ඇඳුම්_අයන්_ කිරීම

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    ඇඳුම්_අයන්_ කිරීම

    iron.jpg



    dressman-795990.jpg



    72667_5_468.jpeg

    ඔබට මෙය පෙනෙන්නේ ඇඳුම් විලාසිතා ප්‍රදර්ශනයට තැබූ ඩමි එකක් වගේද ? ඇත්තටම එය ඔබගේ සිහින වල ජීවත් වූ ඇඳුම් අයන් කිරීමට සමත් කාන්තාවයි. මෙය ඇඳුම් මදින යන්ත්‍රයක්. මෙය ඉතාම මෑතකදී ජර්මනියේදි වෙළඳ පොළට නිකුත් වුනේ යුරෝ 1.029,00 කටයි. පෙනෙන ආකාරයට නම් එය ඉතා හොඳින් වැඩ කරනවා වගෙයි. Seimens හි සමීක්ෂකයින් පවසන ආකාරයට එක් සාමාන්‍ය ඇඳුමක් මැදීමට සාමාන්‍ය පුද්ගලයෙකුගේ කාලයෙන් විනාඩි 8ක් පමණ ගත වෙනවා. මෙය තමයි ඇඳුම් මැදීමේ යන්ත්‍රයක් සෑදීමට ලෝකයේ ගත් ලොකුම ප්‍රයත්නය. විවිධ තරාතිරම් වල සිටින කාර්ය බහුල පුද්ගලයන් සඳහා මෙය විශේෂයෙන්ම නිමවා ඇති අතර එමගින් සතියකදී විනාඩි 40ක් පමණ කාලයක් ඉතිරි කරගත හැකියි. මෙය නම් කර ඇත්තේ 'dressman' යන නමින් වන අතර එහි එයටම ආවේණික වූ අංග කීපයකින්ද සමන්විත වෙනවා. එනම් ජැකට් වැනි ඇඳුම් නැවුම් ගතියකට පත් කිරීමට මෙය සමත් වන අතර එමගින් ඇඳුම් කිසිවිටෙකත් දිරා යෑමක් සිදුවන්නේ නෑ. හරියටම ඇඳුමක් අලුතෙන් සෝදැ ඇති ආකාරක් ගන්නවා.

    මෙම 'dressman' යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට නම් එහි ඩමියට ඔබගේ වියලි කමිසය ඇන්දවිය යුතුයි. එවිට එය මගින්ම ඩමිටය කලම්ප ගැසූ ලෙස සුමටව තද කර ගැනීමක් සිදු වෙනවා. ඉන්පසු ඔබට ඇත්තේ නියම ගැලපෙන ඇඳුම් මදින වැඩසටහන තෝරා ගැනීමටයි. ඩමියෙන් නිකුත් වන උණුසුම් වාත ධාරා මගින් ක්‍රියාව අතරතුර එය පුම්බවනු ලබනවා. නියම වෙලාවට අදාල සැකසුම් ලබාගැනීම සඳහා විවිධ වැඩසටහන් 12කින් මෙය සමන්විත වන අතර සියළුම කමිස විශ්වාසනීය ආකාරයට සුමටව මැදීමේ කාර්යය සිදුකරනු ලබනවා. ක්‍රියා පටිපාටිය විනාඩි 6 1/2ක් තුලදී අවසාන වන අතර නැවතත් සීතල වායු ධාරා යෙදීමෙන් පසුව කාර්යය නිමාවට පත් වෙනවා. මෙම උපකරණය සුදුසු වන්නේ සිල්ක්, විස්කෝස්, කොට්න්, ලිනන්, ෆ්ලැනල් සහ නොඇදෙන සුළු කමිස සහ හැට්ට වලට පමණයි.

    මෙහි ඇති විශේෂ වාසියක් වන්නේ මෙය වරක් ඇපුල්ලූ රෙදි සමග ඉතාම හොඳින් ගැලපීමයි. සාම්ප්‍රදායික ඇඳුම් මදින උපකරණ‍යේදී භාවිතා වන අධික උෂ්ණත්වය හා සැසඳීමේදී මෙහි ඇති අඩු උෂ්ණත්ව භාවිතය නිසා ෆැබ්රික් වලට දැනෙන ආතතිය අඩුයි. ඒ වගේම පරණ උපකරණයෙන් මැදීම නිසා බොත්තම් වල දිස්නය අඩුවීමක් මෙමගින් සිදුවන්නේ නෑ.

    Siemens සමාගම ගණනය කොට ඇති ආකාරයට එක් ඇඳුමක් සඳහා වියදම් වන ගණන යුරෝ 0.05ක් පමණ වෙනවා. තවද කිසිම රසායනික ද්‍රව්‍යයක් මේ සඳහා භාවිතා වන්නේ නෑ. ඒ වගේම මෙය පරිසර හිතකාමී යන්ත්‍රයක්. 'dressman' යන්ත්‍රය XS සිට 4XL දක්වා විශාලත්වයෙන් වූ කමිස සඳහා සුදුසු වන අතර S සිට XXL ප්‍රමාණයෙන් යුතු හැට්ට සඳහා සුදුසුයි. මෙම උපකරණය 45 x 36.5 x 119 cm ක විශාලත්වයක් දක්වා ප්‍රමාණ්ය අඩු කල හැකි බැවින් ගබඩා කිරීමට යන්නේ සුළු ඉඩකඩක්. මෙහි බර 28 kgකි. තවමත් මෙය දක්නට ඇත්තේ ජර්මනියේ පමණයි



    උපුටා ගැනීම



    __________________________________________________________
    හොදනම් රෙප්+ දාන්න අමතක කරන්න එපා
    Sorry For Re Post


    © 2011 Load King @ Elakiri.Com

    __________________________________________________________
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    mekata samana system ekak danatamath garment factories wala pawichchi karanawa.
    meka domestic use ekata awoth nam maru
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    mekata samana system ekak danatamath garment factories wala pawichchi karanawa.
    meka domestic use ekata awoth nam maru

    එහෙමද මම නම් එහෙම එකක් දන්නෙ නැහැ
    domestic use කරන්න ආවොත් නම් එලම තමා