ඇමෙරිකාව සොයන කිලෝ මීටර් 7000ක සම දුරින් පිහිටි රට

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    13661924_1440510192641787_3337648891688269978_o.jpg

    ඇමෙරිකාව සොයන කිලෝ මීටර් 7000ක සම දුරින් පිහිටි රට

    ලොකයේ ඇමෙරිකානු විදේශ ප්‍රතිපත්තියට එකඟ නොවන රටවල ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම යනුවෙන් වේගවත් මෙහෙයුම ඇමෙරිකානු රජ්‍යය දෙපාර්තුමේන්තුව විසින් ආරම්භ කර ඇත.
    ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ඇමෙරිකානු රාජ්‍යය දෙපාර්තුමේන්තු කාර්යාංශය, මානව හිමිකම් සංවිධාන සහ කම්කරු සංවිධානවල ඉල්ලීමක් වශයෙන් මෙම නව මෙහෙයුම ක්‍රියාත්මක කරන බව ඇමෙරිකානු රාජ්‍යය දෙපාර්තුමේන්තු වාර්තා අනුව සඳහන් වේ. විශේෂයෙන් මැදපෙරදිග කලාපය තුළ සහ උතුරු අප්‍රිකානු කලාපට තුළ කියුබාව තුළ සහ අනෙකුත් රටවල් තුළ ඇමෙරිකාවට පක්‍ෂපාත ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම මෙම නව ප්‍රජාතන්ත්‍රවාදී මෙහෙයුම මඟින් ඔවුන් බලාපොරොත්තුවන බව ඔවුන්ගේ අභිප්‍රායන් පිළිබඳව සඳහන් කර ඇති ඡේද සියුම්ව අධ්‍යනය කිරීමෙන් පෙනී යයි.
    මෙම වේගවත් මෙහෙයුම සාක්‍ෂාත්කර ගැනීම සඳහා එම රටවල සිටින සිවිල් සමාජ සමග දැඩි මිත්‍රවත්වයක් ගොඩනැඟිමට ඇමෙරිකානු රාජ්‍යය දේපාර්තුමේනතුවේ බලාපොරොත්තු වන බවද එහි සඳහන් වේ.
    මෙම මෙහෙයුම වේගත්ව සාක්‍ෂාත් කරගැනීම සඳහා එම රටවල සිටින ක්‍රියාකාරීන් වෙත ඔවුන් සිටින රටවල රජයන්ගේ අධීක්‍ෂණයට හසුනොවන “රැහැන්රහිත අද්‍රෘෂ්‍යමාන වේගවත් අන්තර්ජාල” පහසුකම් ලබාදිමේ ක්‍රමවේදයක් ඇති කිරීම සඳහා අවශ්‍යය මුල්‍ය පහසුකම් පසුගියදා ඇමෙරිකානු රාජ්‍යය දෙපාර්තුමේන්තුව විසින් අදාළ හවුල්කරුවන් වෙත ලබාදීමටද තීරණය කර තිබින.
    විශේෂයෙන් මෙහි පළමු පියවරක් ලෙස ඉරානය, සිරියාව සහ ලිබියාව යන රටවල පාලකයින් වෙත ඇමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා බලකරමින් සිදුකරනු ලබන මෙහෙයුම් සංවිධානය කරන විවිධ ස්වේච්චා සංවිධාන සඳහා මෙම ඔවුන්ගේ කාර්‍යයන් සාක්සාත් කරගැනීමේ අරමුණික් මෙම අන්තර් ජාල පහසුකම් හැකි ඉක්මනින් ලබාදිය යුතු බව මෙම හවුල්කරුවෝ සඳහන් කර සිටිති.
