ඇමතිවරු කුඩු විකුණන රටක ජනතාවට යන කල දසාව

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ඇමතිවරු කුඩු විකුණන රටක ජනතාවට යන කල දසාව

    අපේ අගමැති තුමාට එක්කෝ අගමැතිකම එපාවෙලාය, එක්කෝ විපක්‍ෂයට යන්නට ඕනෑ වෙලාය, නැතහොත් කාත් එක්ක හරි තරහ වෙලාය, නැතහොත් ඇත්ත කියන්න යැයි කවුරු හරි බල කරලාය, නැත්තං ඉඳලා හිටලා හරි පොඩි අවධානයක් ගන්න ඕන වෙලාය. මේ මොන හේතුවක් නිසා හෝ එතුමා මාර කතා ටිකක් පසුගියදා ඇද බෑවේ කුමාර සංගක්කාර එංගලන්තේදී කියූ දේ වලට තවත් අරුතක් එක් කරමිනි.

    ලංකාවේ කුඩු විකුණන ඇමතිවරු ඇතැයි කී අගමැතිවරයා කන්න නැත්නම් ස්ත්‍රී දූෂණ වන්නේ කොහොමදැයි පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර ඇත්තේ එතුමාගේ නුවණේ බල මහිමය ලොවටම කියාපාමිනි. අපේ රට මාරම රටකි. නිළියන් ගණිකා වෘත්තියේ නියැලෙන අතර ගණිකාවන් පාර්ලිමේන්තුවේය. මන්ත්‍රීවරු සිංදු කියති, ඇමතිවරු රඟපාති, නළුවෝ පාර්ලිමේන්තුවේය. ගායකයෝ ආණ්ඩුකාරවරුය. රාජකීය වෙදාට බලපත්‍ර නැත, මන්ත්‍රී කමේ පිහිටෙන් ලොම් හැලී දත් වැටී හැරමිටියෙන් යත්දීත් සමහරු මැච් ගසති, ලංකාවෙන් හැලුන ක්‍රීඩකයෝ පිටරට ක්‍රීඩා සමාජවල ක්‍රීඩාකර තරඟාවලියේ වීරයා වන්නට තරම් සුදුසුකම් පාති. ත්‍රස්තවාදී නායකයෝ යහතින් ජීවත් වෙන අතර යුද්ධයට දායක වූවෝ හිරබත් කති. වැඩිහරියක් තානාපතිවරු ලංකාව ගැන මෙලෝ හසරක් නොදන්නා එවුන්ය. කරන මගුලක් නැති අතර තම පරම්පරාව තර කර ගැනීමට යුහුසුළු වෙති. රාජ්‍ය නිලධාරීහු මර නින්දේය. මහාචාර්යවරු වර්ජනයේය. සිසුහු දේශපාලනය කරති, ඇමතිවරු කුඩු විකුණති. ඒ බව දැන දැනත් උන් නිදැල්ලේය. කසිප්පු ගොට්ටක් අරන් පාරෙ යන කම්කරුවා මාස හයක් හිරේය. හිරේ ඉන්න පාතාල නායකයෝ රෑට රෑට උන්ගේ අඹුවන් හෝ වෙන එවුන්ගේ අඹුවන් සොයා ගොස් උදේට හිරේට යති. සමහරු හිරේ ඉඳගෙනම එළියේ ඉන්නා අයගෙන් කප්පම් ගනිති. හැම පොලිස්පතිම පොලීසිය සුද්ධ කරන්නට කියා පටන් ගෙන තමන් සුද්ධ වී ගෙදර යති
     
    Last edited:

