ඇඳිරි නිතිය නිසා ගෙදර සිට කළහැකි ක්‍රියාක
ඇඳිරි නිතිය නිසා ගෙදර සිට කළහැකි ක්‍රියාකාරකම් කිහිපයක් සහ අද්භූත සිදුවීම්..!
* ෆෝන් එකේ බැක් කවරේ ගැලවූ විට වසර 1320 ක් පමණ පැරණි පාෂාණ කැබලි ඔබට දැකබලා ගැනීමට හැකි වන අතර, අහල පහල පිරිස් කැඳවා මේ මොහොතේ එක්සිබිෂන් පෙන්වුවහොත් ඔබ අත්අඩංගුවට පත්වන බැවිත් කාටත් හොරෙන් ඒවා ඉවත් කර පිරිසුදු කිරීම
* තමන් දෙක වසරේ ඉගෙනුම ලබන කාලයක දිනක උදෑසන පාසැල් යාමට සැරසෙන විට නැති වුන සුදුපාට මේස් එක ඔබට මතකද ? එහෙනම් පොඩි ශ්‍රමයක් දරා ඔබේ ඇඳ ටිකක් ඉස්සරහට අදින්න. ඔව් සුභ පැතුම්. ඔබ එම සොක්ස් එක සාර්ථකව සොයාගෙන ඇත.
* ඔබ නිතර එහෙ මෙහෙ අරන් යන බෑග් එකේ සයිඩ් පොකට් එකට අත දාලා බැලුවොත් 2004 සුනාමි පැමිණීමෙන් පසු ඒ අවට නිර්ක්ෂණය කිරීම සඳහා ඉස්කෝලෙන් එක්කන් ගිය ට්‍රිප් එක වෙලාවේ යනින ගමන් කාපු වෙරළු ගෙඩියේ ඇට පවා හමුවිය හැක.
* තමන්ගේ කබඩ් එක අස් කළහොත් O/L කාලේ අර සිරා බඳිනවා, ළමයි දෙන්නෙක් හදනවා, කියපු ලව් එක දුන්න, ඒ කාලේ ඇන්දොත් අම්මට මාට්ටු වෙයි කියලා හංගලා තිබ්බ T-shirt 2,3 ක් හොයාගන්න පුළුවන් වෙයි
* තමන් ගෙදරදී දත් මදින දත් බුරුසුව ටිකක් සුද්ද කරලා බලන්න. සමහරවිට දෙසැම්බර් 31st පාටිය දවසේ අනිත් අය බොද්දි උන්ට හොරෙන් කාපු කජු කෑලිත් බුරුසුව අස්සේ තියෙන්න පුළුවන්.
* තමන්ගේ තුවාය සහ සුදු ෂර්ට් එකක් වොෂින් මැෂින් එකේ දමා සෝදන්න. එවිට ඔබට පවුලේ සැවොම පුදුම කරමින් පිරිසුදු තුවායක් හා දුඹුරු පාට කමිසයක් ඔබට ලැබෙනු ඇත.
* ගෙදර වටේ රවුමක් ගියොත් තමන්ගේ කාමරේ / බාත්රුම් එක / කෑම මේසයට අමතරව තවත් කාමර ගෙදර ඇති බව ඔබට හඳුනාගත හැක. එහිදී ඔබ සමග එක කුස උපන් ඔබගේ සහෝදරියෝ හමුවනු ඇත. මෙහිදී ඔබේ නම සඳහන් T-shirt එකක් පැළඳීම අනිවාර්ය වේ. නැතහොත් ඔවුන් "අම්මා.... හොරෙක් හොරෙක්.." යනුවෙන් කෑ ගසා ඔබව මුළු ගමේම ජෝක් එක්ක වෙන තත්වයට පත් කල හැක.
* ඔබ නිතර පළඳින සපත්තුව දෙවරක් ගසා බලන්න. එය තුලින් පොර්ට් සිටියට නොදවෙනි වැලි ප්‍රමාණයක් ඔබට හමුවනු ඇත. ඉක්මනින් එය අතුගා දමන්න. නතොහොත් ඔබේ දෙමව්පියන් කාමරයට පැමිණ එය දුටුවහොත් ඔබ නිතර ෆෝන් එකේ එල්ලී සිටින නිසා ඔබේ මොලේ දිරා වැටෙනවා යැයි බියවිය හැක.
* ඔබට පනාවක් ඇත්නම් එම පනාව ඔබේ කාමරයේ විදුලි බුබුල දෙසට යොමුකර බලන්න. ඔව් ඔබ හරි. ඉතාමත් ආදරයෙන් ජිවත් වන උකුණන් පවුලක් ඔබට දැක ගැනීමට හැකිවනු ඇත. එයයි එකමුතුව. වසර ගණනාවක් පරම්පරා ගානක් පවතී එන එම පවුල විනාශ කරනවද නැද්ද යන වග ඔබේ තීරණයයි. එසේත් නොමැති චීනා වවුලෙක් කා කොරෝනා සදාගත්තාක් මෙන් උකුණන් කටේ දමා උකොනා සාදාගන්න.
*ඔබේ කාමරයේ මුහුණ බලන කන්නාඩියක් තිබේද ? මරු. රෙදි කැබැල්ලක් අරන් වීදුරුව පිහදාන්න. ඔව් ඔබේ කැත වෙනදාටත් වඩා පැහැදිලිව පෙනෙනු ඇත. බිය නොවන්න. එයයි ඔබේ සැබෑ ස්වරුපය. මෙතෙක් කල් වීදුරුවේ රැඳී තිබුණු දුවිලි නිසා ඔබ බොඳවී පෙනුන නිසා ඔබ ලස්සන වූවාක් මෙන් පෙනී ඇත.
* ඔබේ දන්නවාද ඔබේ කාමරේ වහලක් ඇති බව. මෙය අපට දිස්වෙන්නේ කලාතුරකින් මනොපාරක් එහෙම ගහද්දි විතරයි. ශේප් එකේ ඉදල හරි කොස්සක් හරි අරන් පොඩ්ඩක් පරාල අස්සෙන් ගෙනියන්න. මේ අවස්ථාවේ ඔබ කට ඇරගෙන සිටියා නම් කොරෝනා වලට දැනට සොයාගෙන ඇති මියන්ගේ ගුලි ඔබේ කටතුලට ලෑන්ඩ් වනු ඇත.
* පිරිසදු වීදුරුවක් ගන්න. ඔබ නිතර වතුර බොන බෝතලයට උණු වතුර චුට්ටක් පුරවා එය එම වීදුරුවට දමන්න. ඔබේ බෝතලයේ කාලයක් රැඳී තිබුණු කොත්තු මි, කැරට් කෑලි, බත් ඇට වැනි අගනා කෑම වට්ටෝරුවක් ඔබට ලබා ගැනීමට හැක. මින් ඉදිරියට Youtube හි අනෝමා කිචන් බැලීමට ඔබට ඩේටා නාස්ති වන්නේ නැත.
ප.ලි : තමන්ගේ ඇඳ ඇතිරිල්ල උස්සා බැලීමෙන් වලකින්න. ඇඳිරි නිතිය නිසා අසරණ වී සිටින බොහොමයක් කෘමින් මේ දින දෙක ගත කරන්නේ ඔබේ ඇඳ ඇතිරිල්ල තුලය. විශේෂයෙන් ඇඳ යට තිබෙන මැජික් රෙදි කැබැල්ල එලියට ඇදීමෙන් වලකින්න. ඔබ සැමට සුභ රාත්‍රියක්...!
Copied from FB