ඇමරිකන් සොල්දාදුවන්ගේ අලුත්ම මිතුරා

UNIC0DE

Banned
Oct 7, 2016
62
8
0
ඇමරිකන් සොල්දාදුවන්ගේ අලුත්ම මිතුරා


ඇමරිකන් සොල්දාදුවන්ට අනාගතයේ යුද බිමට යන විට ගෙන යන්නට පුංචි ඩ්‍රෝන යානයක් දෙන්නට දැන් සැලසුම් කර තියෙනවා.

දැනටමත් විශේෂ කාර්යසාධක බලකාය ‘බ්ලැක් හෝනට්’ හෙවත් කළු දෙබරු නම් මේ ඩ්‍රෝන යානා අත්හදා බැලීම සඳහා යොදා ගෙන තියෙනවා.

අල්ල මත රැඳවිය හැකි මේ පුංචි ඩ්‍රෝන යානය බරින් ග්රෑම් 18ක්. අතට අරගෙන අහසට විසි කරන්න විතරයි තියෙන්නෙ.

ඒක ඇතුළේ කැමරා තුනක් තියෙනවා දවල් කාලයේ දී රූප ගත කරන්න. රාති‍්‍ර කාලයේදී තාප ශක්තියෙන් කි‍්‍රයා කරන නයිට් විෂන් කැමරාවකුත් තියෙනවා.

4.JPG
මේ පුංචි ‘බ්ලැක් හෝනට්’ ඩ්‍රෝන යානය නිකම්ම අහසට විසි කරන්න තියෙන්නෙ.

ඩ්‍රෝන යානය කි‍්‍රයා කරවන හැටි
සිඟිති ඩ්‍රෝනයෙන් ලැබෙන රූප සොල්දාදුවාගේ ඉදිරියෙන් පෙනෙන සේ පපු පෙදෙසේ සවි කළ තිරයකට යැවෙනවා.

වීඩියෝ කී‍්‍රඩාවලදී මෙන් එක් අතකින් කි‍්‍රයා කළ හැකි පාලකයක් මගින් යානය හැසිරවිය හැකියි. ග්රෑම් 18ක් බර මේ යානය තුළ කැමරා තුනක් තියෙනවා. රාති‍්‍රයේ ඡුායාරූප ගැනීමට තාපයෙන් කි‍්‍රයා කරන කැමරාවකුත් තියෙනවා.

තිරය මත වැටෙන සිතියම මත කරන ඇඟිලි තුඩුවල ස්පර්ශයෙන් යා යුතු දැන් දක්වන්න පුළුවන්. යානය තනිවම ඒ තැන්වලට යනවා.

එයට සොල්දාදුවා ඉන්නා තැන සිට කිලෝමීටරයක් විතර ඈතට පියාසර කර නිරීක්‍ෂණය කරන්න පුළුවන්. මිනිත්තු 25ක් විතර එක තැන පාවෙමින් ඉන්න පුළුවන්. පාවිච්චි නොකරන වෙලාවට තිරය පහතට නවා තබන්නත් පුළුවන්. පාලක යතුර බඳ පටියට සවිකර තිැබිය හැකියි.

මෙහි පීඞී 100 නම් මොඩලය දැනටමත් ඇෆ්ඝනිස්ථානයේ සේවය කළ බි‍්‍රතාන්‍ය සහන භමුදාවල සහයට යවා සාර්ථක ප‍්‍රතිඵල ලබා තියෙනවා.

ඇමරිකාවේ ප්‍රොක්සිඩයිනමික්ස් ආයතනයේ ප‍්‍රධාන විධායක හා සභාපති ආන් ස්ක්යාප් පවසන්නේ මෙය සතුරු කඳවුරු පිරික්සීමට ඉතාමත් සුදුසු බව අත්හදා බැලීම්වලින් පෙනීගොස් ඇති බවයි. මේ යානා කීපයක් දැනටමත් ඇමරිකන් හමුදාවේ විශේෂ බලකායන්ට ලබා දී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

9.jpg

5.JPG
මෙහි පුංචි ඒත් ප‍්‍රබල කැමරා 3ක් තියෙනවා. ඒවා මගින් ගන්නා රූප එසැණ සොල්දාදුවාගේ පපුවේ ඉදිරියෙන් සවි කළ තිරයකට යොමු කළ හැකියි.

8.jpg
මේ පුංචි ඩ්‍රෝන යානය තුළ රාති‍්‍රයේ දී ඡුායාරූප ගත හැකි තාප කැමරාවක් තියෙනවා.



 

diyabena

Banned
Apr 25, 2015
244
16
0
රිදෙන්න තිබ්බැකි මුස්ලිම් උන්ට අල්ලා හුඅක්බර් කියන්න..
 

AJ McLean

Member
Aug 12, 2016
213
13
0
US
තුවාන් රියාස් ගේ අලුත් nick name එක තමයි මේ ඇවිල්ල ඉන්නෙ..