Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇමරිකාවට පු. දෙමුද රුසියාවට පු. දෙමුද 🚀
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දම්සක් පැවැතුම් සූත්‍ර දේශනාව “ද්වේ මේ භික්ඛවේ අන්තා පබ්බජිතෙන න සෙවී තබ්බා. යොචායං කාමෙසු කාමසුඛල්ලිකානුයොගො හීනො ගම්මො පොථුජ්ජනිකො අනරියො අනත්ථ සංහිතො. යොචායං අත්ත කිලමථානුයොගො දුක්ඛො අනරියො අනත්ථ සංහිතො. එතෙ තෙ භික්ඛවෙ උභො අන්තෙ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා චක්ඛු කරණී ඤාණකරණී, උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බාණාය සංවත්තති”

මහණෙනි, පැවිද්දා විසින් සේවනය නොකළයුතු අන්ත දෙකක් තියෙනව. පළමු අන්තය නම් කාමසුඛල්ලිකානු යෝගයයි. කාම සුඛයෙහි ඇලී ගැලී ඒ අනුව ක්‍රියා කිරීමයි. එය පහත් ක්‍රියාවකි. එය ග්‍රාම්‍ය (අශිෂ්ට) පුද්ගලයන්ගේ ක්‍රියාවකි. එය කෙලෙස් සහිත පුහුදුන් පුද්ගලයන්ගේ ක්‍රියාවකි. එය අනරිය හෙවත් නිර්වාණය කරා ගමන් නොකරන ක්‍රියාවකි. එය චතුරාර්ය සත්‍යාවබෝධයට බාධා කරන අනර්ථය ගෙන දෙන ක්‍රියාවකි. දෙවන අන්තය නම් අත්තකිලමථානුයෝගයයි. තම සිරුර නිසා පව් උපදිනව යි යන විශ්වාසයෙන් සිරුරට වධ දී එය දුබල කීරීමෙන් සදා සැප ලැබිය හැකිය යන දෙවන විශ්වාසයයි.

එයත් අනරීයයි. නිවන් මඟ නොවේ. එය වඩන්නාට යහපත පිණිස නොව අයහපත පිණිස පවතින ප්‍රතිපදාවකි. එය දුක්ඛය සහගතයි. මහණෙනි, සසර කෙලවරක් නොදකින මේ අන්ත දෙක (උභො අන්තෙ) අනුගමනය නොකරන්නැයි ඉහත සඳහන් පාඨයෙන් පස්වග තවුසන්ට බුදුන් වදාළ බව ඉහත සඳහන් දේශනා පාඨයෙන් ගම්‍ය වේ.

“ද්වෙ මෙ භික්ඛවෙ අන්තා පබ්බජිතෙන න සේවිතබ්බා. යොචායං කාමෙසු කාම සුඛල්ලිකානු යොගො හීනො ගම්මො පොථුජ්ජනිකො අනරියො අනත්ථ සංහිතො” යො චායං අත්තකිලමථානු යොගො දුක්ඛො අනරියො අනත්ථ සංහිතො” එතෙ තෙ භික්ඛවෙ උභො අන්තෙ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගෙතන අභිසම්බුද්ධා. චක්ඛු කරණී, ඤාණකරණී, උපසමාය, අභිඤ්ඤාය, සම්බොධාය නිබ්බානය සංවත්තති” යනුවෙන් ආරම්භ කොට දේශනා කළ උන්වහන්සේගේ මංගල දේශනාව වන දම්සක් පැවැතුම් දේශනාව තමන් වහන්සේ පන්සාළිස් වසක් මුළුල්ලෙහි දේශනා කළ අසූහාරදහසක් ධර්මස්ඛන්ධය සම්පිණ්ඩනය කොට දෙසු පළමු වන අසහාය අතිශ්‍රේෂ්ඨ ධර්මදේශනාවයි.

මෙලොව උපන් සත්ත්වයන්ට පුනර්භවයක් තවත් නැතැයි යන මිථ්‍යා දෘෂ්ටිය ගත් උච්ඡේදවාදීන්ගේ මෙලොවදී හැකිතාක් පස්කම් සැප විඳිමින් කාම සුඛයෙහි ඇලී ගැලී වාසය කොට මේ භවය අවසන්, කළයුතු ය යන උච්ඡේද දෘෂ්ටියත් එසේම යී කී පරිදි සැප ලැබීමට කැමැති නම් මේ ආත්මයට (පස් කඳට) හැකිතාක් දුක්දීමෙන් කෙලෙස් නැසිය යුතුය. යන අත්තකිලමථානු යෝගයත් යන අන්ත දෙක පැවිද්දන් විසින් බැහැර කළයුතුයයි පළමුවෙන්ම වදාරා තමන් වහන්සේ සොයාගත් මධ්‍යම ප්‍රතිපදාව එතැන් සිට විස්තරව වදාළ සේක. කම් සුවයෙහි ඇලී ගැලී විසීමි එක් අන්තයකි. එය ළාමකයි. එය ග්රාම්යයි. පුහුදුන් ජනයා විසින් අනුගමනය කරන්නකි. එය මාර්ග ඵල සෙවුනා ආර්ය පුද්ගලයන්ගේ පිළිවෙතත් නොවේ. එය අනර්ථ කරයි. එය ආධ්‍යාත්මික වශයෙන් යහපතක් ගෙනදෙන පිළිවෙතක් නොවේ. එය වස්තුකාම සහ ක්ලේශ කාම කියා දෙයාකාරයි. රූපාදී වස්තුවලට ආශාවෙන් රූපාදියේ රස විඳීමෙන් සැප විඳීම වස්තු කාමයයි. ජීවත්වනතාක් කම්සැප විඳිමින් ජීවත් විය යුතුයි කීයේ ඒ බවයි. අනෙක ක්ලේශ කාමයයි. පස්කාම වස්තු අරමුණු කරගෙන සිතේ උපදින ක්ලේශකාම පිළිබඳව සිත සිතා සතුටු වීමයි. දෙවනුව වදාළ අන්තය මේ අත්තකිලමථානුයොගයයි. කයට හෙවත් ඉන්ද්රියයන් පිනවීමේ ආශාවන්ගෙන් මැඩී ඒවා සෙවීමේදී අපමණ දුක් හටගන්නව. ඒ නිසා කෙලෙස් අඩුකරගන්න ඕන.

ඒ සඳහා ශරීරයට දුක් දෙන්න ඕන. සිරුරට හැකිතාක් දුක් දීල සැප ලබාගතයුතුයි යන මිථ්‍යා පිළිවෙත්හි යෙදීම අනෙක් අන්තයයි. එය කාමසුඛල්ලිකානුයොගය තරම් නරක පිළිවෙතක් නොවේ. එහෙත් එය ආර්ය (ශ්‍රේෂ්ඨ) පිළිවෙතක් නොවේ. එයත් අනර්ථ කරයි. එයත් දුකක් මෙන්ම අනරිය අනර්ථකර පිළිවෙතක් බව තව දුරටත් පෙන්නා දුන්හ. එහෙයින් මහණෙනි, මේ අන්ත දෙකම අත්හැරල මේ ප්‍රතිපත්ති දෙකින් තොර මැදුම් පිළිවෙත නුඹලා අනුගමනය කරන්නැයි වදාරළ එහි අගයද මෙසේ වදාළහ. මහණෙනි මා අවබෝධ කරගත් මැදුම් පිළිවෙත වන බෞද්ධ දර්ශන මාර්ගය චක්ඛු කරණීයයි. එනම් ප්‍රඥා චක්ෂුස ඇති කරන්නකි. ඤාණකරණීයයි. එනම් ඥානය හෙවත් නිර්වාන මාර්ගඥානය උපදවන්නකි. එයින් සියලුම කෙලෙස් සමනය කරනව. සිවුසස් දහම් උපද වනව. එසේම සිවුසස් දහම් අවබෝධ කරනව. සෘජුවම එය නිවන් අවබෝධ කර ගැනීමට උපනිශ්‍රය වෙනව.

මහණෙනි, ඉහත කී ගුණයන්ගෙන් සමන්විත මධ්‍යම ප්‍රතිපදාව නම් කුමක්ද? යි ඇසූ උන්වහන්සේ තමන්ම එය පහදා දෙමින් මෙසේ වදාළහ. සම්මාදිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන අට තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලදැයි වදාළහ. ඉක්බිති උන්වහන්සේ චතුරාර්ය සත්‍යයට අයත් ධර්ම හතර විස්තර කරමින් “ඉදං ඛො පනභික්ඛවෙ දුක්ඛං අරිය සච්චං” සවිස්තර කරමින් මහණෙනි, ජාතිය (උපත) දුකයි. ජරාව (දිරීම) දුකයි. ව්‍යාධිය (රෝගීවීම) දුකයි. මරණය දුකයි. අප්පිය සම්පයෝගය (අපි‍්‍රය පුද්ගලයන් හා එක්ව විසීම) දුකයි. පි‍්‍රය පුද්ගලයන්ගෙන් වෙන්ව විසීම දුකයි. කැමැති දෑ නොලැබීම දුකයි.

මේ සියල්ල ගොනුකොට සලකනවිට පඤ්චුපාදනක්ඛන්ධයම (රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන යන උපාදාන පසේම ඇතිවීම) දුකයි. ඉක්බිති බුදුන් වහන්සේ විස්තර කරනව දුක්ඛාර්ය සත්‍යය හෙවත් මාර්ග ඵලාබෝධයෙන් වටහා ගතයුතු ජාත්‍යාදී දුක්ඛාර්ය සත්‍යය ඉහත සඳහන් පරිදි දේශනා කළා. දෙවනුව දුක්ඛ සමුදය හෙවත් දුක් උපවන ආර්ය සත්‍යය දේශනා කළා. එනම් පෙර භවය හා මේ භවය සම්බන්ධ කරන නැතහොත් මේ භවයෙහි උපතාදී දුක් හට ගැනීමට හේතුවන තෘෂ්ණාව පිළිබඳව දේශනා කරමින් එය කාම, භව, විභව යනුවෙන් පුනර්භවය ඇති කරන, නන්දි නම් සත්වයා සසර බැඳ තබන රාගයෙන් (ඇලීමෙන්) යුක්ත, උපන් උපන් භවයට ආශාවෙන් සතුටු වන කාම තණ්හා (රූපාදී පඤ්චස්කන්ධය පිළිබඳ ආශාව) භව තණ්හා (සත්වයා සදාකාලිකයයි පිළිගෙන භවයට ඇති ආශාව විභව තණ්හා (සත්වයා මරණින් මතු යළි නූපදින්නේ යයි යන දෘෂ්ටිය) යන මේ ත්‍රිවිධ තෘෂ්ණාව විස්තර කළා. අනතුරුව දුක්ඛ නිරෝධ සත්‍යය විස්තර කරමින් වදාරනව ඉහත කී ත්‍රිවිධ තෘෂ්ණාව මුළුමනින් නැසීම, මුළුමනින් අත්හැර දැමීම, මුළුමනින් දුරු කිරීම, මුළුමනින් එයින් මිදීම මුළුමනින් ඒ පිළිබඳ ඇලීම දුරු කිරීම දුක්ඛ නිරෝධාර්ය සත්‍යයයි වදාළහ. දුක්ඛ නිරෝධය නම් කෙලෙස් සහිත පඤ්චස්කන්ධයාගේ චුතිය, ප්රතිසන්ධිය, නැතිවීමට දුක්ඛ නිරෝධය හෙවත් නිර්වාණය ප්රත්යක්ෂ කිරීමට හේතුවෙනව. එවිට පඤ්චස්කන්ධය නමැති දුක්ගොඩ යළි ඇතිවන්නේ නැත. අනතුරුව දුක්ඛ නිරෝධ ගාමිනි පටිපදාර්ය සත්‍යය විස්තර කරමින් බුදුරජාණන් වහන්සේ වදාරනව සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මාවාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මාසති, සම්මා සමාධිය යන ආර්ය අෂ්ටාංගික මාර්ගය බව. දුක්ඛ නිරෝධ නම් පුද්ගලයා නම් නිවන කරා පමුණුවන හා ඒ සඳහා අනුගමනය කළයුතු ප්‍රතිපත්තිය හෙයින් දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව යයි මෙය හඳුන්වනව.

