ඇයි මේ සර්ව දාලා හැමෝම යන්නෙ?

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,992
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්

    ‘‘ස්වාධිනව කටයුතු කරන් බෑ: තනතුරින් යනවා‘‘​


    පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් තුෂාන් ගුණවර්ධන මහතා සිය තනතුරෙන් ඉල්ලා අස් වීමට තීරණය කර ඇත.

    සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාරිභෝගික සේවා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාට ලබන අඟහරුවාදා භාරදීමට තීරණය කළ බව තුෂාන් ගුණවර්ධන මහතා ලංකාදීපයට පැවැසීය.

    දිගින් දිගටම එල්ලවන දේශපාලන බලපෑම් හමුවේ සිය රාජකාරිය ස්වාධීනව කරගෙන යාමට නොහැකි බැවින් ඉල්ලා අස්වන බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.

    සුදුලූණු කන්ටේනර් දෙකක් නීති විරෝධීව පිටකිරීම ඇතුළු සිද්ධීන් ගණනාවක් සම්බන්ධව තමන් වෙත බලපෑම් පැමිණි බවත් දිගින් දිගටම ඉල්ලා අස්වන ලෙස එන බලපෑම් හමුවේ තමන් ඉල්ලා අස්වන බවත් කී ගුණවර්ධන මහතා මේ වනවිට තම රියැදුරු හා ආයතනෙයන් දුන් වාහනය පවා මේ වනවිට සභාපතිවරයා වෙත භාර දී ඇතැයි කීය.

    සීනි පිටි උඳු ඇතුළු පාරිභෝගික භාණ්ඩ රාශියක් මෙසේ වංචා සහගත ලෙසින් පිට පාරේ යන බවත් මෙම සුදුළූණු සිද්ධියේ දී සිදුව ඇත්තේ සතොස මගින් ගෙන්වූ සුදුළූණු වෙනත් ආයතනයකට විකුණා එයින්ම යලී සතොසට මිල දී ගැනීම යැයි ද ඔහු ප්‍රකාශ කළේය.

    මෙම සිද්ධියට අත්අඩංගුවට ගෙන ඇති තැනැත්තා පමනක් ඊට ඉහල තැනැත්තන් පවා ඊට සම්බන්ධ බවත් පෙන්වා දුන් ඔහු මේ සම්බන්ධව වැඩ තහනමට ලක්වන නිලධාරින් ජනතාවට අමතකව ගිය පසු යළි සේවයේ පිහිටුවන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

    දේශපාලන පත්වීමක් වුවත් තමන් හැකි අන්දමින් වංචා දූෂණ මැඩලීමට උත්සාහ කළ නමුත් සමහර දේශපාලඥයින් සමග එය කළ නොහැකි බව පැහැදිලි බැවින් තවදුරටත් මෙම තනතුරේ සිටීමෙන් පළක් නැතැයි ද ඔහු කියා සිටියේය.

    Source: https://www.lankadeepa.lk/news/‘‘ස්වාධිනව-කටයුතු-කරන්-බෑ:-තනතුරින්-යනවා‘‘/101-599296



    ude pandara lee rath karanna epa ban
    shit country
    sini walin gahapu gahilla dakkane
     
    • Sad
    Reactions: Kolama

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    241085934_968349950415796_218760210016398324_n.jpg
     
    • Haha
    Reactions: Any.key and Kolama