ඇස්ප්‍රින්/Asprin

Siyalla dath

Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    ඔබ එදිනෙදා දකින බෙහෙත් කිහිපයක් ගැන ලිපිපෙලක් ඉදිරිපත් කරන්න අපි කල්පනා කළා.මේ එහි පළමු වැන්නැයි.
    ඔබ දැක ඇති ඔබේ ආච්චිලා සීයලා නැතිනම් අම්මලා තාත්තලා ඇස්ප්‍රින් භාවිත කරනවා.
    මොකක්ද මේ ඇස්ප්‍රින් කියන්නේ,ඇයි ඇස්ප්‍රින් දෙන්නේ,මොනවද එහි තිබෙන අතුරු අබාධ කියන එක ගැන තමයි අද අපි සාකච්චා කරන්නේ.....



    ඇස්ප්‍රින් භාවිතා කරනු ලබන්න
    වේදනාව හා ඉදිමීම වැළක්විය කළ හැකි ප්‍රතිආරක්ෂක (anti-inflammatory) බෙහෙතකි.
    ඉහළ ශරීර උෂ්ණත්වය අඩු කර ගැනීම. (antipyretic )
    රුධිරය තුනී කිරීමෙන් රුධිර නාල තුල ලේ කැටි සිරවීම අවම කර හෘදයාබාධ හෝ ආඝාතයක් ඇති වීම වැළැක්වීම.
    මීට පෙර හෘදයාබාධයක් හෝ ආඝාතයක් ඇති අයෙකු ඇස්ප්‍රින් නිතිපතා භාවිතා කිරීම නිර්දේශ කරයි. එය හෘදයේ ඇතිවන රුධිර කැටියක් ඇතිවීමේ අවදානම අඩු කරයි.

    ඇස්ප්‍රින් කාමර උෂ්ණත්වයේ,වියළි,සුළං නොවැදෙන ලෙස ගබඩා කල යුතුයි.

    ඇස්ප‍ින් ලබා නොගත යුතු අවස්ථාවන්
    ඔබ ඇස්ප්‍රින් වලට ආසාත්මිකතා ඇති නම්,
    ඔබේ රුධිරය කැටි ගැසීමේ ගැටලු ඇතිනම්,
    ඔබ ඔබේ බඩවැල් හෝ කුඩා බඩවැල්වල ඇතිවන තුවාලයක් (peptic ulcer )තිබේ නම්.

    විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු අවස්ථා,
    ඔබේ වකුගඩු හෝ අක්මාව ආශිත රෝගී තත්ත්ව ඇතිනම්,
    අධි රුධිර පීඩනය ඇති නම්,
    ඇදුම( asthma ) රෝගයෙන් පෙලේ නම්,
    ඔබ විජලනය වී ඇති නම්.

    දරුවන්ට ඇස්ප්‍රින් දුන් විට රේ සින්ඩන්රෝමය(raye syndrome) නම් අක්මාව ආශිත රෝග තත්ත්වය ඇති විය හැක. එය ඉතා මාරාන්තික විය හැක. එය අක්මාවේ ක්‍රියාකාරිත්වය ස්ථිරවම අඩපණ කරයි. මේ හේතුව නිසා
    වයස අවුරුදු 16 ට අඩු දරුවන්ට ඇස්ප්‍රින් ආදිය ලබා නොදිය යුතුය.



    ඔබේ වෛද්යවරයා ඔබට පවසා ඇති පරිදි සෑම විටම Aspirin ගන්න.
    ඇස්ප්‍රින් රාත්‍රියේදී ලබා ගන්නා ඖෂධයකි.
    රුමටික් උණ හදවතට සහ ඒ ආශිත කපාට වලට බලපා ඇතිනම් ඇස්ප්‍රින් අධි මාත්‍රාවක් දිනකට 3-4 වරක් නිර්දේශ කෙරේ.ආඝාතය, හෘදයාබාධ,රුමටොයිඩ් ආතරයිටිස්,වෙනත් රුධිර නාල වල ලේ කැටි සිරවීමක් හෝ එම නිසා ලේ ගමනාගමනය අඩු වීමකදී (peripheral vascular disease ) ඇස්ප්‍රින් නිර්දේශ කරයි.


