ඇමෙරිකාව සොයන කිලෝ මීටර් 7000ක සම දුරින් පිහි&

gayanaps

Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    ඇමෙරිකාව සොයන කිලෝ මීටර් 7000ක සම දුරින් පිහි&



    ලොකයේ ඇමෙරිකානු විදේශ ප්‍රතිපත්තියට එකඟ නොවන රටවල ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම යනුවෙන් වේගවත් මෙහෙයුම ඇමෙරිකානු රජ්‍යය දෙපාර්තුමේන්තුව විසින් ආරම්භ කර ඇත.
    ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ඇමෙරිකානු රාජ්‍යය දෙපාර්තුමේන්තු කාර්යාංශය, මානව හිමිකම් සංවිධාන සහ කම්කරු සංවිධානවල ඉල්ලීමක් වශයෙන් මෙම නව මෙහෙයුම ක්‍රියාත්මක කරන බව ඇමෙරිකානු රාජ්‍යය දෙපාර්තුමේන්තු වාර්තා අනුව සඳහන් වේ. විශේෂයෙන් මැදපෙරදිග කලාපය තුළ සහ උතුරු අප්‍රිකානු කලාපට තුළ කියුබාව තුළ සහ අනෙකුත් රටවල් තුළ ඇමෙරිකාවට පක්‍ෂපාත ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම මෙම නව ප්‍රජාතන්ත්‍රවාදී මෙහෙයුම මඟින් ඔවුන් බලාපොරොත්තුවන බව ඔවුන්ගේ අභිප්‍රායන් පිළිබඳව සඳහන් කර ඇති ඡේද සියුම්ව අධ්‍යනය කිරීමෙන් පෙනී යයි.
    මෙම වේගවත් මෙහෙයුම සාක්‍ෂාත්කර ගැනීම සඳහා එම රටවල සිටින සිවිල් සමාජ සමග දැඩි මිත්‍රවත්වයක් ගොඩනැඟිමට ඇමෙරිකානු රාජ්‍යය දේපාර්තුමේනතුවේ බලාපොරොත්තු වන බවද එහි සඳහන් වේ.
    මෙම මෙහෙයුම වේගත්ව සාක්‍ෂාත් කරගැනීම සඳහා එම රටවල සිටින ක්‍රියාකාරීන් වෙත ඔවුන් සිටින රටවල රජයන්ගේ අධීක්‍ෂණයට හසුනොවන “රැහැන්රහිත අද්‍රෘෂ්‍යමාන වේගවත් අන්තර්ජාල” පහසුකම් ලබාදිමේ ක්‍රමවේදයක් ඇති කිරීම සඳහා අවශ්‍යය මුල්‍ය පහසුකම් පසුගියදා ඇමෙරිකානු රාජ්‍යය දෙපාර්තුමේන්තුව විසින් අදාළ හවුල්කරුවන් වෙත ලබාදීමටද තීරණය කර තිබින.
    විශේෂයෙන් මෙහි පළමු පියවරක් ලෙස ඉරානය, සිරියාව සහ ලිබියාව යන රටවල පාලකයින් වෙත ඇමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා බලකරමින් සිදුකරනු ලබන මෙහෙයුම් සංවිධානය කරන විවිධ ස්වේච්චා සංවිධාන සඳහා මෙම ඔවුන්ගේ කාර්‍යයන් සාක්සාත් කරගැනීමේ අරමුණික් මෙම අන්තර් ජාල පහසුකම් හැකි ඉක්මනින් ලබාදිය යුතු බව මෙම හවුල්කරුවෝ සඳහන් කර සිටිති.
    මීට සතියකට පමණ පෙර ඇමෙරිකානු සෙනට් මණ්ඩලය විසින් ද වෙනත් මෙහෙයුමක් මීට සමගාමීව ක්‍රියාත්මක කරනු ලැබීය. එනම්, යම් රටක රජයේ වාරණයට හසුනොවන ලෙස ක්‍රියාත්මක කළ හැකි ඡායා වෙබ් අඩවි (Mirror Website) ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය තාක්‍ෂනය වැඩිදියුණු කිරීම එම මෙහෙයුමයි. මෙම ඇමෙරිකානු ඡායා වෙබ් අඩිවි මෙහෙයුම සඳහා රුසියාවෙන් දැඩි විරෝධයක් එල්ලව ඇති බව මීට පෙර රෂියා ටුඩේ වෙබ් අඩවිය විසින් වාර්තා කර තිබින.




    අතේ ගෙනයා හැකි ඉතා ප්‍රබල ජංගම සම්ප්‍රේෂක කට්ටලයකින් සමන්විත මෙම රැහැන්රහිත අද්‍රෘෂ්‍යමාන වේගවත් අන්තර්ජාල පහසුකම් සහිත දේශපාලන ක්‍රියාකාරීන්ට තමන්‍ට අවශ්‍යය ඕනෑම මොහොතක තමන්ගේම වූ ස්වාධීන ජාලයක් ක්‍ෂණිකවම නිර්මානය කරගත හැකි වන බවත් එම ජාලයන් කිසිදු රාජ්‍යය පිරික්‍ෂීමකට හසුනොවන බවත් ඒ පිළිබඳව වන තාක්‍ෂණික වාර්තාවල සඳහන් වේ.
    ඇමෙරිකානු විදේශ ප්‍රතිපත්තියට එකඟ නොවන රටවල සිටින ඇමෙරිකානු හිතවාදී දේශපාලන ක්‍රියාකාරීන් සඳහා මෙවැනි මෙහෙයුමක් ඇමෙරිකාව විසින් ක්‍රියාත්මක කරන අතරම ඔවුන්ට හිතවත් රටවල රාජ්‍යය නායකයින්ගේ ඉල්ලීම පරිදි එම රටවල අන්තර්ජාල පිවිසුම් මාර්ග හැසිරවීම සඳහා වූ වාරණ පහසුකම් ඇති කිරීමටද ඇමෙරිකානු රාජ්‍යය දෙපාර්තුමේන්තුව අනුබල දෙති.
    විශේෂයෙන් බහරේනය, සෞදි අරාබිය සහා කුවේටය වැනි ඇමෙරිකානු හිතවාදී පාලනයන් පවතින රටවල රාජ්‍ය නායකයන් වෙත එවැනි වූ අනුග්‍රහායක් ඇමෙරිකාව විසින් ලබා දේ. ඒ අනුව මෙම මෙහෙයුම මඟින් ඇමෙරිකාව සිදුකරනු ලබන්නේ අන් කිසිවක් නොව තමන්‍ට අවශ්‍යය පරිදි භූ දේශපාලන උපායමාර්ගයන් ක්‍රියාත්මක කිරීමක් මිස ඔවුන් සඳහන් කර සිටින ප්‍රජාතන්ත්‍රවාදී මෙහෙයුමක් නොවේ. මේ හේතුවෙන් ඇමෙරිකාවේ මෙම දෙබිඩි පිළිවෙත තුළ මෙම මෙහෙයුමේ යටි අරමුණ සෙසු ලෝකයාට හසු නොවීමට නම් එයට ‘ප්‍රජාතන්තවාදය නොමැති රටවල ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීම’ යනුවෙන් නම් තබා ඇති බව මනාව පෙනී යන්නකි.
    ඇමෙරිකානු හිතවාදී පාලනයක් සෙසු ලෝකය තුළ ස්ථාපිත කිරීමේ උසිගැන්වීම් සඳහා මෙවැනි තාක්‍ෂණික ආධාර වලට අමතරව මුදල්මය ආධාරද ඇමෙරිකානු රාජ්‍යය දෙපාර්තුමේන්තුව විසින් ලබාදෙන බව විකිලීක්ස් වෙබ් අඩවිය විසින් මීට පෙර හෙළිකර ඇති ඇමෙරිකානු රහස් සහිත කෙබ්ල් පණිවිඩවල සඳහන්ව තිබින.
    කොමියුනිස්ට් පාලනයක් සහිත කියුබානු දිවයින තුළ ඇමෙරිකාව විසින් සිදුකරනු ලබන මෙවැනි මෙහෙයුම් සම්බන්ධව ඇමෙරිකානු රාජ්‍යය දෙපාර්තුමේන්තු‍ වෙබ් අඩවියේ සඳහන්ව ඇත්තේ මෙසේය.
    “එම දිවයිනේ සිටින ස්පාඤ්ඤ භාෂාව චතුර ලෙස කථාකරන පිරිස් සිටීම විශාල පිටුවහලක්. ඔවුන්ගේ සංස්කෘතික අවශ්‍යතාවයන් මැනවින් ග්‍රහණයකර ගනිමින් එක් ඒකාබද්ධ මෙහෙයුමක් තුළින් සියල්ල කාර්යසාධනය කරගැනීමට මෙය මනා පටුවහලකි”
    මෙවැනි ප්‍රකාශ ඇමෙරිකානු රහස් ඔත්තුසේවය සඳහා නිලධාරීන් බදවා ගැනීමකට සමාන යැයි මෙම වාර්තා පිළිබඳව අධ්‍යනයක යෙදෙන ඇමෙරිකානු දේශපාලන විචාරකයෝම පෙන්වා දෙති.


