ඇපල් කන්න එපා රෝග කාරකයක්‌

MaxFunMan

Active member
  • Dec 10, 2014
    724
    247
    43
    ඇපල් කන්න එපා රෝග කාරකයක්‌

    ඇමෙරිකාවෙන් ආනයනය කර වෙළඳපොළේ ඇති සියලුම ඇපල් ‘ලිස්‌ටෙරියා මොනොසයිටොජිනස්‌’ නමැති බැක්‌ටීරියාව ඇතුළු වී ඇතැයි සැකකරන අතර එම නිසා ඇපල් ආහාරයට ගැනීමෙන් වළකින ලෙසද වෙළෙඳපොළේ ඇති ඇමරිකාවෙන් ආනයනය කළ සියලුම ඇපල් තොග යළිත් එකතු කර ගන්නා ලෙසද සෞඛ්‍ය සේවා අධ්‍යක්‌ෂ ජනරාල් පාලිත මහීපාල මහතා විසින් පළාත් සෞඛ්‍ය සේවා නිලධාරීන්ට, ඇපල් ආනයනකරුවන්ට සහ වෙළෙඳුන්ට දැනුම්දී ඇති බවට වාර්ථාවේ.
    ඇමෙරිකාවෙන් ආනයනය කරන ඇපල්වලට ‘ලිස්‌ටෙරියා මොනොසයිටොජිනස්‌’ නමැති බැක්‌ටීරියාව ඇතුළු වී ඇතැයි සැකකරන අතර එමගින් ‘ලිස්‌ටෙරිච්සිස්‌’ නමැති රෝගයක්‌ පැතිරෙනමින් තිබේ. මෙම බැක්‌ටීරියා ආසාදන තත්ත්වය මෙම වසර මුලදී ඇමෙරිකාවෙන් සහ කැනඩාවෙන් වාර්තා වී ඇත.
    ඒ අනුව ඇපල් ආනයනකරුවන්, වෙළෙඳුන් හා ඇසුරුම්කරුවන් අදාළ ඇපල් තොග වෙළෙපොළෙන් ඉවත්කර නැවත තම භාරයට ගතයුතු අතර, ආහාර පනතේ බලතල ප්‍රකාරව මෙසේ ඇපල් නැවත එක්‌රැස්‌ කිරීම, අධීක්‌ෂණය කිරීම, පහසුකම් සැපයීම හා මෙම ඇපල් නිෂ්පාදන පාරිභෝගිකයින් වෙත යැම වැළැක්‌වීමට කටයුතු කිරීම සඳහාද පාරිභෝගික සේවා අධිකාරිය සහ සෞඛ්‍ය අමාත්‍යංශ ඉතා ඉක්මනින් කටයුතු කළ යුතුව ඇති බවට වාර්ථාවේ.