    මීට සතියකට පමණ පෙර ඇමෙරිකානු සෙනට් මණ්ඩලය විසින් ද වෙනත් මෙහෙයුමක් මීට සමගාමීව ක්‍රියාත්මක කරනු ලැබීය. එනම්, යම් රටක රජයේ වාරණයට හසුනොවන ලෙස ක්‍රියාත්මක කළ හැකි ඡායා වෙබ් අඩවි (Mirror Website) ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය තාක්‍ෂනය වැඩිදියුණු කිරීම එම මෙහෙයුමයි. මෙම ඇමෙරිකානු ඡායා වෙබ් අඩිවි මෙහෙයුම සඳහා රුසියාවෙන් දැඩි විරෝධයක් එල්ලව ඇති බව මීට පෙර රෂියා ටුඩේ වෙබ් අඩවිය විසින් වාර්තා කර තිබින.
    අතේ ගෙනයා හැකි ඉතා ප්‍රබල ජංගම සම්ප්‍රේෂක කට්ටලයකින් සමන්විත මෙම රැහැන්රහිත අද්‍රෘෂ්‍යමාන වේගවත් අන්තර්ජාල පහසුකම් සහිත දේශපාලන ක්‍රියාකාරීන්ට තමන්‍ට අවශ්‍යය ඕනෑම මොහොතක තමන්ගේම වූ ස්වාධීන ජාලයක් ක්‍ෂණිකවම නිර්මානය කරගත හැකි වන බවත් එම ජාලයන් කිසිදු රාජ්‍යය පිරික්‍ෂීමකට හසුනොවන බවත් ඒ පිළිබඳව වන තාක්‍ෂණික වාර්තාවල සඳහන් වේ.
    ඇමෙරිකානු විදේශ ප්‍රතිපත්තියට එකඟ නොවන රටවල සිටින ඇමෙරිකානු හිතවාදී දේශපාලන ක්‍රියාකාරීන් සඳහා මෙවැනි මෙහෙයුමක් ඇමෙරිකාව විසින් ක්‍රියාත්මක කරන අතරම ඔවුන්ට හිතවත් රටවල රාජ්‍යය නායකයින්ගේ ඉල්ලීම පරිදි එම රටවල අන්තර්ජාල පිවිසුම් මාර්ග හැසිරවීම සඳහා වූ වාරණ පහසුකම් ඇති කිරීමටද ඇමෙරිකානු රාජ්‍යය දෙපාර්තුමේන්තුව අනුබල දෙති.
    විශේෂයෙන් බහරේනය, සෞදි අරාබිය සහා කුවේටය වැනි ඇමෙරිකානු හිතවාදී පාලනයන් පවතින රටවල රාජ්‍ය නායකයන් වෙත එවැනි වූ අනුග්‍රහායක් ඇමෙරිකාව විසින් ලබා දේ. ඒ අනුව මෙම මෙහෙයුම මඟින් ඇමෙරිකාව සිදුකරනු ලබන්නේ අන් කිසිවක් නොව තමන්‍ට අවශ්‍යය පරිදි භූ දේශපාලන උපායමාර්ගයන් ක්‍රියාත්මක කිරීමක් මිස ඔවුන් සඳහන් කර සිටින ප්‍රජාතන්ත්‍රවාදී මෙහෙයුමක් නොවේ. මේ හේතුවෙන් ඇමෙරිකාවේ මෙම දෙබිඩි පිළිවෙත තුළ මෙම මෙහෙයුමේ යටි අරමුණ සෙසු ලෝකයාට හසු නොවීමට නම් එයට ‘ප්‍රජාතන්තවාදය නොමැති රටවල ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීම’ යනුවෙන් නම් තබා ඇති බව මනාව පෙනී යන්නකි.
