ඇමතිවරුන්ගේ ලැයිස්තුව මෙන්න දිවුරුම් දු&

banned guy

Well-known member
  • Sep 3, 2012
    642
    381
    63
    ඇමතිවරුන්ගේ ලැයිස්තුව මෙන්න දිවුරුම් දු&

    ජාතික ප්රතිපත්ති, ආර්ථිික කටයුතු නැවත පදිංචිකිරීම් හා පුනරුත්ථාපන හා උතුර පළාත් සංවර්ධන වෘත්තිය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්යවරයා ලෙස අග්රාමාත්ය රනිල් වික්රමසිංහ දිවුරුම් දී තිබෙනවා.

    එමෙන්ම අමාත්ය ජෝන් අමරතුංග දිවුරුම් දී ඇත්තේ සංචාරක සංවර්ධන, වනජීවී හා ක්රිස්තියානි ආගමික කටයුතු අමාත්ය ධුරයේයි.

    මීට අමතරව බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්ය ධුරයේ ගාමිණි ජයවික්රම පෙරේරා දිවුරුම් දී ඇති අතර, මුදල් හා ජනමාධ්ය අමාත්ය ධුරයේ මංගල සමරවීර අමාත්යවරයා දිවුරුම්දී තිබෙනවා.

    රාජ්ය ව්යාපාර, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්යවරයා ලෙස දිවුරුම්දී ඇත්තේ ලක්ෂ්මන් කිරිඇල්ලයි.

    ඊට අමතරව අභ්යන්තර හා ස්වදේශ කටයුතු සහ පලාත් සභා හා පලාත්පාලන අමාත්ය ධුරයේ වජිර අබේවර්ධන දිවුරුම්දී තිබෙනවා.

    මීට අමතරව කර්මාන්ත හා වානිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්ය ධුරයේ දිවුරුම්දී ඇත්තේ රිෂාඩ් බදියුදීන්.

    පාඨලී චම්පික රණවක මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්යවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා.

    මීට ටික වේලාවකට පෙර අවසන්වූ අමාත්ය මණ්ඩල දිවුරුම්දීමට අනුව වැවිලි කර්මාන්ත අමාත්යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී ඇත්තේ නවීන් දිසානායකයි.

    කෘෂිකර්ම, ග්රාමීය ආර්ථික කටයුත පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්යවරයා ලෙස දිවුරුම් දී ඇත්තේ පී. හැරිසන්.

    මීට අමතරව කබීර් හෂීම් මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්යවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා.

    නව කැබිනට් මණ්ඩලයේ ඉඩම් හා පාර්ලිමේන්තු ප්රතිසංස්කරණ අමාත්යවරයා ලෙස දිවුරුම් දී ඇත්තේ ගයන්ත කරුණාතිලකයි.

    නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්යවරයා ලෙස සජිත් ප්රේමදාස දිවුරුම් දී තිබෙනවා.

    මීට අමතරව අර්ජුන රණතුංග ප්රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්යවරයා ලෙසත් පලනි දිගම්බරම්, කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්රජා සංවර්ධන අමාත්යවරයා ලෙස දිවුරුම්දී ඇති බව ජනාධිපති මාධ්ය අංශය පවසනවා.

    චන්ද්රානි බණ්ඩාර දිවුරුම්දී ඇත්තේ කාන්තා හා ළමා කටයුතු සහ වියලි කලාප සංවර්ධන අමාත්යවරිය ලෙසයි.

    නව අමාත්ය මණ්ඩල දිවුරුම්දීමට අනුව අධිකරණ හා බන්ධනාගාර ප්රතිසංස්කරණ අමාත්යවරිය ලෙස දිවුරුම් දී ඇත්තේ තලතා අතුකෝරාලයි.

    අධ්යාපන අමාත්යවරයා ලෙස අකිල විරාජ් කාරියවසම් දිවුරුම්දී ඇති අතර, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්යවරයා ලෙස අබ්දුල් හලීම් දිවුරුම් දී තිබෙනවා.

    මීට අමතරව වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්යවරයා ලෙස දිවුරුම් දී ඇත්තේ සාගල රත්නායකයි.

    නගර සැළසුම් ජල සම්පාදන හා උසස් අධ්යාපන අමාත්යවරයා ලෙස රවුෆ් හකීම් දිවුරුම් දී ඇති අතර, තිලක් මාරපන විදේශ කටයුතු අමාත්යවරයා ලෙසත් රාජිත සේනාරත්න සෞඛ්ය පෝෂණ හා දේශීය වෛද්ය අමාත්යවරයා ලෙසත් දිවුරුම් දී තිබෙනවා.

    විදුලිබල බලශක්ති හා ව්යාපාර සංවර්ධන අමාත්ය ධුරයේ දිවුරුම්දී ඇත්තේ රවී කරුණානායකයි.

    UPDATED FULL LIST - https://www.hirugossip.info/here-is-the-list-of-the-sworn-ministers-today
     
    Last edited: