ඇමරිකාවේ සහ කැනඩාවේ සිලෝන් [Ceylon] යයි කියන ප්‍&#35

hiranlahiru2015

Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    ඇමරිකාවේ සහ කැනඩාවේ සිලෝන් [Ceylon] යයි කියන ප්‍&#35

    ඇමරිකාවේ සහ කැනඩාවේ සිලෝන් [Ceylon] යයි කියන ප්‍රදේශ!
    attachment.php

    සිලෝන් [Ceylon] යයි නම් කල ප්‍රදේශ, මිනසෝටා, පෙන්සිල්වේනියා, ඔහියෝ, සහ ඉන්දියානා හී ඇත. මිනසෝටා හී මේ සිලෝන් නම ඇති ප්‍රදේශයේ තැපැල් අංකය, සිප් අංකය ZIP Code 56121 වේ.

    වෝල්ටර් මොන්ඩේල් [Walter Mondale ] යන ඇමරිකානු උප ජනාධිපති 1928 වසරේ ඉපදුනේ සිලෝන් මිනසෝටා යන ප්‍රදේශයේ විය. 1899 වසරේ මේ ප්‍රදේශය එනමින් නම් කරන ලදී. ඒ වසරේ සිට තැපැල් කන්තෝරුව එම නමින් ක්‍රියාත්මක වේ. සම්පූර්ණ ප්‍රදේශය වර්ග කිලෝ මීටර් 1.68ක්. 2010 වසරේ එහි මිනිසුන් 369 දෙනෙක් සිටි පවුල් 100ක්, සහ නිවාස 153 ක් ඇත. විශාල ‘පිළිගැනීමේ පූවරුව’ දැකීම සතුටකි.

    එහි බැංකුවක්ද ඇත.

    පෙන්සිල්වේනියා ජනපදයේ Green County, යන පළාතේ ඇති ‘සිලෝන්’ ප්‍රදේශයේ සිප් කෝඩ් එක 15320 වේ. එය 1893 වසර තෙක් පැරණි බව කියැවේ. එහි සිටින කෙනෙක් ඉඩමක් විකුණන බවට පෙන්වා තිබූ දැන්වීමක් විය. එය අක්කර 15 කි. එහි මිළ නියම කර තිබුනේ ඩොලර් 52,000 කටය. මේ ඉඩමේ අයිතිකරු, එම පලාතට මේ ‘සිලෝන්’ යන නාමය පැමිණියේ කොහෙන්ද, කෙසේදැයි නොදනී.

    ඔහියෝ ප්‍රාන්තයේ ඇති සිලෝන් ග්‍රාමයේ සිප් කෝඩ් එක වන්නේ 44839 යයි. මේ ප්‍රදේශයට යාමට ඇති පාරේ නමද Ceylon Road (Route OH-61) වේ. එහි BERLIN TWP. FIRE DEPT. CEYLON STA. සේ ගොඩනැගිල්ලක් ඇත.

    ඉන්දියානා ප්‍රාන්තයේ ඇති සිලෝන් ග්‍රාමයේ සිප් කෝඩ් එක 46740 වේ. නමුත් මේ සිලෝන් යන නම එහි භාවිතා කරන්නේ ඕලන්ද ආකාරයකටය. එනම් “Ceilon” ලෙසිණි. 1873 වසරේ දොස්තර බී. බී. ස්නෝ මහතා මේ නම මෙම ප්‍රදේශයට දුන්නාක් මෙන් පෙනේ. එහි මෝල් සහ ස්ටෝරු තිබිණ. මේ සිලෝන් ගම්මානය ඇත්තේ ස්විස්ටර්ලන්තයේ නගර දෙකක් වන ‘බර්න්’ [Berne] සහ ‘ජිනීවා’ [Geneva] අනුස්මරණය කිරීමට එම නම් වලින් ස්ථාපිත කර ඇති ගම් දෙක අතරය. මෙහි ඇති ‘සිලෝන්’ සේ නම් කර ඇති, වහළයක් ඇති ලී පාලම විශේෂ දර්ශනයකි.

    ඒ පාලම හරහා වැටෙන මාර්ගය “Lover’s lane” සේ හඳුන්වා දී ඇති නාම පූවරුවක් ඇත.

    කැනඩාවේ මේ ‘සිලෝන්’ යන ග්‍රාම නාම ඇත්තේ Saskatchewan යන ප්‍රදේශයේ වේ. එහි 90 දෙනෙක් ජීවත් වෙති. 1910 වසරේ තනන ලද රේල් පාර මේ පළාතට මිනිසුන් පැමිණීමට හේත්වක් වෙන්නට ඇත. 1912 වසරේ හෝටලයක් ඉදි කර ඇත. 1922 වසරේ සැප්තැම්බර් 27 දින වූ බැංකු මංකොල්ලය නිසා මේ පළාත තවත් ප්‍රසිද්ධ වී ඇත. ඒ මන්කොල්ලයෙන් ඩොලර් 16,000 ක් වටිනා මුදල් සහ වෙනත් දේ කොල්ල කන ලදී.

    මේ කැනඩාවේ ඇති සිලෝන් ගම්මානය වෙළඳ මධ්‍යස්ථානයක් සේ පැවතී ඇත. එහි ආර්ථිකය ස්වභාවික වායු සහ තෙල් වලට සම්බන්දව තිබුණු බවක් පෙනේ. එසේ ‘සිලෝන්’ නමක් වැටෙන්නට හේතුව කුමක්දැයි යන්න අදත් ප්‍රෙහෙලිකාවක් වුවද, එනම දමා ඇත්තේ එකල තැපැල් ස්ථානාධිපති කෙනෙක්වූ ජෝන් ඇල්ඩර්ඩ් මහතා විසිනි.

    මේ ගම්මානය පසුබෑමකට ලක් වූයේ 1914 සිට 1918 කාලයේ සිදු වූ පළවන ලෝක මහා යුද්ධයට ගමෙන් ගිය තරුණ කොටස් කිසිදා එහි නැවත නොපැමිණිය හෙයිණි. එහෙත් ඒ තරුණ පිරිස් අනුස්මරණය කිරීමට ගම්මානයේ ඔවුන්ගේ නමින් පූවරුවක් තනා ඇත.

    ලිපියට දත්ත සැපයීමේ අනුග්‍රහය : කර්නල් අනිල් අමරසේකර මහතා, තාරකා විද්‍යාඥ කාවන් රණතුංග මහතා.


    Ref lalithkrunaratna
     

    Attachments

    • ei.jpg
      ei.jpg
      20.8 KB · Views: 230
    • Like
    Reactions: Ithika mithika

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    සිලෝන් තේ කෝච්චියේ ගෙනියපු කතාවක් තියනවා. ඒ ස්ටොප් එක සිලෝන් උනා කියලත් කියනවා. කොහොම උනත් ලංකාව ආශ්‍රිතව සිලෝන් නම ගියා මිසක්, සිලෝන් කියන්නේ ලංකාව මත හැදුනු නමක් නෙමෙයි.. ලංකාවට සුද්දා දුන්නු නම. ලංකාවේ බුරු නායකයෝ සිලෝන් ශ්‍රී ලංකා කරලා ලොකු වෙළදපොල වටිනාකමක් තිබ්බ බ්‍රෑන්ඩ් එකක් අහිමිකරගත්තා.
     
    • Like
    Reactions: hiranlahiru2015

    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    සිලෝන් තේ කෝච්චියේ ගෙනියපු කතාවක් තියනවා. ඒ ස්ටොප් එක සිලෝන් උනා කියලත් කියනවා. කොහොම උනත් ලංකාව ආශ්‍රිතව සිලෝන් නම ගියා මිසක්, සිලෝන් කියන්නේ ලංකාව මත හැදුනු නමක් නෙමෙයි.. ලංකාවට සුද්දා දුන්නු නම. ලංකාවේ බුරු නායකයෝ සිලෝන් ශ්‍රී ලංකා කරලා ලොකු වෙළදපොල වටිනාකමක් තිබ්බ බ්‍රෑන්ඩ් එකක් අහිමිකරගත්තා.


    Sira kathawa machan :(
    kalakanni eka nethi karagaththa.. wedak ganna thibba deyak santhi karagaththa
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,051
    35,986
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සිලෝන් තේ කෝච්චියේ ගෙනියපු කතාවක් තියනවා. ඒ ස්ටොප් එක සිලෝන් උනා කියලත් කියනවා. කොහොම උනත් ලංකාව ආශ්‍රිතව සිලෝන් නම ගියා මිසක්, සිලෝන් කියන්නේ ලංකාව මත හැදුනු නමක් නෙමෙයි.. ලංකාවට සුද්දා දුන්නු නම. ලංකාවේ බුරු නායකයෝ සිලෝන් ශ්‍රී ලංකා කරලා ලොකු වෙළදපොල වටිනාකමක් තිබ්බ බ්‍රෑන්ඩ් එකක් අහිමිකරගත්තා.

    Peraaaa sira katawa eka nam
    Mamat oya nama use karanawa tanaka mage name eka wenuwata
     
    • Like
    Reactions: hiranlahiru2015

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,798
    1,309
    113
    Mars
    ඔය ceylon කියන්නෙ Sinhalese land කියන වචනයෙන් ආපු එකක්නෙ, එක සහජීවනයට බාධාවක් නිසා නම සිංහලයන් විසින්ම වෙනස් කර ගත්තා. LOL
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    Malaysia walath innwa set ekak

    Ceylonese kiayala

    E aya 1948 pera ceylon walin malaysia walata giya aya

    sri lanakans kiyana namata e aya agree wenne na. eyalawa introduce karaganne ceyonese kiyala
     
    Last edited:
    • Like
    Reactions: hiranlahiru2015

    Similar threads