     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    විශේෂයෙන් ලිබියානු කැරලිකරුවන් සඳහා වොෂින්ටනය විසින් මූල්‍යමය ආධාර ලබාදෙන බවත් ලිබියානු කැරලිකරුවන් මෙහෙයවීමේ බලය ඇමෙරිකාව විසින් දැනටමත් තමන් සතුකරගෙන ඇති බවත් මෙම එකිනෙක බැදුනු මෙහෙයුම් ක්‍රියාවලිය පිළිබඳව අවධානය යොමුකන එරික් පොතෙන්ගර් (Eric Pottenger) නම් ඇමෙරිකානු දේශපාලන විචාරකයාම සඳහන් කර සිටියි.
    “ඇමෙරිකානු සැඟවුනු න්‍යාය පත්‍රයටකට අනුව දැන් ඔවුන්ව ඝෘජුවම අහුරුවන බව ඉතා පැහැඳිළියි. ඔවුන්ව එසේ මෙහෙයවන බව ඔවුන්ටත් සිතාගෙන අවබෝධ කරගත නොහැකි දෙයක්.” යැයි ඔහු පවසා සිටියි.
    ඇමෙරිකානු දේශපාලනය පිළිබඳව හසළ දැනුමක් ඇති දේශපාලන විචාරකයින්ට අනුව නම් මෙවැනි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම වේගවත් කර ඇත්තේ වෙනත් ප්‍රබල හේතුන් නිසා යැයි සඳහන් වේ. මෙහිදි විශේෂයෙන්ම අපට වැදගත් වන්නේ මෙම දේශපාලන විචාරකයින් විසින් පෙන්වා මෙම ප්‍රබල හේතුව වේ.
    එනම්, රටවල් යටපත් කර ගැනීමේ දී මින් ඉදිරියට ඇමෙරිකාව විසින් ලෝකය තුළ ක්‍රියාත්ම කිරීමට බලාපොරොත්තු වන යුද මෙහෙයුම් සහ බෝම්බ හේළීම් වැනි යුධමය ක්‍රියාමාර්ග අවම කිරීමක් මෙසේ රම රටවල සිටින රාජ්‍ය විරෝධි පිරිස් තාක්‍ෂණිකව සහ මුදල්මය වශයෙන් සන්නද්ද කිරීම තුළින් බලාපොරොත්තු‍ වන බවත් ඉදිරියේ දී මෙම අරමුණු ඉටුකර ගැනීම සඳහා ඇමෙරිකාවට තම සියළුම මෙහෙයුම් එකම ස්ථානයක සිට ක්‍රියාත්මක කළ හැකි භූ දේශපාලන වශයෙන් වැදගත් රටක අවශ්‍යතාවයක් පවතින බවත්ය.
    ඇමෙරිකාවේ මෙම මෙහෙයුමට අමතරව ලෝකය පුරා විසිර සිටින ඇමෙරිකානු යුධ හමුදා සේනාංක වල ක්‍රියාකාරීත්වය ඉදිරියේදී එකම තැනක සිට ක්‍රියාත්මක කිරීම සඳහා භූමිය වශයෙන් වැදගත් ස්ථානයක් ඇමෙරිකාවට අවශ්‍යව ඇති බව මීට සති දෙකකට පෙර ඇමෙරිකානු ආරක්‍ෂක ලේකම් රොබට් ගේට්ස් විසින්ද පවසා තිබින.
    චීනයේ යුධ ශක්තිය වැඩීවිම තුළ තායිවානයෙන් මෙපිට පිහිටි රටක් තුළ සිට තම මෙහෙයුම් එකම ස්ථානයක සිට ක්‍රියාත්මක කළ යුතු බව ඔහු විසින් එහිදි පවසා තිබින. එවැනි එක් මෙහෙයුම් ස්ථානයක් ඇති කිරීම තුළින් ලෝකය පුරා විසිර පවතින කුඩා කුඩා ඇමෙරිකානු යුධ කඳවුරු කපාහැර දැමිය හැකි බවත් එමඟින් විශාල ආරක්‍ෂක වියදමක් ඉතිරිකර ගත හැකි බවත් ඇ.ඩො. බිලියන 700 ක් වූ ඇමෙරිකානු ආරක්‍ෂක වියදම් කපාදැමීම පිළිබඳව සෙනට් මන්ඩල විවාදය පැවැති වකවානුවේදී ද ඔහු පවසා තිබින. තවද, පසුගිය දා සිංගප්පූරුවේ පැවැති ආරක්‍ෂක සහ වෙළඳ සමුළුවේදී ඔහු මෙසේ පවසා තිබින.
