ඇබ්බැහි වෙලාද?
මේ නූලේන් එල්ලන්න යන්නෙ වෛද්‍යවරුන් යම් රෝගියෙක් මත්ද්‍රව්‍යකට ඇබ්බැහි වෙලාද කියල පරීක්ෂා කරන්න යොදාගන්න නිර්ණායක ටික.මේවත් විස්තර කරල තියෙන්නෙ ICD10 රෝග නිර්ණකයේම තමයි.පහත කරුණු වලින් 3ක් හෝ වැඩි ගණනක් පසුගිය වසරක කාලය තුළ වරින් වර හරි තිබුණ නම් ඔබ අදාල මත්ද්‍රව්‍ය මත යැපෙන අයෙක්.
1.මත්ද්‍රව්‍ය භාවිතයට ඇති අදික ආශාව තමාව පාලනය කල නොහැකි කම.
2.මත්ද්‍රව්‍ය භාවිතය තමාට පාලනය කළ නොහැකි වීම.උදාහරණය ක් විදියට බොන්න කලින් මෙච්චර බොනව කියල හිතුවත් නවත්ත ගන්න බැරි කම.දවසට කීපවරක් භාවිතය.
3.මත්ද්‍රව්‍ය නොගැනීම නිසා ඇතිවන රෝග ලක්ෂණ(withdrawal symptoms ).
අර සමහරු අරක්කු නැතුවම වෙවුලන්නෙ ඒ වගේ එක එක මත්ද්‍රව්‍ය වලට අදාල ලක්ෂණ තියෙනව.
4.මත් වීම සඳහා කලින් භාවිත කළ ප්‍රමාණයට වඩා අවශ්‍ය වීම.(tolerance ).
5.පෙර විනෝදාස්වාදය සඳහා කළ ක්‍රියාකාරකම් මගහැරීම
උදාහරණයක් ,ක්‍රීඩා කිරීම,දරුවන් සමග ගත කරන කාලය
6.අහිතකර ප්‍රතිඵල ඇතිබව දැන දැනත් දිගින් දිගටම භාවිත කිරීම.
කවුරු කොහොම කිව්වත ඇබ්බැහි වීම කියන්නෙ ලෙඩක්.මනා අධීක්ෂනයක් යටතෙ ප්‍රතිකාර කිරීමෙන් මේක සුවකරන්න පුලුවන් .මත්ද්‍රව්‍ය භාවිතය හරිද වැරදි ද කියන්න මම යන්නෙ නෑ නමුත් ඔබ දන්න කවුරු හරි මත්ද්‍රව්‍ය නිසා පීඩාවිදිනව නම් මූලික රෝහලක මනෝවෛද්‍ය සායනයකට එයාව යොමු කරන්න.
තෙරුවන් සරණයි!