ඇමැති බැසිල් වැඩ පෙන්වයි ! පොහොර තහනම ඉවතට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    එළඹෙන මහ කන්නයේ වගා කටයුතු සඳහා නයිට්‍රජන් නිස්සාරක සහ පොටෑසියම් ආනයනය සඳහා අවසර ලබාදෙමින් ගැසට් පත්‍රයක් නිකුත්කර තිබෙනවා.

    ආනයන අපනයන දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර ඇති එම ගැසට් පත්‍රය අනුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ පොහොර ලේකම් කාර්යාලයේ නිර්දේශය මත එම ද්‍රව්‍ය ආනයනයට අවසර ලබාදී තිබෙනවා.

    ඒ අනුව යූරියා ඇතුළු රසායනික පොහොර වර්ග කීපයක් එළඹෙන මහා කන්නයේ වගා කටයුතු සඳහා ආනයනයට යළි අවසර දෙමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අදාල ගැසට් නිවේදනය ඊයේ නිකුත් කර තිබෙනවා.

    යූරියා ඇතුළු නයිට්‍රේට මිශ්‍රණ, කැල්සියම් කාබනේට් හෝ වෙනත් අකාබනික නොවන පොහොර, සුපර් පොස්පේට් සහ නයිට්‍රජන්, පොටෑසියම්, පෝස්පේට් යන මූලද්‍රව්‍ය දෙකක් හෝ තුනම අඩංගු පොහොර වර්ග ගෙන්වීම සඳහා බලපත්‍රලාභීන්ට මේ අනුව අවසර හිමිවනු ඇත.

    නිර්දේශය රාජ්‍ය අමාත්‍යාංශයෙන්

    මීට ඉහත රසායනික පොහොර ආනයනය තහනම් කරමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය සංශෝධනය කරමින් මුදල් අමාත්‍යවරයා නව ගැසට් පත්‍රය නිකුත් කර ඇත.

    කාබනික හා ස්වභාවික පොහොර නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය සපයන ලද නිර්දේශ අනුව මෙම පියවර ගත් බව ද ආනයන හා අපනයන පාලක දෙපාර්තමේන්තුව කියයි.

    ස්වාභාවික ඛනිජ හා කිලේටඩ් අංශු මාත්‍ර ශාක පෝෂක යොදා ගනිමින් සකසන ලද ශාක පෝෂක ආනයනය කර ගොවීන්ට ලබා දීම සඳහා කෘෂිකර්ම අමාත්‍යවරයා කළ යෝජනාවට අනුව මෙම තීරණය ගත් බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා.

    කෘමිනාශක නියාමනයට

    ස්වභාවික ඛනිජ හා කිලේටඩ් අංශු මාත්‍ර ශාක පෝෂක ආනයනය අංක 2226/48 දරන ගැසට් පත්‍රය මගින් තහනම් කර ඇතත් සංයෝජිත වර්ගීකරණ සංකේතාංක යටතේ ආනයනය කරන බව ද එම දෙපාර්තමේන්තුව කියයි.

    කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා කාබනික පොහොර භාවිතය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් රසායනික පොහොර, කෘමිනාශක සහ වල්නාශක ආනයනය ජනාධිපතිවරයා විසින් 2021 අප්‍රේල් මස 27 වැනිදා ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශය අනුව තහනම් කර තිබිණි.

    ඒ අනුව හඳුනාගත් රසායනික පොහොර, කෘමිනාශක සහ වල්නාශක ගණයට ගැනෙන භාණ්ඩ ආනයනය තවදුරටත් නියාමනය කරන බව ද ආනයන හා අපනයන පාලක දෙපාර්තමේන්තුව පවසයි.

    ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,617
    6,164
    113
    රෙද්දක් ඇදගෙන පාරේ යන්න පුලුවන් වැඩද මේවා ඈ..අර ගොම එකතු කරගෙන කුකුල් බෙටි එකතු කරගෙන..ගද ගහ ගහ ගැම්මෙන් කොම්පෝස්ට් හදපු එයුන්ට යන කලදසාව මොකද්ද?? බැරි මලගෙවල් නොකර ඉන්න ඕනේ..
     