    ඇමෙරිකානු හිතවාදී පාලනයක් සෙසු ලෝකය තුළ ස්ථාපිත කිරීමේ උසිගැන්වීම් සඳහා මෙවැනි තාක්‍ෂණික ආධාර වලට අමතරව මුදල්මය ආධාරද ඇමෙරිකානු රාජ්‍යය දෙපාර්තුමේන්තුව විසින් ලබාදෙන බව විකිලීක්ස් වෙබ් අඩවිය විසින් මීට පෙර හෙළිකර ඇති ඇමෙරිකානු රහස් සහිත කෙබ්ල් පණිවිඩවල සඳහන්ව තිබින.
    කොමියුනිස්ට් පාලනයක් සහිත කියුබානු දිවයින තුළ ඇමෙරිකාව විසින් සිදුකරනු ලබන මෙවැනි මෙහෙයුම් සම්බන්ධව ඇමෙරිකානු රාජ්‍යය දෙපාර්තුමේන්තු‍ වෙබ් අඩවියේ සඳහන්ව ඇත්තේ මෙසේය.
    “එම දිවයිනේ සිටින ස්පාඤ්ඤ භාෂාව චතුර ලෙස කථාකරන පිරිස් සිටීම විශාල පිටුවහලක්. ඔවුන්ගේ සංස්කෘතික අවශ්‍යතාවයන් මැනවින් ග්‍රහණයකර ගනිමින් එක් ඒකාබද්ධ මෙහෙයුමක් තුළින් සියල්ල කාර්යසාධනය කරගැනීමට මෙය මනා පටුවහලකි”
    මෙවැනි ප්‍රකාශ ඇමෙරිකානු රහස් ඔත්තුසේවය සඳහා නිලධාරීන් බදවා ගැනීමකට සමාන යැයි මෙම වාර්තා පිළිබඳව අධ්‍යනයක යෙදෙන ඇමෙරිකානු දේශපාලන විචාරකයෝම පෙන්වා දෙති.
    විශේෂයෙන් ලිබියානු කැරලිකරුවන් සඳහා වොෂින්ටනය විසින් මූල්‍යමය ආධාර ලබාදෙන බවත් ලිබියානු කැරලිකරුවන් මෙහෙයවීමේ බලය ඇමෙරිකාව විසින් දැනටමත් තමන් සතුකරගෙන ඇති බවත් මෙම එකිනෙක බැදුනු මෙහෙයුම් ක්‍රියාවලිය පිළිබඳව අවධානය යොමුකන එරික් පොතෙන්ගර් (Eric Pottenger) නම් ඇමෙරිකානු දේශපාලන විචාරකයාම සඳහන් කර සිටියි.
    “ඇමෙරිකානු සැඟවුනු න්‍යාය පත්‍රයටකට අනුව දැන් ඔවුන්ව ඝෘජුවම අහුරුවන බව ඉතා පැහැඳිළියි. ඔවුන්ව එසේ මෙහෙයවන බව ඔවුන්ටත් සිතාගෙන අවබෝධ කරගත නොහැකි දෙයක්.” යැයි ඔහු පවසා සිටියි.
    ඇමෙරිකානු දේශපාලනය පිළිබඳව හසළ දැනුමක් ඇති දේශපාලන විචාරකයින්ට අනුව නම් මෙවැනි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම වේගවත් කර ඇත්තේ වෙනත් ප්‍රබල හේතුන් නිසා යැයි සඳහන් වේ. මෙහිදි විශේෂයෙන්ම අපට වැදගත් වන්නේ මෙම දේශපාලන විචාරකයින් විසින් පෙන්වා මෙම ප්‍රබල හේතුව වේ.
    එනම්, රටවල් යටපත් කර ගැනීමේ දී මින් ඉදිරියට ඇමෙරිකාව විසින් ලෝකය තුළ ක්‍රියාත්ම කිරීමට බලාපොරොත්තු වන යුද මෙහෙයුම් සහ බෝම්බ හේළීම් වැනි යුධමය ක්‍රියාමාර්ග අවම කිරීමක් මෙසේ රම රටවල සිටින රාජ්‍ය විරෝධි පිරිස් තාක්‍ෂණිකව සහ මුදල්මය වශයෙන් සන්නද්ද කිරීම තුළින් බලාපොරොත්තු‍ වන බවත් ඉදිරියේ දී මෙම අරමුණු ඉටුකර ගැනීම සඳහා ඇමෙරිකාවට තම සියළුම මෙහෙයුම් එකම ස්ථානයක සිට ක්‍රියාත්මක කළ හැකි භූ දේශපාලන වශයෙන් වැදගත් රටක අවශ්‍යතාවයක් පවතින බවත්ය.
