ඇමැති පොජ්ජක්

sudu23

Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    අනිත් ජාති පොජ්ජන්ට ඇමැතිවරුන් ඉඳින බවත්, අමාත්‍යාංශ පොජ්ජක් තිබෙන බවත්, ඒ ඇත්තන්ට පිළිගැනීම් පොජ්ජක් තිබෙන බවත් කියන වැදි නායක ඌරුවරිගේ වන්නියලැත්තෝ මේ රටේ මුල් මිනිස් ගජ්ජන්ට ඒ වගේ පිළිගැනීම්

    පොජ්ජක් නැතිවීම කනගාටුවට කරුණක් බවත් ඒ පරම්පරාව පොජ්ජ ගැන ආණ්ඩුවේ පිළිගැනීම් පොජ්ජක් තිබිය යුතු බවත් පවසයි. අලුතෙන් සකසන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මහජන අදහස් ලබාගැනීම සඳහා බදුල්ලේදී රැස්වූ විද්වත් කමිටුවට වැදි නායක මේ බව පවසා තිබේ. සිය පාරම්පරික අයිතිවාසිකම් ආරක්ෂා කරදෙන ලෙස ඉල්ලූ ලිපියක් මඟින් මේ බව දැක්වූ වැදි නායකයා රට පුරා දිස්ත්‍රික්ක හයක පිහිටි ගම්මාන හැටදෙකක වැදි ජනතාව වර්තමානයේදී බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ පා සිටින බව එමඟින් දන්වා ඇත.
    සිය ආදිවාසී පරම්පරාවේ සම්ප්‍රදායයන් මත පිහිටා ළඟ තබාගන්නා කෙටේරිය පාරම්පරික ස්ථානවලින් පිටතට ගෙනගිය විට ආණ්ඩුවක් ලෙස සලකා කරන හිරිහැර තවදුරටත් ඉවසිය නොහැකි බවත් එම වැරැදි නිවැරැදි කරමින් තම පාරම්පරික උරුමය, ජීවන රටාවත් වාසස්ථාන සහ අනන්‍යතාව පිළිගනිමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එය ඇතුළත් කළයුතු බවද පවසා සිටියි.
    තම පරපුරේ අනාගත අභිවෘද්ධියට පසුගිය රජය වෙන්කරනු ලැබූ රුපියල් මිලියන පන්සියයක මුදල තම පරම්පරාවට ලබාදෙන්නේ කුමන අමාත්‍යාංශයක් හරහා දැයි විමසා වැදි නායක තමන්ට වෙනම අමාත්‍යාංශයක් නොමැතිවීමෙන් තම වරිගයාගේ ආරක්ෂිත භාවය ගැන ගැටලු පැනනැඟී ඇති බවද කියා සිටියි.
    මොනම ජාති පොජ්ජකට හරි අනාගතයක් තිබෙන බව කියන වැදි නායකයා වැදි රෑනේ සංස්කෘතියට පරම්පරාවේ ජීවන රටාවට අනුව රැහැට අයත් දේවල් රැගෙන මංගච්චන්න අවසර පොජ්ජක් තිබිය යුතු බවත් ඒ අවසර පොජ්ජ ලැබෙන්න නම් ආණ්ඩු පොජ්ජේ වැදි රෑන ගැන පිළිගැනීම් පොජ්ජක් තිබිය යුතු බවද කියයි.

    දැන් කියපන්කො මේවත් ජාතිවාදී කියලා