ඇරඹුමම කඳුළක්‌ වෙලා

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
ඇරඹුමම කඳුළක්‌ වෙලා

මේ ගීතය අහපු දවස් වල හිතුවේ පට්ට විරහා ගීතයක් කියල ප්‍රේම වන්තයන්ගේ අය ටිකක් කල් යද්දි කට්ටිය කියනවා මෙක අම්මාට ලිව්ව ගීයක් කියලා දැන් අය මුහුණු පොතේ ශෙයාර් වෙනවා මෙක විරහා ගීයක් කියලා මොකඩහ් හිතන්නේ කට්ටිය


arambumama-kandulak-wela.jpg


ඇරඹුමම කඳුළක්‌ වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා…

දුක්‌බරම කවියක්‌ ලියා
එහි පද පෙළක්‌ අඩුවෙන් තියා…//
අරුත පසදින්නට කියා
අවසානයට පෙර ඈ ගියා…

ශෝකාන්තය එන තුරා
එහි රැඳෙන්නට සිත් නැති නිසා…//
අනන්තය ළඟ මා දමා
අවසානයට පෙර ඈ ගියා…

කෙටි කාලීන ජනප්‍රියත්වයක් හිමි මෑත කාලීන ගීත කලාව තුල බිහි වූ ඉතාමත් අර්ථ හා භාව පූර්ණ වූ මෙන්ම රසික ආදරය එක සේ දිනා සිටින ඇරඹුමම කඳුළක්‌ වෙලා ගීතය රචනා වන්නේ ගීත රචනා කලාවට මහඟු සේවයක් ඉටු කල කරුණාරත්න අබේසේකරයන්ගේ පුත් දිලීප අබේසේකරයන් විසිනි. ගීතයේ පද තුල තිබෙන ගැඹුරු බව නිසාම මෙම ගීතයේ අරුත පිළිබඳව රසිකයින් බොහෝ සැලකිල්ලක් දැක්වූ අතර ඒ හරහා ගීතයට විවිධ අර්ථකතන ලැබී තිබෙනු කිහිප විටක්ම දැක අසා ගනටද හැකි විය. ඇතැමෙකුගේ අදහස වූවේ මෙය මව් ගුණ ගීයක් යනුවෙනි. කෙසේ වුවද ගීතයෙන් පැවසෙන්නේ අන් කිසිවක් පිළිබඳව නොව වර්තමානය තුල සුලභ තාවකාලික අරුත් සුන් ප්‍රේමය පිලිබඳවයි.

ඇරඹුමම කඳුළක්‌ වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා…
මෙය පෙම්වතෙකුගේ අසරණ ප්‍රකාශනයක් ලෙස දිස් වෙයි. ප්‍රේමය ආරම්භයේදීම එහි ඉමක් නොදකින බව හඳුනා ගන්න නිසාවෙන්ම සැමටම සිතට සහනයක්, සතුටක් ගෙනෙන ප්‍රේමය මේ ප්‍රේම මවන්තයාට ගෙන දෙන්නේ දුකක්. කිසිවක් කර ගත නොහැකි පෙම්වතා හට බලා සිටිනවා. ආදරය නමැති මාතෘකාව තුල ඇය බොහෝ දුරක් ඇවිදින්. මේ ප්‍රේමය තවත් එක නවාතැනක් පමණයි. පෙම්වතා බලාපොරොත්තු වන අන්දමට මේ පෙම්වතියගේ ගමනාන්තය නොවෙයි. ඇය ඔහු වෙතින් නික්ම යන්නේ ඒ නිසයි.

දුක්‌බරම කවියක්‌ ලියා
එහි පද පෙළක්‌ අඩුවෙන් තියා…//
අරුත පසදින්නට කියා
අවසානයට පෙර ඈ ගියා…
ඇය ලියූ ආදර කවිය පෙම්වතාට බොහෝ දුක්බර වූ කවියක්. එකී දුක්බර කවියේ පවා පද පෙළක් අඩුවෙනුයි ඇය ලියා යන්නේ. එවන් කවියක අරුතක් කෙසේ සොයන්නද.. පෙම්වතා බලාපොරොත්තු වන්නට ඇත්තේ අරුත් පූර්ණ වූ ප්‍රේමයක් මිස තාවකාලික පෙම් කතාවක් නොවේ.මෙවන් ප්‍රේමයක අරුත විමසන්න ඇයත් නොමැති තැන ඔහු තවත් අසරණයි.