නිවන් අරමුණු කොට උපදින සෝවාන් සකෘදාගාමි, අනාගාමී, අර්හත් යන ලෝකෝත්තර කුසල් සිත් සතර සමග යෙදෙන ප්‍රඥා, විතර්ක, විරති, වීර්ය, ස්මෘති, ඒකග්‍රතා යන චෛතසික හයයි. ආර්යෂ්ටාංගික මාර්ගය නම්, මෙහි විරති චෛතසික සම්මාවාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව වශයෙන් ත්‍රිවිධයි.

ප්‍රඥා, විතර්ක, වීර්ය, ස්මෘති, එකග්‍රතා යන චෛතසික අට ආර්ය අෂ්ටාංගික මාර්ගයට අයත් වේ. මෙහි දැක් වූ ප්‍රඥා චෛතසිකය සම්මාදිට්ඨියයි. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන තුන විරතියයි. සම්මා වායාමය වීර්යයයි. ස්මෘතිය සම්මා සතියයි. එකග්ගතාව සම්මා සමාධියයි. මෙහි සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, තුන සීලයයි. සම්මාවායාම, සම්මා සති, සම්මා සමාධි තුන සමාධියයි. සම්මාදිට්ඨි, සම්මා සංකප්ප යන දෙක ප්රඥාවයි. මෙසේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ත්‍රිවිධ ශික්ෂාවට අයත් වේ. නිවන අවබෝධ කරගැනීමට භාවනා කරන්නා පළමුවෙන් ශීලයෙහි පිහිටා දෙවනුව සමාධිය වඩා අවසානයෙහි විදර්ශනා වඩා ප්‍රඥාව ලැබිය යුතු යි. අනතුරුව බුදුරජාණන් වහන්සේ වදාරනව මෙසේ දුක්ඛාර්ය සත්‍යය දුක්ඛ සමුදයාර්ය සත්‍යය, දුක්ඛ නිරෝධාර්ය සත්‍යය, දුක්ඛ නිරෝධගාමිනි පටිපදාර්ය සත්‍ය යන සත්‍ය සතර මා පෙර නෑසු ධර්මයකි. ඒ පිළිබඳ නුවණැස පහළ වුණ, ඥානය පහළ වුණා, ප්‍රඥාව පහළ වුණා, විද්‍යාව පහළ වුණා, ආලෝකය පහළ වුණි. මහණෙනි, මේවායින් දුක්ඛාර්ය සත්‍යය පිරිසිඳ දත යුතු යයි පළමු නුවණ මට පහළ වුණ. අනතුරුව දුක්ඛ සමුදයාර්ය සත්‍ය ප්‍රහාන කළ යුතුය යන නුවණ පහළ වූණා. අනතුරුව දුක්ඛ නිරෝධාර්ය සත්‍යය නුවණින් ප්රත්යක්ෂ කළ යුතුය යන නුවණ පහළ වුණා. අනතුරුව දුක්ඛ නිරෝධගාමිණි පටිපදා ආර්ය සත්‍යය වැඩිය යුතුය. ප්‍රගුණ කළයුතුය. යන නුවණ පහළ වුණා. අනතුරුව මේ සත්‍ය හතරම වඩන ලදැයි යන නුවණ පහළ වුණා. මෙසේ සත්‍යඥාන, නත්ය ඥාන, කෘත ඥාන යන ත්‍රිවිධාකාරයෙන් මේවා පිළිබඳ නුවණ පහළ වුණා. මහණෙනි, චතුරාර්ය සත්‍යය වඩා නිවන් අවබෝධවන තුරු මරුන්, බඹුන්, මහණ බමුණන් දෙවි මිනිසුන් සහිත ලෝකයට මම උතුම් සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළෙමි යි පිළින නොකෙළෙමි. ප්‍රකාශ නොකළෙමියි වදාළහ. මහණෙනි, කිසියම් දවසෙක තිපරිවට්ට (එකක් තුන් ආකාර වශයෙන් දොළොස් ආකාර වූ) චතුරාර්ය සත්‍යය ඇති සැටියෙන් (යථාභූතඥානයෙන්) නුවණට වැටහුණේ ද එකල්හි මරුන්, බඹුන්, දෙවි, මිනිසුන් සහිත ලෝකයට මම උතුම් සම්බෝධිය අවබෝධ කෙළෙමි. මාගේ අර්හත් ඵලය ස්ථිරය. මේ මාගේ අන්තිම උපතයි. මට මතු භවයක් නැත. යන සිහිකටයුතු ප්රත්යවේක්ෂ ඥානය පහළ වී යයි වදාළෙමි.

ධම්මචක්ක දේශනාව නිමාවීමෙන් හිරු බැසයාමත් කොණ්ඩඤ්ඤ තවුසාණන් සොතාපත්ති ඵලයට පත්වීමත් යන කරුණු තුන එකවිටම සිදුවිය. එසේම ආයුෂ්මත් කොණ්ඩඤ්ඤ තවුසාණන්ට යම්කිසි ධර්මයක් (එනම් සත්ත්ව පුද්ගල හෝ එසේ නොවන හෝ ප්‍රත්‍යයෙන් හටගත් සියල්ලක්ම නිරුද්ධවීම ස්වාභාවිකය යන රාගාදී රජස් රහිත පහවූ දෘෂ්ටි විචිකිච්ඡා දී මළ රහිත (සක්කායදිට්ඨි, විචිකිච්චා යන සංයෝජනයන්ගෙන් තොර) සොතාපත්ති මාර්ගඥානය (දහම් ඇස) අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරුන්ට පහළ විය. (ධම්ම චක්ඛුං උදපාදී)

බුදුරදුන් ගේ මේ මංගල ධර්ම දේශනාව අසන්නට පස්වග මහණුන් හැර පැමිණ සිටියේ දසදහසක් සක්වල දෙව් බඹුන්ය. මේ දේශනාව හමාර කරත්ම භූමාටු දෙවතාවන් විසින් බුදුන් වහන්සේ විසින් බරණැස ඉසිපතනාරාමයේ දී මේ ලෝකයෙහි කිසිම ශ්‍රමණයකු, බ්‍රාහ්මණයකු, දෙවියකු, මාරයකු, බ්‍රහ්මයකු විසින් නො පැවැත්විය හැකි නිරුත්තර වූ මේ ධර්ම චක්‍රය තථාගතයන් වහන්සේ විසින් පවත්වන ලදැ’යි කියා මහ හඬින් සාධුනාද දුන්හ. එම සාධුනාදය ඇසූ චාතුර්මහා රාජිත, තාවතිංස, යාම තුසිත නිම්මාණරතී, පරනිර්මිත වසවර්ති යන සදෙව් ලෝ වැසි දෙවියෝ ද බ්‍රහ්ම කායිකාදී දෙවියෝ ද ඉහත සඳහන් ප්‍රකාශය කරමින් සාධුනාද පැවැත් වූහ. බඹලොව තෙක් මේ සාධු නාදය උස්ව හැඟෙත්ම දස දහසක් සක්වල ලෝක ධාතුව කම්පා විය. (සංකම්පි’ සම්පකම්පි’ සම්මපවෙධී) අතිශයින් කම්පාවිය. දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා අප්‍රමාණ වූ උදාර වූ ආලෝකයක් ලොව පුරා පැතුරුණි.

ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ සතුට ප්‍රකාශ කරමින් ‘කොණ්ඩඤ්ඤ’ (ඔබ) ඒකාන්තයෙන් ම චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත්තේ ය. කොණ්ඩඤ්ඤ, ඔබ ඒකාන්තයෙන්ම චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත්තේය යනුවෙන් තෙවරක් කියා තමන් වහන්සේගේ (උදානය) පී‍්‍රතිය ප්‍රකාශ කළ සේක. සිව්සස් අවබෝධ කළ පළමු ශ්‍රාවක කොණ්ඩඤ්ඤ තෙරනුවෝ එතැන් පටන් අඤ්ඤාකොණ්ඩඤ්ඤ නම් වූහ. අඤ්ඤාසි වත හො කොණ්ඩඤ්ඤො යයි බුදුහු වහන්සේ වදාළහ. ඉතිරි සිව් නමට ඒ අවස්ථාවේ මාර්ග ඵලයක් නොලැබුණත් අප්‍රමාණ දෙව සමූහයෝ මාර්ගඵල ලාභීහු වූහ.

මේ පස්වග තවුසන් හැම දෙනාම බුදුන් වහන්සේ ගෙන් ඉල්ලා සිටියා අපට ඔබවහන්සේගේ සසුනේ පැවිද්ද ලබා දෙන මෙන්. අපි ඔබවහන්සේගේ මේ ධර්මය පිළිගත්තෙමු කියා පැවිද්ද ඉල්ලා සිටියා. එවිට බුදුන් වහන්සේ ඔවුන්ගේ අතීත පුණ්‍ය මහිමය බලා පළමු වන දිනයේ කොණ්ඩඤ්ඤ තවුසාට ඒහිභික්ඛු පැවිද්ද හා උපසම්පදාව ලබා දුන්හ. ඉක්බිති දෙවන දිනයෙහි බුදුන්ගේ අනුශාසනාව ඇසූ භද්දිය හා වප්ප යන දෙනම සෝතාපත්ති ඵලයට පත්ව බුදුන්ගෙන් පැවිද්ද ඉල්වා ඒහි භික්ඛු සාමණේර පැවිද්ද හා උපසම්පදාව ලැබූහ. අනතුරුව තෙවන දිනයෙහි බුදුන්ගේ අනුශාසනාව අසා මහානාම හා අස්සජි යන දෙනම සෝවාන් ඵලයට පැමිණ බුදුන් ළඟ පැවිද්ද ඉල්ලා ඒ දෙනම ද ඒහි භික්ඛු පැවිද්ද හා උපසම්පදාව ලැබූහ. මේ කාලය තුළ මාර්ගඵලලාභී භික්ෂූන් පිඬු සිඟා වැඩ දානය ගෙනවුත් බුදුන් ප්‍රධාන හතමම එම දානය පරිභෝග කළහ. අවසානයෙහි බුදුරජාණන් වහන්සේ සොතාපන්න වූ පස්වග භික්ෂූන් අමතා අනත්ත ලක්ඛණ සූත්‍රය දෙසමින් මහණෙනි, රූප වේදනා, සඤ්ඤා සංඛාර විඤ්ඤාණ යන මේවා මාගේ නොවෙයි. මේ රූපාදිය මම නොවෙමි. මා කැමැති පරිදි මේවා පවත්වා ගන්න නොහැකිය. මේවා අනාත්මයි. සදාකාලිකව නොනැසී පවත්නේ නොවෙයි. යනුවෙන් සත්ත්වයා අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්රිලක්ෂණයින් යුක්ත බව හෙවත් යථා ස්වභාවයෙන් යුක්ත බව පෙන්නා දී රූපාදියෙහි ඇල්ම දුරු කොට ඒවා පිළිබඳ කලකිරුවා ඒවායින් මිදීම සසර දුක් නිවීමට හේතුවන බව පහදා දුන්හ. ඒ ඇසූ පස්වග මහණහු සතුටට පත්ව තෘෂ්ණා දෘෂ්ටිවලින් මිදී කෙලෙසුන්ගෙන් මිදුනහ. සියලු සත්ත්වයෝ නිවනින් සදාකාලික සැනසීම ලබත්වා.

[QUOTE="XibitZ, post: 18875376, member: 132898"] [SIZE=3][COLOR=DarkRed]දම්සක් පැවැතුම් සූත්‍ර දේශනාව “ද්වේ මේ භික්ඛවේ අන්තා පබ්බජිතෙන න සෙවී තබ්බා. යොචායං කාමෙසු කාමසුඛල්ලිකානුයොගො හීනො ගම්මො පොථුජ්ජනිකො අනරියො අනත්ථ සංහිතො. යොචායං අත්ත කිලමථානුයොගො දුක්ඛො අනරියො අනත්ථ සංහිතො. එතෙ තෙ භික්ඛවෙ උභො අන්තෙ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා චක්ඛු කරණී ඤාණකරණී, උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බාණාය සංවත්තති” [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] මහණෙනි, පැවිද්දා විසින් සේවනය නොකළයුතු අන්ත දෙකක් තියෙනව. පළමු අන්තය නම් කාමසුඛල්ලිකානු යෝගයයි. කාම සුඛයෙහි ඇලී ගැලී ඒ අනුව ක්‍රියා කිරීමයි. එය පහත් ක්‍රියාවකි. එය ග්‍රාම්‍ය (අශිෂ්ට) පුද්ගලයන්ගේ ක්‍රියාවකි. එය කෙලෙස් සහිත පුහුදුන් පුද්ගලයන්ගේ ක්‍රියාවකි. එය අනරිය හෙවත් නිර්වාණය කරා ගමන් නොකරන ක්‍රියාවකි. එය චතුරාර්ය සත්‍යාවබෝධයට බාධා කරන අනර්ථය ගෙන දෙන ක්‍රියාවකි. දෙවන අන්තය නම් අත්තකිලමථානුයෝගයයි. තම සිරුර නිසා පව් උපදිනව යි යන විශ්වාසයෙන් සිරුරට වධ දී එය දුබල කීරීමෙන් සදා සැප ලැබිය හැකිය යන දෙවන විශ්වාසයයි. [/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkRed] එයත් අනරීයයි. නිවන් මඟ නොවේ. එය වඩන්නාට යහපත පිණිස නොව අයහපත පිණිස පවතින ප්‍රතිපදාවකි. එය දුක්ඛය සහගතයි. මහණෙනි, සසර කෙලවරක් නොදකින මේ අන්ත දෙක (උභො අන්තෙ) අනුගමනය නොකරන්නැයි ඉහත සඳහන් පාඨයෙන් පස්වග තවුසන්ට බුදුන් වදාළ බව ඉහත සඳහන් දේශනා පාඨයෙන් ගම්‍ය වේ. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] “ද්වෙ මෙ භික්ඛවෙ අන්තා පබ්බජිතෙන න සේවිතබ්බා. යොචායං කාමෙසු කාම සුඛල්ලිකානු යොගො හීනො ගම්මො පොථුජ්ජනිකො අනරියො අනත්ථ සංහිතො” යො චායං අත්තකිලමථානු යොගො දුක්ඛො අනරියො අනත්ථ සංහිතො” එතෙ තෙ භික්ඛවෙ උභො අන්තෙ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගෙතන අභිසම්බුද්ධා. චක්ඛු කරණී, ඤාණකරණී, උපසමාය, අභිඤ්ඤාය, සම්බොධාය නිබ්බානය සංවත්තති” යනුවෙන් ආරම්භ කොට දේශනා කළ උන්වහන්සේගේ මංගල දේශනාව වන දම්සක් පැවැතුම් දේශනාව තමන් වහන්සේ පන්සාළිස් වසක් මුළුල්ලෙහි දේශනා කළ අසූහාරදහසක් ධර්මස්ඛන්ධය සම්පිණ්ඩනය කොට දෙසු පළමු වන අසහාය අතිශ්‍රේෂ්ඨ ධර්මදේශනාවයි. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] මෙලොව උපන් සත්ත්වයන්ට පුනර්භවයක් තවත් නැතැයි යන මිථ්‍යා දෘෂ්ටිය ගත් උච්ඡේදවාදීන්ගේ මෙලොවදී හැකිතාක් පස්කම් සැප විඳිමින් කාම සුඛයෙහි ඇලී ගැලී වාසය කොට මේ භවය අවසන්, කළයුතු ය යන උච්ඡේද දෘෂ්ටියත් එසේම යී කී පරිදි සැප ලැබීමට කැමැති නම් මේ ආත්මයට (පස් කඳට) හැකිතාක් දුක්දීමෙන් කෙලෙස් නැසිය යුතුය. යන අත්තකිලමථානු යෝගයත් යන අන්ත දෙක පැවිද්දන් විසින් බැහැර කළයුතුයයි පළමුවෙන්ම වදාරා තමන් වහන්සේ සොයාගත් මධ්‍යම ප්‍රතිපදාව එතැන් සිට විස්තරව වදාළ සේක. කම් සුවයෙහි ඇලී ගැලී විසීමි එක් අන්තයකි. එය ළාමකයි. එය ග්රාම්යයි. පුහුදුන් ජනයා විසින් අනුගමනය කරන්නකි. එය මාර්ග ඵල සෙවුනා ආර්ය පුද්ගලයන්ගේ පිළිවෙතත් නොවේ. එය අනර්ථ කරයි. එය ආධ්‍යාත්මික වශයෙන් යහපතක් ගෙනදෙන පිළිවෙතක් නොවේ. එය වස්තුකාම සහ ක්ලේශ කාම කියා දෙයාකාරයි. රූපාදී වස්තුවලට ආශාවෙන් රූපාදියේ රස විඳීමෙන් සැප විඳීම වස්තු කාමයයි. ජීවත්වනතාක් කම්සැප විඳිමින් ජීවත් විය යුතුයි කීයේ ඒ බවයි. අනෙක ක්ලේශ කාමයයි. පස්කාම වස්තු අරමුණු කරගෙන සිතේ උපදින ක්ලේශකාම පිළිබඳව සිත සිතා සතුටු