    “ඇමෙරිකාවට සහ ඔහුගේ හිතවතුන්ගේ ලෝකය පුරා සිදුකරනු ලබන වෙළඳාම නිදහසේ පැවැතිය යුතු වෙළඳාමක් බවට පරිවර්ථන කිරීම අපගේ මුඛ්‍ය පරමාර්ථය ‍වේ. ඉන්දියානු කාලපය තුළ මෙම නිදහස් වෙළඳාම සඳහා අවශ්‍යය වටාපිටාව සැකසීම සඳහා අපගේ හමුදාවන්ට නිදහසේ ගමන්කළ හැකි වාතාවරනයක් සෑදීම සඳහා ඉදිරියේදී අප කටයුතු කරමින් සිටිනවා.’ යැයි ඔහු ප්‍රකාශ කර තිබින.
    මීට වසර ‍10 කය පමණ පෙර පළවූ බටහිර මාධ්‍ය වාර්තාවක මෙසේ පළවී තිබින.‍
    “සමකය ආසන්නයේ පහළ අභ්‍යවකාශයේ (Low orbit) පිහිටි අඩු වියදම් චන්‍ද්‍රිකාවන් මෙහෙයවිය හැකි සමකය ආසනයේම පිහිටි රටක්, වැදගත් භූ දේශපාලන පිහිටුම් සඳහා සම දුරින් පිහිටි රටක්, සියළුම සන්නිවේදන කටයුතු එකම ස්ථානයකින් සිදුකිරිය හැකි රටක්, කිලෝමිටර් 7000ක දුරට විදිහ හැකි අන්තර් මහද්වීපික මිසයිල ද අවශ්‍ය ඉලක්ක වෙත යොමුකළ හැකි ප්‍රතිවාදීන්ට සම දුරින් පිහිටි රටක්, ඉදිරියේදී ඇමෙරිකාවට අවශ්‍ය වනු ඇත.”
    මේ සතියේ අරාම්භයේදීම ඉරානය විසින් දැවැන්ත යුධ අභ්‍යාසයක් පවත්වා තිබූ අතර ඇමෙරිකාව විසින් ද ඇමෙරිකාව සහ පිලිපීනය ඒකාබද්ධ යුධ අභ්‍යාසයක් පිලිපීන මුහුදේදී අදවන විට පවත්වමින් සිටිති. ඇමෙරිකාවයට පිලිපීනයද දැන් දැන් යුධමය වශයෙන් වැඳගත් ස්ථානයක් නොවන බව බටහිර වාර්තාවල නිතර දෙවේලේ සඳහන්වන කරුනකි.
    එසේනම්, ඇමෙරිකාව සොයන්නා වූ ඔවුන්ගේ ප්‍රතිවාදීන් සිටින ස්ථාන වලට කිලෝමීටර් 7000ක සම දුරින් පිහිටි රට කුමක්ද? එය අපගේ ශ්‍රී ලංකාව නොවන්නේ ද? ඉදිරියේදී ඇමෙරිකාව අපව ආක්‍රමණය නොකරාවි යැයි සිතිය හැකි සාක්‍ෂිය කුමක්ද? චැනල් ෆෝ විඩීයෝව කුමන යටි අරමුණකින් සෑදුවක් ද? අප වහා වහා යුද්ධයකට සූදානම් විය යුතුව ඇතැයි අපට හැ‍ඟේ. ගඩාෆී මෙන් පරක්කු නොවී ඉදිරියේදී රුසියානු S-300 ගුවන් ආරක්‍ෂක මිසයිල පද්ධතිය ලබා ගැනීමට කටයුතු කළහොත් කොයි කාගේත් ඇඟපතට ගුණදායක වනු ඇත. අප ඉදිරියේදී මුහුණදිය හැකි අනතුර රුසියාවට, චීනයට සහ ඉරානයට එතරම් සුභාදායක නොවන බැවින් ඔවුන්ට ද අපගේ ඉල්ලීම සළකා බැළීමට සිදුවනවා නො අනුමානය.
    මෙහිදි බටහිරින් එන පෝර සහ කෘෂි රසායනික මත නොයැපෙන අපේම වූ කෘෂිකර්මාන්තයක් දැන්ම සිටම පටන් ගැනීම අත්‍යාවශ්‍යය වූ අංගයක් වේ. මෙම බටහිර අමුද්‍රව්‍ය මත රදා පවතින අපගේ කෘෂිකර්මාන්තය ඕනෑම මොහොතක ඔවුන්ට අඩාල කළ හැකිය. එවිට අප යුද්ධයේ පළමු පියවරේදීම පරාද වී අවසානය. බටහිර රටවල් විසින් ලිබියාවට පැනවූ සම්බාධක අතර බටහිර රටවල් විසින් මෙහෙයවන කෘෂිකාර්මාන්ත අමුද්‍රව්‍ය ද විය. මෑතදී ලිබියාවට පැනවූ සම්බාධක අතර නෝර්වේ සහ ලිබියාව එක්ව පිහිටවූ පෝර කර්මාන්තයට (Libyan Norwegian Fertilizer Company) එරෙහිව එසේ සම්බාධක පනවා ඇත.

