි සිම් දෙකක් අරන් තිබ්බ කෝල් මැසෙජ් වලට ලාබ නිසා. වලියක් ගිහින් නුවර ඉස්පිරිතාලේ ඉස්සරහදි සිම් දෙකම ගලවල බස් එකෙන් එලියට විසිකරා. 2013 විතර. :P පස්සෙ කාලේක වයිෆ්ගේ අයිය ලංකාවේ එක දිස්ත්‍රීක්කයක එයාටෙල් එකක් අරගෙන කරගෙනගියා. පාඩුයි කියල 2023 වහල දැම්ම.

    වට්සැප් තිබ්බ නැති කාලේ නේද. කෝල් ගන්න මල් කඩන්න ඒ සිම් ඕන. මම හිතන්නේ ඕක දුන්නේ ටීගෝ නැත්තන් එටිසලාට්.
    ------ Post added on Dec 25, 2025 at 12:22 AM
    හච් කපල් සිම් තිබ්බ නේද? මටනම් මතක හච් තිබුනෙ කියල. මොකද අපේ ගේ ඉස්සරහ හච් ටවර් එකක් තියේ අපිට හොඳට සිග්නල්. කෑල්ලට සිග්නල් මැති නිසා හච් වලින් වැඩක් නැතිඋනා.
    ------ Post added on Dec 25, 2025 at 4:22 AM
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,499
    1
    32,209
    113
    - උඩරට -
    සිම් ගන්න පෝලීමේ පැය දෙකක් හිටියා..
    සිම් එක ගත්තා..
    ඩේටා ඩබල් , කෝල් ඩබල් පැකේජ් ආවා..
    SMS 1000 ආවා..
    රින්ග් ටෝන් ෆ්‍රී දුන්නා..
    කතා කාලය රුපියල් 1999 ක් රිලෝඩ් කරොත් ඒ වගේ දෙකක් ආවා බෝනස්..
    ඒ සිම් එක තවම තියෙනවා වැඩ..

    හැබැයි සිම් එක පරණ උනාට ප්‍රතිලාභ නෑ..
    ඩයලොග් එකෙන් ගත්‍තට පස්සෙ මෙලෝ වැඩක් නෑ දැන් 🤣
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,930
    2,956
    113
    ඕක ආපු කාලෙ ගිය ප්‍රසිද්ද කට කතාවක් තමා එක සැටලයි එකකින් මුලු ලංකාවම කවර් කරනවා කියලා.

    පස්සෙ AirTel හුලංටෙල් උනා
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,706
    113
    38
    ඕක පටන් ගත්තේ 2009 ජනවාරි වල
    මම ඒ කාලේ හිටියේ නුවර උන්ගේ ශාකාව තිබුනේ පේරාදෙණිය පාරේ
    එතන පට්ට පෝලිම සිම් ගන්න කොමිනිකේෂන් වල සිම් නැහැ
    මම දෙවැනි දවසේ ගිහින් පොලිමේ ඉදලා සිම් එක ගත්තේ
    එත් මම හිටියේ පැත්තට Signal නෑ , උන්ගේ මට දුන්න අංකය වෙනස් කරලා
    Customer Care එකට ගත්තාම කිව්වේ System එකේ අවුලක් ගිහින් අංක වෙනස් වුනා කියලා
    මම ශාකවට ගිහින් කිව්වත් මගේ අංකය මට දුන්නේ නැහැ ඊට පස්සේ මම පාවිචිය අයින් කළා.

    මම අනුරාධපුරේට අවාට පස්සේ අය සිම් එකක් ගත්තා හැබැයි උන්ගේ Customer Service එක හරි නැහැ
    ශාකාවකට ගියත් වැඩේ කරන්නේ නැහැ , Hotline එකෙන් එහෙම සැලකිල්ල
    එක නිසාම මම නැවත අයින් කළා
    උන්ට උන්ගේ බිස්නස් එක කරගෙන යන්න බැරි වුනේ Customer Service අවුල් නිසා නැතුව Dialog අරක මේක නිසා නමේ Internet Slow කියලා මම කියල තියෙනවා හැමදාම ගානකට ගත්තේ නැහැ උන් මම ලග තිබුනේ රු 99 Re Load දාලා යන සිම් එකක් ඒ දවස් වල වාසිම සිම් එකක් එත් අයින් කරලා Dialog වලට මාරු වුනා.
     
    • Love
    Reactions: BruceWayne92