වීමයි. දෙවනුව වදාළ අන්තය මේ අත්තකිලමථානුයොගයයි. කයට හෙවත් ඉන්ද්රියයන් පිනවීමේ ආශාවන්ගෙන් මැඩී ඒවා සෙවීමේදී අපමණ දුක් හටගන්නව. ඒ නිසා කෙලෙස් අඩුකරගන්න ඕන. [/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkRed] ඒ සඳහා ශරීරයට දුක් දෙන්න ඕන. සිරුරට හැකිතාක් දුක් දීල සැප ලබාගතයුතුයි යන මිථ්‍යා පිළිවෙත්හි යෙදීම අනෙක් අන්තයයි. එය කාමසුඛල්ලිකානුයොගය තරම් නරක පිළිවෙතක් නොවේ. එහෙත් එය ආර්ය (ශ්‍රේෂ්ඨ) පිළිවෙතක් නොවේ. එයත් අනර්ථ කරයි. එයත් දුකක් මෙන්ම අනරිය අනර්ථකර පිළිවෙතක් බව තව දුරටත් පෙන්නා දුන්හ. එහෙයින් මහණෙනි, මේ අන්ත දෙකම අත්හැරල මේ ප්‍රතිපත්ති දෙකින් තොර මැදුම් පිළිවෙත නුඹලා අනුගමනය කරන්නැයි වදාරළ එහි අගයද මෙසේ වදාළහ. මහණෙනි මා අවබෝධ කරගත් මැදුම් පිළිවෙත වන බෞද්ධ දර්ශන මාර්ගය චක්ඛු කරණීයයි. එනම් ප්‍රඥා චක්ෂුස ඇති කරන්නකි. ඤාණකරණීයයි. එනම් ඥානය හෙවත් නිර්වාන මාර්ගඥානය උපදවන්නකි. එයින් සියලුම කෙලෙස් සමනය කරනව. සිවුසස් දහම් උපද වනව. එසේම සිවුසස් දහම් අවබෝධ කරනව. සෘජුවම එය නිවන් අවබෝධ කර ගැනීමට උපනිශ්‍රය වෙනව. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] මහණෙනි, ඉහත කී ගුණයන්ගෙන් සමන්විත මධ්‍යම ප්‍රතිපදාව නම් කුමක්ද? යි ඇසූ උන්වහන්සේ තමන්ම එය පහදා දෙමින් මෙසේ වදාළහ. සම්මාදිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන අට තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලදැයි වදාළහ. ඉක්බිති උන්වහන්සේ චතුරාර්ය සත්‍යයට අයත් ධර්ම හතර විස්තර කරමින් “ඉදං ඛො පනභික්ඛවෙ දුක්ඛං අරිය සච්චං” සවිස්තර කරමින් මහණෙනි, ජාතිය (උපත) දුකයි. ජරාව (දිරීම) දුකයි. ව්‍යාධිය (රෝගීවීම) දුකයි. මරණය දුකයි. අප්පිය සම්පයෝගය (අපි‍්‍රය පුද්ගලයන් හා එක්ව විසීම) දුකයි. පි‍්‍රය පුද්ගලයන්ගෙන් වෙන්ව විසීම දුකයි. කැමැති දෑ නොලැබීම දුකයි. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] මේ සියල්ල ගොනුකොට සලකනවිට පඤ්චුපාදනක්ඛන්ධයම (රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන යන උපාදාන පසේම ඇතිවීම) දුකයි. ඉක්බිති බුදුන් වහන්සේ විස්තර කරනව දුක්ඛාර්ය සත්‍යය හෙවත් මාර්ග ඵලාබෝධයෙන් වටහා ගතයුතු ජාත්‍යාදී දුක්ඛාර්ය සත්‍යය ඉහත සඳහන් පරිදි දේශනා කළා. දෙවනුව දුක්ඛ සමුදය හෙවත් දුක් උපවන ආර්ය සත්‍යය දේශනා කළා. එනම් පෙර භවය හා මේ භවය සම්බන්ධ කරන නැතහොත් මේ භවයෙහි උපතාදී දුක් හට ගැනීමට හේතුවන තෘෂ්ණාව පිළිබඳව දේශනා කරමින් එය කාම, භව, විභව යනුවෙන් පුනර්භවය ඇති කරන, නන්දි නම් සත්වයා සසර බැඳ තබන රාගයෙන් (ඇලීමෙන්) යුක්ත, උපන් උපන් භවයට ආශාවෙන් සතුටු වන කාම තණ්හා (රූපාදී පඤ්චස්කන්ධය පිළිබඳ ආශාව) භව තණ්හා (සත්වයා සදාකාලිකයයි පිළිගෙන භවයට ඇති ආශාව විභව තණ්හා (සත්වයා මරණින් මතු යළි නූපදින්නේ යයි යන දෘෂ්ටිය) යන මේ ත්‍රිවිධ තෘෂ්ණාව විස්තර කළා. අනතුරුව දුක්ඛ නිරෝධ සත්‍යය විස්තර කරමින් වදාරනව ඉහත කී ත්‍රිවිධ තෘෂ්ණාව මුළුමනින් නැසීම, මුළුමනින් අත්හැර දැමීම, මුළුමනින් දුරු කිරීම, මුළුමනින් එයින් මිදීම මුළුමනින් ඒ පිළිබඳ ඇලීම දුරු කිරීම දුක්ඛ නිරෝධාර්ය සත්‍යයයි වදාළහ. දුක්ඛ නිරෝධය නම් කෙලෙස් සහිත පඤ්චස්කන්ධයාගේ චුතිය, ප්රතිසන්ධිය, නැතිවීමට දුක්ඛ නිරෝධය හෙවත් නිර්වාණය ප්රත්යක්ෂ කිරීමට හේතුවෙනව. එවිට පඤ්චස්කන්ධය නමැති දුක්ගොඩ යළි ඇතිවන්නේ නැත. අනතුරුව දුක්ඛ නිරෝධ ගාමිනි පටිපදාර්ය සත්‍යය විස්තර කරමින් බුදුරජාණන් වහන්සේ වදාරනව සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මාවාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මාසති, සම්මා සමාධිය යන ආර්ය අෂ්ටාංගික මාර්ගය බව. දුක්ඛ නිරෝධ නම් පුද්ගලයා නම් නිවන කරා පමුණුවන හා ඒ සඳහා අනුගමනය කළයුතු ප්‍රතිපත්තිය හෙයින් දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව යයි මෙය හඳුන්වනව. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] නිවන් අරමුණු කොට උපදින සෝවාන් සකෘදාගාමි, අනාගාමී, අර්හත් යන ලෝකෝත්තර කුසල් සිත් සතර සමග යෙදෙන ප්‍රඥා, විතර්ක, විරති, වීර්ය, ස්මෘති, ඒකග්‍රතා යන චෛතසික හයයි. ආර්යෂ්ටාංගික මාර්ගය නම්, මෙහි විරති චෛතසික සම්මාවාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව වශයෙන් ත්‍රිවිධයි. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]ප්‍රඥා, විතර්ක, වීර්ය, ස්මෘති, එකග්‍රතා යන චෛතසික අට ආර්ය අෂ්ටාංගික මාර්ගයට අයත් වේ. මෙහි දැක් වූ ප්‍රඥා චෛතසිකය සම්මාදිට්ඨියයි. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන තුන විරතියයි. සම්මා වායාමය වීර්යයයි. ස්මෘතිය සම්මා සතියයි. එකග්ගතාව සම්මා සමාධියයි. මෙහි සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, තුන සීලයයි. සම්මාවායාම, සම්මා සති, සම්මා සමාධි තුන සමාධියයි. සම්මාදිට්ඨි, සම්මා සංකප්ප යන දෙක ප්රඥාවයි. මෙසේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ත්‍රිවිධ ශික්ෂාවට අයත් වේ. නිවන අවබෝධ කරගැනීමට භාවනා කරන්නා පළමුවෙන් ශීලයෙහි පිහිටා දෙවනුව සමාධිය වඩා අවසානයෙහි විදර්ශනා වඩා ප්‍රඥාව ලැබිය යුතු යි. අනතුරුව බුදුරජාණන් වහන්සේ වදාරනව මෙසේ දුක්ඛාර්ය සත්‍යය දුක්ඛ සමුදයාර්ය සත්‍යය, දුක්ඛ නිරෝධාර්ය සත්‍යය, දුක්ඛ නිරෝධගාමිනි පටිපදාර්ය සත්‍ය යන සත්‍ය සතර මා පෙර නෑසු ධර්මයකි. ඒ පිළිබඳ නුවණැස පහළ වුණ, ඥානය පහළ වුණා, ප්‍රඥාව පහළ වුණා, විද්‍යාව පහළ වුණා, ආලෝකය පහළ වුණි. මහණෙනි, මේවායින් දුක්ඛාර්ය සත්‍යය පිරිසිඳ දත යුතු යයි පළමු නුවණ මට පහළ වුණ. අනතුරුව දුක්ඛ සමුදයාර්ය සත්‍ය ප්‍රහාන කළ යුතුය යන නුවණ පහළ වූණා. අනතුරුව දුක්ඛ නිරෝධාර්ය සත්‍යය නුවණින් ප්රත්යක්ෂ කළ යුතුය යන නුවණ පහළ වුණා. අනතුරුව දුක්ඛ නිරෝධගාමිණි පටිපදා ආර්ය සත්‍යය වැඩිය යුතුය. ප්‍රගුණ කළයුතුය. යන නුවණ පහළ වුණා. අනතුරුව මේ සත්‍ය හතරම වඩන ලදැයි යන නුවණ පහළ වුණා. මෙසේ සත්‍යඥාන, නත්ය ඥාන, කෘත ඥාන යන ත්‍රිවිධාකාරයෙන් මේවා පිළිබඳ නුවණ පහළ වුණා. මහණෙනි, චතුරාර්ය සත්‍යය වඩා නිවන් අවබෝධවන තුරු මරුන්, බඹුන්, මහණ බමුණන් දෙවි මිනිසුන් සහිත ලෝකයට මම උතුම් සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළෙමි යි පිළින නොකෙළෙමි. ප්‍රකාශ නොකළෙමියි වදාළහ. මහණෙනි, කිසියම් දවසෙක තිපරිවට්ට (එකක් තුන් ආකාර වශයෙන් දොළොස් ආකාර වූ) චතුරාර්ය සත්‍යය ඇති සැටියෙන් (යථාභූතඥානයෙන්) නුවණට වැටහුණේ ද එකල්හි මරුන්, බඹුන්, දෙවි, මිනිසුන් සහිත ලෝකයට මම උතුම් සම්බෝධිය අවබෝධ කෙළෙමි. මාගේ අර්හත් ඵලය ස්ථිරය. මේ මාගේ අන්තිම උපතයි. මට මතු භවයක් නැත. යන සිහිකටයුතු ප්රත්යවේක්ෂ ඥානය පහළ වී යයි වදාළෙමි. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] ධම්මචක්ක දේශනාව නිමාවීමෙන් හිරු බැසයාමත් කොණ්ඩඤ්ඤ තවුසාණන් සොතාපත්ති ඵලයට පත්වීමත් යන කරුණු තුන එකවිටම සිදුවිය. එසේම ආයුෂ්මත් කොණ්ඩඤ්ඤ තවුසාණන්ට යම්කිසි ධර්මයක් (එනම් සත්ත්ව පුද්ගල හෝ එසේ නොවන හෝ ප්‍රත්‍යයෙන් හටගත් සියල්ලක්ම නිරුද්ධවීම ස්වාභාවිකය යන රාගාදී රජස් රහිත පහවූ දෘෂ්ටි විචිකිච්ඡා දී මළ රහිත (සක්කායදිට්ඨි, විචිකිච්චා යන සංයෝජනයන්ගෙන් තොර) සොතාපත්ති මාර්ගඥානය (දහම් ඇස) අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරුන්ට පහළ විය. (ධම්ම චක්ඛුං උදපාදී) [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] බුදුරදුන් ගේ මේ මංගල ධර්ම දේශනාව අසන්නට පස්වග මහණුන් හැර පැමිණ සිටියේ දසදහසක් සක්වල දෙව් බඹුන්ය. මේ දේශනාව හමාර කරත්ම භූමාටු දෙවතාවන් විසින් බුදුන් වහන්සේ විසින් බරණැස ඉසිපතනාරාමයේ දී මේ ලෝකයෙහි කිසිම ශ්‍රමණයකු, බ්‍රාහ්මණයකු, දෙවියකු, මාරයකු, බ්‍රහ්මයකු විසින් නො පැවැත්විය හැකි නිරුත්තර වූ මේ ධර්ම චක්‍රය තථාගතයන් වහන්සේ විසින් පවත්වන ලදැ’යි කියා මහ හඬින් සාධුනාද දුන්හ. එම සාධුනාදය ඇසූ චාතුර්මහා රාජිත, තාවතිංස, යාම තුසිත නිම්මාණරතී, පරනිර්මිත වසවර්ති යන සදෙව් ලෝ වැසි දෙවියෝ ද බ්‍රහ්ම කායිකාදී දෙවියෝ ද ඉහත සඳහන් ප්‍රකාශය කරමින් සාධුනාද පැවැත් වූහ. බඹලොව තෙක් මේ සාධු නාදය උස්ව හැඟෙත්ම දස දහසක් සක්වල ලෝක ධාතුව කම්පා විය. (සංකම්පි’ සම්පකම්පි’ සම්මපවෙධී) අතිශයින් කම්පාවිය. දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා අප්‍රමාණ වූ උදාර වූ ආලෝකයක් ලොව පුරා පැතුරුණි. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ සතුට ප්‍රකාශ කරමින් ‘කොණ්ඩඤ්ඤ’ (ඔබ) ඒකාන්තයෙන් ම චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත්තේ ය. කොණ්ඩඤ්ඤ, ඔබ ඒකාන්තයෙන්ම චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත්තේය යනුවෙන් තෙවරක් කියා තමන් වහන්සේගේ (උදානය) පී‍්‍රතිය ප්‍රකාශ කළ සේක. සිව්සස් අවබෝධ කළ පළමු ශ්‍රාවක කොණ්ඩඤ්ඤ තෙරනුවෝ එතැන් පටන් අඤ්ඤාකොණ්ඩඤ්ඤ නම් වූහ. අඤ්ඤාසි වත හො කොණ්ඩඤ්ඤො යයි බුදුහු වහන්සේ වදාළහ. ඉතිරි සිව් නමට ඒ අවස්ථාවේ මාර්ග ඵලයක් නොලැබුණත් අප්‍රමාණ දෙව සමූහයෝ මාර්ගඵල ලාභීහු වූහ. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] මේ පස්වග තවුසන් හැම දෙනාම බුදුන් වහන්සේ ගෙන් ඉල්ලා සිටියා අපට ඔබවහන්සේගේ සසුනේ පැවිද්ද ලබා දෙන මෙන්. අපි ඔබවහන්සේගේ මේ ධර්මය පිළිගත්තෙමු කියා පැවිද්ද ඉල්ලා සිටියා. එවිට බුදුන් වහන්සේ ඔවුන්ගේ අතීත පුණ්‍ය මහිමය බලා පළමු වන දිනයේ කොණ්ඩඤ්ඤ තවුසාට ඒහිභික්ඛු පැවිද්ද හා උපසම්පදාව ලබා දුන්හ. ඉක්බිති දෙවන දිනයෙහි බුදුන්ගේ අනුශාසනාව ඇසූ භද්දිය හා වප්ප යන දෙනම සෝතාපත්ති ඵලයට පත්ව බුදුන්ගෙන් පැවිද්ද ඉල්වා ඒහි භික්ඛු සාමණේර පැවිද්ද හා උපසම්පදාව ලැබූහ. අනතුරුව තෙවන දිනයෙහි බුදුන්ගේ අනුශාසනාව අසා මහානාම හා අස්සජි යන දෙනම සෝවාන් ඵලයට පැමිණ බුදුන් ළඟ පැවිද්ද ඉල්ලා ඒ දෙනම ද ඒහි භික්ඛු පැවිද්ද හා උපසම්පදාව ලැබූහ. මේ කාලය තුළ මාර්ගඵලලාභී භික්ෂූන් පිඬු සිඟා වැඩ දානය ගෙනවුත් බුදුන් ප්‍රධාන හතමම එම දානය පරිභෝග කළහ. අවසානයෙහි බුදුරජාණන් වහන්සේ සොතාපන්න වූ පස්වග භික්ෂූන් අමතා අනත්ත ලක්ඛණ සූත්‍රය දෙසමින් මහණෙනි, රූප වේදනා, සඤ්ඤා සංඛාර විඤ්ඤාණ යන මේවා මාගේ නොවෙයි. මේ රූපාදිය මම නොවෙමි. මා කැමැති පරිදි මේවා පවත්වා ගන්න නොහැකිය. මේවා අනාත්මයි. සදාකාලිකව නොනැසී පවත්නේ නොවෙයි. යනුවෙන් සත්ත්වයා අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්රිලක්ෂණයින් යුක්ත බව හෙවත් යථා ස්වභාවයෙන් යුක්ත බව පෙන්නා දී රූපාදියෙහි ඇල්ම දුරු කොට ඒවා පිළිබඳ කලකිරුවා ඒවායින් මිදීම සසර දුක් නිවීමට හේතුවන බව පහදා දුන්හ. ඒ ඇසූ පස්වග මහණහු සතුටට පත්ව තෘෂ්ණා දෘෂ්ටිවලින් මිදී කෙලෙසුන්ගෙන් මිදුනහ. සියලු සත්ත්වයෝ නිවනින් සදාකාලික සැනසීම ලබත්වා. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom