අළුයම හිරු නැග එද්දී
සුදු නෙළුම් මල්
හිරු දෙසටම මුවා වෙවී
මුකුලිත වෙන්නේ ඇයි?
ඒ නෙළුම් මල්ම
උදෑසන වෙද්දී
හිරු දෙස බල බල
මුකුළු කරන්නේ ඇයි?
මුකුලිත වෙවී ඉදලා
ඒ ලස්සන මල
දහවල් හිරුගෙන්
මැලවී යන්නේ ඇයි?
මද මුදු සුවදට ඉව අල්ලමින්
බිඟුන් පේලි පේලි
මිහිදුම් අතරින්
ඒ මල් වෙත එන්නේ ඇයි?
මල් වෙත ඇවිදින්
රොන්සුව විදිමින්
ගුමු ගී ගයමින්
මුකුලිත මල් වෙත
හාදු දෙන්නේ ඇයි?
සිනිදු හාදු දී
මල් පෙති විසිරා
සොයා ආ ඒ මල
රිදවන්නේ ඇයි?
පසුදින ආයෙත්
සුවද ඔස්සේ විත්
අළුත් මල් වෙතම
ඇදී යන්නේ ඇයි?
තලා දැමූ මල්
අමිහිරි වදනින්
ඔච්චම් කරමින්
පාගන්නේ ඇයි?
සුදු නෙළුම් මල්
හිරු දෙසටම මුවා වෙවී
මුකුලිත වෙන්නේ ඇයි?
ඒ නෙළුම් මල්ම
උදෑසන වෙද්දී
හිරු දෙස බල බල
මුකුළු කරන්නේ ඇයි?
මුකුලිත වෙවී ඉදලා
ඒ ලස්සන මල
දහවල් හිරුගෙන්
මැලවී යන්නේ ඇයි?
මද මුදු සුවදට ඉව අල්ලමින්
බිඟුන් පේලි පේලි
මිහිදුම් අතරින්
ඒ මල් වෙත එන්නේ ඇයි?
මල් වෙත ඇවිදින්
රොන්සුව විදිමින්
ගුමු ගී ගයමින්
මුකුලිත මල් වෙත
හාදු දෙන්නේ ඇයි?
සිනිදු හාදු දී
මල් පෙති විසිරා
සොයා ආ ඒ මල
රිදවන්නේ ඇයි?
පසුදින ආයෙත්
සුවද ඔස්සේ විත්
අළුත් මල් වෙතම
ඇදී යන්නේ ඇයි?
තලා දැමූ මල්
අමිහිරි වදනින්
ඔච්චම් කරමින්
පාගන්නේ ඇයි?