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මේ සියල්ල මැද අපේ ජනතාව ඊලඟ ඡන්දයේදීත් සත් ගුණවත්-උගත්- නැණවත්- පිංබර-ඉඩම් හිමි වැවිලිකරු-අවංක-එඩිතර-සුවච-කීකරු- ගමේ චන්ඩියා චූටි මහත්තයාට මනාප 3 ම දී ප්‍රාදේශීය සභාවට හෝ පලාත් සභාවට පිටත් කර හරියි. උන් එතැනට ගියාට පසු ඡන්දය දුන් ඡන්දදාසලා උන්නාද මලාද නොබලයි. ඒ වුනාට උන්ගේ සහචරයනට මදි නොකියන්නට හොදි බෙදා දෙයි. ඡන්දය ඉල්ලන ඔක්කෝගේම කටේ තියෙන්නේ මහින්ද චින්තනය ශක්තිමත් කිරීමයි. විපක්‍ෂ කට්ටිය කියන්නේ පවුල් පාලනය අවසන් කිරීමයි. මහින්ද චින්තනය ශක්තිමත් කිරීම හෝ පවුල් පාලනය අවසන් කිරීමෙන් ගමට ඇති වන සෙතක් නැත. ගමට ඡන්දය ඉල්ලන එකා කළ යුත්තේ ගම හැදීමේ සලසුම් ඉදිරිපත් කිරීමයි. මේ ලංකාවේ එය එසේ නොවේ. මීට වසර කීපයකට පෙර ඡන්දය ඉල්ලන්න බයිසිකලෙන් ගෙයින් ගෙට ගිය අපේ තාත්තාගෙන් ඉගෙන ගත් සමන්ත, දැන් ප්‍රාදේශිය සභාවේ සභාපතිතුමාය. ඉස්සර ඔහු සර් කියපු අපේ තාත්තාට දැන් එතුමාට සර් කියන්නට සිද්ධ වෙලාය. ඒත් තාත්තා ඔහුට තවමත් කියන්නේ සමන්ත කියා පමණි… දයාසොරි ජයසේකරට ගොට්ට අල්ලගෙන පස්සෙන් යන අපේ ලොකු අම්මාගේ පුතාට තාත්තා දවසක් කීවේ “අනේ පුතේ උඹලා වගේ හැම බල්ලටම සර් කියන එක කොන්දක් තියාගෙන ඉන්න මට කරන්න බෑ” කියායි.

    ලංකාවේ මේ තත්ත්‍වයට වග කිව යුත්තේ අපමය. ඡන්ද 2500 ක් ලබා මහ මැතිවරණයෙන් පරාද වූ මර්වින් සිල්වා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන ආවේ චන්ද්‍රිකා කුමාරණතුංගයි. ඊලඟ ඡන්දයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඡන්ද 250,000 ක් ගත්තේද ඒ මර්වින් සිල්වාමය. එදා මෙදා තුර මර්වින් සිල්වා රටට කළ දෙයක් නැත. එසේ වුනත් කැළණියේ ජනතාවට බොහෝ දේ කර දී ඇතැයි කට්ටිය පවසති. ඒ නමුත් ලංකාවේ නීතිය සහ සාමය අතින් කැළණිය ආසනය අවසාන ස්ථානයේ පසුවේ යැයි මෑත කළ සමීක්‍ෂණයකින් කියැවින. සිය සැමියාගේ අනියම් බිරිඳ/පෙම්වතිය මරා දැමූ මිල්රෝයි ප්‍රනාන්දුගේ බිරිඳට ජනාධිපති සමාව ලැබුණි. මිනීමැරුමකට වැරදිකරු වූ චන්දන කත්‍රිආරච්චි සිරගෙදරය
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    විශ්ව විද්‍යාලවලට ප්‍රතිපාදන නැති වුවත්, මන්ත්‍රීවරුන්ගේ වැටුප වැඩි වන යෝජනාවට ආණ්ඩුවත් විපක්‍ෂයත් භේදයක් නැතිව අත උස්සති. ප්‍රශ්න පත්‍රයක් නිවැරදිව සකසාගත නොහැකි අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් අධ්‍යාපනය පරිපාලනය කරති. කට්ටියක් ජලයේ ආසනික් ඇතැයි කියති. තවත් කට්ටියක් හාල්වල ආසනික් නැතැයි කියති. ජලයේ ආසනික් ඇතැයි කී කට්ටිය හාල්වල ආසනික් නැතැයි කී කට්ටියට විවිදයකට අඬගසති. මුන් සසඳන්නේ ඇපල් සහ දොඩම් යැයි දෙගොල්ලන්ටම නොතේරේ. කට්ටියම තම තමන්ගේ මතය නිවැරදි බව අඟවන්නට වෙර දරනවා විනා, වකුගඩු රෝගීන්ට කළ හැකි ප්‍රතිකාරයක් කියන්නේ නැත. අවම වශයෙන් නාථ දෙවියන්වත් ඒ ගැන කියන්නේ නැත.