    ඇමෙරිකාවේ මෙම මෙහෙයුමට අමතරව ලෝකය පුරා විසිර සිටින ඇමෙරිකානු යුධ හමුදා සේනාංක වල ක්‍රියාකාරීත්වය ඉදිරියේදී එකම තැනක සිට ක්‍රියාත්මක කිරීම සඳහා භූමිය වශයෙන් වැදගත් ස්ථානයක් ඇමෙරිකාවට අවශ්‍යව ඇති බව මීට සති දෙකකට පෙර ඇමෙරිකානු ආරක්‍ෂක ලේකම් රොබට් ගේට්ස් විසින්ද පවසා තිබින.
    චීනයේ යුධ ශක්තිය වැඩීවිම තුළ තායිවානයෙන් මෙපිට පිහිටි රටක් තුළ සිට තම මෙහෙයුම් එකම ස්ථානයක සිට ක්‍රියාත්මක කළ යුතු බව ඔහු විසින් එහිදි පවසා තිබින. එවැනි එක් මෙහෙයුම් ස්ථානයක් ඇති කිරීම තුළින් ලෝකය පුරා විසිර පවතින කුඩා කුඩා ඇමෙරිකානු යුධ කඳවුරු කපාහැර දැමිය හැකි බවත් එමඟින් විශාල ආරක්‍ෂක වියදමක් ඉතිරිකර ගත හැකි බවත් ඇ.ඩො. බිලියන 700 ක් වූ ඇමෙරිකානු ආරක්‍ෂක වියදම් කපාදැමීම පිළිබඳව සෙනට් මන්ඩල විවාදය පැවැති වකවානුවේදී ද ඔහු පවසා තිබින. තවද, පසුගිය දා සිංගප්පූරුවේ පැවැති ආරක්‍ෂක සහ වෙළඳ සමුළුවේදී ඔහු මෙසේ පවසා තිබින.
    “ඇමෙරිකාවට සහ ඔහුගේ හිතවතුන්ගේ ලෝකය පුරා සිදුකරනු ලබන වෙළඳාම නිදහසේ පැවැතිය යුතු වෙළඳාමක් බවට පරිවර්ථන කිරීම අපගේ මුඛ්‍ය පරමාර්ථය ‍වේ. ඉන්දියානු කාලපය තුළ මෙම නිදහස් වෙළඳාම සඳහා අවශ්‍යය වටාපිටාව සැකසීම සඳහා අපගේ හමුදාවන්ට නිදහසේ ගමන්කළ හැකි වාතාවරනයක් සෑදීම සඳහා ඉදිරියේදී අප කටයුතු කරමින් සිටිනවා.’ යැයි ඔහු ප්‍රකාශ කර තිබින.
    මීට වසර ‍10 කය පමණ පෙර පළවූ බටහිර මාධ්‍ය වාර්තාවක මෙසේ පළවී තිබින.‍
    “සමකය ආසන්නයේ පහළ අභ්‍යවකාශයේ (Low orbit) පිහිටි අඩු වියදම් චන්‍ද්‍රිකාවන් මෙහෙයවිය හැකි සමකය ආසනයේම පිහිටි රටක්, වැදගත් භූ දේශපාලන පිහිටුම් සඳහා සම දුරින් පිහිටි රටක්, සියළුම සන්නිවේදන කටයුතු එකම ස්ථානයකින් සිදුකිරිය හැකි රටක්, කිලෝමිටර් 7000ක දුරට විදිහ හැකි අන්තර් මහද්වීපික මිසයිල ද අවශ්‍ය ඉලක්ක වෙත යොමුකළ හැකි ප්‍රතිවාදීන්ට සම දුරින් පිහිටි රටක්, ඉදිරියේදී ඇමෙරිකාවට අවශ්‍ය වනු ඇත.”
