ඇමති නිල නිවාස 23ක් වතුර බිලට ලක්ෂ 50 ක පොලු තියලා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,108
    56,585
    113
    අමාත්‍ය නිල නිවාසවලට ලබා දී ඇති ජල සම්බන්ධතා විසි තුනක රුපියල් ලක්ෂ 50 කට ආසන්න මුදලක් ගිය වසර අවසානය වන විටත් අය කර නොගෙන හිඟව පැවතුණු බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සදහන් වේ.

    මේ අතර මියගිය මහජන නියෝජිතයන්ගෙන් අයවිය යුතු හිඟ ජල ගාස්තු අය කර ගැනීමට නොහැකි බවට පාර්ලිමේන්තු මහ ලේකම්වරිය දන්වා ඇතැයි ද එම වාර්තාවේ දැක්වේ.මේ හිඟ මුදල් සම්බන්ධයෙන් විගණනයට පිළිතුරු දක්වා ඇති ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ මහජන නියෝජිතයන්ගේ පෞද්ගලික නිවාසවල හිඟ මුදල් සාමාන්‍ය පාරිභෝගිකයන් ලෙස සලකා අයකර ගන්නා බවයි. හිඟ මුදල් නොගෙවන ස්ථානවල ජල සැපයුම විසන්ධි කරන ලෙස වාණිජ නිලධාරීන්ට උපදෙස් දී ඇතැයි මණ්ඩලය සඳහන් කළ බව ද එම වාර්තාවේ දැක්වේ.

    මහජන නියෝජිතයන්ගෙන් අය විය යුතු හිඟ මුදල අය කරගැනීමට ප්‍රමාණවත් හා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට විගණන අංශ ජල සම්පත් හා ජලාපවාහන මණ්ඩලයට නිර්දේශ කර ඇත. එසේම වෙළෙඳ ණය ගැතියන්, නව සම්බන්ධතා ණය ගැතියන්, ජලාපවාහන ණය ගැතියන් සහ අනෙකුත් ණයගැතියන්ගෙන් කෝටි 234ක පමණ මුදලක් වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ අයකර ගැනීමකින් තොරව හිඟව පැවතුණ බව ද එම වාර්තාවේ සඳහන් වේ.

    මෙම වෙළෙඳ ණය ගැතියන්ගෙන් සියයට හැට හයක් බස්නාහිර මධ්‍යම බස්නාහිර උතුර සහ බස්නාහිර දකුණ උපදේශ නියෝජනය කරති.නව සම්බන්ධතා ණය ගැතියන්ගෙන් මාස තුනක් ඇතුළත වාරික තුනකින් ණයකර ගැනීමට නියමිතව තිබුණ ද

    රුපියල් කෝටි තුනකට වැඩි මුදලක් වසර තුනකට වඩා වැඩි කාලයක් තිස්සේ අයකර ගැනීමකින් තොරව පැවතුණ බව වාර්තාවේ දැක්වේ.

    මේ සම්බන්ධයෙන් කරුණු දක්වන මණ්ඩලය පවසන්නේ හිඟ මුදල් එසේ ක්‍රමිකව වර්ධනය වූ බවයි. එම හිඟ මුදල් අය කර ගැනීමට කටයුතු කරගෙන යන බව ද මණ්ඩලය සඳහන් කළේය. හිඟ ශේෂය වහා අය කර ගැනීමට කටයුතු කරන්නැයි විගණන අංශ මණ්ඩලයට තවදුරටත් නිර්දේශ කර ඇත.
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,211
    2,315
    113
    ඊනියා දේශපාලකයින් නොහොත් මොඩර්න් හිගන්නෝ...
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,807
    23,333
    113
    චී ලංකාව

    බැංකු ඉඩම් පවරගෙන සල්ලි අරන් පියවන්න තියෙන්නෙ
     
    • Haha
    Reactions: SLK_sri

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    27,218
    51,932
    113
    ඊනියා දේශපාලකයින් නොහොත් මොඩර්න් හිගන්නෝ...
    දේශපාලනේ කරන හැම එකාම හිඟන්නො තමා. බලයට ආපු උන් ආන්ඩුවේ සල්ලි කනවා, බලයට එන්න හදන උන් "අපි උඹලව ගොඩ දාන්නම්" කියලා පාක්ශිකයන්ගෙ සල්ලි අරන් ආතල් ගන්නව.