ඇයි අපි ගැන මෙච්චර නොදන්නේ???

Dineth1990

Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    ඇයි අපි ගැන මෙච්චර නොදන්නේ???

    මිනිස් ශරීරය විස්මිත නිර්මාණයක්, සෑම අවස්ථාවකටම නිසියාකාරව ඔරොත්තු දීමට ශරීරයේ සිදුවන ක්‍රියාදාමයන් ඉතා මැනවින් සංවිධානය වී ඇත. එදිනෙදා ජීවිතයේ ඔබ දැනුවත්ව හා නොදැනුවත්ව සිදුවනු ලබන ශරීරයේ අභ්‍යන්තර මෙන්ම බාහිර ක්‍රියාවලීන් දහස් ගනනකි. මා අද මේ ලිපියෙන් එලෙස අප එදිනෙදා ජීවිතයේ නිතරම සිදුකරනු ලබන වැඩි අවදානයට ලක් නොවන එහෙත් සෑම දෙනෙක්ම අත්දකින ක්‍රියාවලීන් කිහිපයක් පිලිබඳ ඔබ දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

    පුදුමාකාර කිඹුහුම

    no62w7.gif

    ඇයි යකෝ ඔච්චර සද්දෙට කහින්නේ?
    අප සියල්ලන්ගෙම නියුරෝන පද්ධතියේ සැකැස්ම මූලික ලෙස සමාන රටාවක් ගන්නවා. එහෙත් මොලයේ සිට නියුරෝන හරහා සන්නිවේදන ගමන් කිරීමේ මාර්ගය එකිනෙකාට සුළු වෙනස් කම් දරනවා. මෙන්න මේ නිසා තමයි පුද්ගලයාගෙන් පුද්ගලයාට කිවිසුම් අරින විදිහ වෙනස් වෙන්නේ. ඒ නිසා සද්දෙට කැස්සත් හෙමීට කැස්සත් මොනවා කරන්නද??.


    2mgmwix.jpg
    ztusmd.jpg


    කිඹුහුම ඔබව රකිනවා...
    අපේ ප්‍රතිශක්තීකරණ ක්‍රියාවලියේ වැදගත් තැනක් මේ කිවිසුමට හිමි වෙලා තියෙනවා. යමක් ඔබේ නාසයෙන් අතුල් වුවහොත් හෝ ස්පර්ශ වුවහොත් එය ප්‍රේරක ලෙස පහල මොලයේ කිවිසුම් මද්‍යස්ථානය වෙත ගමන් කරනවා, පසුව මෙමඟින් හටගන්නා සංඥා උඟුර, ඇස් හා මුඛය යන ප්‍රදේශ කරා බෙදාහරිනවා. මීට සමඟාමීවම උරතලයේ මාංශපේෂි ප්‍රබලව හැකිලීමකට ලක්වන අතර උඟුරෙහි මාංසපේෂීන් සීග්‍රයෙන් ඉහිල් වෙනවා. මෙහි ප්‍රතිපලයක් ලෙස වාතය සමඟ මුසුවූ ඛෙටය සහ ශ්ලේෂ්මල (සෙම් සොටු ආදිය ) මුඛයෙන් සහ නාසයෙන් ඉවත් වෙනවා. පැයකට සැතැප්ම 100ක තරම් වේගයකින් තමා මේ කිවිසුමක් පිටවන්නේ.

    4j18c8.png

    ඇහිබැම අල්ලද්දිත් කිවිසුම් යනවද?
    ඔව්,, මෙය අත්දකීමෙන් ඔබ දන්නව ඇති..ඇස් කසන විට ඇහිබම ඇල්ලෙනකොට අපගේ මූනේ තිබෙන නාස විවරය හා සම්බන්ද ස්නායු උත්තේජනය වෙනවා, එව්ට නැවතත් ඉහත සඳහන් කල ක්‍රියාවලියම සිදුවී කිවිසුම්යෑම සිදුවෙනවා


    නිදාගෙන ඉද්දි කිවිසුම් යනවද?
    පිලිතුර නෑ. සරලම හේතුව කිවිසුම් හා සම්බන්ද ස්නායු අපිත් එක්කම නිදාගන්නවා.

    හදිසියකට කිඹිහුමක් නවත්තගන්න පුලුවන්ද?
    ඔව් ප්‍රසිද්ධ ස්ථානයක සද්දෙට කිවිසුමක් ගියොත් හරිමදි නේද?....මේකට විසදුමක් තියෙනවා... කරන්න තියෙන්නේ කිවිසුමක් යන්න එද්දි කටින් ලොකු හුස්මක් ගන්න එහෙම නැත්තම් නහය කෙලවර පොඩ්ඩක් හයියෙන් අහිලිවලින් තදකරගන්න.



    හිරිවැටෙනවද?

    ඔබ බොහෝ අත්දැක ඇති යම් ඉරියව්වකින් දිගු වේලාවක් සිටන විට ඔබේ අත් හෝ පාද හිරිවැටීමකට ලක්වෙන්නවා. මොහොතකට ඒ හිරිවැටීමට ලක්වන ප්‍රදේශයට කිසිදු සන්වේදනයක් නොදැනෙන තරම්. මේ හිරිවැටීම නොසැලකිල්ලට ගෙන ඉතා දිගු වේලාවක් සිටියහොත් එය විශාල ප්‍රශ්නයක් නිර්මානය කිරීමටත් සමත් වෙනවා.

    etsc2b.jpg
    mra2z5.jpg



    අපගේ ශරීරයට පිටතින් ලැබෙන සන්වේදන හදුනා ගනීමට හරි අපූරු යාන්ත්‍රනයක් ක්‍රියාත්මක වෙනවා. සාමන්‍යයෙන් සමට දැනෙන ස්පර්ශ ග්‍රහනය කර ගැනීමට ස්නායු ප්‍රතිග්‍රාහක සම අභ්‍යන්තරයේ බාහිරට වන්නට පිහිටල තිබෙනවා. මෙමඟින් ග්‍රහනය කරගන්නා උෂ්නත්වය, සීතල වැනි ස්පර්ශ,.. සංවේදක ස්නායු හරහා සුෂුම්නාවටත් පසුව පහල මොලයටත් ගමන් ගන්නා අතර මස්තිෂ්කය මගින් සන්වේද ප්‍රත්‍යක්ෂ කොට ඊට අදාල ප්‍රතික්‍රියා දැක්වීමට අවශ්‍ය පසුබිම සකස් කරයි. මෙය තමයි මා සඳහන් කල යාන්ත්‍රනයේ ඉතාමත්ම සරල විග්‍රහය.

    21kwg7c.png


    අපි දිගු වේලාවක් එකම ඉරියව්වකින් සිටීමේදී වෙන්නේ ස්නායු විශාල සම්පිණ්ඩනයකට ලක්වීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස සංන්වේදක හදුනා ගැනීමේ හැකියාව සුළු මොහොතකට නැතිවී යනවා. මෙය තමයි හිරි වැටීමක් ලෙස අපට දැනෙන්නේ.



    ඈනුම් යනවද?

    2hofuj7.gif

    ජීවිත කාලේ මේ වෙනකොට කීවරක්නම් අප ඈනුම් ඇර ඇද්ද? පෘෂ්ඨවංශීන් රැසකටම පොදු වූ මේ ක්‍රියාවලිය මිනිසා අරඹන්නේ මව් කුස තුල සිටියදීමයි. ඈනුම් ඇරීම ප්‍රදාන ආකාර 2කට වර්ගීකරනය කල හැක, එනම් නිරායාසයෙන් සිදුවන හා බෝවන ලෙසයි. මෙකී දෙවර්ගයම එකම චාලක ක්‍රියා රටාවක් අනුගමන කලද නිරායාසයෙන් සිදුවන ඈනුම ගරීරයේ සමස්ථිතිය (ස්තායිතාව ) පවත්වාගෙන යාම සදහා සිදුවන්නා වූ කායික යාන්ත්‍රණයක් ලෙසයි සැලකෙන්නේ.

    අනිච්ඡානුග (ඉබේ සිදුවන ) ක්‍රියාවලියක් වන ඈනුමකදී මුඛය සාමාන්‍ය ප්‍රමානයට වඩා වැඩි විවෘත වීමක් සිදු වන අතර විශාල පරිමානයෙන් ප්‍රාස්වාස වාතය ඇතුල් වනු ලබයි. එහි ප්‍රතිපලයක් ලෙස පෙනහලු වතයෙන් පිරෙන අතර උදර පේශීන්හී නම‍යතාව වැඩිවන අතර ප්‍රාචීරය පහලට තල්ලු වී යයි. පසුව මේ ලබාගත් වාත ප්‍රමානයෙන් යම් පරිමාවක් නැවතත් ප්‍රාස්වාසය ලෙස ඉවත් කරනු ලබයි.


    20p57xj.png



    හේතු මොනවද?


    ඇත්තටම ඈනුමක් යන්නේ ඇයි කියන ප්‍රශ්නය පිලිබඳව ස්ථීර නියමයක් මෙතෙක් සොයාගෙන නෑ. හැබැයි විවිද පර්යේෂකයන් විසින් විවිද විද්‍යාත්මක කල්පිත ඉදිරිපත් කිරීම මඟින් මෙය විග්‍රහ කිරීමට උත්සහ දරා තිබෙනවා. සාමාන්‍යය ව්‍යවහාරයේ පවතින ඈනුම් යැමේ හේතූන් ලෙස සලකන තෙහෙට්ටුව, නිදිමත, උදාසීනබව හා කුසගින්න යන යන කරුනූ කාරනා වලට වඩා යම්ක් විද්‍යාඥයන් විසින් සොයාගෙන තිබෙනවා. තවත් අයෙකු විසින් යවනා ඈනුමක් දැක ඈනුම් ඇරීම පරිනාමයෙන් පැවත එන්නක් ලෙසයි විද්‍යාඥයන්ගේ අදහස වී ඇත්තේ, එනම් ඈත අතීතයේ භාවිතා කරන ලද අන්තර්පුද්ගල සන්නිවේදන ක්‍රමයන්හී ක්ෂේශයක් ලෙසයි.

    මේ අතරින් ඉහල ඔක්සිජන් පරිමාවක් ලබා ගැනීම හා පරිණාමයෙන් දායදා වූවක් එනම් අපගේ මුතුන් මිත්තන්ගෙන් පැවත ආ දෙයක් යන කලිපිත අදවනවිට බැහැරකොට දමා තිබේ. මොලය සිසිල්කරන කල්පිතය නොඑසේනම් brain cooling theory මෑතකාලිනව ඈනුම විග්‍රහ කිරීමට සමත් වු නවතම සිද්ධාන්තයක්. මීයන් සහ මිනිසුන් යොදාගනිමින් කරන ලද පරීක්ෂන වලදී ඈනුම මඟින් මොලය හා ඒ ආශ්‍රිත පරිසරය සිසිල් වීමකට ලක්වන බව තහවුරුවී ඇත. මෙය ප්‍රතිප්‍රවාහ තාප හුවමාරු පද්දතියක් ලෙස ක්‍රියාකරන අතර මොලයෙහි සිසිල්කරනය එහි රුධිර සංසරණය ඉහල දමන අතර නිදිමත, උදාසීනබව කුසගින්න වැනිදේ නැතිකර දමන බවයි මේ පර්යේෂන ප්‍රතිඵල නිගමනය කොට ඇත්තේ.

    ඔබ උත්සහ කරලා තියෙනවද මේ ඈනුම් අරින එක නවත්තගන්න?
    ඒක ඇත්තටම තවත් ඈනුම් කිහිපයකටම මඟ කැපීමක්. අපි නවත්තගන්න හදන්න හදන්න..වාර ගනනෙහි වැඩි වීමක් මිසක් අඩු වීමක් නම් නෑ.


    ඉතින් ඉහත කී අපගේ ජීවිතයට ඉතා සමීප කර්තව්‍යන් පිලිබඳව ඔබ නොදන්නා යමක් ලබා ගත්තායැයි සිතනවා. තවත් ලිපියකින් ඔබ හමු වීමට බලාපොරොත්තු වෙන අතර සියලු දෙනාටම බෙහෙවින් ස්තූතියි.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,770
    113
    tfs ban. rep dunna.
    mata podi prashnayak tiyenawa, api ath wala eta kadaddi godak haiyen sadde yanne kohomada. eta kadana eken bones walata haniyak wenawada kiyana eka
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    good post
    TFS

    කිබුහුමකින් කෙනෙක්ගේ ලිංගික දරාගැනීමේ හැකියාව ගැන කියන්න පුලුවන් නේද...??
    සමහරුන්ට මහ හයියෙන් හචින් යනවා පලාතම හෙල්ලෙන්න...එයාලගේ දරාගැනීම වැඩියි :yes:
    සමහරුන්ට චිකිස් ගාලා හෙමින් තමයි හචින් යන්නේ...එයාලගේ දරාගැනීම අඩුයි :sorry:
     

    kreezer

    Junior member
  • Apr 25, 2014
    212
    21
    18
    ඔබ බොහෝ අත්දැක ඇති යම් ඉරියව්වකින් දිගු වේලාවක් සිටන විට ඔබේ අත් හෝ පාද හිරිවැටීමකට ලක්වෙන්නවා. මොහොතකට ඒ හිරිවැටීමට ලක්වන ප්‍රදේශයට කිසිදු සන්වේදනයක් නොදැනෙන තරම්. මේ හිරිවැටීම නොසැලකිල්ලට ගෙන ඉතා දිගු වේලාවක් සිටියහොත් එය විශාල ප්‍රශ්නයක් නිර්මානය කිරීමටත් සමත් වෙනවා.

    explain this
     

    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    tfs ban. rep dunna.
    mata podi prashnayak tiyenawa, api ath wala eta kadaddi godak haiyen sadde yanne kohomada. eta kadana eken bones walata haniyak wenawada kiyana eka

    හොඳ ප්‍රශ්නයක්....​

    මුලින්ම මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම් ශරීරයේ අපි joint කියන්නේ එහි ස්වභාවය ගැන. ඔය සද්දේ එන්න කඩන්න පුලුවන් වලට කියන්නේ diarthrodial joints කියලා. මේ 2ක් එකට සම්බන්ද කරන්නේ කාට්ලේජ් පෘෂ්ටයකින්. joint 1ක පිරිලා තියෙනවා ස්නේහක ද්‍රව්‍යකින් synovial fluid කියලා. මේ ද්‍රවය ඇත්තටම joint 1කට අවශ්‍ය පෝෂද්‍රව්‍ය වලින් සමන්විතයි. මීට අමතරව එහි දියවුනු ඔක්සිජන්. නයිට්‍රජන් හා කාබන් ඩයොක්සයිඩ් කියන වායූන් තියෙනවා.

    අපි ඔය කියන ඇඟිලි පුරුක් කඩනකොට වෙන්නේ මේ joint capsule 1ක (කොපුව) ඇදීමකට ලක්වෙනවා..
    හැබැයි අනවශ්‍ය ලෙස ඇදීම වලක්වන්න සාදක කිහිපයක් ක්‍රියාකරනවා. අපි පොඩි බලයක් දීලා කම්මැලි කමට ඔය ඇඟිලි පුක් කඩද්දී මේ joint capsule 1කේ පරිමාව වෙනස් වෙන්න ඔනේ. (වැඩි වෙනවා) ඒ සදහා එහි පීඩනය අඩු වෙන්න ඔනේ. මොකද පරිමාව ප්‍රතිලෝමයි පීඩනයට. ඉතින් පීඩනය අඩු කරගන්න අර මම කලින් කියපු දියවෙලා තියෙන වායුන් ටිකක් එලියට යන්න ඔනේ එතකොට පුලුවන් 1කට අවශ්‍ය විදිහට පරිමාව වැඩි කරගන්න.

    ඔය ඉක්මනින එලියට පනින ගෑස් ( වායුන් ) වල සද්දේ තමා ඇහෙන්නේ.
    එක දිගට ඔය සද්දේ එන්න එහෙම ඇඟිලි පුරුක් කඩන්න බෑ නේද? එකට හේතුව වායූන් ටික එලියට පැනලා ඉවරයිනේ,, ඔය ඇඟිලි පුරුකක් කඩලා x- ray 1ක් ගත්තොත් ලස්සනට මම කියපු වායු බුබුලු ටික බලා ගන්න පුලුවන්. කිසි අවුලක් නෑ කඩන්න හැබැයි පුරුද්දක් කර ගන්න එපා.. ඇඟිලි පුරුක් මහත් වෙනවා


    2-synovial_joint.gif

    බෙහෙවින් ස්තූතියි
     

    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    මරුසිරා;19100518 said:
    වටිනා හුයක් මචෝ ..

    You must spread some Reputation around before giving it to Dineth1990 again.:sorry:

    ගොඩාක් ස්තූතියි මචෝ....