    මේ සතියේ අරාම්භයේදීම ඉරානය විසින් දැවැන්ත යුධ අභ්‍යාසයක් පවත්වා තිබූ අතර ඇමෙරිකාව විසින් ද ඇමෙරිකාව සහ පිලිපීනය ඒකාබද්ධ යුධ අභ්‍යාසයක් පිලිපීන මුහුදේදී අදවන විට පවත්වමින් සිටිති. ඇමෙරිකාවයට පිලිපීනයද දැන් දැන් යුධමය වශයෙන් වැඳගත් ස්ථානයක් නොවන බව බටහිර වාර්තාවල නිතර දෙවේලේ සඳහන්වන කරුනකි.
    එසේනම්, ඇමෙරිකාව සොයන්නා වූ ඔවුන්ගේ ප්‍රතිවාදීන් සිටින ස්ථාන වලට කිලෝමීටර් 7000ක සම දුරින් පිහිටි රට කුමක්ද? එය අපගේ ශ්‍රී ලංකාව නොවන්නේ ද? ඉදිරියේදී ඇමෙරිකාව අපව ආක්‍රමණය නොකරාවි යැයි සිතිය හැකි සාක්‍ෂිය කුමක්ද? චැනල් ෆෝ විඩීයෝව කුමන යටි අරමුණකින් සෑදුවක් ද? අප වහා වහා යුද්ධයකට සූදානම් විය යුතුව ඇතැයි අපට හැ‍ඟේ. ගඩාෆී මෙන් පරක්කු නොවී ඉදිරියේදී රුසියානු S-300 ගුවන් ආරක්‍ෂක මිසයිල පද්ධතිය ලබා ගැනීමට කටයුතු කළහොත් කොයි කාගේත් ඇඟපතට ගුණදායක වනු ඇත. අප ඉදිරියේදී මුහුණදිය හැකි අනතුර රුසියාවට, චීනයට සහ ඉරානයට එතරම් සුභාදායක නොවන බැවින් ඔවුන්ට ද අපගේ ඉල්ලීම සළකා බැළීමට සිදුවනවා නො අනුමානය.
    මෙහිදි බටහිරින් එන පෝර සහ කෘෂි රසායනික මත නොයැපෙන අපේම වූ කෘෂිකර්මාන්තයක් දැන්ම සිටම පටන් ගැනීම අත්‍යාවශ්‍යය වූ අංගයක් වේ. මෙම බටහිර අමුද්‍රව්‍ය මත රදා පවතින අපගේ කෘෂිකර්මාන්තය ඕනෑම මොහොතක ඔවුන්ට අඩාල කළ හැකිය. එවිට අප යුද්ධයේ පළමු පියවරේදීම පරාද වී අවසානය. බටහිර රටවල් විසින් ලිබියාවට පැනවූ සම්බාධක අතර බටහිර රටවල් විසින් මෙහෙයවන කෘෂිකාර්මාන්ත අමුද්‍රව්‍ය ද විය. මෑතදී ලිබියාවට පැනවූ සම්බාධක අතර නෝර්වේ සහ ලිබියාව එක්ව පිහිටවූ පෝර කර්මාන්තයට (Libyan Norwegian Fertilizer Company) එරෙහිව එසේ සම්බාධක පනවා ඇත.
    – මූලාශ්‍ර රෂියා ටුඩේ ,ෂින්හුවා සහා වෙනත් වාර්තාවන් ඇසුරින්, යූ. ඩී.
    උපුටාගැනීම cnews
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,301
    113
    ඇමෙරිකාව අපව ආක්‍රමණය නොකරාවි යැයි සිතිය හැකි සාක්‍ෂිය කුමක්ද? චැනල් ෆෝ විඩීයෝව කුමන යටි අරමුණකින් සෑදුවක් ද? අප වහා වහා යුද්ධයකට සූදානම් විය යුතුව ඇතැයි අපට හැ‍ඟේ. ගඩාෆී මෙන් පරක්කු නොවී ඉදිරියේදී රුසියානු S-300 ගුවන් ආරක්‍ෂක මිසයිල පද්ධතිය ලබා ගැනීමට කටයුතු කළහොත් කොයි කාගේත් ඇඟපතට ගුණදායක වනු ඇත.