    • Haha
    Reactions: hasithayad

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    රෙද්දක් ඇදගෙන පාරේ යන්න පුලුවන් වැඩද මේවා ඈ..අර ගොම එකතු කරගෙන කුකුල් බෙටි එකතු කරගෙන..ගද ගහ ගහ ගැම්මෙන් කොම්පෝස්ට් හදපු එයුන්ට යන කලදසාව මොකද්ද?? බැරි මලගෙවල් නොකර ඉන්න ඕනේ..

    wediyenma ගොම එකතු කරගෙන giye GOMA eke pawadeniya ponnaya thamai, paw wede okata, kade yana tharamatama maha baiyo okata arinawa
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    එළඹෙන මහ කන්නයේ වගා කටයුතු සඳහා නයිට්‍රජන් නිස්සාරක සහ පොටෑසියම් ආනයනය සඳහා අවසර ලබාදෙමින් ගැසට් පත්‍රයක් නිකුත්කර තිබෙනවා.

    ආනයන අපනයන දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර ඇති එම ගැසට් පත්‍රය අනුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ පොහොර ලේකම් කාර්යාලයේ නිර්දේශය මත එම ද්‍රව්‍ය ආනයනයට අවසර ලබාදී තිබෙනවා.

    ඒ අනුව යූරියා ඇතුළු රසායනික පොහොර වර්ග කීපයක් එළඹෙන මහා කන්නයේ වගා කටයුතු සඳහා ආනයනයට යළි අවසර දෙමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අදාල ගැසට් නිවේදනය ඊයේ නිකුත් කර තිබෙනවා.

    යූරියා ඇතුළු නයිට්‍රේට මිශ්‍රණ, කැල්සියම් කාබනේට් හෝ වෙනත් අකාබනික නොවන පොහොර, සුපර් පොස්පේට් සහ නයිට්‍රජන්, පොටෑසියම්, පෝස්පේට් යන මූලද්‍රව්‍ය දෙකක් හෝ තුනම අඩංගු පොහොර වර්ග ගෙන්වීම සඳහා බලපත්‍රලාභීන්ට මේ අනුව අවසර හිමිවනු ඇත.

    නිර්දේශය රාජ්‍ය අමාත්‍යාංශයෙන්

    මීට ඉහත රසායනික පොහොර ආනයනය තහනම් කරමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය සංශෝධනය කරමින් මුදල් අමාත්‍යවරයා නව ගැසට් පත්‍රය නිකුත් කර ඇත.

    කාබනික හා ස්වභාවික පොහොර නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය සපයන ලද නිර්දේශ අනුව මෙම පියවර ගත් බව ද ආනයන හා අපනයන පාලක දෙපාර්තමේන්තුව කියයි.

    ස්වාභාවික ඛනිජ හා කිලේටඩ් අංශු මාත්‍ර ශාක පෝෂක යොදා ගනිමින් සකසන ලද ශාක පෝෂක ආනයනය කර ගොවීන්ට ලබා දීම සඳහා කෘෂිකර්ම අමාත්‍යවරයා කළ යෝජනාවට අනුව මෙම තීරණය ගත් බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා.

    කෘමිනාශක නියාමනයට

    ස්වභාවික ඛනිජ හා කිලේටඩ් අංශු මාත්‍ර ශාක පෝෂක ආනයනය අංක 2226/48 දරන ගැසට් පත්‍රය මගින් තහනම් කර ඇතත් සංයෝජිත වර්ගීකරණ සංකේතාංක යටතේ ආනයනය කරන බව ද එම දෙපාර්තමේන්තුව කියයි.

    කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා කාබනික පොහොර භාවිතය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් රසායනික පොහොර, කෘමිනාශක සහ වල්නාශක ආනයනය ජනාධිපතිවරයා විසින් 2021 අප්‍රේල් මස 27 වැනිදා ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශය අනුව තහනම් කර තිබිණි.

    ඒ අනුව හඳුනාගත් රසායනික පොහොර, කෘමිනාශක සහ වල්නාශක ගණයට ගැනෙන භාණ්ඩ ආනයනය තවදුරටත් නියාමනය කරන බව ද ආනයන හා අපනයන පාලක දෙපාර්තමේන්තුව පවසයි.

    ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
    නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ
    මොල හතේ ගොබ්බයා
     
    Similar threads