ඇමෙරිකාව , සිරියාවට පහර දේ.

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඇමෙරිකාව , සිරියාවට පහර දේ.

    ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් සිරියාවේ ඩැමැස්කස් නුවර ඉලක්ක කිහිපයකට ගුවන් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ රුසියාවේ ඉල්ලීම පරිදි අද (14) ආරක්ෂක කවුන්සිලය රැස්වීමට නියමිතය.

    සිරියාවට එස් - 300 මිසයිල ආරක්ෂණ පද්ධතියක් ලබාදීම කෙරෙහි අවධානය යොමු කරන බව ද රුසියාව අද නිවේදනය කළේය.

    “ඇමෙරිකාව සහ ඔවුන්ගේ මිත්‍ර රටවල ආක්‍රමණශීලි ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ හදිසි රැස්වීමක් කැඳවන්න.” යැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

    එම පණිවිඩය ක්‍රෙම්ලීන වෙබ් අඩවිය ඔස්සේ ප්‍රකාශයට පත් කර තිබිණි.

    “සිරියාව සහ ඒ අවට මේ වනවිය ඇතිවෙමින් පවතින තත්ත්වය සමස්ත ජාත්‍යන්තර සබඳතා පද්ධතියට අහිතකර ලෙස බලපෑම් එල්ල කරනවා.” යැයි ද පුටින් ජනාධිපතිවරයා එම නිවේදනයේ සඳහන් කර තිබිණි.

    සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ රජය නැවත වරක් රසායනික අවි භාවිත කළ හොත් නැවත නැවතත් ප්‍රහාර එල්ල කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි නිකී හේලි අද (14) ආරක්ෂක කවුන්සිලයේදී පැවැසූවාය.

    ඇමෙරිකාව ප්‍රමුඛ හමුදා සිරියාවේ ඩැමැස්කස් නුවර රසායනික අවි ඇතැයි සැක කෙරෙන ඉලක්ක වෙත මිසයිල සහ ගුවන් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ හදිසි ආරක්ෂක කවුන්සිල රැස්වීමක් කැඳවන්නැයි රුසියාව ඉල්ලා සිටියේය. එහිදි අදහස් දක්වමින් ඇමෙරිකා තානාපති නිකී හේලි එම අනතුරු ඇඟවීම කළාය.

    “සිරියාවේ රසායනික අවි වැඩසටහන දුර්වල කළ බව අපිට විශ්වාසයි. අපි මේ පීඩනය දිගටම පවත්වාගෙන යනවා. සිරියානු රෙජීමය අපේ හැකියාව ශක්තිය සහ ධෛර්ය පරීක්ෂා කිරීමට තරම් මෝඩ වුවහොත් අපි දැනට වඩා පීඩනයක් එල්ල කරනවා. සිරියානු රෙජීමය නැවත වරක් විස වායු යොදාගත්තොත් ඇමෙරිකා එක්සත් ජනපදය එසැණින් ප්‍රහාර එල්ල කරනවා.” නිකී හේලි තවදුරටත් අනතුරු ඇඟවූවාය.


    ඉකුත් සතියේදී සිවිල් වැසියන් ඉලක්ක කරගෙන ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය ඇතුළු ඒකාබද්ධ හමුදා සිරියාවට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළේය.

    සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ ආණ්ඩුවට විරුද්ධව සටන් වදින කැරැලිකරුවන්ගේ පාලනයේ තිබෙන ඩූමා ප්‍රදේශයට රසායනික ප්‍රහාරයක් එල්ල කළ බවට රජයේ හමුදාවලට චෝදනා එල්ල විය. සිරියානු ආණ්ඩුව මෙන්ම රුසියාව ද එම චෝදනා ප්‍රතික්ෂේප කළ අතර මෙම සිදුවීම නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ බෙදීමක් ද හට ගත්තේය.

    සිරියානු යුද්ධය ආරම්භ වීමෙන් අනතුරුව ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් සිරියානු ජනාධිපති බෂාර් අල් අස්දාගේ නායකත්වයෙන් යුතු රජයේ හමුදාවලට එරෙහිව දියත් කරන විශාලතම ප්‍රහාරය සහ මැදිහත්වීම ද මෙයයි. සිරියානු ජනාධිපතිවරයාගේ සහ රජයේ හමුදාවලට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ග ගත යුතු යැයි ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිකුරාදා (13) රාත්‍රියේ නිවේදනය කළ අතර ගුවන් ප්‍රහාර එල්ල කරන ලෙස ද අණ දුන්නේය. ඔහු අණදුන් විගස සිරියාවේ ඩැමැස්කස් නුවරින් විශාල පිපිරුම් හඬවල් ඇසිණි. ඉන් ටික වේලාවකට පසු බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ ගුවන් හමුදාද එම ප්‍රහාරවලට එක්වූ බව බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසේ මේ සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් පැවැසූහ.

    අසාද් ආණ්ඩුව රසායනික අවි භාවිතය නතර කරන තුරු මේ ආකාරයෙන් අඛණ්ඩව ගුවන් ප්‍රහාර එල්ල කරන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පැවැසීය.

    වසර හතක් තිස්සේ දිග්ගැස්සෙන් සිරියානු සිවිල් යුද්ධයට ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සම්බන්ධව සිටියද සිකුරාදා (13) රාත්‍රියේ සහ සෙනසුරාදා (14) අලුයම් කාලයේ එල්ල කරන ලද ගුවන් ප්‍රහාර මාලාව බටහිර රටවල් සිරියාවේ කරන ලද විශාලතම මැදිහත් වීම විය. එය රුසියාවට එරෙහිව කරන ලද ප්‍රහාරයක් ද විය. ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ආණ්ඩුව විරෝධී කැරැලිකරුවන් සහ විපක්ෂ කණ්ඩායම්වලට සහාය දක්වන අතර රුසියාව සිරියාවේ ජනාධිපති බෂාර් අල් අසාද් ප්‍රමුඛ ආණ්ඩුවට සහ රජයේ හමුදාවලට සහාය දක්වයි. රුසියාව සිරියානු සිවිල් යුද්ධයට මැදිහත්වූයේ 2015 වසරේදීය.
     
    • Like
    Reactions: 66000V

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    රුසියාව ඇමරිකාව ඇතුලු නේටෝ රටවල් වලට බයයි....චීනය උදව් කරන්නෙත් නෑ රුසියාවට....
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දුබලයන්ට බිම දාගෙන ගහලා පොර වෙන්න හදනවා.
     

    Similar threads