ස්වාමින් වහන්සේ විස්තර කරන විදිහට හොඳට තේරෙනවා. ගාථාවයි අර්ථයයි සජ්ඣායනා කරන කොට එන feeling එක වචන වලින් කියන්න බෑ බං. ඒක දැනෙන්නම ඕනෙ.
ගොඩක් අයට වයසට ගියාම තමයි ධර්මය මතක් වෙන්නෙ. හැබැයි එදාට හිතෙනවා... අපරාදෙ, මේවා තරුණ කාලෙ ඉගෙන ගත්තා නම් කොච්චර වටිනවද කියලා.
59. ඛිඩ්ඩං රතිං කාමසුඛඤ්ච ලෝකේ
අනලංකරිත්වා අනපෙක්ඛමානෝ
විභූසනට්ඨානා විරතෝ සච්චවාදී
ඒකෝ චරේ ඛග්ගවිසාණකප්පෝ
කෙළි, ලොල් බවේ හා – ලොව කම් සුවේ නොඇලුන
දුරුකොට අලංකාරය – ඒවා යළිත් නොපතන
සැරසිල්ලේ ද නොඇලෙන – සැබෑ බස් නිති පවසන
හුදෙකලාවෙ ම දිවි ගෙවයි හේ
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ
60. පුත්තඤ්ච දාරං පිතරඤ්ච මාතරං
ධනානි ධඤ්ඤානි ච බන්ධවානි
හිත්වාන කාමානි යථෝධිකානි
ඒකෝ චරේ ඛග්ගවිසාණකප්පෝ
අඹු දරු මාපියන් ගැන සිහි නොකරන්නේ
දේපල ධනය නෑයන් අත් හැරලන්නේ
බැහැර කොට කාමයන් – පතාගෙන අම සුව නිවන්
හුදෙකලාවෙ ම දිවි ගෙවයි හේ
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ
61. සංගෝ ඒසෝ පරිත්තමෙත්ථ සෝඛ්යං
අප්පස්සාදෝ දුක්ඛමෙත්ථභිය්යෝ
ගළෝ ඒසෝ ඉති ඤත්වා මුතීමා
ඒකෝ චරේ ඛග්ගවිසාණකප්පෝ
බොහො දුක් පිරුණ – සුළු සැපතක මුළාවන
මඳ සොම්නසකි – දුක් කඳුළැලි ගලා එන
මෙය උගුලකැ’යි දැනගෙන – කාමයෙහි නොමුළාවන
හුදෙකලාවෙ ම දිවි ගෙවයි හේ
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ
62. සන්දාළයිත්වාන සංයෝජනානි
ජාලම්භෙත්වා සලිලම්බුචාරී
අග්ගීව දඩ්ඪං අනිවත්තමානෝ
ඒකෝ චරේ ඛග්ගවිසාණකප්පෝ
සිඳ දමා හැම භවයේ බන්ධන
දැල සිඳ දුවන – පීනා මාළුවෙකු ලෙසේ
ගිනි ගෙන දැවුන තැන – යළි ගිනි නොඑන ලෙසේ
හුදෙකලාවෙ ම දිවි ගෙවයි හේ
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ
63. ඔක්ඛිත්ත චක්ඛු න ච පාදලෝලෝ
ගුත්තින්ද්රියෝ රක්ඛිතමානසානෝ
අනවස්සුතෝ අපරිඩය්හමානෝ
ඒකෝ චරේ ඛග්ගවිසාණකප්පෝ
දෑසින් සංවරව බලන – ඇවිදීමෙන් කල් නොයවන
හැම දොරටුම රැක ගනිමින් – දහමේ සිත හසුරුවමින්
කෙලෙසුන්ගෙන් තෙත් නොවෙමින් – කෙලෙසුන්ගෙන් නොම දැවෙමින්
හුදෙකලාවෙ ම දිවි ගෙවයි හේ
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ
64. ඕහාරයිත්වා ගිහීව්යඤ්ජනානි
සඤ්ඡන්නපත්තෝ යථාපාරිඡත්තෝ
කාසායවත්ථෝ අභිනික්ඛමිත්වා
ඒකෝ චරේ ඛග්ගවිසාණකප්පෝ
අත්හැර දමා – ගිහියෙකුගේ ඇති ලකුණු
පත්රයෙන් ගැවසී ගත් – පරසතු රුකක් විලසින්
දරාගෙන කසාවත – මෙසේ අබිනික්මන් කොට
හුදෙකලාවෙ ම දිවි ගෙවයි හේ
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ
65. රසේසු ගේධං අකරං අලෝලෝ
අනඤ්ඤපෝසී සපදානචාරී
කුලේ කුලේ අප්පටිබද්ධචිත්තෝ
ඒකෝ චරේ ඛග්ගවිසාණකප්පෝ
රසයෙහි ගිජු බව නොකරන – කිසිවිට රස ලොල් නොම වන
වෙන අය පෝෂණ නොකරන – ගෙපිළිවෙලින් සිඟා වඩින
යන යන කිසි නිවසක් ගැන – නොබැඳුන සිතකින් වසමින
හුදෙකලාවෙ ම දිවි ගෙවයි හේ
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ
https://tripitaka.online/sutta/12599