ඇපල් සමාගම සිය අලුත්ම නිර්මාණය වන iWatch

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඇපල් සමාගම සිය අලුත්ම නිර්මාණය වන iWatch

    ඇපල් සමාගම සිය අලුත්ම නිර්මාණය වන iWatch ඔරලෝසු පරිගණකය හඳුන්වාදීමට ලහිලහියේ සූදානම් වේ!




    ඇපල් සමාගම මේ දිනවල අමෙරිකාව පුරා දැවැන්ත බඳවාගැනීමේ මෙහෙයුමක් (recruitment drive) දියත්කොට තිබෙන බව කැලිෆෝනියා මාධ්‍ය වාර්තාකරනවා. මොවුන් වැඩිවශයෙන්ම wearable computers හෙවත් සිරුරේ නැතිනම් අතේ පැළඳිය හැකි පරිගණක මෙවලම් නිර්මාණය කිරීමේ හැකියාව ඇති ඉන්ජිනේරුවන් හා පරිගණක විශේෂඥයින් විශාල වශයෙන් බඳවා ගැනීම් සිදුකරමින් පවතිනවා.

    පැළඳිය හැකි පරිගණක නිර්මාණය මේ දින වල කැලිෆෝනියාවේ සිලිකන් නිම්නයේ අධිතාක්ශණික සමාගම්වල අලුත්ම ව්‍යායාමය වන අතර මේවන විට ගූගල් සමාගම සිය ගූගල් ග්ලාසස් පළඳනා පරිගණකයේ අවසන් ක්ශේෂ්ත්‍ර පරීක්ශණ නිමකරමින් සිටී. සිලිකන් නිම්නයෙන් ලැබෙන තොරතුරු අනුව ෆේස්බුක් සමාගමද පරිගණක මෙවලම් නිර්මාණයට ප්‍රවිශ්ඨවී ඇත. දැනටමත් ෆේස්බුක් සමාගම සිය දැවැන්ත දත්ත ගබඩා හා සර්වර් අංගන (server farms) සඳහා අවශ්‍ය පරිගණක සර්වර් හා දත්ත ගබඩාකරන විශාල දෘඩතැටි නිර්මාණය කොට ඇති අතර ඉදිරියේදී ෆේස්බුක් සමාගමේ බොහෝ දත්ත ගබඩා ෆේස්බුක් සමාගම විසින් නිර්මාණය කරනලද ඒවා වනු ඇත.

    මේ නිසා සිලිකන් නිම්නයෙහි දක්ශ පරිගණක ඉන්ජිනේරුවන් හට ඉල්ලුම අධික වී ඇති අතර ඇපල් වැනි යෝධ සමාගමකට පවා දක්ශ ඉන්ජිනේරුවන් බඳවාගැනීම සඳහා විශේෂ වෙහෙසක් ගැනීමට සිදුවී ඇති බව පැවසේ. ඉන්ජිනේරුවන් හා පරිගණක විශේෂඥයින් ලබාගැනීමේ අලුත්ම ක්‍රමය ලෙස දක්ශ, තරුණ ඉන්ජිනේරුවන් සේවය කරන කුඩා අලුතින් පිහිටුවන ලද සමාගම් (start-up firms) ඉහල මිළ ගණන්වලට අත්පත්කරගෙන එම සමාගම් වල සිටිනා දක්ශයින් ඉහල වැටුප් හා පහසුකම් ලබාදී රඳවා ගැනීම අරඹා ඇත. ඇපල් සමාගම මෙන්ම ෆේස්බුක්, ගූගල් වැනි සමාගම්ද මෙම ක්‍රියාවලිය ආරම්භකොට ඇත.

    iWatch එලිදක්වන්නේ කෙදිනකද යන්න ඇපල් සමාගම පැහැදිලිව ප්‍රකාශකොට නැතත් සමාගමේ නව බඳවාගැනීම් සිදුවන වකවානුව අනුව නිර්මාණය 2014 අවසාන භාගයේදී එලිදැක්වෙනු ඇතැයි විචාරකයින් පවසති. එමෙන්ම ඇපල් සමාගමේ ප්‍රධානී ටිම් කුක් මේ වසරේ සිට 2014 දක්වා කාළය තුලදී නව නිර්මාණ ගණනාවක් එලිදැක්වීමට තමන් සූදානම්ව සිටින බව පවසා සිටිනවා.

    iWatch නිර්මාණය කෙබඳුවේද?

    ඇපල් සමාගම සිය නව නිර්මාණ දොරටවඩවන දිනය වනතෙක් දැඩි රහස්‍ය භාවයකින් ආරක්ශාකිරීම සිරිතක් කොටගෙන තිබෙනවා. එබැවින් කෙසේ නිර්මාණයවනු ඇතිදැයි පිලිබඳව ඇත්තේ අනුමාන පමණයි. මෙම අනුමාන ඇසුරින් ඇපල් iWatch ඔරලෝසු පරිගණකයේ සැකසුම් කිහිපයක් පහත දැක්වෙනවා.








    හොදනම් රේපක් දිලායන්න අමතක කරන්නේපා
    තව කාටහරි බලන්න බම්ප් එකක් දාලා යන්න
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    you tubeඑකේ වීඩියෝ එකක් තියෙනවා මේකත් බලන්නකො


    මේකේනම් කියන්නේ 2019 කියලා
     
    Last edited:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ipod+iphone+ipad+ipaid.jpg
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මම නම් හිතන්නේ නෑ ඔක සාර්තක වෙයි කියලා .මීට කලින්නුත් ඔය වගේ ඔරලොසු ෆොන් හැදුවා ඔය එකක් වත් සාර්ථක වුනේ නෑනේ
     

    Similar threads