ඇලෝසියස්ගෙන් සල්ලි ගත්තෙත් මහින්ද - ඇමති &#352

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,280
    17,267
    113
    ඇලෝසියස්ගෙන් සල්ලි ගත්තෙත් මහින්ද - ඇමති &#352

    ඇලෝසියස්ගෙන් සල්ලි ගත්තෙත් මහින්ද - ඇමති හැරිසන්


    Untitled93.jpg


    අර්ජුන ඇලෝසියස් පසුගිය අවුරුදු 10-15 ක කාලයක පමණක සිට වැඩි වශයෙන්ම කාලය ගත කලේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ දරුවන් සමග බවත් හෘද සාක්ෂියට එකඟව ඔහුගෙන් මුදල් ගත්තේ කවුරුන්ද යන්න ගැන එලෙස මුදල් ගත් පුද්ගලයින්ම දන්නා බව සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය පී. හැරිසන් ප්‍රකාශ කර සිටිනවා.

    අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ කථානායකවරයා විසින් බැදුම්කර වංචාව යටතේ අර්ජුන ඇලෝසියස් ගෙන් මුදල් ලබා ගත් අය කවුරුන්ද යන්න ගැන සදහන් වාර්තාව හෙලිකල යුතු බවයි.

    ඇමතිවරයා අර්ජුන ඇලෝසියස් ගෙන් මුදල් ගත්තාද යන්න ගැන මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අතර, එහිදී ඔහු කියා සිටියේ තමන්ට කිසිවෙකු මුදල් දීමට ඉදිරිපත් නොවූ බවත් එමෙන්ම තමන් කිසිවෙකු ගෙන් මුදල් ලබා ගත්තේද නැති බවයි.

    20 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනය යටතේ විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සදහා ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරන යෝජනාව සම්බන්ධයෙන් ද මෙහිදී ඇමතිවරයාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අතර එහිදී ඔහු කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ මතය වන්නේද විධායක ජනාධිපතිධුරය අහෝසි කල යුතු බවයි. මේ පිලිබදව පක්ෂයක් වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ මතය පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේදී පවා ඇතුලත් කර තිබු බව ද ප්‍රකාශ කර සිටියා.



     

    Chandima93

    Banned
    May 4, 2018
    173
    14
    0
    සල්ලි දෙන්ඩ කවුරුත් ඇහුවේ නැති නිසා දුක හිතිලද කොහෙද :lol::lol::lol:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    නම නම් ගැලපෙනවා P හැරිසන්:lol:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ගෑනි ප්ර්ග්නන්ට් වුනත් එකත් මහින්දගේ වැඩක් කියන උන් අලෝසියස්ගේ කෙස් එකට මහින්දව ගෑව්වේ නැත්තේ මොකද කියලා බැලුව :lol::lol:



    ඔය දාල තියෙන්නේ පරණ තැටියම :lol::lol:




     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,149
    4,018
    113
    මරුසිරා;23287958 said:
    ගෑනි ප්ර්ග්නන්ට් වුනත් එකත් මහින්දගේ වැඩක් කියන උන් අලෝසියස්ගේ කෙස් එකට මහින්දව ගෑව්වේ නැත්තේ මොකද කියලා බැලුව :lol::lol:



    ඔය දාල තියෙන්නේ පරණ තැටියම :lol::lol:




    :rofl::rofl::rofl::yes: