ජර්මනිය විසින් සංග්රාම ලෝකයට දෙන ලද නපුරු ත්‍යාග දෙකක් තිබේ. එයින් දෙවැන්න වන බිස්මාක් යුද්ධ නැව දෙවන ලෝක යුද්ධයේදී අකල් මරණයකට ගොදුරු විය.
පළමුවැන්න වූ කලී පළමු වන ලෝක යුද්ධයේදී සාදන ලද ඇම්ඩන් නමැති මගී නැව ය.
මේ නැව ආශ්රයෙන් සිංහල සහ මලයාලි භාෂා දෙකට "ඇම්ඩන්" නමැති වචනය එකතු විය. සියලු කපටිකම් සහ ජය ගැනීමට නොහැකි දුෂ්කර පුද්ගලයන්ට "මාර ඇම්ඩන් කෙනෙක්" යෑයි කියනු ලැබේ. සිංහල සහ මලයාලි අව්‍යක්ත ව්‍යවහාරය තුළ ඇම්ඩන් වචනයට සමාන තේරුම් ඇත. ඇම්ඩන් නැවට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සමග සම්බන්ධකම් ඇත.
පළමුවැන්න වූ කලී පළමු වන ලෝක යුද්ධයේදී සාදන ලද ඇම්ඩන් නමැති මගී නැව ය.
මේ නැව ආශ්රයෙන් සිංහල සහ මලයාලි භාෂා දෙකට "ඇම්ඩන්" නමැති වචනය එකතු විය. සියලු කපටිකම් සහ ජය ගැනීමට නොහැකි දුෂ්කර පුද්ගලයන්ට "මාර ඇම්ඩන් කෙනෙක්" යෑයි කියනු ලැබේ. සිංහල සහ මලයාලි අව්‍යක්ත ව්‍යවහාරය තුළ ඇම්ඩන් වචනයට සමාන තේරුම් ඇත. ඇම්ඩන් නැවට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සමග සම්බන්ධකම් ඇත.
මේ කතාව පටන් ගන්නේ 1914 අගෝස්තු 30 වැනිදා ඇම්ඩන් මගී නැව, බ්‍රිතාන්‍ය සහ චීන හමුදාවල නාවික හමුදා සංත්රාසයට පත් කිරීම සඳහා ඉන්දියානු සාගරයට පිවිසීමත් සමගය. මේ වූ කලී සියලු රටවල නැව් නිසා ඉන්දියන් සාගරයේ නාවික තදබදයක් ඇතිව තිබූ කාලයයි. ඒ වන විටත් දෙවන ලෝක සංග්‍රාමය ඇතිවීමට අවශ්‍ය ප්‍රකෝප කිරීම් ජර්මනිය විසින් අනෙක් රටවල් තුළ ඇති කර තිබිණ. මේ අනුව 1914 අගෝස්තු 4 වැනිදා බ්‍රිතාන්‍යය, ජර්මනියට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කළේය. ඇම්ඩන් නැව ඉන්දියානු සාගරයට එන්නේ ජර්මානුවන්ට ඉන්දියානු සාගරය අනෙක් නැව්වලින් නිදහස් කර දීමට ය.
එය ටොන් 3650 ක් බරය. බලසම්පන්න තුවක්කු හතරකින් සමන්විත වූ එය පැයට නාවුක සැතපුම් 25 ක වේගයෙන් ගමන් කළේය. සාමාන්‍යයෙන් එකල තිබූ සියලු වෙළඳ නැව් නාවුක සැතපුම් 25 වේගයට අඩුය. එබැවින් ඇම්ඩන්ට ඕනෑම වෙළෙඳ නැවක් පසුකර යැමට හැකි විය.
එය ටොන් 3650 ක් බරය. බලසම්පන්න තුවක්කු හතරකින් සමන්විත වූ එය පැයට නාවුක සැතපුම් 25 ක වේගයෙන් ගමන් කළේය. සාමාන්‍යයෙන් එකල තිබූ සියලු වෙළඳ නැව් නාවුක සැතපුම් 25 වේගයට අඩුය. එබැවින් ඇම්ඩන්ට ඕනෑම වෙළෙඳ නැවක් පසුකර යැමට හැකි විය.
නැවේ කපිතාන්වරයා වූයේ කාල් වොන් මුලර් ය.
සාගරයේදී වෙස්වලාගත් ඇම්ඩන් එසේ කළ ලොව පළමු නැව වෙයි. ඒ වෙස් වලාගැනීම කරන්නේ මෙසේය. සාමාන්‍යයෙන් බ්‍රිතාන්‍යයට අයත් වෙළෙඳ නැව් සියල්ලේම ප්‍රධාන දුම්බට 4 ක් විය. ඇම්ඩන් නැවට සහ සෙසු ජර්මන් නැව්වලට තිබුණේ දුම්බට 3 කි. මේ අනුව කැන්වස් සහ ලී වලින් සකස් කළ ව්‍යාජ දුම්බටයක් තම නැවට සවි කළ කපිතන් මූලර් සාගරය මැදදී බ්‍රිතාන්‍ය නැවක් සේ පෙනී සිටියේය.
ඇම්ඩන් පසු පසින් එන විට එය ජර්මන් යුද නැවක් බව කිසිදු බ්‍රිතාන්‍ය නැවක් දැන සිටියේ නැත.
මෙසේ සාගරය හරහා වේගයෙන් ගිය "ඇම්ඩන්" මුල් දින හය තුළදී බ්‍රිතාන්‍ය වෙළෙඳනැව් දෙකක් ගිල්වා දමා ඉන්දියානු සාගරය හරහා බ්‍රිතාන්‍ය හිතවාදී රටවලට ආහාර වර්ග සහ වෙනත් සැපයුම් යැවීම අඩාල කළේය.
මාසයක් ගතවන විට වෙළෙඳ නැව් 11 ක් ගිල්ලවීමට ඇම්ඩන්ට හැකි විය. ඒ වන විට ඇම්ඩන් ගිල්වූ නැව් මුළු ගණනෙහි ශුද්ධ බර ටොන් 50000 කි.
මේ නිසා නැව් හිමියන් රක්ෂණ වන්දි ලබාගැනීම සඳහා රක්ෂණ සමාගම් සමග වෙනම යුද්ධයක් කළේය. ආසියාකරයේ වරායවලින් නැව් පිටත් කිරීම වහාම නවත්වන ලදි. ඉන්දියන් සාගරය ජර්මන් නැව් පමණක් ගමන් කළ කාන්තාරයක් විය.
කපිතාන් කාල් මුලර් යුද්ධ කළේ අමුතු ආකාරයකට ය. ඔහු මුලින්ම බ්‍රිතාන්‍ය වෙළෙඳ නැවක් පසුපස හඹාගෙන යයි. ඇම්ඩන් නැවේ ඇති හතරවන ව්‍යාජ දුම්බටය නිසා රැවටෙන බ්‍රිතාන්‍ය නැව් ඇම්ඩන් තම සහෝදර නැවක් සේ සලකා ආචාර වෙඩිල්ලක් තබයි. එවිට ඇම්ඩන් එම නැවට වෙඩි මුරයක්ම තබා නවත්වන ලෙස නැවට අණකර එහි කාර්ය මණ්ඩලය තම නැවට ගනී. අනතුරුව බ්‍රිතාන්‍ය නැව ගිල්වා දමයි. නැව ගිල්වීමට පළමු කාර්ය මණ්ඩලය බේරා ගැනීම යුද්ධයේදී උතුම් ක්‍රියාවක් සේ සලකන ලදි.
1914 සැප්තැම්බර් 22 වැනිදා වන විට බ්‍රිතාන්‍ය යුද නැව් 14 ක් ඇම්ඩන් සොයමින් ඉන්දියන් සාගරය පුරා ගමන් කරමින් සිටියේය. ඒ අතර "ඇම්ඩන් හිමින් සීරුවේ මදුරාසි වරායට (අද චෙන්නායි) ළං විය. කපිතාන් මුලර්ගේ අරමුණ වූයේ මදුරාසි වරාය අසල ඉදිකර තිබූ, නැව්වලට තෙල් සපයන යෝධ ටැංකි සමූහය විනාශ කිරීමය. ඇම්ඩන් නැවේ තුවක්කුවලින් තබන ලද වෙඩි පහර 125 කින් තෙල් ටැංකි දෙකක ඝනකම් යකඩ තහඩු ඉරා දමන ලදි. ඒ දෙක ගිනිගෙන පුපුරා ගිය අතර තවත් ටැංකි කිහිපයකට ද ගිනි ඇවිළිණි. මදුරාසි වරායේ බ්‍රිතාන්‍ය ආරක්ෂක හමුදාව හිතන්නටත් පෙර ඇම්ඩන් අතුරුදන් විය. පිපිරීම නිසා බියපත් මදුරාසි වැසියෝ නගරය අත්හැර දමා පලා යන්නට පටන් ගත්හ. සාමාන්‍ය ජර්මන් මගී නැවක් යුද නැවක් සේ ක්‍රියා කරමින් කළ විනාශය ඉතා විශාල විය.
මේ සිද්ධියෙන් පසු ඇම්ඩන් ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ ආශ්‍රිතව හැසිරෙන බවට ආරංචි පැතිරෙන්නට විය. මේ නිසා එවකට ශ්‍රී ලංකාව පාලනය කළ බ්‍රිතාන්‍ය ආණ්ඩුව වෙරළාසන්න නිවාසවල පහන් රාත්‍රී කාලයේදී නිවා තබන ලෙස නියෝග කළේය. මේ වන විට යාල වනෝද්‍යානයේ භාරකරු ලෙස සිටියේ බෝයර් යුද්ධයේ සිරකරුවකු වූ එංගල් බ්‍රෙක්ට් ය.
බැද්දේගම නවකතාව ලියූ සුප්‍රකට ලෙනාඩ් වුල්ෆ්ගේ ද මිතුරකු වූ බ්‍රෙක්ට් ඕලන්ද ජර්මන් සම්භවයක් ඇත්තෙකි. ඇම්ඩන් නැවියන් යාල වෙරළට විත් එංගල් බ්‍රෙක්ට් හමුවන බවත් ඔහු ඔවුන්ට මස් සඳහා අවශ්‍ය හරකුන් සපයන බවත් බ්‍රිතාන්‍ය ආණ්ඩුව සැක කළේය. ඒ අතර යාල වනයේ තිබී ෂැම්පේන් හිස් බෝතල් කිහිපයක්ද හමු විය. "ඇම්ඩන්" සමඟ රහසේ කටයුතු කරන සංවිධානයක් ලංකාවේ ඇති බවටද කටකතා පැතිර ගියේය. මේ කතා සැබෑ හැටියට ගත් බ්‍රිතාන්‍ය ආණ්ඩුව එංගල් බ්‍රෙක්ට් ගැන පරීක්ෂණයක් අරඹන ලදි. ඔහු අත්අඩංගුවට ගත් ලංකාවේ බ්‍රිතාන්‍ය රජය නුවර පිහිටි රැඳවුම් කඳවුරට ඔහු ගෙන ගොස් සිරකුටියක දමන ලදි. තමා නිවැරැදිකරුවකු බව කියා සිටි එංගල්බ්‍රෙක්ට් සිරඇඳුම් ඇඳීම ප්‍රතික්ෂේප කර එම ඇඳුම් ගෙනා නිලධාරියා පසෙකට තල්ලු කර තුන් මාසයක්ම හිරගෙදර නිරුවතින් සිටියේය. සාක්ෂි මදිකමින් තුන් මාසයකට පසු නිදහස් වුවද, ආපසු යාලට ගිය විට තමන් සතු සියලු දේ සොරුන් පැහැරගෙන ඇති බව දුටු එංගල් බ්‍රෙක්ට් මහත් ශෝකයෙන් බීමට ඇබ්බැහි වී මළේය. වසර 17 කට පසු, ඔහු ඇම්ඩන්ට උදව් නොකළ බව ඔප්පු විය.
මේ අතර ඇම්ඩන්ගේ අවසානය සොයා බලමු. 1914 නොවැම්බර් 09 වැනිදා ඔස්ටේලියාවට අයත් සිඩ්නි නෞකාව ඇම්ඩන්ට හමු විය. මුහුණට මුහුණ ලා කළ සටනකින් පසු සිඩ්නි නැවේ සෙබළු ඇම්ඩන්ට ගිනි තැබූහ. නෞකා කාර්ය මණ්ඩලයේ 131 දෙනෙක් මළ අතර 65 දෙනෙක් තුවාල ලදහ. ඇම්ඩන් සිය බියකරු ජීවිතය ගත කළේ තුන් මාසයක් පමණි. ඇම්ඩන් නැවේ සේවයට ගරු කිරීමක් ලෙස, ජීවතුන් අතර සිටි නාවිකයන්ගේ නමට අගින් ඇම්ඩන් යන්න යෙදීමට ජර්මන් රජය අවසර දුන්නේය. මලයාලි බසට එකතු වූ ඇම්ඩන් යන්නෙහි තේරුම වන්නේද "විශාල බලසම්පන්න යමක්" යන්නය.



thanks a lot for all
