ඇමතිවරු කුඩු විකුණන රටක ජනතාවට යන කල දසාව
අපේ අගමැති තුමාට එක්කෝ අගමැතිකම එපාවෙලාය, එක්කෝ විපක්ෂයට යන්නට ඕනෑ වෙලාය, නැතහොත් කාත් එක්ක හරි තරහ වෙලාය, නැතහොත් ඇත්ත කියන්න යැයි කවුරු හරි බල කරලාය, නැත්තං ඉඳලා හිටලා හරි පොඩි අවධානයක් ගන්න ඕන වෙලාය. මේ මොන හේතුවක් නිසා හෝ එතුමා මාර කතා ටිකක් පසුගියදා ඇද බෑවේ කුමාර සංගක්කාර එංගලන්තේදී කියූ දේ වලට තවත් අරුතක් එක් කරමිනි.
ලංකාවේ කුඩු විකුණන ඇමතිවරු ඇතැයි කී අගමැතිවරයා කන්න නැත්නම් ස්ත්රී දූෂණ වන්නේ කොහොමදැයි පාර්ලිමේන්තුවේදී ප්රශ්න කර ඇත්තේ එතුමාගේ නුවණේ බල මහිමය ලොවටම කියාපාමිනි. අපේ රට මාරම රටකි. නිළියන් ගණිකා වෘත්තියේ නියැලෙන අතර ගණිකාවන් පාර්ලිමේන්තුවේය. මන්ත්රීවරු සිංදු කියති, ඇමතිවරු රඟපාති, නළුවෝ පාර්ලිමේන්තුවේය. ගායකයෝ ආණ්ඩුකාරවරුය. රාජකීය වෙදාට බලපත්ර නැත, මන්ත්රී කමේ පිහිටෙන් ලොම් හැලී දත් වැටී හැරමිටියෙන් යත්දීත් සමහරු මැච් ගසති, ලංකාවෙන් හැලුන ක්රීඩකයෝ පිටරට ක්රීඩා සමාජවල ක්රීඩාකර තරඟාවලියේ වීරයා වන්නට තරම් සුදුසුකම් පාති. ත්රස්තවාදී නායකයෝ යහතින් ජීවත් වෙන අතර යුද්ධයට දායක වූවෝ හිරබත් කති. වැඩිහරියක් තානාපතිවරු ලංකාව ගැන මෙලෝ හසරක් නොදන්නා එවුන්ය. කරන මගුලක් නැති අතර තම පරම්පරාව තර කර ගැනීමට යුහුසුළු වෙති. රාජ්ය නිලධාරීහු මර නින්දේය. මහාචාර්යවරු වර්ජනයේය. සිසුහු දේශපාලනය කරති, ඇමතිවරු කුඩු විකුණති. ඒ බව දැන දැනත් උන් නිදැල්ලේය. කසිප්පු ගොට්ටක් අරන් පාරෙ යන කම්කරුවා මාස හයක් හිරේය. හිරේ ඉන්න පාතාල නායකයෝ රෑට රෑට උන්ගේ අඹුවන් හෝ වෙන එවුන්ගේ අඹුවන් සොයා ගොස් උදේට හිරේට යති. සමහරු හිරේ ඉඳගෙනම එළියේ ඉන්නා අයගෙන් කප්පම් ගනිති. හැම පොලිස්පතිම පොලීසිය සුද්ධ කරන්නට කියා පටන් ගෙන තමන් සුද්ධ වී ගෙදර යති

Last edited: