ඇයි මට මෙහෙම උනේ

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඇයි මට මෙහෙම උනේ

    මෙටික හිමිට කියවල බලන්න සංසාරයේ ඔබ මොන සිල් පදය ආරක්ෂා කරල තියනවද
    එසේ නොමැතිනම් දැන් ඊට පෙළ ගැසෙන්න
    ]\

    තෙරුවන් සරණයි


    (මේවා කියවන අය අඩුයි ,ආගමකට බැනපු ත්‍රෙඩ් එකක කට්ටිය ගොඩයි ,අඩුම ගානේ බම්ප් එකක් වත් දාලා යන්න ,අනික පන්සිල් බුදු හාමුදුරුවෝ කියපු දෙයක් නොවේ ,එය බුදු හාමුදුරුවෝ අගය කරපු පිලි පදින්න කියල මග පෙන්නපු දෙයක් ,මම දන්නා තරමට මේක දබදිව කුරු රට තිබු දෙයක් ,එනිසා ඕනෑම ආගමික කෙනෙකුට පොදු විශ්ව මුලික සන්කල්පයක් මේ කියපු දේ වල වරදක් තිබුනොත් නිවැරදි කරන්න )


    482597_143693709129050_1069472841_n.jpg




    සත්ව ඝාතනයෙන් වැලකී සිටීමෙන් ලැබෙන ආනිශංස



    1. ආරෝහ පිරිනාහ සම්පත්තියෙන් යුක්ත වීම
    2. ජව සම්පත්තියෙන් යුක්ත වීම
    3. මනාව පිහිටන පියවර ඇත්තෙකු වීම
    4. රන්වන්පාට සිරුරක් ඇත්තෙකු වීම
    5. මුදු මොළොක් සිරුරක් ලැබීම
    6. පිරිසිදු පැවතුම් ඇති ඇත්තෙකු වීම
    7. සූර වීර ගති ඇත්තෙකු වීම
    8. මහා බලවන්තයෙකු වීම
    9. නොපැකිල කිවහැකි වචන ඇත්තෙකු වීම
    10. කාටත් ප්‍රිය මනාප පුද්ගලයෙකු වීම
    11. පහ කළ දොස් ඇත්තෙකු වීම
    12. කෙනෙකුට බිදවිය නොහැකි පරිවාර සම්පත්තියක් ලැබීම
    13. තැති නොගත් කෙනෙකු වීම
    14. විනාශ නොකළ හැකි උතුමෙකු වීම
    15. පර උපක්‍රමවලින් අකල් මරණයට පත් නොවීම
    16. අනන්ත වූ පරිවාර සම්පත් ඇති බව
    17. සුරූපී පුද්ගලයෙකු වීම
    18. මනා සටහන් ඇත්තෙකු වීම
    19. අල්ප ආබාධ ඇත්තෙකු වීම
    20. ‍ශෝක නොකරන්නෙකු වීම
    21. ප්‍රියයන්ගෙන් වෙන්වන්නට සිදු නොවීම
    22. දීර්ඝායුෂ ලැබීම
    23. මනාව පිහිටි අග පසග ඇත්තෙකු වීම

    අදත්තාදානයෙන් වැළකීමෙන් ලැබෙන ආනිශංස

    1. මහා ධනවතෙකු වීම
    2. බොහෝ ධන ධාන්‍ය ලබන්නෙකු වීම
    3. අනන්ත භෝග සම්පත් ඇත්තෙකු වීම
    4. නූපන් වස්තු උපදවීමට පුණ්‍ය ශක්තිය ඇත්තෙකු වීම
    5. ඇත්තා වූ භෝග රැකගැනීමේ වාසනාව
    6. කැමති වස්තූන් වහා ලබන්නෙකු වීම
    7. රාජ,සොර,ගිනි,ජල ආදියෙන් විනාශ කල නොහැකි වස්තුව ඇති වීම
    8. සාධාරණ ධන වාසනා ඇත්තෙකු වීම
    9. ලෝකයේ උත්තමයෙකු බවට පත්වීම
    10. නැත යන වචනය දන්නෙකුවත් නොවීම
    11. සැප විහරණ ඇත්තෙකු වීම






    කාමයෙහි වරදවා නොහැසිරීමෙන් ලැබෙන ආනිශංස

    1. සතුරන් නැත්තෙකු වීම
    2. සියලු ජනතාවටම ප්‍රිය කරන්නෙකු වීම
    3. ආහාර පානාදී සියල්ල අඩුවක් නැතිව ලැබීමේ භාග්‍ය ඇත්තෙකු වීම
    4. සැපසේ නින්ද යාම
    5. සැපසේ පිබිදීම
    6. අපාය භය නැත්තෙකු වීම
    7. නපුංසක,උභතෝ,ඛ්‍යඤ්ජනක තත්ව වලට පත් නොවීම
    8. ක්‍රෝධය අඩු පුද්ගලයෙකු වීම
    9. ඒ ඒ දෙය පරික්ෂෘ කොට කරන්නෙකු වීම
    10. කර නොබාගත් කෙනෙකු වීම (කුදු නොවීම)
    11. සැක බිය නිසා බිම බලාගෙන නොසිටින්නෙකු වීම
    12. ඔවුනොවුන්ට ප්‍රිය මනාප අඹුසැමියන් ලැබීම
    13. පිරිපුන් ඉදුරන් ඇති බව
    14. පිරිපුන් ලක්ෂණ ඇති බව
    15. සැක නැති පුද්ගලයෙකු වීම
    16. මහන්සි නොවී ධනය ලැබීමේ භාග්‍ය ඇතිවීම
    17. සැප විහරණ ඇත්තෙකු වීම
    18. කිසි තැනක කුමකටවත් බිය නොවන්නෙකු වීම
    19. ප්‍රියයන්ගෙන් වෙන් නොවන්නෙකු වීම


    මුසා බස් නොපැවසීමේ ආනිශංස

    1. අතිශයින් ප්‍රසන්න ඉදුරන් ඇත්තෙකු වීම
    2. මනා මිහිරි කටහඩක් ඇත්තෙකු වීම
    3. සමානව පිහිටි සුදු දත් දෙපලක් ඇත්තෙකු වීම
    4. අශෝභන වූ මහත් ශරීර නොලබන්නෙකු වීම
    5. අශෝභන වූ මිටි ශරීර නොලබන්නෙකු වීම
    6. අශෝභන වූ උස ශරීර නොලබන්නෙකු වීම
    7. සැප ස්පර්ශ ඇත්තෙකු වීම
    8. දුගද නැති මල් සුවදැති මුඛයක් ඇත්තෙකු වීම
    9. සුවච කීකරු පරිවාර ජනයා ඇති බව
    10. විශ්වාස කළයුතු වචන ඇත්තෙකු වීම
    11. නෙඵම් පෙත්තක් බුදු වූ මෘදු වූ රත්පැහැ දිවක් ලබන්නෙකු වීම
    12. උඩගු නොවන බව
    13. චපල අදහස්,ක්‍රියා නැත්තෙකු වීම

    මත්ද්‍රව්‍ය ගැනීමෙන් වැළකීමෙන් ලැබෙන ආනිශංස

    1. ත=න් කල්හි කරන යම් කටයුත්තක් වේද එය වහා වැටහෙන බව
    2. සෑම කල්හිම එලඹ සිටි සිහි ඇත්තෙකු වීම
    3. උම්මත්තක නොවී ඉපදීම
    4. ඥානවන්තයෙකු වීම
    5. අලස නොවීම
    6. නොහික්මුණු ක්‍රියා නොකිරීම
    7. කෙළතොලු නොවීම
    8. තරුණ මදයෙන් ආදී මත්වුණු ස්වභාවයක් නැති බව
    9. අප්‍රමාදී විහරණ ඇත්තෙකු වීම
    10. මෝහයෙන් මුලාවී කටයුතු කරන්නෙකු නොවීම
    11. තැති ගැනීම් නැත්තෙකු වීම
    12. එකට එක නොකිරීම
    13. ඊර්ෂියා නොකරන බව
    14. සත්‍ය වචන කතාකරන්නෙකු වීම
    15. කේළාම්,පරුෂ,හිස්, වචන කථාකරන්නෙකු නොවීම
    16. අලස බවින් තොරව කටයුතු කරන්නෙකු වීම
    17. කළගුණ දන්නෙකු වීම
    18. කළ උපකාරයට ප්‍රති උපකාර දක්වන්නෙකු වීම
    19. මසුරු මල ධර්ම නැත්තෙකු වීම
    20. ත්‍යාගවන්තයෙකු වීම
    21. මහා සිල්වතෙකු වීම
    22. ඍජු ගති පැවතුම් ඇත්තෙකු වීම
    23. ක්‍රෝධ නොකරන සත්පුරුෂයෙකු වීම
    24. පව් කිරීමට ලැජ්ජා ඇති ගුණවත් අයෙකු වීම
    25. පව් කිරීමට බිය ඇත්තෙකු වීම
    26. ඍජු අදහස් ඇත්තෙකු වීම
    27. මහා ප්‍රඥාවන්තයෙකු වීම
    28. මහා චිත්ත ශක්තියක් ඇති නුවණැත්තෙකු වීම
    29. දාර්ශනික අදහස් ඇති පණ්ඩිතයෙකු වීම

    මෙතනින් ගත්තේ

    https://www.facebook.com/SasaraTharanaya
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,221
    113
    Gotland
    මා දැනට කිසිම සිල් පදයක් ආරක්ෂා කර නැති අතර ඉදිරියේදී ආරක්ෂා කිරීමට අදහසක්ද නැත.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    295630_143844612447293_1901416526_n.jpg




    බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත්ව ඇති ස්ථාන

    මහියංගන චෛත්‍ය - කේෂ ධාතු,ග්‍රීවා ධාතු
    ථූපාරාමය - දකුණු අකු ධාතුව
    සේල චෛත්‍ය - ඌර්ණ රෝම ධාතුව
    සේරුවාවිල චෙත්‍ය්‍ය - ලලාට ධාතුව,කේෂ ධාතු
    රුවන් වැලි මහා සෑය - කුඩා ධාතූන් වහන්සේලා ද්‍රෝණයක් පමණ
    දළදා මාලාගාව - වම් දන්ත ධාතුව
    ගිරිගඩු සෑය - කේෂ ධාතු
    සිඵමිණ මහා සෑය (තව්තිසා දෙව් ලොව) - දළදා වහන්සේ නමක්
    සඵමිණි සෑය (බඹ ලොව) - වම් අකු ධාතුව
    සෝමාවතිය - වම් යටි දළදා වහන්සේ

    ධාතු පිරිනිර්වානය -

    බුදුරජාණන් වහන්සේට පරිනිර්වාණ තුනක් ඇත. ක්ලේශ පරිනිර්වාණය, ස්කන්‍ධ පරිනිර්වාණය, ධාතු පරිනිර්වාණය යනු එම පරිනිර්වාණ තුන යි. අප බුදුරදුන් ගේ ක්ලේශ පරිනිර්වාණය ගයාවේ ජය ශ්‍රී මහා බෝධි මූලයේ දී සිදුවිය. ස්කන්‍ධ පරිනිර්වාණය කුසිනාරා නුවර මල්ල, රජ දරුවන් ගේ උපවත්තන සල් වනයේ දී සිදුවිය. ධාතු පරිනිර්වාණය අනාගතයේ දී සිදු වෙයි. එය කෙසේ සිදුවේ ද?

    ගෞතම බුදුසසුනට වසර පන්දහසක් කල් සම්පුර්ණ වූ කල්හි වෙසක් පුර පසළොස්වක පොහෝ දින ලංකාවේ මයියංගනය, මැදිරිගිරිය, කැලණිය, දීඝවාපිය, සේරුවිල , ගිරිහඬු සෑය, ජේතවනය, අභයගිරිය, ථූපාරාමය ආදී බොහෝ ස්තූපයන්හි වැඩ සිටින සර්වඥ ධාතුන් වහන්සේලා අහසට පැන නැගී අනුරාධපුර රුවන්වැලි මහා සෑයේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින ස්ථානයට එක් රැස් වෙති. ධාතු නිදන් කළ දිනයේ පටන් ඒ දක්වා ධාතු ගර්භය තුළ දැල්වෙමින් පැවති සිංහ තෙල් පහන් එදින නිවී යයි.

    එකල්හි රුවන්වැලි මහා සෑයේ ධාතු ගර්භයට රැස් වූ ඒ සියලු ම සර්වඥ ධාතුන් වහන්සේලා අහසට පැන නැගී එක නූලක අමුණන ලද මුතු ඇට පෙළක් මෙන් නාගදීපයේ රාජායතන චෛත්‍යය වෙත වැඩම කර අප බුදුරදුන් දෙවැනි වරට ලක්දිවට වැඩම කළ අවස්ථාවේ වැඩ හිඳ නාගයින්ට දහම් දෙසූ මැණික් පුටුව මත තැන්පත් වෙති.

    එහි දී අප්‍රමාණ දිව්‍ය නාගයින් ගේ මහත් වූ වන්දනා පුද සත්කාර ලබන සර්වඥ ධාතුන් වහන්සේලා මැණික් පුටුවත් සමගින් ම අහසට පැන නැගී දඹදිව ගයාවේ ජය ශ්‍රී මහා බෝධි මූලයට වැඩම කරති.

    එකල්හි දඹදිව හා ලෝකයේ තව බොහෝ රටවල්වල වැඩ සිටින සර්වඥ ධාතුන් වහන්සේලා ද දිව්‍ය ලෝකයන්හි බ්‍රහ්ම ලෝකයන්හි නාග ලෝකයන්හි වැඩ සිටින සර්වඥ ධාතුන් වහන්සේලා ද ඒ ඒ ස්ථානයන් ගෙන් අහසට පැන නැගී දඹදිව ගයාවේ ජය ශ්‍රී මහා බෝධි මූලයට වැඩම කරති.

    ඒත් සමග ම මහත් වූ චජ්‍රාසනයක් පොළොව පළාගෙන ඉහළට මතු වෙයි. එවිට සියලු ම සර්වඥ ධාතුන් වහන්සේලා වජ්‍රාසනය මත තැන්පත් වෙති. පසුව ඒ සියලු ම ධාතුන් වහන්සේලා එකට එක්වී බුදුරුව මවා ගනිති.

    ලලාට ධාතුව ලලාට ධාතුව තිබූ තැන ම පිහිටයි. අකුධාතු දෙනම අකු ධාතු දෙනම තිබු තැන ම පිහිටයි. සතර දළදා සතර දළදා තිබූ තැන ම පිහිටයි. ශ්‍රීවාස්ථී ධාතුව ශ්‍රීවාස්ථි ධාතුව තිබූ තැන ම පිහිටයි. සියලු කේශ ධාතු හා ලෝම ධාතු පෙර ඒ ධාතු තිබූ ස්ථානයන්හි ම පිහිටයි. මුං ඇට, කඩසහල්, අබ ඇට යන ප්‍රමාණයන්ට කැඩී බිඳී වෙන් වී ගිය නැළි දහසයක අස්ථි ධාතු පෙර ඒ ධාතු තිබූ ස්ථානයන්හි නොවරදවා ම පිහිටයි. ඒ ත් සමග ම දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ හා අසූවක් අනුව්‍යංඡන ලක්‍ෂණ ද පහළ වෙයි.

    එදා බුදුරදුන් බුදු වූ දිනයේ දී මෙන් මෙදිනත් දස දහසක් සක්වළ ඒකාලෝක කරමින් බුද්ධ ශරීරයෙන් සවණක් රැස් විහිදෙයි. සියලු දිශා බබළයි. වඩ වඩාත් බබළයි.

    මෙය දකින දිව්‍ය බ්‍රහ්මයෝ “ අද අප බුදුන් ගේ ධාතු පරිනිර්වාණය සිදු වේ” යයි කියා වහ වහා දිවමල්, දිවගඳ ගෙන බොහෝ දෙව්බඹුන් ද සමගින් දඹදිව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත වහ වහා රැස් වෙති.

    එකල්හි ඒ බුදුරුව අහසට පැන නැගී යමා මහා පෙළහර දක්වා ( යමා මහ පෙළහර හෙවත් යමක ප්‍රාතිහාර්යය බුදුවරයෙකුට පමණක් කළ හැක්කකි.අහසට නැගී විවිධ ඉරියව් වලින් අවශ්‍ය තරම් බුදුරූප මැවිය හැකි වීමත්,එක් රෝම කූපයක් ගත් විට එයින් ගිනි කදක් හා ජල කදක් බැගින් එකවර මුලු ශරීරයෙන්ම පිටකිරීමට හැකිවීමත් මෙහි විශේෂත්වයයි)අහසින් බැස වජ්‍රාසනය මත වැඩ සිටිති. ඒ ත් සමග ම ධාතු ශරීරයෙන් මහත් වූ ගිනි ජාලාවක් හට ගෙන ආදාහනය වෙයි. මෙය දකින දේවතාවෝ “ මේ අප බුදුන් දකින අවසාන වතාවයි. අදින් පසු අපට ධාතුන් වහන්සේ නමක් වත් දැක බලා ගැනීමට නොහැකි වේ. අහෝ ! මුළු ලොව ම හිස් වී ගියේය. අඳුරු වී ගියේය. බුද්ධාලෝකය නිවී ගියේ ය”යි කියා මහත් වූ දුකට පත් ව හඬා වැටෙති.

    මේ ආදාහනයේ දී අබ ඇටයක් තරම් කුඩා වූ සර්වඥ ධාතුන් වහන්සේ නමක් වත් ඉතිරි නොවෙයි. සියලු ම ධාතු ආදාහනය වෙයි. අළු වත් දැලිවත් ඉතිරි නොවෙයි. සියලු ධාතු දැවී ගිය කල්හි මහත් වූ ගිනි කඳ අතුරුදහන්වී යයි .එසේම බුදුරදුන්ගේ ශ්‍රී පාද ලකුණු හතරම (සමනළ කන්දෙහිද ඇතුලුව)මෙම සිදුවීමත් සමගම මැකී යයි.එසේම මෙම සිදුවීම දැක පැහැදීමට පත්වන අය දෙව් ලොව උපත ලබන බවද සදහන්ය.මෙසේ ධාතු පරිනිර්වාණය සිදු වන බව දත යුතු යි.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ධර්ම ශ්‍රවණය කිරීමේදී අත්හළ යුතු කරුණු දහය මෙසේය...

    දේශනාවට දොස් නගන අදහසින් ශ්‍රවණය කිරීම
    දේශකයාණන්ට ගරහන අදහසින් ශ්‍රවණය කිරීම
    තමාට දොස් නගා ගනිමින් ධර්ම ශ්‍රවණය කිරීම
    මෝඩ වූ දුශ් ප්‍රඥාව තුළින් ධර්මශ්‍රවණය කිරීම
    විසිරුණු (තැන්පත් නැති) සිතින් ධර්මශ්‍රවණය කිරීම
    නුවණින් මෙනෙහි නොකරමින් ධර්මශ්‍රවණය කිරීම
    ගුණමකු සිතින් ධර්මශ්‍රවණය කිරීම
    නොදන්නා ධර්මය කෙරෙහි දන්නවා යන මානයෙන් ධර්මශ්‍රවණය කිරීම
    වාද නගන අදහසින් දේශනාවේ අඩුපාඩු සොයමින් ධර්මශ්‍රවණය කිරීම
    දේශකයන් වහන්සේ කෙරෙහි ක්‍රෝධ සිතින් ගැටුණු සිතින් ශ්‍රවණය කිරීම
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    පිරිහීමේ දොරටු...(පරාභව සූත්‍රය ඇසුරෙන්)

    1. දහමට අකමැති බව
    2. අසත්පුරුෂයන්ට ප්‍රිය බව
    3. සත්පුරුෂයන්ට ප්‍රිය නොකිරීම
    4. අසත්ධර්මයට කැමති බව
    5. නිදනසුලු බව
    6. දොඩනසුලු බව
    7. මැලි බව
    8. වීර්ය නැති බව
    9. කිපෙනසුලු බව
    10. මවුපියන් පො‍්ෂණය නොකිරීම
    11. වංචාව
    12. රස බොජුන් තනිවම වැලදීම
    13. උඩගු නෑයන් පහත් කොට සැලකීම
    14. ස්ත්‍රී ලොල් බව
    15. සුරා ලොල් බව
    16. දූ කෙළියෙහි ලොල් බව
    17. ලද දෑ විනාශ කිරීම
    18. වෛශ්‍යා සේවනය
    19. පරදාර සේවනය
    20. මහලු වියෙහි සිට තරුණියක සරණපාවා ගැනීම
    21. අරපරෙස්සම නැති ස්ත්‍රියක ප්‍රධානත්වයෙහි තැබීම
    22. අරපරෙස්සම නැති පුරුෂයෙකු ප්‍රධානත්වයෙහි තැබීම
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අප හා එක්වන්න ► භව කර්ම (Bawa Karma)

    මේ ලෝතයේ සිටින පෘථක්ජන මිනිස්සු දුර්ලභයි,දුර්,භයි කිය කියා විවිධ දේවල් ගැන කතා කරනවා.ඒත් ඒ දේවල් ඇත්තටම දුර්ලභද..
    නැහැ.මොකද මේ සංසාරෙ ගමනෙ ඕනෑම කාලෙකදී ඒ දේවල් සොයාගන්න ලැබෙන නිසා..දැන ගත යුතු හැම දෙයක්ම අපිට කියල දුන්න
    අපේ ශාස්තවරයාණන් වහන්සේ.ඒ භාග්‍යවත් අරහත් බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ ඇත්තටම දුර්ලභ දේවල් මොනවද කියල අපිට
    පෙන්වා දුන්නා.මේ උතුම් දෙශනය ඇතුළත් වෙන්නෙ අංගුත්තර නිකායෙ 04 වැනි පොත් වහන්සේටයි.

    පාතුභාව සූත්‍රය
    මහණෙනි කරුණු හයක පහළ වීම ලෝකයේ දුර්ලභයි.ඒ කවර කරුණුද යත්-

    1. තථාගත අරහත් සම්බුදු රජාණන් වහන්සේගේ පහළ වීම ලෝකයේ දුර්ලභයි.
    2. තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ධර්ම විනය දේශනා කරන පුද්ගලයා දුර්ලභයි.
    3. ආර්ය ආයතනයේ (මධ්‍ය දේශයේ)ඉපදීම ලෝකයේ දුර්ලභයි.
    4. විකෘති නොවී ඉදුරන් පිහිටීම ලෝකයේ දුර්ලභයි.
    5. අඥාන නොවීම, කෙළතොලු නොවීම ලෝකයේ දුර්ලභයි.
    6. තුසල් දහම් වඩන්නට ඇති කැමැත්ත ලෝකයේ දුර්ලභයි.

    මහණෙනි මෙම කරුණු සයෙහි පහළ වීම ලෝකයේ දුර්ලභයි.
    සාධු...සාධු...සාධු...
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අප හා එක්වන්න ► භව කර්ම (Bawa Karma)

    මේ ලෝතයේ සිටින පෘථක්ජන මිනිස්සු දුර්ලභයි,දුර්,භයි කිය කියා විවිධ දේවල් ගැන කතා කරනවා.ඒත් ඒ දේවල් ඇත්තටම දුර්ලභද..
    නැහැ.මොකද මේ සංසාරෙ ගමනෙ ඕනෑම කාලෙකදී ඒ දේවල් සොයාගන්න ලැබෙන නිසා..දැන ගත යුතු හැම දෙයක්ම අපිට කියල දුන්න
    අපේ ශාස්තවරයාණන් වහන්සේ.ඒ භාග්‍යවත් අරහත් බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ ඇත්තටම දුර්ලභ දේවල් මොනවද කියල අපිට
    පෙන්වා දුන්නා.මේ උතුම් දෙශනය ඇතුළත් වෙන්නෙ අංගුත්තර නිකායෙ 04 වැනි පොත් වහන්සේටයි.

    පාතුභාව සූත්‍රය
    මහණෙනි කරුණු හයක පහළ වීම ලෝකයේ දුර්ලභයි.ඒ කවර කරුණුද යත්-

    1. තථාගත අරහත් සම්බුදු රජාණන් වහන්සේගේ පහළ වීම ලෝකයේ දුර්ලභයි.
    2. තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ධර්ම විනය දේශනා කරන පුද්ගලයා දුර්ලභයි.
    3. ආර්ය ආයතනයේ (මධ්‍ය දේශයේ)ඉපදීම ලෝකයේ දුර්ලභයි.
    4. විකෘති නොවී ඉදුරන් පිහිටීම ලෝකයේ දුර්ලභයි.
    5. අඥාන නොවීම, කෙළතොලු නොවීම ලෝකයේ දුර්ලභයි.
    6. තුසල් දහම් වඩන්නට ඇති කැමැත්ත ලෝකයේ දුර්ලභයි.

    මහණෙනි මෙම කරුණු සයෙහි පහළ වීම ලෝකයේ දුර්ලභයි.
    සාධු...සාධු...සාධු...
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    285314_142482135916874_479904282_n.jpg


    (මෙම ත්‍රිවිධ පූජාවේ අනුසස් ඉතා බොහෝ බැවින්, සංක්ෂිප්ත ලෙස ලෙස දක්වා ඇත)

    මල් පූජාවේ අනුසස් -
    සුගති භවයන්ගේ උත්පත්තියට හේතු වීම
    බොහෝ දෙනාට ප්‍රිය අයෙකු වීම
    දුටුවන් වශීවන රූප සොභාවෙන් යුක්ත වීම
    සිත එකග කරගැනීමට හැකිවිම
    ප්‍රාර්ථනා පරිදි නිවනට හේතු විම
    ලෙඩ රෝගවලින් වැලකිම
    අන්‍යන්ට වඩා බලගතු විදසුන් ප්‍රඥාවක් ලැබීම
    වචනය බොහෝ දෙනා ප්‍රිය භාවයෙන් පිලිගැනීම

    පහන් පූජාවේ අනුසස් -
    ප්‍රඥාව ලැබීමට හේතු වීම
    හො‍ද ඇස් ලැබීමට හේතු වීම
    දිවැස් ලැබීමට හේතු වීම
    පතන බෝධියකින් නිවන් දැකීමට හේතු විම
    ඍධිමය හැකියා පහළ වීම
    ධ්‍යානයන් හා විදර්ශනා ඥානය ලැබීමට හේතු වීම
    ඇස් රෝග නොවැලදීම
    දිබ්බ චක්කු,දිබ්බ සෝත,පරචිත්ත විජානන,පුබ්බේ නිවාසානුස්සති ඥානයන් ලැබීමට හේතු වීම
    ශිල්ප ශාස්ත්‍ර වහා අවබෝධ වීම

    සුවද පූජාවේ අනුසස් -
    උපනූපන් ජාතියේ සැමට ප්‍රිය අයෙකු වීම
    වහා අවබෝධ වන නුවණ ඇත්තෙක් වීම
    සුගති භවයන්හි උත්පත්තියට හේතු වීම
    වහා චිත්ත සමාධිය ඇතිවේ
    සුවදවත් සිරුරක් ලැබේ
    නවන සදහා හේතු වීම

    පැන් පිදීමේ අනුසස් -
    ආයුෂයෙන්,වර්ණයෙන්,සැපයෙන්,පිරිවරින්,ආධිපත්‍යයෙන්,රූපයෙන්,ශබ්දයෙන්,ගන්ධයෙන්,රසයෙන්,ස්පෂ්ටව්‍යය යන කරුණු වලින් දෙව්ලොවදී අන් දෙවගනන් ඉක්මවා සිටීම යනඅනුසස් ලැබේය.

    ආහාරපාන පිදීමේ අනුසස් -
    බොහෝ ආයුෂ ඇත්තේ වීම
    බලවත් වීම
    ධෛර්ය ඇත්තේ වීම
    වර්ණ ඇත්තේ වීම
    යසස් ඇත්තේ වීම
    සුව ඇත්තේ වීම
    ආහාර පාන ලැබීම
    ශූර වීම
    නුවණැති වීම

    ගිලන්පස පිදිමේ අනුසස් දසය -
    ආයුෂය,ශරීර ශක්තිය,නුවණ,ශරීරයේ යහපත් පැහැය,පිරිවර,
    සැපය,උපද්‍රව නැතිබව,ගොවිතැන් පාලු වීම ආදී ව්‍යසන නොමැති
    බව,ගරු බුහුමන් ලැබිම,ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුකක් නොවීම
    යන අනුසස් ලැබීම.

    අටපිරිකරට අනුව මෙතැන් සිට සදහන් වන පූජා සයෙහි අනුසස්
    පෙළ ගස්වා ඇත.

    වස්ත්‍ර පිදීමේ අනුසස් -
    රන්වන් සිරුරු ඇත්තෙක් විම
    ශරීරයේ කුණු දූවිලි නැත්තෙක් වීම
    රැස් විහිදෙන ශරීර ඇත්තේ වීම
    ප්‍රතාප ඇත්තේ විම
    සිනිදු සිරුරක් ඇත්තේ වීම
    හිස මස්තකයෙහි සුදු,කහ,රතු පැහැ ඇත්තා වූ ලක්ෂ ගණනින් වස්ත්‍ර දරා සිටීම

    පාත්‍ර පිදීමේ අනුසස් -
    රන්,මැණික්,රිදී සෑම කල්හි පරිහරණය‍ට ලැබීම
    උපද්‍රව අනතුරු නැත්තේ වීම
    සෑම කල්හි සියල්ලන් විසින් ගරු තරන අයෙකු වීම
    ආහාරපාන,වස්ත්‍ර,සයනාසන ලබන්නේ විම
    බෝග විනාශයට පත් නොවීම
    ස්ථිර සිත් ඇත්තෙකු වීම
    හැම කල්හි ධර්මය කැමැත්තෙක් වීම
    මද කෙලෙස් ඇත්තෙක් වීම
    ආශ්‍රව රහිත විම
    මෙම සියල්ල දෙව් මිනිස් භවයන්හි අත් නොහැර යන
    සෙවණැල්ලක් සේ ලැබීම

    දැළිපිහියා පිදීමේ අනුසස් -
    හැම කල්හි ශූර වීම
    නොවිසිරි සිත් ඇත්තෙක් වීම
    වෛශාරද්‍යයෙහි පරතෙරට පැමිණීම
    ධෛර්ය ඇත්තේ වීම
    වීර්ය ඇත්තේ විම
    කෙලෙස් වසගයට යා නොදී රැකගත් සිත් ඇත්තෙක් විම
    කෙලෙස් සිදින්නා වූ සියුම් ශුද්ධ වූ ඥානය සැම කල්හි ලැබීම

    ඉදිකටු පිදිමේ අනුසස් -
    සැක නැත්තේ වීම
    සැක සිදින්නේ වීම
    රූ ඇත්තේ වීම
    භෝග ඇත්තේ වීම
    තියුණු වූ නුවණ ඇත්තේ වීම
    ගම්භීර වූද සියුම් වූද ස්ථාන වූද අර්ථයෙන් ඥානයෙන් දැකීමට සමත් වීම
    මොහදුර නසන්නා වූ වජ්‍රායුධාග්‍රයට සමවූ ඥානයක් ඇත්තේ වීම

    පටි පිදීමේ අනුසස් -
    සමාධීන්හි කම්පා නොවීම
    සමාධියෙහි වශී භාවය ඇත්තේ වීම
    නොබිදෙන පිරිස් ඇත්තේ විම
    හැම කල්හි අනුන් පිලිගන්නා වචන ඇත්තෙකු වීම
    එළඹ සිටි සිහි ඇත්තෙකු විම
    බියක් හට නොගැනීම

    පෙරහන්කඩ පිදීමේ අනුසස් -
    සෑම දෙන ඉක්මවා දිව්‍යායුෂ ලැබීම
    සොර සතුරන්ට කිසිදා හිංසා නොකල හැකි වීම
    ආයුධ වලින්ද,වස විසෙන්ද හිංසාවක් නොවීම
    නියමිත ආයුෂ ගෙවන තුරු අකල් මරණයට පත් නොවිම.

    -----------------------------------------------------------------

    ඡත්‍ර දානයේ අනුසස් -
    ශීත හා උෂ්ණ යන දෙකෙන් පීඩා නොවීම
    ශරීරයේ කුණු නොඇලීම
    උපද්‍රව නොමැති වීම
    අන්තරාය නොමැති වීම
    හැම කල්හි අන්‍යයන් ගරු කිරීම
    සියුම් සම ඇත්තේ වීම
    සිත පිරිසිදු බවින් යුක්ත වීම
    සසර සැරිසරණ කල්හි විචිත්‍ර ඡත්‍ර ලක්ෂණයක් හිස මස්තකයේ පිහිටිම

    පවන්අතු දානයේ අනුසස් -
    ශීත හා උෂ්ණ යන දෙකෙන් පීඩා නොවීම
    ශරීරයේ දාහය නොමැතිවීම
    සිත තවන දාහයක් නොමැති වීම
    රාග ගිනි,ද්වේෂ ගිනි,මෝහ ගිනි,මාන ගිනි,දෘෂ්ටි ගිනි යන සියලු
    ගිනි නිවීම

    පාවහන් දානයේ අනුසස් -
    හස්ති,අශ්ව සිවි,රථ ද සැට ලක්ෂයක් සැම කල්හි තමා පිරිවරා සිටීම
    මැණිකෙන්ද,කම්බිලියෙන්ද,රනින්ද,රිදියෙන්ද පාදුකාවෝ පා
    ඔසවන කල පහළ විම
    ඍධිමය මිරිවැඩිට නැගී සිටීමට හැකි විම.

    තෙල් බිදීමට තැබීමට බදුන් පිදීමේ අනුසස් -
    නිරෝගී සැප ලැබීම
    රූප සම්පත්තිය ලැබීම
    ප්‍රිය වචන ඇත්තෙකු වීම
    කැපඹුනු සිතින් තොර කෙනෙකු විම
    ආරක්ෂා ඇත්තෙකු වීම

    අංසකඩ පිදීමේ අනුසස් -
    අන් අයගේ සිත් දිනාගන්නා නුවණ ඇතිවිම
    පෙර ආත්ම සිහිකිරිමේ නුවණ ඇතිවීම
    පැහැපත් ශරීර වර්ණයක් ඇති වීම

    සැරයටි,කිහිලිකරු හා රෝදපුටු පූජාවේ ආනිශංසය
    තම දරුවන්,පබිරිද,සහෝදර සහෝදරියන් මවිපියන් අකාලයේ
    මරණයට පත්නොවීම හා එවැනි ප්‍රිය විප්පයෝග දුකකට පත් නොවිම.

    ඉන බදින පටි පූජා කිරිමේ ආනිශංස -
    සිත සමාධි කර ගැනීමට හැකිවීම
    කරදර වලදී කම්පා නොවන සිතක් ඇතිවීම
    තමා වෙත බැදුණු පිරිසක් ඇති විම
    අන් අය පිලිගන්නා සත්‍ය වචන ඇති බව
    පැහැදිලි මතක ශක්තියක් ඇති බව
    නිර්භය බව

    අනුසස් එකක් ගෙන දුන් පූජා -
    ප්‍රාතාදිය තබන ආධාර පිදීම
    කුඩා පිහිද,ලොම් උදුරන අඩු පිදීම.

    අනුසස් දෙකක් ගෙන දුන්පූජා -
    පිදුරු බිසි පිදීම
    යතුරු පිදීම හා පා පුටු පිදීම

    අනුසස් තුනක් ගෙන දුන්පූජා -
    ඉදිකටු,අසංකඩ,භාජන හා තලි පිදිම

    අනුසස් පසක් ගෙන දුන්පූජා -
    පිහි,නිය කපන,තෙල් කල් තබා ගන්නා භාජන,අදුන් නල,ඇග ගල්වන තෙල්,තෙල් ගිතෙල් පිදීම හා මුව පිරිසිදු කරන පිදීම

    අනුසස් සයක් ගෙන දුන්පූජා -
    කොට්ට,දිය පිස්නා,පුටු හා මෙට්ට පිදීම

    අනුසස් අටක් ගෙන දුන්පූජා -
    නස්‍ය කිරීමේ උපකරන පිදීම හා බෙහෙත් අදුන් පිදිම

    අනුසස් දසයක් ගෙන දුන්පූජා -
    මහා සැළි හා කරඩු පිදීම.
    ආහාරපාන පිදීම
    බෙහෙත් පිදීම
    සුවද දුම් පිදීම

    (මෙම පූජාවෙන්ගේ අනුසස් දැන ගැනීම සදහා ත්‍රිපිටකයේ ආපදාන
    පාලිය,පාරමිතා ප්‍රකරණය නැමැති ග්‍රන්ථ බලන්න)

    ඇමදීමේ ආනිශංස -
    තමාගේ සිත ප්‍රසාදයට පත්වේ
    අනුන්ගේ සිත ප්‍රසාදයට පත්වේ
    දෙවියන් සතුටු වෙති
    රූප ශෝභාව දෙන පිනක් රැස් කරයි
    මරණින් මතු ස්වර්ගයේ උපදී

    වැදීමේ පිදිමේ ආනිශංස -
    ආයු,වණ්න,සැප,බල වැඩිවිම
    උසස් කුලවල උප්පත්තිය ලැබීම
    මාහානුභාව සම්පන්න වීම
    සියල්ලන්ගේම ගරු බුහුමන් ලැබීම

    කොඩි පූජාවෙන් ලැබෙන ආනිශංස -
    උපනුපන් තැන්වල ජනප්‍රිය පුද්ගලයෙකු වීම
    උසස් පුද්ගලයෙකු වීම
    සැමගේ ගරු බුහුමනට ලක්වීම
    සියලු සැප සම්පත් ලැබීම

    සේනාසන පූජාවේ ආනිශංස -
    විෂෙන් ආරක්ෂා වීම
    අවි ආයුධවලින් ආරක්ෂා වීම
    දියෙන් ආරක්ෂා වීම
    කලට වැසි ලැබීම
    දෙවියන්ගේ ප්‍රියභාවයට පත්වීම
    නො අඩුව සියලු සැප සම්පත් ලැබීම

    සැලකිය යුතුයි - පිළින්දවච්ඡ මහරහතන් වහන්සේ පදුමුත්තර බුදුන්
    වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට පූජාකළ මහා දානයන්ගෙන්
    ලැබූ අනුසස් ධර්මය අවබෝධ කළ අප බුදුරජාණන් වහන්සේගේ
    ශාසනයේදී ප්‍රකාශ කල අයුරු මෙහි බොහොමයක දක්වා ඇත.
    අනුසස් දැක්වීම කාණ්ඩ කොට දක්වා ඇත්තේ පින්කම් සිදුකරන
    විට අනුසස් මතකයේ තබා ගැනිම පිණිස මිස අන් විශේෂ කරුණක් මත නොවේ.

    විශේෂ කරුණු - පින්කම් තුළින් ලැබෙන අනුසස් අඩු වැඩි විම දායක-ප්‍රතිග්‍රාහක දෙපක්ෂයේ සිල්වත් බවත්,පූජා වස්තුව උපයා
    ගැනීමේ ධාර්මික බවත්,පූජාව සිදුකරන දායකයා එහි අනුසස් දැක සිත පහදවා ගන්නා ආකාරය අනුව සිදුවන බව විශේෂ කරුණකි.
    හේතු-ඵල ධර්මය දැන ඒ ගැන විශ්වාසය ඇති කරගෙන සිදුකරන
    සියලු පින්කම් මහත්ඵල මහානිශංස වීමට (ත්‍රි හේතුක කුසල් වීමට)
    ප්‍රධාන හේතුව වන බැවින් ඒ අනුව පින්කම් සිදුකිරීමට පුරුදු
    පුහුණු කල යුතුය.

    මෙතෙක් වේලා ඔබට පූජාවේ ආනිශංස බොහෝ ගෙනහැර පෑවෙමු.
    නමුත් ඔබට ඉදිරිපත් නොකල බොහෝ කර්මයන්හි ආනිශංස විස්තර වශයෙන්ද අප සතුව ඇත.ඉදිරියේදී ඒවා ලබාදීමේ බලාපොරොත්තුවෙන් ලිපිය නවතමු.
    මේ පින ඔබටත් අපටත් සසර කෙලවර කිරීමටම හේතු වාසනා වේවා..සම්මා සම්බුදු සරණයි...
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    539517_141781769320244_1205128067_n.jpg


    උතුම් තෙරුවනට අපගේ නමස්කාරය වේවා..සාධු...සාධු...සාධු...

    ලොව නොයෙක් ආකාරයෙන් සත්වයින් උපත ලබයි.සත්වයෙකුගේ ඉපදීම යනු අනපේක්ෂිතව සිදුවන අහඹු සිදුවීමක් නොවේ.ජිවිත දෙකක් ජීව විද්‍යානුකූලව සංසර්ගයක් ඇති කරගැනීම නිසා පමණක් ඇති වූ දෙයක්ද නොවේ.ඉපදීම යනු දේව කැමැත්තකට අනුව මව් කුසකට ආත්මයක් රිංගවීමෙන් ඇති වූ දෙයක්ද නොවේ.ඉබේ හටගත්තාද නොවේ.

    ඉපදීම යනු කර්මානුරූපීව සිදුවන්නක් බවත්,සත්වයා උපදිනා ආකාරයන් හතරක් මූලික වශයෙන් හදුනාගත හැකි බවත් ලෝකවිදු ගුණයෙන් යුතු බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දුන්හ.ඒමෙන්ම උපත ගැන බොහෝ කරුණු සූත්‍ර දේශනා
    වලද සදහන්ය.

    1. අණ්ඩජ උපත
    අණ්ඩජ උපත යනු බිත්තරයක් තුළ සකස් වූ සත්වයෙකුගේ බිහිවීමය.බිත්තරයක් තුළ ඉපදීම සකස් වන අනන්තවත් සත්ව කොටස් මේ ලෝකය තුළ දැකියකුකුළන්,කුරුල්ලන්,කෘමීන්, කබරයන් ,තලගොයින් සර්පයන්,මාලුන්,කිඹුලන් ආදී බොහෝ සතුන් බිහිවන්නේ බිත්තරයක් තුළ සකස් වන උපතකින්ය.

    2. ජලාබුජ උපත
    ජලාබුජ උපත යනු මාතෘ ගර්භාෂයක් තුළ කළලයක් සකස් වී එය වර්ධනය වීම තුළින් සත්වයෙකු බිහිවීමය.මව් කුසින් ලොව බිහිවන්නේ මනුෂ්‍යයන් පමනක්නොවේ.ගවයන්,අශ්වයන්,එඵවන්,සුනඛයන්,මුවන්,සිංහයන්,බළලුන්,ඌරන් ආදී බොහෝ තිරිසන් සතුන්ගේ ඉපදීමද මාතෘ ගර්භාෂයක් තුළ සකස් වේ.

    3. සංසේදජ උපත
    සංසේදජ උපත යනු තෙත් පරිසරයක් ඇසුරු කරගෙන එනම් කුණු මස් කැබැල්ලක්,පල් වූ වතුර තිබෙන ස්ථානයක්,වැසිකිලි වලක් වැනි තෙත් පරිසරයක් ඇසුරින් යම් සත්වයෙකුගේ උපත සකස් වීමයි.පණුවන්,මදුරුවන් ආදී බොහෝසතුන්ගේ උපත තෙත් පරිසරයක් ඇසුරු කරගනිමින් සංසේදජ ලෙස සිදුවෙයි.

    4. ඕපපාතික උපත
    ඕපපාතික උපත යනු බිත්තරයක් තුළින් ඉපදීම නොවේ.මව් කුසින් ඉපදීම නොවේ.තෙත් පරිසරයකින් ඉපදිමද නොවේ.කර්මානුරූපීව චිත්‍රපට රාමුවක පින්තූරයක් මැවෙන්නා සේ සත්වයෙකුගේ පහළ වීමයි.මේ සක්වලෙහි වැඩිම උපත් සංඛ්‍යාවක් සිදුවන්නේද ඕපපාතිකවය.ඕපපාතික උපත සිදුවන ආකාරය දැකගත හැක්කේ චුතුපපාත ඥාණය උපදවා ගත් කෙනෙක‍ුට පමණි.නීවරණ යටපත් කොට දියුණු කරන ලද සමාධිමත් සිතකින් යුතුව උපදවා ගත හැකි චුත+පපාත ඥාණය තුළින් සත්වයන් කර්මානුරූපීව චුත වන ආකාරයත් ,කර්මානුරූපීව උපදින ආකාරයත් දැකගත හැකි බව ලෝකවිදු ගුණයෙන් යුතු බුදුපියාණන් වහන්සේ පෙන්වා දී ඇත.
    දැනට මිනිසා විසින් භෞතිකව නිරිමාණය කොට ඇති විද්‍යාත්මක උපකරණයන් තුළින් ඕපපාතික උපත දැකගැනීමේ හැකියාවක් නැත.ඒ හේතුව නිසාම තමන්ට පෙනෙන දෙය පමණක් සත්‍යය යැයි සිතා රැවටී සිටින බොහෝ දෙනා ඕපපාතික උපතක් නැතැයි කියමින් තර්ක විතර්ක ගොඩ නගමින් ප්‍රශ්න රැසක පැටලී සිටිති.

    ලෝකවිදු ගුණයෙන් යුතු බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇති ආකාරයට දිව්‍ය ලෝකවල දෙවියන්ගේ උපත සිදුවන්නේ ඕපපාතිකවය.බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්මයන්ගේ උපත සිදුවන්නේ ඕපපාතිකවය.නිරයේ නිරි සතුන්ගේ උපත සිදුවන්නේ ඕපපාතිකවය.ප්‍රේත ලෝකයට අයත් ප්‍රේතයන්,භූතයන් ආදී නොයෙක් අමනුෂ්‍ය කොටස් උපදින්නේද ඕපපාතිකවය.

    මෙම ලිපිය මගින් ඔබට උපත් සිදුවන ආකාර ගැන යම් අවබෝධයක් ලැබුවායි අපි සිතමු.මෙම ධර්ම දානයේ ආනිශංසයෙන්
    ඔබටත් අපිටත් අමාමහ නිවණින්ම සැනසෙන්නට ප්‍රඥාව පහළ වේවායි ප්‍රාර්ථනා කරමු..