    උපුටා ගැනීම ඊමේල් පණිවිඩයකිනි


    වැදගත් කියලා හිතුනා නම් කරන්න ඔනේ දේ දන්නවනේ
     
    Last edited:

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    ane oya internet service eken torren baana berida danne ne :lol: mun nam loketama maha wadayak welwakata ... anuge kunu awussane nethiwa pethakata wela innama berida manda :baffled:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේකේ ඇත්තක් තියෙනවා. ලංකාව ස්වයං පෝශිත වෙන එක නම් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,914
    1,223
    113
    අප වහා වහා යුද්ධයකට සූදානම් විය යුතුව ඇතැයි අපට හැ‍ඟේ. ගඩාෆී මෙන් පරක්කු නොවී ඉදිරියේදී රුසියානු S-300 ගුවන් ආරක්‍ෂක මිසයිල පද්ධතිය ලබා ගැනීමට කටයුතු කළහොත් කොයි කාගේත් ඇඟපතට ගුණදායක වනු ඇත.

    සාමය මිසක් යුද්දෙනම් අපිට එපා...:no::no:
    මතකනෙ අවුරුදු ගානක් ලංකාවෙ අය විඳපු දුක යුද්දයක් නිසා...:(
     
    Last edited:

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,914
    1,223
    113
    මේකේ ඇත්තක් තියෙනවා. ලංකාව ස්වයං පෝශිත වෙන එක නම් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ

    ඒත් මචන් ලංකාව වගේ පොඩි භූමි ප්‍රමානයක් තියෙන රටක් ස්වයං පෝශිත තත්වෙකට ගේන එක
    පහසු දෙයක් නෙවේ...
    සෑහෙන කට්ටක් කන්න වෙනවා...