    යුද්ධය අවසන්ය. රටට සංචාරකයෝ ගලා එති. උන්ට ඉන්නට හෝටල් කාමර මදිය. හෝටල් හද හදා ඉන්න ගියොත් වසර ගණනක් ගතවේ. සංචාරක පුරවර අසල කුඩා පරිමාණයෙන් නිවාස හෝ හෝටල කුලියට ගෙන හෝ ඒ අවට මිනිසුන්ට සංචාරකයනට නවාතැන් දෙන්නට ඉඩ සලසා, දේශීයව සාමාන්‍ය ජනයාටත් මහා පරිමාණව රටටත් ආදායමක් ලබාදීමට අපේ සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීනට අමතක වී ඇති බව මෑතකදී සංචාරක පුරවරයක් ආශ්‍රිතව ජීවත් වන මගේ මිතුරකු මා හට පැවසුවේය. සියල්ල මහා පරිමාණයෙන් කරන්නට ගොස් අවසානයේ පුක බිම ඇණගන්නට වෙන්නේ අපටමය. සංචාරකයින් පැමිණීම වැඩි නිසා හෝටල් කාරයෝ උන්ට හිතෙන හිතෙන ගණන් වලට හෝටල් කාමරවල මිල වැඩි කරන්නට පටන් ගෙන ඇත. සංචාරකයින්ට යන්නට ඇත්තේ ලංකාව පමණක් නොවේ. අසල්වැසි මාලදිවයින අපට වඩා අඩු මිලට උසස් සේවාවක් සපයන රටකි. අපට මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත හැක. කළ යුත්තේ මොළය පාවිච්චි කිරීම පමණි.

    දක්‍ෂිණ ලංකා අධි වේගී මාර්ගය තැනීම රජයක් බොහෝ කාළයක සිට කළ ඉතාම යහපත් කාර්යයයි. මෙහි ඇතිවිය හැකි අනතුරු පිළිබඳ රියැදුරන් දැනුවත් කළ යුතුය. ලංකාවේ රියැදුරන් පැයට කිලෝමීටර 60 වේග සීමාවේ 120 ට ගියාට, 120 වේග සීමාවේ රිය පැදවිය යුත්තේ කෙසේදැයි නොදනිති. නිසි ලෙස ධාවන මාර්ගය මාරු කිරීම (Lane change) පිළිබඳ වැටහීමක් නැත. වාහන ධාවනයේදී රියැදුරාගේ අන්ධ ස්ථානය (blind spot) පිළිබඳ වැටහීමක් නැති නිසා පිටුපසින් පැමිණෙන වාහනයේ ගැටීමේ අවදානම වැඩිය. මේ ගැන දැනුවත් කිරීම අධිවේගී මාර්ගය විවෘත කිරීමට පෙර සිදු කිරීමෙන් ජීවිත ගණනාවක් බේරාගත හැක. මෙවන් මාර්ග කීපයක් ලංකාවේ ප්‍රධාන නගර යා කරමින් තැනීම පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක් පැවැත්වීමට වඩා වැදගත්ය
     
    • Like
    Reactions: Silver bird

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    කිව යුතු දී බොහෝය. මේ සියල්ල කීමෙන් ඇල්කෙමියා රාජ්‍ය ද්‍රෝහියෙක් ලෙස හංවඩු ගැහීමට බැරිකමක් නැත. බොහෝ විට රසායන විද්‍යාත්මක කරුණු සාකච්ඡා කළ ඇල්කෙමියාගේ රසායනාගාරය පවා දේශපාලන බ්ලොගයක් ලෙස හංවඩු ගැසීමට අපේ සමහර සින්ඩිකේටර කටයුතු යොදා තිබුණි. ඒවාට වාද කිරීම පළක් නැත. කියවන කෙනා මෙය කියෙවුවාවේ. කෙසේ වෙතත් අපේ ආණ්ඩුවේ කුඩු මුදලාලිලා ඉන්නවානම් උන්ට දඬුවම් දීම රට කරවන අයගේ වගකීමකි. විපක්‍ෂයට කොන්දක් නැතිවුන පලියට පාළු ගෙයි වලං බිඳින්නාක් මෙන් ආණ්ඩු කිරීම පවතින ආණ්ඩුව පිරිහීමකට ලක් කරයි.

    ලබන ඡන්දයේදීවත් මොළයක් ඇති මිනිසුන් රට කරවන්නට පත් කර යැවීමට අපේ ඡන්දදාසලාට මොලේ පෑදේවා….. නැත්නං ඉතිං උඹලා හැමදාම වල පල්ලේය… මට නං ඔබාමා ඉන්නවාය.. නැත්තං අඩුම ගානේ සේරා පේලින්ගේ සායේ හරි එල්ලී ඉන්නට පුළුවන…

    උපුටාගැනීම ඇල්කෙමියාගේ දිනපොතෙනි
     

    razorblade

    Banned
    Jul 8, 2011
    58
    9
    0
    වේසිග බල්ලන්ගේ ආන්ඩුව.මේ අය එච්චර කල් දුවන්නේ නෑ,මිනිස්සු හමුදාව ප්‍රමුක ආරක්ශක අංශ මේවා ගැන දැනුවත්.වෙලාවට ඒ අය රට වෙනුවෙන් ආපහු ක්‍රියාත්මක වෙයි
     
    Last edited:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    කොච්චර කිව්වත් වැඩක් නැහැ මිනිස්සුන්ට. ආණ්ඩුව හොඳ නැත්නම් ඊළඟට කරන්නෙ විපක්ෂෙට චන්දෙ දෙන එකනේ. උන් හොඳ නැති වෙනකොට ආයෙත් කලින් හිටපු එවුන් හොඳ වෙනව.

    දේශපාලන වේදිකාවක කීයෙන් කීදෙනාද තමන් නගරය වෙනුවෙන් හරි ගම වෙනුවෙන් හරි කරන්න ඉන්න වැඩ පිළිවෙල, ලැබෙන ආදායමත්/ප්‍රතිපාදනත් සමග පෙලගස්වල පැහැදිලිව පෙන්වල දීල තියෙන්නෙ.

    එක්කො තව එකෙක්ගෙ වැරදි කියයි, නැත්නම් යන්තං අටවපු බෝක්කුවක්, නාන ලිඳක්, ප්‍රජා ශාලාවක් ගැන කියයි. අනාගත සැලසුම් ගැන කියන්නෙ නෑ. ඒව අහන්න අපේ මිනිස්සුන්ට ඕනෙත් නෑ.සමහර එවුන් කියනවා. හැබැයි කියන්නෙ සුරංගනා කතා ඒව කවදාවත් කෙරෙන දේවල් වත් කෙරෙන විදියක් වත් උන් දන්නෙත් නෑ අපි දන්නෙත් නෑ. මුන්ගෙ පස්ස බිම අන්න වන්න චන්ද හිමි අපි වත් ඒක චන්දයක් හරි වර්ජනය කරන්න ඕන. වෙන දේ බලාගන්න