" ඔබට මෙම ආයතනයෙ පඩි මදිනම්, පහසුකම් මදිනම් මේ රැකියාවෙන් ඉවත්වෙන්න. මේ ආයතනයෙ පඩියෙන් ජීවත් වෙමින් මේ ආයතනය ඇතුලත සිට මේ ආයතනය විවේචනය නොකරන්න. ආයතනයෙන් ඉවත් වී හැකි පමණ විවේචනය කරන්න.."
මේ නුගේගොඩ සව්සිරි ආයතනය තුළ ගසා ඇති දැන්වීමක්.
රැකියාව කියන්නෙ තෘප්තිමත්ව කරන්න ඕන දෙයක්. මම වසර 28 ක් තුළ දී හය වතාවක් රැකියා මාරු කරලා තියෙනවා. ලංකාවේ තියෙන ඉහළම පෙළේ ආයතනවල රස්සාව කරලා තියෙනවා. විදේශ සමාගමක වැඩ කරලා තියෙනවා.ඒ සියල්ලම පෞද්ගලික ආයතන.
එකම එක අවස්ථාවක් විතරයි වැඩි පඩියකට, ලොකු Package එහෙකට රස්සාව මාරු කරේ. ( අදටත් මම ඒ ගැන පසුතැවෙනවා. ) එක් අවස්ථාවක රැකියාව මාරු කරා තියෙන පඩියෙන් 1/4 ක් අඩුවට. ඒ රස්සාවෙ තිබුණු කීර්තිය සහ නම්බුව (Prestige ) ගැන හිතලා.
එක් අවස්ථාවකදී රස්සාව මාරු කරා රෑකියාවෙ ස්ථාවරභාවයක් නැති නිසා. මේ ආයතන 6න් දෙකක්ම ලංකාවෙ අංක එකට ආපු ආයතන Hayleys සහ John Keels.
මාස දෙකකදී පමනක් ව්යාපාරික ඉලක්ක සපුරලා නෑ කියලා Traveling එක ගෙවූවෙ නෑ. Traveling එක කියන්නෙ පඩියෙන් භාගයක් විතර. ඒත් ආයතනය සමග රණ්ඩු කරේ නෑ අඩුපාඩු හදාගෙන ඉදිරියටම ගියා.
එකම එක අවස්ථාවක පමණක් රැකියාවෙන් නෙරපා හැරියා. ඒ රැකියාවෙ ඉද්දිම තවත් තරඟකාරී ආයතනයක Interview ගියා කියලා. එදා මම ඒක විහිළුවක් විදිහට දැක්කෙ. ඒත් ජීවිතේ පරිණත වෙනකොට තේරුනා ඒ ආයතනය ගත්ත තීරණය හරි කියලා.
මට මතක විදිහට පලවෙනි සහ දෙවෙනි රැකියාවට විතරයි Application දාලා රැකියාවට ගියේ. ඒ තැන්වලට ගිහින් වැඩ පෙන්නලා නමක් හදා ගත්තාට පස්සෙ අනිත් ආයතන වලින් කතා කරලා තමයි රැකියාව දුන්නෙ. ( ඒක පට්ටම ගැම්මක් )
ඒත් එක්කම සතුටු වෙන තව අවස්ථාවක් තියෙනවා ජනතාවගේ බදු මුදලින් පඩි ගෙවන ආණ්ඩුවෙන් මම සත පහක පඩියක් අරගෙන නෑ. ආණ්ඩුවෙ ඉහළම පෙළේ තැනක මාස තුනහමාරක් විතර වැඩ කරා අතින් පෙට්රල් ගහගෙන ගිහින් මගේම කාර් එකේ. එදා ඒ පඩිය නොගත්ත එක ගැන මම අදත් ඉන්නෙ සතුටින්.
මමත් ඒ ආයතන වල අරගල කරලා තියෙනවා. අරගල කියන්නෙ බෝඩ් උස්සගෙන අව්වෙ වේලි වේලි වැස්සෙ තෙමි තෙමි කරන පීචං අරගල නෙවේ. සාකච්ඡා සහ සම්මුතියෙන් කරපු අරගල. ඒ අරගල දිනලාත් තියෙනවා. අරගල කරේ කල්ලි ගැහිලා නෙවෙයි. යම් අසාධාරණ යැයි මට හිතුන දේවල් මම කෙලින්ම ගිහින් ඉහල කළමණාකාරීත්වය එක්ක කතාබස් කරනවා. එහෙම කතා කරන්න පුළුවන් බලයක් මම හදාගෙන තිබුණා. ඒ වැඩ කරලා වැඩ පෙන්නලා.