    කහ ගේන්න සල්ලි නෑ හැබැයි S-300 ගන්න කතාව :rofl:

    යකෝ වරායේ කෑල්ලක් ඉන්දියාවට විකුනපු එවුන් කීයක් හරි අතට දුන්නොත් මෙහෙ US Base එකක් හදන්න නොදී ඉඳි කියල හිතන්නේ පුකේ ඉඳන් පිස්සු එවුන් විතරයි.

    පොඩි ගානක් දීල කරගන්න පුළුවන් වැඩේට දැන් ඇමරිකාව එයි යුද්ධ කරන්න :lol:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    මම නම් රට ජාතිය ගැන මීට පස්සෙ හම්ම් කියන්නෙ නෑ..රට රකින්න විරුවෙක් ගෙනල්ල රටට කොරොන හැටි පේනවනේ..අපි විතරක් මොකටද රට, ජාතිය, අාගම, පරිසරය ගැන හිතන්නෙ.අැත්තම කියනවනම් හෙට අැමරිකාවෙන් හරි චීනෙන් හරි අැවිත් ලංකාව අල්ලගත්තත් මට නම් කමක් නෑ..මිනිස්සු මරන්නෙ නැතුව ඵහෙම අල්ලගත්තොත් උන් අඩු ගානේ හරියට කාල බීල අැඳල හරි සතුටින් ඉඳියි දැන් ඉන්නවට වඩා.....
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මම නම් රට ජාතිය ගැන මීට පස්සෙ හම්ම් කියන්නෙ නෑ..රට රකින්න විරුවෙක් ගෙනල්ල රටට කොරොන හැටි පේනවනේ..අපි විතරක් මොකටද රට, ජාතිය, අාගම, පරිසරය ගැන හිතන්නෙ.අැත්තම කියනවනම් හෙට අැමරිකාවෙන් හරි චීනෙන් හරි අැවිත් ලංකාව අල්ලගත්තත් මට නම් කමක් නෑ..මිනිස්සු මරන්නෙ නැතුව ඵහෙම අල්ලගත්තොත් උන් අඩු ගානේ හරියට කාල බීල අැඳල හරි සතුටින් ඉඳියි දැන් ඉන්නවට වඩා.....
    ඩොලර් කුට්ටියට රට වැනෙන එක නවතී කියල හිතුවට ඒක නොවන බව දැන් දැන් පේන්න තියෙනවා .......... ඒත් ඉතින් ඉගුරු වෙනුවට මිරිස් වලින් පලක් වෙයිද?
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,838
    3,862
    113
    USA
    මම නම් රට ජාතිය ගැන මීට පස්සෙ හම්ම් කියන්නෙ නෑ..රට රකින්න විරුවෙක් ගෙනල්ල රටට කොරොන හැටි පේනවනේ..අපි විතරක් මොකටද රට, ජාතිය, අාගම, පරිසරය ගැන හිතන්නෙ.අැත්තම කියනවනම් හෙට අැමරිකාවෙන් හරි චීනෙන් හරි අැවිත් ලංකාව අල්ලගත්තත් මට නම් කමක් නෑ..මිනිස්සු මරන්නෙ නැතුව ඵහෙම අල්ලගත්තොත් උන් අඩු ගානේ හරියට කාල බීල අැඳල හරි සතුටින් ඉඳියි දැන් ඉන්නවට වඩා.....
    උබ කියන එකෙත් ඇත්තක් තියනවා,
    අපි සදා කල් ජීවත් වෙන් නැ නේ අනිත් උනුත් එහෙම නේ. අනික මරුනහම ඉපදෙනවා නම් මේකෙම ඉපදෙයි කියලත් කියන්ඩ බැ නේ.
    අපි විතරක් ඩිප්රෙෂන් හදාගෙන රට ගැනයි, රටේ කෑලෑ ගැනයි, පුරා වස්තු ගැනයි,ඉස්සරහට ඉන්න උන්ට ඉතුරු වෙන දේවල් ගැන දුක් වෙනවා.
    උන් අල්ලගත්තා කියලා අපේ උන්ට වැඩිය ලොකු වෙනසක් වෙන් නැති වෙයි.
    මේ කපේට රටට ජාතියට ආගමට ආදරේ කරන නායකයො මේකේ නම් බිහි වෙන්නේනැ
    :baffled: :baffled: :baffled:
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    පිස්සුද බන් ඇමෙඇමෙරිකාවට ඕනෙ නම් අපේ රට යටත් කරගන්න එක nothing. නමුත් ජාත්‍යන්තර වශයෙන් පැහැදිලි හේතුවක් නැතුව උන් එහෙම කරන්නෙ නෑ. China Russia කොහොමත් UN security council එකේ එහෙම දේකට ඉඩ දෙන්නෙ නෑ. දැන් තියෙන්නෙ proxy wars, ප්‍රභල රටවල් දැන් directly යුද්ධ වලට යන්නෙ නෑ.
     
    • Like
    Reactions: pathumputha

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    චීනෙ ණය කොමිස් කුට්ටි වලට පෙරේතකමේ පොන්න සිරා ප්‍රෝ මැක්ස් ඉන්න නිසා ලංකාවට කෙලවෙන්න ඉතා ආසන්නයි. ඕකුන් තම්බි ටික ෆෝම් කරලා ගනී. ඒකටම හරියන්න කියන කියන එකට තම්බින්ට රෙද්ද උස්සලා උක දෙන එකෙක්නෙ දැන් ඉන්නෙ

    සිංහලු වඳ වෙලා යන්න පටන් අරන් තියෙන්නෙ 😕
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    ඉතින් බන් ඔයිට වඩා එෆිශන්ට්නෙ බන්ගලාදේශෙ වගේ අල්ල ගත්තනන්. චීනට දෙත හැකිනෙ සමතලා වෙන්නම එතන ඉදල
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    ඉතින් බන් ඔයිට වඩා එෆිශන්ට්නෙ බන්ගලාදේශෙ වගේ අල්ල ගත්තනන්. චීනට දෙත හැකිනෙ සමතලා වෙන්නම එතන ඉදල


    පිස්සුද යකෝ ?? බයියන්ගේ ආතල් කඩන්නේ ??