ශෝකාන්තය එන තුරා
එහි රැඳෙන්නට සිත් නැති නිසා…//
අනන්තය ළඟ මා දමා
අවසානයට පෙර ඈ ගියා…
කඳුලින් අරඹන මෙකී ප්‍රේමය කෙරේ යම් දිනක ශෝකාන්තයක් පැමිණෙන බව දෙදෙනාම දැන නොසිටියාම නොවෙයි. පෙම්වතා සිටියේ දිරිමත්ව එයට මුහුණ දීමට. නමුත් පෙම්වතිය තුල එයට දිරියක් ඇත්තේ නෑ. විසඳා ගත නොහැකි ඉමක් නොපෙනෙන ගැටළු ගොන්නක් ඉතිරි කර පෙම්වතා තනිකර පෙම්වතිය ඔහු කෙරෙන් නික්මී ගොසින් …!

කසුන් කල්හාරයන් සිය හඬ තුල විවිධ හඬ හැඩතල මවන්නෙක්. මේ ගීයට අවැසි වන ශෝකී ස්වරූපය මුසු ඔහුගේ හඬත්. නාලක අංජන කුමාර සංගීතවේදියාගේ මිහිරි සංගීතයත් ඉහත පද රචනයට සිදු කොට ඇත්තේ වචනයෙක් කිව නොහැකි සාධාරණයක්. ගීතයේ සාර්ථකත්වය කෙරෙහි බල පා ඇත්තේද එයම විය යුතුයි.

ගායනය : කසුන් කල්හාර
පද : දිලීප අබේසේකර
සංගීතය : නාලක අංජන කුමාර





සංවාදයට ඇරයුමයි
 

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ශාස්ත්‍රීය-ලකුණ ????

    මේ ගීතය අහපු දවස් වල හිතුවේ පට්ට විරහා ගීතයක් කියල .....මෙක විරහා ගීයක් කියලා මොකඩහ් හිතන්නේ කට්ටිය



    සංවාදයට ඇරයුමයි


    මටනම් මේක අහපු දවසේ ඉදලම විරහ ගීතයක් පමණි !! මේ ලිපිය ලියන සහෝදරයා කියනවා වගේම මමත් අහල තිබුන සමහරු මෙකට මවුගුණ ඈදන්න හදනවා , ඒත් මට අනුවනම් මෙහි පද සියල්ලම රැගෙන යන්නේ විරහ අරුතක් පමණයි....:yes:

    අනික තමයි (මේක මගේ පුද්ගලික අදහසක් පමණයි) කසුන් කල්හාර ඔය කියන තරම් ශාස්ත්‍රීයද කියනඑක ......? :rolleyes::rolleyes::rolleyes: ඔහුට යම්කිසි ගායන හැකියාවක් තියනවා යන්න සත්‍යක්.. නමුත් ඔහු තමා නවපරපුරේ "ශාස්ත්‍රීය-ලකුණ" වගේ අදහසක් බොහෝදෙනෙක් දෙන්න යනවා ...මටනම් ඔය
    ශාස්ත්‍රීය කෑල්ල ඔය කියනතරම් අහුවුනේ නෑ!!! ඕක ඇත්තටම ඔහුගේ අම්ම/ තාත්තා ගැන හිතල නිකම් "ලේ -උරුමය" වගේ එන්න ඇති කියල හිතන දෙයක්ද ??? :no::no::no:
     

    ALFNOD

    Member
    Jan 29, 2015
    249
    10
    0
    In my reality Tunnel

    මටනම් මේක අහපු දවසේ ඉදලම විරහ ගීතයක් පමණි !! මේ ලිපිය ලියන සහෝදරයා කියනවා වගේම මමත් අහල තිබුන සමහරු මෙකට මවුගුණ ඈදන්න හදනවා , ඒත් මට අනුවනම් මෙහි පද සියල්ලම රැගෙන යන්නේ විරහ අරුතක් පමණයි....:yes:

    අනික තමයි (මේක මගේ පුද්ගලික අදහසක් පමණයි) කසුන් කල්හාර ඔය කියන තරම් ශාස්ත්‍රීයද කියනඑක ......? :rolleyes::rolleyes::rolleyes: ඔහුට යම්කිසි ගායන හැකියාවක් තියනවා යන්න සත්‍යක්.. නමුත් ඔහු තමා නවපරපුරේ "ශාස්ත්‍රීය-ලකුණ" වගේ අදහසක් බොහෝදෙනෙක් දෙන්න යනවා ...මටනම් ඔය
    ශාස්ත්‍රීය කෑල්ල ඔය කියනතරම් අහුවුනේ නෑ!!! ඕක ඇත්තටම ඔහුගේ අම්ම/ තාත්තා ගැන හිතල නිකම් "ලේ -උරුමය" වගේ එන්න ඇති කියල හිතන දෙයක්ද ??? :no::no::no:
    kasun is so freaking overrated :yes: