මේකට හේතුව හරිහමන් ප්‍රතිපත්තියක් නැතිකම. පක්ෂයක් බලයට එන්නේ උන්ගේ ප්‍රතිපත්ති ප්‍රොමෝට් කරලා, ඊට අදාළ නීති හදන එක තමා පාර්ලිමේන්තුවේ කරන්නේ. එත් අපේ රටේ තියෙන්නේ ගොන් සිස්ටම් එකක්. ප්‍රතිපත්ති යටට ගිහින් අභූත පොරොන්දු ටිකක් එනවා. ඒවා අර ප්‍රතිපත්ති වලට වඩා ලේසියෙන් මාකට් කරන්න පුළුවන් නිසා තක්කඩි දේශපාලකයන් ඒවා නිතර යූස් කරනවා ඒ වගේම වැඩි දුර හිතන්නේ නැති මිනිස්සුත් ඇන්දෙනවා. හාල් සේරුවක් නොමිළේ, දෙකක් නොමිළේ, හඳෙන් හරි හාල්, ඇට අටක්, 3.50 පාන්, උළු, ටකරන්, රක්සා 40000ක්, දුප්පත් පවුල් වලට රස්සා. ඔය වගේ. අන්තිමට මිනිස්සු හිතාගෙන ඉන්නේ ආණ්ඩු කියන්නේ මිනිස්සුන්ට නොමිළයේ දේවල් සපයන දෙයක් කියල. අන්තිමට ආණ්ඩුවක කාර්යභාරය අමතක වෙලා. දැන් ඒ නිසාම හිකවෙලායි ඉන්නේ. කාට හරි කියන්න පුළුවන් නොමිලයේ ඔය දෙන එකත්, පොරොන්දුවක් කියන්නෙත් ඒ ඒ පක්ෂයේ ප්‍රතිපත්ති කියල, එත් ඒ ඉතා බාල ප්‍රතිපත්ති. රටක් හදන්න නම් ඒ වගේ සිල්ලර ව්‍යාපෘති කල යුතු නැහැ, මෙහෙම නිකම් දීමෙන් රටට අනවශ්‍ය බරක් එකතුවීම පමණයි වෙන්නේ. රටට ලැබෙන ආදායමෙන් වැඩි කොටසක් මේ වගේ තේරුමක් නැති ව්‍යාපෘති වලට යෙදවිය යුතු නෑ. නොමිලයේ ඇට, හාල්, අඩු මිලට පාන් දෙනවාට වඩා කෘෂිකර්මාන්තය දියුණු කරන්න ප්‍රතිපත්ති, දුප්පත් පවුල් වලට නිකම් රක්ෂා දෙනවට වඩා රැකියා ඇති කරන්න, අලුත් අලුත් කර්මාන්තශාලා ඇති කරන්න ආයෝජන හිතකර ප්‍රතිපත්ති, අධ්‍යාපනය සඳහා ප්‍රතිපත්ති අවශ්‍යයි. ඉතින් එක එකෙක් දෙන්නෙක් කිව්වට මිනිස්සු තේරුම් ගන්නේ නෑ, මොකද අනිත් ඒකා පොරොන්දු දෙන නිසා, මට මතකයි එක සැරයක් රනිල් පොරොන්දු දේශපාලනය කරන්නේ නෑ කියල කැම්පේන් එක කළත් මිනිස්සු එහි වටිනාකම තේරුම් ගත්තේ නෑ. කොටින්ම කිව්වොත් යූ ඇන් පී එවුන් පවා බලපෑම් කලේ පොරොන්දු දිය යුතුයි කියල, අන්තිමට උනුත් ඒ ක්‍රමය ඊළඟ ඡන්දයෙන් අතහැර දැම්මා. ඉතින් ඔය මහා පක්ෂ එකඟ වෙලා මේ ජරා අල්ලස් දෙන දේශපාලනෙන් ඈත් වෙලා ප්‍රතිපත්තියක් හදාගෙන එකට අනුව දේශපාලනය කරන්න ඕන. අනුන්ගේ ප්‍රතිපත්ති තදින් විවේචනය කරන්න ඕන, ඒ නිසා රටට යම් හානියක් වෙනවද, වාසි වෙනවද කියල තදින් විවාද කෙරෙන්න ඕන, එතකොටයි මේ රටේ දියුණු දේශපාලන පරිසරයක් හැදෙන්නේ. කලොත් ස්ථිරසාර හරි හමන් වැඩපිලිවෙලක් එක්ක රට ස්ථාවර කරගන්න පුළුවන්. එත් දැන් පාර්ලිමේන්තුවේ විවාද කරන්නේ වම්බටු ගැහිලි, ෆ්රන් බැක් සයිඩ්, එක එකාගේ ඇට ගැන. මොන ජරාවල් ද මේ?