    Enteric coated Asprin නමින් උදරයේ අමාශ තුවාල( Peptic Ulcers) වළක්වා ගැනීම සඳහා ඇස්ප්‍රින් ආමාශයේදී එකවර නිදහස් නොකර කුඩා බඩ වැලේදී ක්‍රමිකව නිදහස් කරන ලෙස විශේෂ ආවරණයක් සහිතව නිකුත් කෙරේ.එය කැපීම, තලා දැමීම හෝ හැපීමෙන් වලකින්න. මන්ද එමගින් එහි
    විශේෂ ආල්පනයට හානි සිදු වනු ඇත. ආලේපනය හානි වුවහොත්, අක්මාව ආශිත තුවාල ඇති විය හැක.මෙමගින් ඇස්ප්‍රින් සෙමෙන් නිකුත් වේ. එබැවින් ඇස්ප්‍රින් 300mg/හදිසි අවස්ථාවලදී භාවිතයට සුදුසු නොවේ.


    සාමාන්‍යයෙන් ඇස්ප්‍රින් ගනු ලබන්නේ හපා ගිලිමෙනි.

    ඔබ වැඩිපුර ඇසිරින් 300mg ලබා ගත යුතු නම් කුමක් කළ යුතුද?
    ළගම සිටින වෛද්‍යවරයා හමුවන්න.sallicylate acid poisoning නම් තත්ත්ව ඇති වියවිය හැක.මෙය මාරාන්තික විය හැකි අතර ඔබගේ මධ්‍යම ස්නායු පද්දතියට,වකුගඩු වලට හානි කරයි.
    වලිප්පුව,විජලනය,කනේ ම්ම්ම් ශබ්දයක් ඇති වීම,වමනය,අධික වේගයෙන් හුස්ම ගැනීම මෙහි රෝග ලක්ෂණයි.
    ඖෂධ හෝ හිස් පැකට්ටුව වෛද්යවරයාට ලබා දීම,ඉක්මනින් රෝහල් ගතවීම කල යුතුයි.
    ඔබට ඇස්ප්‍රින් ලබා ගැනීමට අමතක උවහොත් මතක් වූ වහාම ලබා ගත යුතුයි.එයද මගහැරුණහොත් එළබෙන දින මාත්‍රාව අනිවාර්යෙන්ම ලබා ගන්න.

    ඇස්ප්‍රින් ආශිත අතුරු ආබාධ
    ඔක්කාරය හා වමනය,ඇස්ප්‍රින් ඔබේ ආමාශ ආවරණ කුපිත කිරීම සිදු කරයි.(ගැස්ට්‍රිටිස්).
    කන් වල ම්ම්ම් ශබදය
    ආහාර ගැනීමෙන් පසු ඔබේ බඩ හෝ පපුවේ වේදනාව
    ඇදුම රෝගී තත්ත්වය උත්සන්න වීම.
    ඇස්ප්‍රින් මගින් රුධිරය කැටි ගැසීම දුර්වල කරන අතර අධි රුධිර වහන තත්ත්ව ඇති විය හැක.
    අධි ආසාත්මිකතාවය (ඔබ සමේ කැසීම, ඉදිමීම,පලු දැමීම,කැස්ස හෝ හුස්ම ගැනීමේ අපහසුතාව)

    ලේ වමනය, මුත්‍ර සමග ලේ පිටවීම,දම් පාටින් සම මත පැල්ලම් ඇතිවීම, සන්ධි ආශිත ඉදිමීම්,කළු පාටින් මලපහ පිට වීම ආදී රෝග ලක්ෂණද ඇතිවිය හැක.


    ඇස්ප්‍රින් මගින් බඩවල් ආශිත පිළිකා ඇති වීම අඩුකරන බව පරීක්ශණ මගින් සොයාගෙන ඇත.

    - your family doctor ෆේස්බුක් පිටුවෙන් -
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,342
    9,106
    113
    Around the world
    හාර්ට් අමාරුවක් හදිසියේ ඇතිවුනොත් ඇස්ප්‍රීන් 3ක් හපා කන්න දෙන එක වැදගත් වෙනවා රෝහලකට ගෙනියන්න පෙර
     
    Last edited:

    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    හාර්ට් අමාරුවක් හදිසියේ ඇතිවුනොත් ඇස්ප්‍රීන් 3ක් හපා කන්න දෙන එක වැදගත් වෙනවා රෝහලකට ගෙනියන්න පෙර

    Asprin පෙත්ත 75mg නම් 4 ක් දෙන්න
    දැන් 100mg asprin තියනවා.එතකොට 3ක් දෙන්න.
    ඔක්කොම 300mg වෙනකන් දෙන්න