ඇය යන්න ගියා මැකිලා ඔබ ළඟ සිටියා රැදිලා .....
මේ කතාව වාර්තා වන්නේ ඇමෙරිකාවේ විස්කොන්සින්(Wisconsin) නගරයෙන්,ජෝන් අන්ගර්(Jhon Unger) හා ඔහුගේ සුරතල් සුනඛයා Schoep තමා කතාවේ චරිත දෙක,
මීට වසර 19 කට කලින් ජෝන් තම පෙම්වතිය සමග ගොඩක් ආදරෙන් බැඳිලා හිටියා.මේ කලේ තම මේ දෙන්නා පුංචි බලු යාලුවෙක් හදාගන්න තීරණය කලේ.සති කිහිපයක් හොයල මස 8ක් විතර පුංචි බලු පැටියෙක් දෙන්නට හම්බ වුණා. ඊට පස්සේ එයට Schoep කියල නම තිබ්බා."Schoep" කියන්නේ Wisconsin නගරයේ ප්‍රසිද්ධ අයිස් ක්‍රීම් වෙළඳ නාමයක්.මේ දෙන්නගේ ආදරේ සංකේතය වුනේ Schoep . මෙහෙම වසර 10ක් පමණ ගත වුණා.පසුව ජෝන් සහ ඔහුගේ සහකාරිය වෙන්වෙන්න තීරණය කලා.ජෝන් කියන විදියට තම සහකාරිය නොමැතිව ගෙවූ පළමු රැය හිතාගන්නවත් බැරි තරම් වේදනා සහගතයි.ඉතා දිගුයි.ඔහුට සිය දිවි හානි කරගැනීමට පවා සිති තිබෙනවා. සියල්ල වේදනාත්මක වන විට තමන්ට හෙවනැල්ල වගේ හිටියේ Schoep .එම ආදරය තම සහකාරියගේ ආදරය පරයා යන මට්ටමින් තිබුණා.ඒ නිසා තමයි ජෝන් සඳහන් කරන්නේ මේ මිතුරා නිසා තමා මම අද ජීවත්වන්නේ කියලා.
දැන් මේ බලු යාලුවට වයස අවුරුදු 19ක්.එයට වයසයි.අසනීප තත්වයෙන් තම ඉන්නේ.එයට අතරයිටිස් තත්වයෙන් පිඩා විඳිනවා.මේ තත්වයත් එක්ක ශරීරයේ බර දරන්න අමාරුයි.එහෙම වෙද්දී දෙපා වලට දැඩි වේදනාවක් දැනෙනවා.සාමාන්යයෙන් මිනිස්සුන්ට වුනත් වෛද්යවරු නිර්දේශ කරනවා ජලයේ සිටීමෙන් ශරීරයේ බර අඩුවන බව.තම සෙවනැල්ල වගේ හිටියා මිතුරාට කාලගුණ සලකන්න ජෝන් ඔහුව රැගෙන සුපිරියර් (Superior) විලට යනවා.
Schoep තම සිරුර මත තබාගෙන ඔහු ජලයේ බැසගෙන සිටිනවා. තම සිරුරේ බර නොදැනීම නිසා වේදනාව අඩුවී Schoep ජෝන්ගේ සිරුර මතම නිදාගන්නවා. සමහර වෙලාවට මේ ආකාරයෙන් පැය ගණනක් ජෝන් සිටිනවා.මේ සුන්දර අවස්ථාව ජායාරුප ගතකලේ ජෝන්ගේ මිතුරියක වන "හානා ස්ටෝන්හවුස් හඩ්සන් (Hannah Stonehouse Hudson) විසිනි.ඇය ජායාරුප ශිල්පිනියක්.මෙම ජායාරුපයෙන් අවංක ආදරය කාරුණිකබව,මිනිසකු හා සුනඛයකු අතර ඇති විශිෂ්ට සබඳතාව මානව පැහැදිලි වන බවයි හානා ප්‍රකාශ කරන්නේ.
මේ විල මත සිටිනා ජයරුපය ෆේස්බූක් හි පළවූ පසු අන්තර්ජාල අවකාශයේ ඉක්මනින් පැතිරගියා.ලොව පුරා මිලියන ගණනක් මෙය නරඹා ප්‍රතිචාර ද එක් කර තිබුණා.ලොව පුරා මිලියන ගණනක් දෙනාගේ හදවත කම්පාකල නෙතට කඳුලක් එක්කල දසුනක් බවටයි මෙය පත්වුණේ. Schoep ගේ ප්‍රතිකාර සඳහා බොහෝ පිරිස් තමාට උපකාර කරන බව ජෝන් ප්‍රකාශ කළා.අදට ද මෙම සුන්දර කතා පුවත ඉතා ජනප්‍රිය ලෙසට සමජ ජාල වෙබ් අඩවිවල ව්‍යාප්ත වෙමින් පවතිනවා.තමන්ට එදා සවිය දුන් පාද හතරේ මිතුරාට කාලගුණ දක්වන ජෝන් කල මෙම සද්ක්‍රියාව මිනිස්කමේ සැබෑ පෙනුමද ලෝකයටම අභිමානයෙන් එළිදරව් කරනවා.

ඉරිදා දිවයින