ඇමරිකාව ඉල්ලන් කයිද

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,184
    17,113
    113
    ඇමරිකාව ඉල්ලන් කයිද

    අමෙරිකාවේ පියාසර ශක්තිය හීන කරන රුසියානු මෙහෙයුම දියත් කරයි


    ඇමරිකානු සමාගම් වලට ගුවන් යානා නිපදවීමට ගන්නා ලෝහ, න්‍යෂ්ටික අමුද්‍රව්‍යන් හා අභ්‍යවකාශ යානා සදහා අවශ්‍ය කරන එංජින් විකිණීම අත්හිටුවිම සදහා වන නව නීති ගෙන ඒමට රුසියානු නීති සම්පාදකයින් පියවර ගනිම්න් සිටිනවා.

    පසුගිය කාලය තුල අමෙරිකාව විසින් රුසියානු බැංකු සහ සමාගම් වලට එරෙහිව සම්බාධක පනවන බවට ප්‍රකාශ කිරිමත් සමගම රුසියාව විසින් මෙම පියවර ගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

    නව පනත් කෙටුම්පත මැයි 15 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට රුසියානු නීති ව්ශාරදයින් මේ වන විට සියලු කටයුතු සුදානම් කර අවසන් බවයි වාර්තා වන්නේ.

    මෙම පනත පාර්ලිමෙන්තුවේදි සම්මත වුවාට පසුව එය බලාත්මක කිරිම සදහා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හට ඉදිරිපත් කිරිමට නියමිතයි.

    කෙසේ වුවත් යෝජිත නව පණත පිලිබදව ජනාධිපති පුටින්ගේ පාලන තන්ත්‍රය විසින් මේ වන විටත් අධ්‍යනය කරමින් සිටින බව ක්‍රමිලිනයේ ප්‍රකාශක දොම්පීස් පෙසොක් විදෙස් මාධ්‍ය වෙත සදහන් කර සිටියා.

    මෙම නීතිය සම්මත වුවහොත් රුසියාව විසින් අමෙරිකාවට සපයනු ලබන පහත සදහන් ප්‍රධාන ලයිස්තුගත භාණ්ඩ මත සම්බාධක පැනවෙනු ඇති බවට වාර්තා වනවා.

    ඒ අනුව,

    1). ගුවන් යානා නිෂ්පාදනය කිරිමට යොදා ගනු ලබන "ටයිටේනියම්" අමෙරිකාවට ලබා දිම තහනම් කිරිම.

    දැනට ලොව විශාලතම "ටයිටේනියම්" නිෂ්පාදකයා වන්නේ රුසියානු රජයට හිම්කම් කියන VSMPO-Avisama සමාගමයි.

    අමෙරිකාවේ සුප්‍රසිද්ධ ගුවන් යානා නිෂ්පාදකයින් වන බෝයිංන් සමාගමේ සේවාවන් සදහා අවශ්‍ය කරනු ලබන ටයිටේනියමි අවශ්‍යතාවයෙන් 35%ක් රුසියාව විසින් සපයනු ලබන අතර වසර 2022 දක්වා මෙම සමාගම් දෙක අතර වෙළද ගිවිසුමක්ද පවතිනවා.

    ඇතිව තිබෙන අර්බුධකාරි වතාවරණය සම්බන්ධයෙන් තම සමාගම දැනුවත් බවත් ඒ පිළිබදව නිරික්ෂණය කරමින් සිටින බව බෝයිංන් සමාගම පවසනවා.

    2). අමෙරිකානු නාසා ආයතනයට සහ එරට ආරක්ෂක අංශ සදහා තොරතුරු ලබා ගැනිම සදහා අභ්‍යවකාශ ගත කරන රොකට් සදහා අවශ්‍ය කරනු ලබන එංන්ජින් ලබා දිම නතර කිරීමට පියවර ගනු ඇත.

    අමෙරිකාවේ අභ්‍යවකාශ මෙහෙයුම් සදහා භාවිතා කරනු ලබන රොකට් සදහා යොදා ගනු ලබන RD-180 thrust රොකට් එන්ජින් සපයනු ලබන්නේ රුසියාවේ Atlas V rockets සමාගමයි. ඔවුන් එම එන්ජින් සැපයීම නතර කලහොත් ඉදිරියේදි අමෙරිකානු අභ්‍යවකාශ පර්යේෂණයන් හා දත්ත රැස්කිරීමේ ක්‍රමඋපායන් සඳහා එය මරු පහරක් වන බවයි විචාරකයින් පවසන්නේ

    3). යුරේනියම් සැපයිම තහනම් කිරිම.

    අමෙරිකාවේ විදුලි සැපයුමෙන් 20% ක් ජනනය කරනු ලබන්නේ නයෂ්ටික බලාගාරයන් හරහායි. ඒ සදහා භාවිතා කරන යුරේනියම් සැපයුම්කරුවන් ගෙන් මුල් පෙලේ සිටින්නේ රුසියාවයි. රුසියාව යම් හෙයකින් එවැනි තීරණයකට එලැබූනහොත් අමෙරිකාවට තවත් ගැටළුවකට මුහුණදීමට සිදුවනවා.

    මේ අතර රුසියාවට එරෙහිව නව සම්බාධක පැනවිමට කටයුතු කරන බවට පසුගියදා අමෙරිකාව කියා සිටියත් එම නියෝගයන්ට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙතෙක් අත්සන් තබා නොමැති බව එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා.



    දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන් (නෙත් නිව්ස්)
     

    niko44

    Junior member
  • Dec 20, 2015
    229
    22
    18
    බලනකොට මුන් දෙගොල්ලෝ බොරුවටද මන්දා රැනඩු වෙන්නේ
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මේ වගේ දේවල් දකිද්දී හෝම්ලෑන්ඩ්මයි මතක් වෙන්නේ :cool:
    මුන් දෙගොල්ලෝන්ගෙන් එකෙක්වත් විශ්වාස කරන්න බෑ.
    :no:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    මට බය ඔය අස්සේ අපේ උන්නැහේ දෙපැත්තෙන්ම ගේම ඉල්ලයි ද කියල ?
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    ටයිටේනියම් , යුරේනියම් ගන්න පුළුවන් රටක් ඕකුන් මුදා ගන්න යයි බන් :lol:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මේ වැඩෙන් රුසියාවෙ ආර්ථිකයට කොච්චර බලපෑම් වෙයිද කියල නොහිතෙන්න උන් ගොන්නුද බන්... :lol:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,299
    1
    13,205
    113
    Gotham City
    බලනකොට මුන් දෙගොල්ලෝ බොරුවටද මන්දා රැනඩු වෙන්නේ


    මන් හිතුවා කලින් ට්‍රම්ප් නටපු විදියට උතුරු කොරියාව ෆ්ලැට් කරාවි කියලා. කොහෙද ?
    මෙලො හු*තක් උනෙ නැහැ
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගහන්න ගහන්න ඉවසගෙන ඉන්න තරම් සොන්නයෝ නෑ වගේ රුසියාවෙ
     

    Similar threads