ඇමරිකාවේ සිරිත ඔහොම නොවේ
ඇමරිකාවේ සිරිත ඔහොම නොවේ
Written by ජනක Sunday, 17 January 2010 03:36 Top Lanka News ජනවාරි 16
ඇමරිකාවේ මනුෂ්‍යයන් අතර බොහෝ ගුණධර්ම පවතී. පුද්ගලයාට ගෞරව කිරීම මේ සමාජයේ කැපි පෙනෙන දෙයකි. පුද්ගලයා නම කියා ආමන්ත්‍රණය කිරිම මේ රටේ සම්ප්රදාය නමුත් ඕනෑම පුද්ගලයෙකුට වයස තරාතිරම තනතුර ජාතිය නොබලා මහත්මයා( සර් 0 හෝ (මෑම් )මහත්මිය යන වචනයෙන් ඇමතීම මෙහි සිරිතයි.
ඇමරිකාවේ පුරවැසියෙක්විමට ලොල්ව කටයුතු කළ කලින්කලට ඇවිත් ඇමරිකාවේ නැවතී ඉද ආපසු ගිය ජෙනරාල් ෆොන්සේකාට ඇමරිකාවට උරුම, හොද සිරිත හසුවි නැත. ඔහු සාකච්ඡාවලදී ,ප්‍රසිද්ධ වේදිකාවේදී ඉතාම ගොරහැඩි භාෂාවක් භාවිතා කරයි. තමන්ව විවේචනය කරන්නන්ට ඌ, මු ,පරයා කලවැද්දා, පාහරයා, ඒක, මේක ආදී වශයෙන් ශිෂ්ඨ සමාජයේ භාවිතා නොවෙන වචනම යොදා ගනී. දාස් ගණන් මහජනයා ඉදිරියේ මහ සභාවල මෙවැනි වචන භාවිතා කිරිම ඔහු සිතා මතා කරන දෙයක් නොවන බව පෙනේ.
සිංහල සමාජය බොහෝම ශිෂ්ඨ සමාජයකි. අපේ ගුරුවරු උගන්වන ගුණධර්ම අතර විනීත කතාවද එකකි. එමනිසා ත්රාඩයන් හැර විනීත පුද්ගලයෝ අවිනිත වචන ප්‍රසිද්ධ සභාවල තියා සාමාන්‍ය එදිනෙදා ජීවිතයේදීත් හෝ භාවිතා නොකරති. එහෙම නම් සරත් ෆොන්සේකා කැත භාෂාවෙන් කතා කරන්ඩ පුරුදුවුයේ කොහොමද? මෙවැන්නෙක් රාජ්‍ය නායකයෙක් වුනොත් රටට යන කළ දවස කුමක්ද?
Comments
ඇමරිකාවේ සිරිත ඔහොම නොවේ
Written by ජනක Sunday, 17 January 2010 03:36 Top Lanka News ජනවාරි 16ඇමරිකාවේ මනුෂ්‍යයන් අතර බොහෝ ගුණධර්ම පවතී. පුද්ගලයාට ගෞරව කිරීම මේ සමාජයේ කැපි පෙනෙන දෙයකි. පුද්ගලයා නම කියා ආමන්ත්‍රණය කිරිම මේ රටේ සම්ප්රදාය නමුත් ඕනෑම පුද්ගලයෙකුට වයස තරාතිරම තනතුර ජාතිය නොබලා මහත්මයා( සර් 0 හෝ (මෑම් )මහත්මිය යන වචනයෙන් ඇමතීම මෙහි සිරිතයි.