    <----------- 7,000 km -----------------------> දැක්ක ගමන් මට තේරුණා ගොන් සීන් කියල කිව්වේ නැ බයියන්ට ඔය ලොජික් තේරෙන්නේ නැ
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ලංකාව යුද්ධයකින් විනාස නොකර ඇමරිකාවේ ප්‍රාන්තයක් විදිහට add කර ගන්නවා නං මං උඩින්ම එකඟයි. මං vote කරනවා ඒකට.
    සිංහලුන්ට පුලුවන්ද අයිසේ රටක් කරන්න?
    සිංහලු කියන්නේ වැඩ බැරි පප්පලා රැලක් කියලා ඔප්පු කරලා ඉවරයි 1948-2020 වෙනකං.
    අපිට citizen හම්බෙනවා. ඇමරිකාව රටේ පිහිටීමෙන් ප්‍රයෝජනයක් ගන්නවා.
    ඇමරිකන් standers අපිටත් ලැබෙනවා..
    කියලා වැඩක් නෑ ඔයි.. මට පේන හීන! 😁
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    ලංකාව යුද්ධයකින් විනාස නොකර ඇමරිකාවේ ප්‍රාන්තයක් විදිහට add කර ගන්නවා නං මං උඩින්ම එකඟයි. මං vote කරනවා ඒකට.
    සිංහලුන්ට පුලුවන්ද අයිසේ රටක් කරන්න?
    සිංහලු කියන්නේ වැඩ බැරි පප්පලා රැලක් කියලා ඔප්පු කරලා ඉවරයි 1948-2020 වෙනකං.
    අපිට citizen හම්බෙනවා. ඇමරිකාව රටේ පිහිටීමෙන් ප්‍රයෝජනයක් ගන්නවා.
    ඇමරිකන් standers අපිටත් ලැබෙනවා..
    කියලා වැඩක් නෑ ඔයි.. මට පේන හීන! 😁

    https://elakiri.com/threads/මමනම්-කැමතියි-ඒත්-ඇමරිකාව-කැමති-වෙයිද.1796235/

    Way ahead of ya
     
    • Like
    Reactions: King_cobra

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    කහ ගේන්න සල්ලි නෑ හැබැයි S-300 ගන්න කතාව :rofl:

    යකෝ වරායේ කෑල්ලක් ඉන්දියාවට විකුනපු එවුන් කීයක් හරි අතට දුන්නොත් මෙහෙ US Base එකක් හදන්න නොදී ඉඳි කියල හිතන්නේ පුකේ ඉඳන් පිස්සු එවුන් විතරයි.

    පොඩි ගානක් දීල කරගන්න පුළුවන් වැඩේට දැන් ඇමරිකාව එයි යුද්ධ කරන්න :lol:
    :lol: :lol:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මම ඔය ගැන හිත හිත ඉන්නේ අවුරුදු ගානක ඉඳන් බන්..
    මේ ඉන්දියාවටයි චිනේටයි රුසියවටයි ** දී දී ජිවත් වෙන්නේ මොකටද බන්?
    කොහොමත් කරන්නේ ලෝක බලවතෙක් ගේ වහලෙක් වෙන එක නේ?
    ඉන්දියාවේ වහලෙක් නෙවේ නං චිනේ වහලෙක්. නැත්තන් රුසියාවේ වහලෙක්.
    ඉතින් කෙලින්ම ඇමරිකාවේ ප්‍රාන්තයක් වෙලා ඇමරිකාවේ වහලෙක් වෙනවා නියමයි යකෝ ඉන්දියාවේ වහලෙක් වෙනවා වගේ ද?
     
    • Haha
    Reactions: Mr.Lokka

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,685
    10,277
    113
    අපිට ඕව වැඩක් නෑ ඉන්ග්‍රීසිද මැන්ඩරීන්ද ඉගෙන ගන්න ඕනෙ ?
     

    Similar threads