මම දැක්කා වර්ජන කරපු සමහරු දාලා තිබුණා. " අපි මෙච්චර උගත්.. අච්චර ඉගෙනගෙන තියෙනවා. ඒත් අපේ පඩිය සොච්චමයි. මේසන් බාස්ගෙ පඩිය මට වඩා වැඩිය" කියලා. දෙපාරක් හිතන්න එපා. රැකියාවෙන් ඉවත් වෙන්න. වැදගත් වන්නෙ පඩිය නොව මානසික තෘප්තියයි. ඔබ ඉවත්වන රැකියාව තෘප්තිමත්ව කරන්න කැමති අය තව සිය ගණනක් පෝලීමෙ ඉන්න පුළුවන්.
ඉරිදා පත්තරයක් අරගෙන බලන්න. රැකියා අවස්ථා ඕන තරම්. මෙහෙකාර සේවයේ පටන් රටේ ඉහළම ආයතනවල ඉහලම පුටුවලට ඇබෑර්තු තියෙනවා. රැකියා තියෙනවා ප්රශ්නය රැකියා තිබ්බාට සුදුසුකම් තියෙන අය නෑ.
අපි ඔය පම්පෝරි ගහන සමහර උපාධි උගත්කමක් වලට සරිලන ප්රායෝගික රැකියා නෑ. සමහර ආයතනවලට ඒවා කොල කෑලි විතරයි. ( ඔබ අමාරුවෙන් ඉගෙනගෙන ගත් උපාධිය හෑල්ලු කරනවා නෙවේ. මහපොළවෙ යථාර්ථය එයයි. )
ඔය වර්ජන මෙහෙයවන බහුතරයක් ගත කරන්නෙ සුඛෝපභෝගී ජීවිත. ඔවුන්ගෙ එකම ආදායම් මාර්ගය ජොබ් එක තමයි වර්ජන කිරීම.
සමහර අවස්ථාවලදී අපිට රැකියා දියව් දියව් කියලා උද්ඝෝෂන කරන අයට රැකියා ඇබෑර්තු තියෙන පත්තර ටිකක් ගිහින් දෙන්න මට හිතෙනවා. ඒත් වැඩක් නෑ. පොල් ගස් නගින්න සුදුසුකම් තියාගෙන හඳට යන්න තමයි රැකියා ඉල්ලන්නෙ.
කමන්ගෙ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පිටරටවල උද්ඝෝෂන කරන ලාංකිකයෝ ඔබ දැකලා තියෙනවාද..? නෑ නේද..? ඒ ඇයි..? ප්රශ්න නැතුවද. ? නෑ ඔවුන්ට ඒ රැකියාවේ වටිනාකමක් තියෙන නිසා. වටිනාකම දන්න නිසා. නැත්නමි ප ස්සට පයින් ගහලා ඒ රටවල් වලින් එලවලා දාන නිසා.
නැවත නැවතත් මා ඔබෙන් ඉල්ලා සිටින්නෙ පඩි මදි, පහසුකම් මදි නම් අතෘප්තිකර රැකියාවක යෙදෙන්න එපා. එවිට ඔබේ උපරිම ඵලදායිතාව රටට ලැබෙන්නෙත් නෑ. ඔබට ලැබෙන්නෙත් නෑ. ඔබේ උගත් කමට සරිලන තෘප්තිමත් වෘත්තියකට මාරු වෙන්න. ජීවිතය විඳින්න. මහපාරේ බෝඩ් උස්සගෙන ජීවිතය විඳවන්න එපා. පීචං වෙන්න එපා.
එක්දහස් නවසිය තිස් හතලිස් ගනන් වල තමයි වෘත්තීය අරගල කරන්නො වීරයෝ වෙලා හිටියෙ. ඒ යුගය ඉවරයි. 1980 ජූලි මාසේ ජේ ආර් ඒ වීරයන්ව උස්සලා පොලවෙ ගැහුවා. දැන් ඉන්නෙ වෘත්තීය සටන් කරුවො නෙවේ පට්ටම පට්ට ජෝකර්ලා. මිනිස්සු ඔබට හිනාවෙනවා. ඒ තමයි ඇත්ත.
නිලන්ත සත්සර ගමගේ